ඇට සොයා ගොස් ඇට තුළට වැද
ඇට මිදුලූ මත රඳා සිට දුක්
දෙයි නිබඳ - (සිංහබාහු)
පුතු පෙමින හද ඇලූන සරන නිම නැති සසර
විඳින සරතැස නිබඳ පුතු වියොව හද පෙළන
මියෙන කල තැන නොතැන පුතුන් ගම්වැසි දනගෙ
දරා ගනු නොහෙනු තැන නිමා කළෙ යුද අඳුර
දින දිනම නැගුනු සුදු කොඩි පසල් දනවු වල
යුද බිමට ගිය පුතුන් උර මතින් වැඩි එකල
නොබා සිය පුතුන් යැවු යුද බිමට ගිනි ගැනුනු
රජුන් දුලබ වු කලෙක ධීර ගුණයෙන් ගිහිණි
නිවා යුද ගිනි වියරු දුරැර බිය සැක පෙළු
මවු පියන් හද නිබඳ පුතු පෙම්න ඇවිළවුනු
සිනා මල් පිපෙන කල පසල් ගම් දනවු වල
තුටු කරණු තැත දැරී වියරු වුනු සතුරු කැළ
දරණ තැත බලනු මැන මඩින්නට විරු පතුන්
පෙළා උන් සිත් සතන් තලා මා පියන් හද
විවර කර දී දොරටු සිර මැදුරු ඔවුන් හට
දෙවා නිදහස රුදුරු මිනීමරු කොටියනට
නෑසී ද බුදු බණක් ඔවුන් කිසි දිනෙක නිසි
දරු පෙමින මැඩුනයුරු බෝසතුන් පවා නිති
තුටු කරණු වස් සතුරු මුළු දසත විසිර ගිය
රිදවන්නෙ ඇට මිදුලූ තුළ ගිලූනු පුතුන් පෙම
මඩින්නට නොහැකි බව දනිති උන් ඇත් රජිඳු
පවුරු බිඳිනට වඩින විඣි සම හී සැරෙන
රිදවන්න නම් ඇතුට විදිය යතු වේ නිතින
රිදුම් දෙන පුතු පෙමට ඇට මිදුලූ තුළ ගිලූනු
හය හතර දත් දනන් මෙරට ගම් දනවු වැසි
විඳීති ඔබ හද තැවුල් පිරිසිඳිත සිය හදින
අත නෑර ඔබව උන් ඔබ සමඟ සිටිනු ඇත
රැක ගන්න පුතුන් ඔබ දැයක දරුවන් සුරැකි
-විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි
2016 නවම් 18 වැනි දින
යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)
https://www.facebook.com/yuthukama
" හය හතර දත් දනන් මෙරට ගම් දනවු වැසි
ReplyDeleteවිඳීති ඔබ හද තැවුල් පිරිසිඳිත සිය හදින
අත නෑර ඔබව උන් ඔබ සමඟ සිටිනු ඇත "
මෙහෙම තමයි කළගුණ දත් ගොඩක් සිංහලයෝ අද දවසේ දුක් වෙන්නේ මේ කරපු පහත් වැඩේ ගැන.