2/28/2016

දළදා හාමුදුරුවන්ටත් නොපෙනෙන එන්ජීඕ නඩයේ මානසික තදබදය

කතෘ:යුතුකම     2/28/2016   No comments



අවසානයේදී මුළු පෘථිවි ගෝලයේම වායු දූෂණයට හා ස්වසන ආබාධවලට හේතුවන ප්‍රධාන තර්ජනය කුමක්දැයි අනාවරණය කරගැනීමට සරත් විජේසූරිය ඇතුළු ලංකාවේ පඬියන් පිරිසක් සමත් වී තිබේ. එය බෞද්ධ අන්තවාදයයි. ඒ අනුව අද ඔවුහු දළදා මාලිගය ඉදිරිපිට පාර විවෘත කොට මහනුවර පරිසර දූෂණයෙන් මුදාගැනීමේ මහා සද්කාර්යයයක් ආරම්භ කර තිබේ. මාසයකට වරක්වත් තමන්ගේ මොලය ඇති තැන සහ දේශපාලනයේ තරම රටටම පෙන්වන මෙවැනි නරි නාටක ගැන එක් අතකින් අපි විකල්ප පඬියන්ට ස්තූති කළ යුතුව තිබේ.

විකල්ප ගෝත්‍රයේ මේ දළදා නාඩගමට යම් කලකට පෙර “බෞද්ධ අන්තවාදයට යටවූ මහනුවර” නම් හිසින් යුත් ලිපියක් හෙංචයියන්ගේ රාවය පුවත්පතේ පළවී තිබිණි. එය ලියා ඇත්තේ රම්බෝගෙන් වෙඩි කා පැමිණි පේරාදෙණි ඇදුරකුගේ බාල ගෝලයෙකු විසිනි. දළදා මාලිගාව නිසා මහනුවර දරුවන්ට වැළදී ඇති ස්වසන රෝග ඇතුළු අතුරු ආන්තරා පිළිබඳ ඒ ලිපියේ ඇතුළත් තොරතුරු අදාල විශය පිළිබඳ පඬියන් විසින් ගණනය කළ ඒවා බව කියවේ. එසේ වුවද මේ පඬියන්ට විශය දැනුම කෙසේ වෙතත් දේශපාලනයක් ඇති බව වටහා ගැනීමට ඒසා පඬි නුවණක් වුවමනා නොවේ. ඒ තොරතුරු සත්‍ය වේ නම් අද කොළඹ හා වෙනත් තදාසන්න නගරවල ඇති රථවාහන තදබදයේ තරම අනුව කොළඹ ජනගහනයෙන් බාගයක්වත් හුස්ම හිරවී වළපල්ලට ගොස් නැත්තේ මන්ද යන්න සරල සිහියක් ඇති අයෙකුට පවා මතුවන ප්‍රශ්නයකි. ඒ නගරවල ඇති විය හැකි අතුරු ආන්තරා පිළිබඳ සංඛ්‍යා දත්ත ඉදිරිපත් කිරීමට පඬියන් අසමත් වී ඇත්තේ කුමක් නිසාද? කොළඹ හෝ වෙනත් නගරවල වාහන තදබදය ඇති වන්නේ ඒ සෑම තැනකම ඇති දළදා මාලිගා නිසාදැයි සොයා බැලිය යුතුය.

අද විකල්ප පඬියන්ට මහනුවර වැසියන්ගේ සෞඛ්‍ය පිළිබඳ පුදුමාකාර වේදනාවක් පහල වී තිබේ. එහි කිසිදු වරදක් නැත. ඔවුන්ගේ විමුක්ති වීරයා වූ පිරබාහරන් විසින් රට පුරා මිනී කඳු ගොඩ ගසන විට හෝ, වස කා වැළදුණු වකුගඩු රෝගවලින් දිනකට ගොවීන් දහය පහළව මියයන විට හෝ, ඊනියා නූතන ආහාර රටාව නිසා පැතිරී යන නූතනවාදී රෝග ලයිස්තුවෙන් මුළු රටම පීඩා විඳින විට හෝ ඇති නොවූ වේදනාවක් මහනුවර ගැන පහලවීමද සතුටට කරුණකි. ඒ ප්‍රශ්නවලදී කෘෂි රසායන සමාගම්වල, කිරිපිටි සමාගම්වල ලේ අසූචි සේදීමට ඉදිරිපත් වූ කළු සුදු පත්තර කාරයන්ට පවා දළදා මාලිගය ප්‍රශ්නයක් වී තිබීම යහපතකි. එහි ඇති දේශපාලන නාඩගම වටහා ගැනීම සිහිබුද්ධිය ඇති මිනිසුන්ගේ කටයුත්තක් බව නොකිවමනාය.

අද වාහන තදබදය සමස්ථ රට කෙරේම බලපාන බරපතල ප්‍රශ්නයකි. පරිසර දූෂණය ඇති කරන, බල ශක්තිය, මුදල් සහ මිනිස් පැය කෝටි ගණනක් දිනපතා මහමහ නැති නාස්ති කර දමන මේ ව්‍යසනයට හේතුව කෙහෙල්මල් බෞද්ධ අන්තවාදයක් හෝ දළදා මාලිගාවක් හෝ නොවේ. දළදා මාලිගාව නිසා මහනුවර පරිසරය දූෂණය වේ යැයි පැවසීම වතුර බාල්දියක් පෙරලීම නිසා ගංවතුරක් ඇතිවී ඇතැයි කීම වැනි අපූරු කතාවකි. වතුර බාල්දිය නිසාද ගංවතුරේ ජල පරිමාව ඉහල යයි. එසේ වුවද ගංවතුර ඇති වූයේ වතුර බාල්දිය නිසා යැයි කිව හැක්කේ කාටද? එවැනි කතා කියන්නන් අපේ රට තුළ නම් හැඳින්වෙන්නේ පිස්සන් ලෙස නොව විකල්ප දැනුම නිශ්පාදනය කරන මහා බුද්ධිමතුන් වශයෙනි. රටේ කිසිදු ප්‍රශ්නයක් පිළිබඳ කිසිදු වැදගත් මැදිහත් වීමක් කර නැති පඬියන් පිරිසක් අද දළදා මාලිගාවක් වටා නැටුම් නටන්නට පටන්ගෙන තිබීම අප විසින් වටහාගත යුත්තේ කෙසේද? බෞද්ධකමට එරෙහිව අල්පෙනිත්තක් හෝ ඔසවා ගත හැකි තැනක් තිබේ නම් ඒ ඕනෑම තැනකට කඩා පැන රෙදි ගලවා ගැනීම විකල්ප නිවටුන්ගේ කොන්ත්‍රාත් දේශපාලනයේ නියත පදනම වෙයි.

වාහන තදබදය ඇති වීමට බලපාන හේතු රාශියක් තිබේ. එය අඩු කිරීම සඳහා ගතහැකි කෙටි කාලීන තාක්ෂණික විසඳුම් මෙන්ම දිගු කාලීන සමාජීය විසඳුම්ද තිබේ. මජර පාරිභෝජනවාදී ධනවාදයට මේ ප්‍රශ්නයට වැදගත් විසඳුමක් දිය නොහැකි වුවත්, ලෝකයේ විවිධ රටවල එවැනි විවිධ විසඳුම් අත්හදා බැලෙයි. දළදා මාලිගාවද වාහන තදබදය තීව්ර කිරීමට යම් හේතුවක් වී තිබේ නම් ඒ සඳහා ගැලපෙන විසඳුම් තෝරා ගත යුතුය. එවැනි විසදුම් සාකච්ඡාවටද ලක්වෙමින් තිබේ. එහෙත් එය කළ යුතුවන්නේ එන්ජීඕ කාරයන්ගේ බෞද්ධ විරෝධී අසහනය සනීප කිරීමේ මෝඩ ක්‍රියාමාර්ග ඔස්සේ නොවේ. ඔවුහු වතුර බාල්දියක් හිස් කොට ගංවතුර නැවැත්වීමට සිහින දකින පුස්සෝ වෙති. දලදා මාලිගාව වටා කාර් පදින්නට ගිය පින්මද පුතුන් අත තිබූ රාජ්‍ය බලයටත් වඩා මේ එන්ජීඕ පුස්සන් අත ඇති රාජ්‍ය බලය මේ රටට ව්‍යසනයක් වෙයි. අද යහපාලනයේ පිහිටෙන් බෞද්ධ විරෝධී අසහන කාරයන්ට රාජ්‍ය බලය හිමිවී තිබේ. බෞද්ධ උරුමයක් පමණක් නොව ලෝක උරුමයක්ද වන ඓතිහාසික සිද්ධස්ථානයක් පිළිබඳ වත්මන් රජය තීන්දු ගනු ඇත්තේ මේ නිවට කල්ලියේ බලපෑමට අවනතව නම් එය ආණ්ඩුවේ පැවැත්ම ගැනද ඉක්මන් සහ වැදගත් බලපෑම් ඇති කළ හැකි සාධකයක් වන බව කිව මනා නොවේ.

-ඉසුරු ප්‍රසංග
යුතුකම සංවාද කවය
www.yuthukama.com

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions