2/26/2016

"යහාපාලන" ඕල්වේස් බ්‍රේක්ඩවුන්

කතෘ:යුතුකම     2/26/2016   No comments

-ධර්මන් වික‍්‍රමරත්න

'යහපාලන' ආණ්ඩුවට අදට දින 414කි. පාරක් තොටක් අළුතින් හදන්නට හිතලවත් නැත. ලැම්බෝගිනි සහ රත්තරං අශ්වයින් වෙනුවට හමුවුනේ ලිමෝසින් වර්ගයේ පූසන්ය. තොරතුරු පනත ආගිය අතක් නැත. එහෙත් ඉන්දීය සරණ යන ඉට්කා ගිවිසුමක් ඇත. උතුරායන මෛත්‍රියෙන් සපිරිගෙට ගිය දෙමළ බෙදුම්වාදී කොටි නිදහස්ය. හමුදා බුද්ධි අංශ නිලධාරින් සහ සෙබළුන් ඇතුළේය. දෙස බස රැස අනතුරකය. අනං මනං වානාය. හුසේන් කුමරුට දෙමුහුං තමා ඕනෑය. රැකියා දෙන්නට කුලියාපිටියේ ඇරඹූ බව කියන ෆොක්ස්වැගන් කම්හල අතුරුදහන්ය. දළඳා මාළිගයේ ආරක්ෂාව සුනු විසුණු කරන්නට එන්.ජී.ඕ. පිකට්ය. විදේශගත ශ්‍රමිකයින් එවන මුදලට විවිධ බාධකය. නීතිය ඇතමුනට රළුය. හිරුට සිනිඳුය. ඔපෙරාවට ගීත ගයා සමච්චල් කරන්නේද බුදුගුණ ගීත වලටය. ටොම් පචයා චිත්‍රපටියේ නවතම නිෂ්පාදනයේ ප්‍රධාන නළුවා රංජන් රාමනායකය. මේ සියළු අල්ල පැනිලි මැද අලි මදිමට කොටි කීවා සේ ඊයේ රටපුරාම පැය 4කට වඩා 'ලයිට්' නැත. සියල්ල ඕල්වේස් බ්‍රේක්ඩවුන්ය.

අහෝ! ඒ සියල්ලටම වඩා දරුණුතම ඛේදවාචකයක් වන්නේ ලාංකීය ගොවි ජනතාව අද මුහුණපා ඇති ඛේදවාචකයයි. බත කන රටේ වී ගොවිතැනට උදාවී ඇති අඳුරු අනාගතයයි. දෙමුහුන් ආණ්ඩුවේ සුසංයෝගය අවුල්ය. පෙරටුගාමි පක්ෂය කියන පරිදි උන්ට මඟුල්ය. අපට උගුල්ය. කෘෂිකර්ම කේෂේත්‍රයේ දරුණුතම කඩා වැටීම සිදුවෙමින් පවතී. මේවා සිදුවන්නේ අපි වවමු-රට නගමු වැඩසටහන දියත් කල ඇමති මෛත්‍රීපාල සිරිසේන ජනපති බවට පත්වීමෙන් පසුවවීම කණගාටුදායකය. රජරට ගොවි පුතෙක් රටේ රජා වීමෙන් පසු ගොවීහු අන්ත අසරණභාවයට පත්වීම පිළිබඳව කවුඩුලුවැව ගොවීහු පෙරේදාද උද්ඝෝෂණය කලහ.

ගොවීන්ට පොහොර මුදල ලබාගැනීම සදහා රුපියල් 500ක් හෝ 1500ක අවමයක් යොදා ආණ්ඩුවේ බැංකුවක ගිණුමක් ආරම්භ කල යුතුය. පෝරමය පුරවා හැදුනුම්පත් ඡායාරූප දෙකක් සමඟ එය දිය යුතුය. එදා රුපියල් 40ට ගත් වී මිල අද රුපියල් 18 දක්වා පහත වැටී ඇත. එදා රුපියල් 80ක් වූ අමු තේ දළු කිලෝ එකක මිල අද රුපියල් 38කි. රුපියල් 300 රබර් කිරි කිලෝව දැන් රුපියල් 150කි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව වී ගොවියා පමණක් නොව අතුරු බෝග ගොවීන් සඳහා 2005 සිට වසර 9ක් වගා කන්න 18ක් සඳහා අඛණ්ඩව පොහොර සහනාධාරය සැපයීය. වෙළෙඳ පොලේ රුපියල් 3,415ක්වූ පොහොර මිටිය සන්ධාන ආණ්ඩුව දුන්නේ රුපියල් 350කටය. එය වී ගොවියාට සියයට 90ක සහනාධාරයකි. අනෙක් බෝග සඳහා පොහොර සහනාධාරය සියයට 70කි. සන්ධාන ආණ්ඩුව වාර්ෂිකව ඒ සඳහා රුපියල් මිලියන 40,000ක් වැය කළේය. පොහොර මිල වෙනස් වූවද ‍සහනාධාරය වෙනස් වූයේ නැත.

මේ සියල්ල නිසා වසර 2005දී සියයට 15.2ක තිබූ ද්‍රරිද්‍රතා අනුපාතය වසර 2012දී සියයට 6.5ක් විය. වසර 2005දී සියයට 7.2ක්වූ විරැකියා අනුපාතය වසර 2012දී සියයට 4 දක්වා අඩුවිය. වතුකරයේ ද්‍රරිද්‍රතාවය වසර 2005දී සියයට 32ක්වූ අතර 2012 සියයට 6.2ක් දක්වා අඩුවිය. මේවා සිදුවූයේ පොහොර සහනාධාරය දීමෙන් අතමිට සරුවූ කෘෂි ගොවි පවුල්වල ආර්ථික තත්ත්වය උසස් වීමෙනි. ඒක පුද්ගල සහල් පරිභෝජනය වසර 2005දී වාර්ෂිකව කිලෝ 104ක්වූ අතර 2014දී එය කිලෝ 117ක් විය. වසර 2005දී ඒක පුද්ගල පාන් පිටි පරිභෝජනය කිලෝ 42ක්වූ අතර වසර 2014දී එය කිලෝ 24ක් දක්වා අඩුවිය. වෙනස එයයි. ඇමරිකානු අධිරාජ්‍යවාදීන්ට තරහා යන්නේ ඒවාටය. කුඩා ගොවීන් සඳහා සන්ධාන ආණ්ඩුව බිත්තර වී නොමිලේ දුන්නේය. පොහොර සහනාධාරය නිසා වී වගා කරන ලද බිම් ප්‍රමාණය වසර 2004දී හෙක්ටයාර් 779,000ක් වූ අතර වසර 2014දී හෙක්ටයාර් 1,227,000 දක්වා ඉහළ ගියේය.

දියර කිරි නිෂ්පාදනය වසර 2005දී ලීටර් මිලියන 193ක් වූ අතර වසර 2014දී එය ලීටර් මිලියන 320ක් දක්වා නැග්ගේය. වසර 2005දී බිත්තර ලක්ෂ 14ක්වූ බිත්තර නිෂ්පාදනය වසර 2014දී ලක්ෂ 21ක් දක්වා නැග්ගේය. එදා රුපියල් 9ක්වූ බිත්තරයක් අද රුපියල් 16කි. මේවා මෙසේ සිදුවන විට ලංකාවට පිටිකිරි ප්‍රධාන ආනයනකරුවා වන නවසීලන්තයට ඇ‍ඩෙන්නේ නැත්නම් පුදුමය. 2005දී බඩ ඉරිගු නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 41,000ක්වූ අතර එය 2013 මෙට්‍රික් ටොන් 204,000ක් දක්වා වැඩිවිය. උදු, සෝයා බොංචි වැනි අතිරේක බෝග සංවර්ධනය 2004දී මෙට්‍රික් ටොන් 7,936ක් වූ අතර 2013දී මෙට්‍රික් ටොන් 27,486ක් විය. සන්ධාන ආණ්ඩුව කාළේ අස්වැන්නට නොවෙනස් සහතික මිලක් යටතේ අර්තාපල් කිලෝව රුපියල් 80ටද, ලොකු ළුැණු කිලෝව රුපියල් 60ටද, වියලි මිරිස් කිලෝව රුපියල් 350ටද ආණ්ඩුව විසින් මිලදී ගත්තහ. ඉන්දියාවට රිදෙන්නේ මෙවැනි වැඩවලටය.

පොහොර සහනාධාරය වෙනත් ක්‍රමයක් යෝජනා කිරීමෙන් අද වී සහ අතිරේක භෝග ගොවියා අන්ත අසරණය. පොල් හිමියාට පොල් ගෙඩියකට හිමිවන්නේ 26ක් වුවද එය වෙළෙඳපොළේ රුපියල් 55කි. වී ගොවියා වි කිලෝව වෙළෙන්දාට රුපියල් 18කට විකුණනු ලැබූවද වෙළෙඳපොළේ අඩුව නාඩු හාල් කිලෝවක මිල රුපියල් 80කි. යහපාලන ආණ්ඩුවේ සහතික මිලයන් උපරිම මිල නොවේ. සමඟ පෙරමුණේ ඇමති කොබ්බෑකඩුවගේ කාලයේ 1970 පටන් රජය වී මිලදී ගත්තේ සියයට 10ක් පමණ ප්‍රමාණයකි. එය 2014 දක්වා නිසි ආකාරයෙන් සිදුවිය. ගොවිතැන අඩාල කිරීම සැලසුම විය හැක. මින් සිදුවන්නේ ගමේ ආර්ථිකය බිඳ වැටී මිනිසුන් යළි නිදහස් වහල් වෙළෙඳ කලාපවල තුට්ටු දෙකේ අඩු වැටුපකට සේවයට යෑමට සිදුවිමය. අවසාන ප්‍රතිඵලය වනුයේ දුප්පත්කම ඉහළ ගොස් විරැකියාව වැඩිවීමය. මහින්ද සුළගෙන් පාර්ලිමේන්තුවට පැමිණි ඇමතිකම්, රාජ්‍ය ඇමතිකම්, නියෝජ්‍ය ඇමතිකම් ගත් ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් 40ක් පමණ ඇත. ගොවියාට සහ ගොවිතැනට දෙන මේ මෙගා පොලිස් ගේම ඉදිරියේ ඇස් කන් වසා සිටීම දෛවයේ සරදමකි.



ඉන්දියාවේ සමාගමක් වසරක කාලයකට නොමිලේ සපයන ගිලන් රථ සේවයට යොදා ගන්නේ ඔවුන්ගේම වෘත්තීයවේදීන් සහ සේවකයින්ය. එය ඉට්කා ගිවිසුමේ මූලික අරමුණුවලට පාර කැපීමකි. තොරතුරු තාක්ෂණ විෂයට අබසරණය. මසකට එක් පාසලකට රුපියල් 7,000ක ඉන්ටනෙට් බිලක් ගෙවාගැනීමට අධ්‍යාපන අමාත්‍යංශය අපොහොසත්වීම නිසා පාසැල් 2,700ක අන්තර්ජාල පහසුකම් ඇණහිට ඇත. මැතිවරණ පොරොන්දුව රටෙන් භාගයකටම වයිෆයි කලාප දීමය. කථාව දෝලාවෙන් ගමන පයින් කියන්නේ මේවාටය.

රටේ ඉහළම තැන වන දියවන්නාවේ ඇති උත්තරීතර ආයතනයේදී මාධ්‍යවේදීන් හඳුන්වන්නේ ගෙම්බා සහ ඊරියකා යනුවෙනි. මාධ්‍ය නිදහස දෝරේ ගලාගෙන යයි. 'ඊරියකා සම්මානයෙන්' පුදලද දෙරණේ චතුර අල්විස් දඩයම් කිරීමටගත් කුරුමානම වැරදී ගියේය. බුදුගුණ ගීතයක් ඔපෙරාවක් කර ජාතික උත්සවයකදී ගැයීම මතභේදාකාරිය. නෝ බෝලයකට පහරදීමකට ගිය දෙරණේ සංඛ අමරජිත් හිට් විකට්ය. එදා දිවයින නියෝජ්‍ය කර්තෘ දයාසේන ගුණසිංහලාටද ජේ.ආර්. වැට බැන්දේය. මේ එහි දෙවන වටයය. මේ නාටකය යහපාලනය තම අතින්ම තම ගෙල සිඳගත් තවත් අවස්ථාවකි. යතුරු පැදියේ පැමිණ වැස්සට තෙමී යහපාලනයෙන් කාර් එකක් ගැනීමට සිහින මවා පැදුරටම වැටුණු ටොයි නංගී මෙන් ඔපෙරා අක්කාටද ඇඩ්රස් නැත. අද හෙටම ගුවන් ගැබ සිසාරා යන එෆ්.එම් තරංග මාලා ඔස්සේ කොටි හඬින් මේ සියල්ලම කාලයේ වැලිතලාවට වැසී යනු ඇත.

ආසියානු ක්‍රිකට් කුසලානය දැන් ඇරඹී ඇත. එදා ක්‍රිකට් මැච් බැලුවේ සී.එස්.එන් එකෙන්ය. අද ඔක්කොම මැච් ටික බලන්න වෙන්නේ ටී.එන්.එල් එකෙන්ය. වෙනස මාරය. රටවටා ක්‍රිකට් ප්‍රේක්ෂකයෝ හමාරය. ජාතික රූපවාහිනි අයි නාලිකාවෙන් නැරඹිය හැක්කේ ලංකාවේ පැවැත්වෙන තරඟවල විකාශනය පමණක්ය. මේවාට තණකොල කපන්න කියලා කිතුලට නැග්ග මිනිසාගේ කථා වාගේ ඒවා කියා වැඩක් නැත.

එදා 1977 මැතිවරණයේදී ආසන 168න් 140ක් හිමිවී හයෙන් පහක බලයෙන් මත්වී ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන 1980 ජුලි 21වැනිදා මරදාන ටවර් රඟහල ඉදිරිපිටදී කියා සිටියේ "රටේ දැන් පවත්නා නීතියෙන් ගැහැණියෙකු මිනිසෙකු කිරීම හැර වෙන ‍ඕනෑම දෙයක් කිරීමට විධායක ජනාධිපතිවරයා වශයෙන් තමාට බලය ඇතැයි" කියාය. මෙදා එජාපයේ දෙමුහුන් ආණ්ඩුව යන්නට සැරසෙන්නේද උරළෑවා ගිය ඒ පාරේය. ඉකුත් 2015 මහ මැතිවරණයෙන් එජාපය දින්නේද ආසන 224න් ආසන 107ක් පමණි. යහපාලන ආණ්ඩුවේ දෝරේ ගලනවායැයි කියන ප්‍රජාතන්ත්‍රවාදය යටතේ කියන විදියට වැඩ නොකලොත් රූපවාහිනී මාධ්‍ය ආයතනවල විකාශන තරංගයන් සඳහා ලබාදෙන බලපත්‍ර අහෝසි කරන බවට තර්ජනයන්ය.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව රැකියා විරහිත උපාධිධාරින් 50,000ක ආසන්න පිරිසකට රැකියා දුන්නේය. අළුත් පාලනයෙන් රැකියා විරහිත උපාධිධාරින්ට වසරක් තුළ රුකියා ලබා දුන්නේ සිය ගණනකි. නුඹ නාඩන් නුඹ නාඩන් නුඹට ඕවා හොඳ පාඩම්ය. ලෝක බැංකුවේ උපදෙස් මත රජයේ අමාතාංශ වසර 3ක ක්‍රොන්තාත් ගත වැඩපිලිවෙලකට අනුගත කරමින් සිටී. වෙළෙන්දන් පිරිසක් විසින් වීර කැප්පෙටිපොල පාවාදුන්නේ රන්කාසි ලබා ගැනීමේ තණ්හාවෙනි. අනගාරික ධර්මපාලතුමාට පවා පොට්ටනිකාරයා යැයි අපහාස කරමින් රටින් යෑමට මඟ සලස්වන ලදී. තිස් වසරක කුරිරු දෙමළ බෙදුම්වාදී යුද්ධය නිමකල මහින්ද රාජපක්ෂට විවිධ හංවඩු ගසා අවසානයේ අන්තවාදීන්ට සහ අධිරාජ්‍යවාදීන්ට පවා දෙන ලදී. රට වෙනුවෙන් හඬ නැගූ දේශප්‍රේමී නායකයින්ගේ ඉරණම එසේ විය.

වෛද්‍ය සංගමය පාරට බැස්සොත් ආණ්ඩුවත් පාරට බහින්න ලෑස්තියි යනුවෙන් අගමැති විශේෂ ප්‍රකාශයක් කර එහි උණුසුම යන්නටත් පෙර ඇමති හරීන්ගේ 'ගූගල් බැලුම' බදුල්ල රෝහල ඉදිරිපිටදී වෛද්‍යවරුන්ගේ විරෝධතා හමුවේ පුපුරා ගියහ. බදුල්ලේ වෛද්‍ය පිකටින් ව්‍යාපාරය කඩාකප්පල් කිරීමට ආ හරීන් ප්‍රනාන්දුගේ පාක්ෂිකයෝ සමකල හැක්කේ එදා 1980 ජුලි වැඩවර්ජනයට පෙර 1980 ජුනි 5වැනිදා ලක්ෂ 4ක ආසන්න රජයේ සහ පෞද්ගලික අංශයේ සේවකයෝ සිය ආයතන ඉදිරිපිට පිකට් කිරීමේදී රජයේ සැපයුම් දෙපාර්තමේන්තුවේ ඉදිරිපිටට පැමිණ ආණ්ඩු පාක්ෂික පිකට් එකක් කිරීමට පැමිණි අගලවත්ත එජාප මන්ත්‍රී සහ ජාතික වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති මෙරිල් කාරියවසම් සමඟ පැමිණ පිරිස සමඟිනි. ආණ්ඩුවේ 31ශ්‍රී 1111 දරණ ජිප් රථයෙන් පැමිණි මන්ත්‍රී මෙරිල් පිකට් කල සේවකයින් සමඟ ගෝරියක් දමාගෙන පොදු සේවක වෘත්තීය සමිති ශාඛාවේ සෝමපාල ඝාතනය කළේය. ඇස් ඉදිරිපිටම දිට්ඨ ධම්ම වේදනීය කර්මය පලදී මෙරිල් කාරියවසම් 1989 සැප්තැම්බර් මස ඝාතනය විය. බදුල්ලේ දොස්තරලාට එරෙහිව මැරයින් හඬ නඟද්දී අපට දුක 'යහපාලන' ආණ්ඩුවේ සිටින ශ්‍රිලනිප ඇමතිවරුන්වූ නිමල් සිරිපාලගේ සහ ඩිලාන් පෙරේරාගේ නිහඬතාවයය. මෙවැනි පව්වලට කරගැසීමට ශ්‍රිලනිපයට සිදුවීම සියවසේ හොඳම ඉල්ලාගෙන කෑමය.

ජනතා විමුක්ති පෙරමුණේ නායකයා කියන පරිදි ආණ්ඩු හදන්නේද ආණ්ඩු කඩන්නේද පක්ෂ හදන්නේ සහ කඩන්නේද ඉන්දියාවය. හුටාය. අපට කියන්නට ඇත්තේද ඒ ටිකය. 'වෙනස' වෙනුවෙන් තප්පුලෑවද ඉට්කා ගිවිසුමට එරෙහිව ජවිපෙ ඉදිරිපත්වීම මරුය. රෝහණ විජේවීර විසින්ම පොළොව කොටා, පස පෙරළා, බිජු වපුරා අරඹනු ලැබූ ජවිපෙ ගමන්කළේ වීජේවීරගේ දෘෂ්ටිය සහ දේශපාලනය තුළය. ඒකිය රටක් තුළ ජාතික සමානාත්මය, ජාතික සමගිය සහ ජාතික විශ්වාසය ගොඩනැගිය යුතු බවද එජාපය සහ ශ්‍රිලනිපය එකම කාසියේ දෙපැත්ත බවද විජේවිර එදා පෙන්වා දුන්නේය. වර්තමානයේ ජාති(ක) ආණ්ඩුවක් පිහිටුවිමේ අනතුර කලින්ම දුටුවේද ඔහුය.රෝහණ විජේවීරගේ ප්‍රතිපත්ති වලින් තොරව ජවිපෙට අනාගතයක් නොමැති බව ඉතිහාසය දැන් සාක්කි දරමින් සිටී.

බෞද්ධයින්ගේ මුදුන් මල්කඩවූ දළඳා මාළිගය ඉදිරිපිට මාර්ගය විවෘත කරන ලෙස ඇමරිකන් එන්.ජී.ඕවක ව්‍යාපෘතියක්වූ විරෝධයක්ද පෙබරවාරි 19වැනිදා නුවරදී පැවැත්විණි. ජාතික හෙළ උරුමයේ ආධාරකරුවෝ ඔවුනට ප්‍රතිවිරෝධය දැක්වූහ. මරදාන සහිරා ඉදිරිපිට හෝ ටවුන්හෝල්හි දවටගහ පල්ලිය ඉදිරිපිට සිකුරාදා දහවල් ඇතිවන මාර්ග තදබදයට එරෙහිව මේ ඇත්තෝ විරෝධයක් දැක්වූයේනම් ඔවුන්ට ලැබෙනුයේ එදා මාතරදී මංගල සමරවීරගේ කුරුදු පොලු හමුදාව විසින් ශිරාල් සහ මෛත්‍රී කණ්ඩායමේ ආධාරකරුන්ට එල්ලකල මාරාන්තික ප්‍රහාරය වැනි ගේමකි. නුවර උද්ඝෝෂණයේ පෙරමුණේම සිටියේ සාධාරණ සමාජයක් සදහා වූ ව්‍යාපාරයේ සභාපතිවරයාය. එහි සමාරම්භක සභාපතිවරයාවූ මාදුළුවාවේ සෝභිත හිමියෝ අද ජීවත්ව සිටියානම් දළදා මාළිගයට එරෙහිව තමා ආරම්භකල සංවිධානය කරන ඩොලර් ව්‍යාපෘතිය දැක හොරෙන් පොත් අච්චු ගහන උන්දැලාට හොදවැයින් දෙකක් කියනු ඇත. විල්පත්තුවේ වන විනාශය හෝ කොලොන්නාව කුණු කන්දෙන් ජනතාවට වන විපත් පිළිබදව ඔවුන්ගේ කටේ පිට්ටුය. ඇමරිකන් යූඑස්ඒඩ් ආයතනයද දැන් 'යහපාලනය' වෙනුවෙන් පෙනී සිටි ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධානවලට අත දිගහැර සලකනු පෙනේ. දී කිරට බළලුත් සාක්කිය.

යාපනය සරසවියේ සිංහල සිසුන් 1100ක් ඉගෙනුම ලැබුවද බෞද්ධ සිසුන්ට බුදු මැදුරක් ඉදිකරදීමට පහසුකම් ලබාදී නැත. යාපනය සරසවියේ සිංහල සංගමය ලියාපදිංචි කිරීමටද ඉඩ ලබාදී නැත. එම සරසවියේ මුස්ලීම් සිසුන් 300ක් ඉගෙනුම ලබන අතර ඔවුනට යාඥා කිරීම සඳහා වෙනම කාමරයක් ලබාදි ඇත. මේවා ඇඩෙන කථාය. එහෙත් සංහිදියාව වෙනුවෙන් හොල් සේල් පෙනී සිටින ඇත්තන් මේවා ගැන නෝ කථාය.

අපි සඳට ඇඟිල්ල දිගු කරමු. ඔවුහු අපේ ඇඟිල්ල දෙස බලති. අවලාද නගති. මහින්ද රාජපක්ෂට අහිමි වුණේ ජනපතිකම පමණය. එහෙත් රටේ සිටින දේශප්‍රේමි සහ ප්‍රගතිශීලි ජනයාට දැන් බොහෝ දේ අහිමිවී තිබේ. අහිමි වෙමින් පවතී. සකලවිධ දේශප්‍රේමි සහ ප්‍රගතිශීලි කොටස් දැන් සිදුවන්නේ කුමක්දැයි අවබෝධ කරගෙන සිටී. ඒකරාශී වෙමින් පවතී. සංඝභේදය ඇතිකරන පනතට වැට බැන්දේය. ජාති ආගම් භේද ඇවිස්සීමේ මුවාවෙන් සමාජ ජාලා වෙබ් අඩවිවලට එරෙහිව ගෙනආ පනත් කෙටුම්පත හකුලා ගත්තේය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 51දෙනෙකු වෙනුවෙන් ඒකාබද්ධ විපක්ෂය කල අඛණ්ඩ සටනින්ද අවසානයේ ජය ලැබීය. ඉට්කා ගිවිසුමට එරෙහිව එජාපය සහ ආණ්ඩුවේ ඇමතිකම් ගෙන සිටින ශ්‍රිලනිප පළුව හැර ජනයා විරුද්ධය. එළ එළ ඔහොම යමු.

-යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions