2/13/2016

යළි ඉපදෙන '56

කතෘ:යුතුකම     2/13/2016   1 comment

-ධර්මන් වික‍්‍රමරත්න

වසරක් පුරා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ඔවුහු නින්දා අපහාස කලහ. හොරෙක්, වංචාකාරයෙක්, මීනීමරුවෙකුයැයි ඇඟවෙන පරිදි චෝදනාද කළහ. අවසානයේ කිසිවක් ඔප්පුකර ගැනිමට නොහැකිවූ තැන දරුවන්ට චෝදනා හදමින් රිමාන්ඩ් ගත කර නිහඬ කිරීමට උත්සාහ කළහ. ලක්ෂයකට ආසන්න ජීවිත සංඛ්‍යාවක් බිලිගත් දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදී යුද්ධය නිමාකල රටක කඳුළු පිස දැමූ මිනිසාගේ දෑසේ කඳුළු දුටුවෙමු.
එහෙත් ඒ කිසිවෙකින් මහින්ද රාජපක්ෂ නිහඬ කිරීමට නොහැකි විය. සුවහසක් අතරමංවූ මව්බිමේ ප්‍රගතිශීලි සහ දේශප්‍රේමි ජනයාට නායකත්වය දෙමින් මහින්ද රාජපක්ෂ සිය දේශපාලන සහ මහජන සම්බන්ධතා කාර්යාලය 2015 පෙබරවාරි 12වැනි සිකුරාදා උදෑසන 9.30ට පාර්ලිමේන්තුව ඉදිරිපිට ජයන්තිපුරදී සුභ මොහොතින් විවෘත කරනු ලබයි. සෑම දෙයකම ආරම්භය අසිරුය. නමුත් ඒ ගමන යා හැකිය. යා යුතුය. එදා එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක 1951 සැප්තැම්බර් 2වැනිදා ශ්‍රිලනිප ආරම්භ කිරීමේදී ඔහු සමඟ සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 8 දෙනෙකි. එවැනි 7ගුණයකට ආසන්න සංඛ්‍යාවක් එනම් සන්ධාන පාර්ලමේන්තු මන්ත්‍රීවරුන් 51ක් මහින්ද රාජපක්ෂ සමඟ මව්බිමේ නිදහස සහ ජනතාගේ අයිතින් වෙනුවෙන් ඔහු සමඟ රොඳ බැදගෙන සිටිති.

ශ්‍රිලනිප කොදු නාරටිය වන ගමේ දේශපාලන නායකයා වන පළාත් පාලන මන්ත්‍රීවරුන්ගෙන් සියයට 83ක් තමනට එජාපයට ගැති නොවී සිටිමේ කශේරුකාවක් ඇතැයි ඉකුත් සති කිහිපය තුළදී රටට හඬගා කියා පෑවේය. නිදසුනක් ලෙස නුවර දිස්ත්‍රික්කයේ පළාත් පාලන මන්ත්‍රීවරුන් 207න් 184ක්ද, රත්නපුර දිස්ත්‍රික්කයේ පළාත් පාලන මන්ත්‍රීවරුන් 128න් 118ද ඩාර්ලි පාරේ නෛතික ශ්‍රිලනිපය සමඟ තවදුරටත් දීගයක් නොමැත. මුළු රටේම පළාත් සභාවන්හි ශ්‍රිලනිප පළාත් සභා මන්ත්‍රීවරුන් 357න් 233ක්, එළිපිටම ඒකාබද්ධ විපක්ෂය සමඟ මනාපය. සියල්ලෝම එක පෙළටය. ඉතිරි ඇයෝ වේලාවට සහ කලාවට සිය 'රාජකාරිය' ඉටුකරනු ඇත. මෙය නව යුගයක පෙරවදනකි. එජාප විරෝධී සැබෑ ශ්‍රිලනිප පාක්ෂිකයින්ගේ බලාපොරොත්තු නෙළුම් මලක් මෙන් දැන් විකසිත වෙමින් පවතී.

එදා හඬක් නොමැති ජනතාවට නායකත්වය දුන් අධිරාජ්‍යවාදී බටහිරට ගැති එජාපයට එරෙහිව ශ්‍රිලනිප ගොඩනැගුවද වර්තමානයේ සැබෑ ශ්‍රිලනිප පාක්ෂිකයින්ට හඬක් නැත. සියල්ලම ඩාර්ලි පාරේ නෛතික ශ්‍රිලනිපයේ අධිකාරිමය බලයට යටව එජාපයේ පලුවක් බවට පත්ව ඇත. මව්බිමේ නාමයෙන් ශ්‍රිලනිපයේ සිටින එජාප විරෝධීන්ට අද නව පෙරවදනක ආරම්භයකි. එජාපයට සහ එජාප ගැති පිරිස් විසින් වර්තමානයේ ප්‍රාණ ඇපයට ගෙන තිබෙන ශ්‍රිලනිපයට විකල්පයක් ලෙස තෙවන බලවේගයක් ගොඩනැගීමේ නව උපතකට විදුලන නැකතද එය වනු ඇත.

නෛතික ශ්‍රිලනිපයේ වර්තමාන නායකත්වය පළමුව ව්‍යවස්ථා විරෝධීවද, දෙවනුව ශ්‍රිලනිප අගමැති අපේක්ෂකයා මහමැතිවරණයේදී සදාචාර විරෝධීවද පරාජය කරමින් එජාප අගමැතිවරයෙක් පත්කරගැනිමට පාර කැපීය. දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන කථානායක පත්කල විපක්ෂ නායකවරයාද ඔවුන් වෙනුවෙන් දරදිය ඇද්දෙකි. ආණ්ඩුවේ අයවැයට පක්ෂව ඡන්දය දුන් විපක්ෂ නායකවරයෙකි. විපක්ෂ නායකවරයා විසින් පත්කල විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාවූ ජනතා විමුක්ති පෙරමුණේ නායකයාද එම සියළු දේශපාලන උපාය උපක්‍රම වෙනුවෙන් පෙනී සිටි අයෙකි. මේ ව්‍යාජ ප්‍රජාතන්ත්‍ර විරෝධී හවුලට එරෙහිව යළි 1956ක් දැන් බිහිවෙමින් පවතී.

ගම්පහ රතුපස්වල තිදෙනෙක් මිය ගියේ උද්ඝෝෂණයකදී ඇතිවූ වෙඩි තැබීමකදීය. කම්හල වසන්නැයි එදා ‍ලොකු උද්ඝෝෂණයක් ගෙන ගියේය. දැන් රතුපස්වල වතුර හොදය. කිසිදු වස විසක් නැති බවට මධ්‍යම පරිසර අධිකාරිය උසාවියට වග උත්තර බැන්දේය. මේවා හරියට කළුවා මාරපන ගියා වගේ කථාය. කොටුවේ ගාලුමුවදොර මුහුදේ හදන පෝට් සිටියද ගජරාමෙට වැඩය. පරිසර වාර්තාවත් නරක නැත. අපි නොදන්න 'මොණරතැන්න' කියන්නේ මේවාටය. කොළඹ මැනින් මාර්කට්ටුව පෑලියගොඩමය. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යටතේ සිදුවූ කිසිවක් දැන් බලන විට වරදක් නැත. රටට දුක හොම්බ බිම ඇනගෙන ඉව අල්ලමින් සොරුන් සොයන්නට ‍වෙහෙසුන 'යහපාලනය'ට පේවී සිටින උන්නැහෙලා ගැනය.

කථානායක පත්කල විපක්ෂ නායකයා ඇතුළු ඔහුගේ පාර්ලිමේන්තු කණ්ඩායමද අයවැයේදී ආණ්ඩුවට පක්ෂය. ජනතාව නියෝජනය කරන සැබෑ විපක්ෂය වන සන්ධානයේ මන්ත්‍රීවරුන් 51ක් සිටින ඒකාබද්ධ විපක්ෂයට පාර්ලිමේන්තුව තුළ කුඩම්මාගේ සැලකිලිය. කථානායක පත්කල විපක්ෂ නායකයා නියෝජනය කරන ද්‍රවිඩ ජාතික සන්ධානයට සහ එමගින් පත්කල විපක්ෂයේ සංවිධායකයා නියෝජන කරන ජනතා විමුක්ති පෙරමුණ යන දෙපිලටම ඇත්තේ ආසන 21කි. කථානායක කරු ජයසූරියට මෙම සරළ ගණිතය නො‍තේරෙනවා නොවේ. කථානායකවරයා කියන්නේ සන්ධානය කඩා පව් පුරවා ගැනීමට ඔහුට නොහැකි බවය. ෂේක්පියර්ගේ හැම්ලට් කීවාක් මෙන් වචන, වචන, මේවා තවත් වචන සෙට් එකකි. එදා කීවේ 'ආවොත් කරු-පායයි හිරු' කියාය. 'යහපාලනය' දැන් කියනු ඇත්තේ 'ජනමතය මැරු - කරු මරු' කියාය.

එදා දෙමළ බෙදුම්වාදී ‍කොටි ත්‍රස්තවාදීන් බෝම්බ පුපුරා සිය දහස් ගණනක් අහිංසක ජනයා මරාදමන විට එම තැන්වලට ගිය ජනාධිපති මහින්ද රාජපක්ෂට හැඬුනේය. ඒ රටම හඬන විටය. කුරිරු දෙමළ බෙදුම්වාදී යුද්ධය 2009 මැයි 18 සහමුළුන් අවසන් කිරීමට සේනාධිනායකයා ලෙස නායකත්වය දුන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසය. වර්තමානයේ ඔහු නිරතුරුවම කොමිසන් සභාවලට ගෙන එනු ලබයි.

අයි.ටී.එන් දැන්වීම් පිළිබදව හුටපටයේ රඟ සොබාව දැනටමත් රටම දනී. දැන් මහින්ද රාජපක්ෂගේ දරුවන්ද, සොහොයුරන්ද, හිතවතුන්ද, රාජ්‍ය සේවකයින් ඇතුළු 4,000කට ආසන්න සංඛ්‍යාවක් සාක්කි සටහන් කරගෙන මානසික පීඩන වලට ලක්කරමින් පවතී. ජනාධිපති පරික්ෂණ කොමිසමට පැමිණිලි 1400ක් ලැබුණ බව නිවේදනය කළේය. ඉන් පැමිණිලි 900න් 600ක් ගැටළු සහිත බැවින් බැහැර කලැයි ප්‍රකාශ කළේය. ඉතිරි පැමිණිලි 300න් පැමිණිලි 100 මුලික විමර්ශනයට ගොනු කළේලු. එම පැමිණිලි 100න් 60ක් සාක්කි නැතැයි ඉවතට විසිවිය. වසරකුත් ගතවුවද ඉතුරුවූ පැමිණිලි 40න්ද විභාගකර ඇත්තේ දුසිමක් පමණ පැමිණිලි සංඛ්‍යාවකි. එහෙත් ඉකුත් රජය කාලේ හොරු හොරු යැයි කියමින් පට්ට ගැසූ යහපාලන ආණ්ඩුවේ සරණ ගිය කිසිදු ශ්‍රිලනිප දේශපාලඥයෙකුට එවැනි දුක් කරදරවලට මුහුණදීමට සිදුවුනේ නැත. රටේ ජනතාවගේ මනස බාහිර ක්‍රියාකාරකම්වලට යොමුකර මේ සියල්ලටම යටින් ජිනීවා යුධ අධිකරණය සහ ඉන්දියාවේ ඉක්ටා ගිවිසුම ජයටැඹ තෙක් ගජරාමෙට වැඩ බව කිසිවෙකු අමතක කල යුතු නැත.

යෝෂිත රාජපක්ෂ, රොහාන් වැලිවිට, නිශාන්ත රණතුංග ඇතුළු සැකකරුවෝ 5 දෙනා යළිත් පෙබරවාරි 25වැනිදා දක්වා රිමාන්ඩ්ය. බොදු බල සේනාවේ ගලබොඩ ඥානසාර හිමි තවදුරටත් රිමාන්ඩ්ය. නීතියේ හැටියට එහි වරදක් නැත. එහෙත් ඒවා සිදුවන්නේ ඇක්ටින් මාර්කටින් තියරියටය. දුක යනු මඟුල් පෝරුවකට නැගීමට එක්ක යනවාසේ පොලිසිය මගින් උසාවියට ගෙන ආ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර දැරිවිය සිය නිවසින් දවල් තේ බී දවල් කෑමට යළි පැය දෙකෙන් නිවසට යෑමට සැලැස්වීමට හයිබ්‍රිඩ් පහසුකම සැපයීම පිළිබදවය. චීත්තෙට ලැබෙන ඇප සිවුරට, කලාකරුවෙකුට හෝ රණවිරුවෙකුට නැත. ව්‍යවස්ථාදායක සභාව නව නිතිපති ලෙස නම් කළේ ඊයේ දිවුරුම් දුන් ජයන්ත ජයසූරියය. අනේ කලේ වනේ වාසේ කියන්නේ මේවාටය. මේවා ඇසෙන විට ජනයාට ඉබේටම ඇඩෙයි.

'යහපාලන' පාලනය තුල මුදල් විශුද්ධිකරණ පනත යටතේ චෝදනා ලැබූ අර්ජුන මහේන්ද්‍රන්, රවි කරුණානායක දැන් නිදහස්ය. නඩු නැත. බඩු ඇත. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුන්ගේ කියන්නේ මේවාටය. ලිච්චවී පාලනය කියන්නේ මේවාටද? මහින්ද රාජපක්ෂ ආණ්ඩුව නීතිය අවනීතිය බවට පත්කර මෙවැනි වැඩවලදී හයිබ්‍රිඩ් වැඩ ‍කළේ නැත. සන්ධාන ආණ්ඩුව යටතේ රුපියල් 5000 හොර නෝට්ටු සමඟින් මිලියන 2ක් බැංකුවේ තැන්පත් කල ප්‍රේමදාසගේ දියණිය දුලංජලී එක් දවසක්වත් තාඩන පීඩන වලට ලක්වූයේ නැත. නොඉඳුල් ඩොලර් කොල බෑගයක් සමඟ අසුවුන අරයාගේ පුතාගේ මාමණ්ඩියගේ කේස් එකට හොට දැම්මේද නැත. දේශපාලන විරුද්ධවාදීන්ට බොරු චෝදනා නඟමින් නඩු පැවරීමක් සිදු නොකරම මහඋළුගෙදර කොටු කිරීම ශිෂ්‍ඨ සම්පන්න සමාජයකට උචිත නැත.
ජාතික ආණ්ඩුවක් යනු ශ්‍රිලනිප සහ එජාප පාක්ෂිකයන් ඇන කොටා ගත්තාට දෙපක්ෂයේම ඇමතිවරුන් එකට එක්වී හොදට බදාගෙන නොව බෙදාගෙන කන වැඩකි. එය හරියට කොහොඹ ගහට කරවිල වැල ගියා වගේ වැඩකි. කණා මුට්ටිය බිදිනවා මෙන් තමනට අවනත නොවන දේශපාලඥයින්ට පමණක් චෝදනා පත්‍රය අධිකරණයට ගොනු කරන තෙක් මානසික වධ බන්ධනවලට ලක්කිරීම සඳහා විවිධ අණ පනත් දඩමීමා කරගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කරන වැඩ පිළිවෙළකි. එදා ආණ්ඩුවේ ලොක්කෝ බුද්ධං සරණං ගච්ඡාමී කිව්වේ වැදගෙනය. යහපාලන ආණ්ඩුවේ ‍බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ අප්පුඩි තල තලාය. වෙනස මාරය. රට හමාරය.

හොර සල්ලි ගැන 'හ්ම්' කීම තහනම්ය. රණසිංහ ප්‍රේමදාස අගමැතිව සිටියදී සජිත් සහ දුලංජලී ප්‍රේමදාස දූ පුතුන් දෙදෙනා ඉගෙනගත්තේ මහා බ්‍රිතාන්‍යයේය. ඒ ගැන වැයකල වාර්තා පිළිබඳව එකල ඇත්ත පුවත්පතේ හොදහැටි අනාවරණය කළේය. ජාතික ලැයිස්තුවෙන් පත්වූ එජාප මන්ත්‍රී මහචාර්ය ආංශු මාරසිංහ මහින්ද රාජපක්ෂලාගේ 70 සිට වත්කම් ගැන ප්‍රවෘත්ති සාකච්ඡාවලදී තළු මරමර කථා කලද සාමාන්‍ය පන්තියෙන් ආ රණසිංහ ‍ප්‍රේමදාසලා මියයන තෙක් ලැබුණු වත්කම ගැන නෝ කථාය. ඒ එසේ කීවා නම් පොල්වතු ගන්නටද, මාලිගා හදන්නටද, දූදරුවන්ට ඉගෙනීමට බ්‍රිතාන්‍යයේ කරක් ගැසීමටද ප්‍රේමදාස මියගිය පසු ඔහුගේ බූදල් නඩුව සඳහා එක්වූ වත්කම් ‍කොහෙන් ආවාදැයි ඇසිය යුතුය.

ඉකුත් වසරේ වාර්තා අපමණ අගයකි. ඉතිහාසයේ වැඩිම ස්ත්‍රී දූෂණ, ළමා අපචාර, මිනී මැරීම්, මත්කුඩු සම්බන්ධ සිද්ධීන් හා සිය දිවි නසා ගැනීම් සිදුව ඇත්තේ 2015 වසරේදීය. උතුරු නැගෙනහිර දැඩි ආරක්ෂිත කලාප නැත. අත්අඩංගුවේ සිටි ද්‍රවිඩ ත්‍රස්තවාදීන් පිරිසක්ද නිදහස් කර ඇත. හිමිවරුන් හිරගෙයටය. සෙබලු ටික දඟගෙටය. බඩු මිල අහස උසටය. ජොබ් ටික පිට රටටය. මේ ටික කර‍ගන්නට ඡන්දෙ දුන්නේ කොකෙකුටය. අයෙක් ඉර එළියට බයය. අතකෙකු මාධ්‍යයට බයය. මාධ්‍යවේදියෝ වෙනුවට දැන් ඇත්තේ ගෙම්බන් සහ ඊරියකුන්ය. තොරතුරු දැන ගැනීමේ පනත කෙසේ වෙතත් එළිවෙන ජාමෙට හොඳ හොඳ සෙල්ලම්ය.

සම්මතයට බැහැරව සිටීමට පුරුදු කිරීමත් එවන් මතයන් සමාජගත කිරීමත් අපහසු කාර්යයකි. එය හරියට උඩුගම් බලා පිහිනීමක් වාගේ වැඩකි. නමුත් ලෝක ඉතිහාසය දෙස බලනකල මේ මොහොත දක්වාම සමාජ ප්‍රගමනයේ ගාමක බලවේගයන් වූයේ මෙම අසම්මත චින්තනයයි. වසර 1951 ශ්‍රිලනිප පිහිටුවමින් 1956 කල පෙරළිය 2016දී ප්‍රති නිර්මාණය කිරීමට ඒකාබද්ධ විපක්ෂය මගින් මංපෙත් හෙළි කරන ලදී. සිදුවිය යුත්තේ රටට අවශ්‍ය කරන විදිහේ දේශපාලන වාතාවරණයක් ඇතිකිරීමට වඩා ප්‍රගතිශීලි සහ දේශප්‍රේමී පුරවැසියන් අකමැති දේශපාලන වාතාවරණයක් යළි ඇතිවීම වැලැක්වීමය.

-ධර්මන් වික්‍රමරත්න
යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

1 comment :

  1. Except for Dr. Ramesh Pathirana, the rest in the above picture are highly corrupt individuals. They have blood in their hands.

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions