ඉන්දියාවේ රැකියා නොමැති ප්‍රමාණය ලංකාවේ ජනගහනය මෙන් දෙගුණයකටත් වඩා වැඩිය
වරලත් ඉංජිනේරු ආර්.සී. දසනායක
-ශ්‍රී ලංකා ඉංජිනේරු සංගමය
දියුණුවීමට වෙරදරන මිනිසුන් තමාට වඩා අදාළ ක්‌ෂේත්‍රය තුළ දියුණු කෙනෙකුගේ සහාය, උදව්ව හෝ උපකාර ලබාගැනීම ඉතා සාමාන්‍ය සහ ඕනෑම කෙනෙකුට අවබෝධ කරගත හැකි කාරණාවකි. මේ ආකාරයෙන්ම රටකට වුවද රටක වර්ධනය කරගත යුතු සංවර්ධනය කරගත යුතු නොඑසේ නම් දියුණු කරගත යුතු, ක්‌ෂේත්‍ර සම්බන්ධයෙන් එම රටේ අදාළ ක්‌ෂේත්‍රයේ දියුණුවට වඩා වැඩි දියුණුවක් ඇති හෝ එසේ දියුණු වේ යෑයි සාධාරණ තීරණයක් ගත හැකි රටකින් උදව් උපකාර ලබාගැනීම ද අද ලෝකයේ සුලභ දසුනකි.
එහෙත් රටක් ලෙස ඉහත තීරණ ගැනීමේදී සලකනු ලබන කාරණා රාශියක් ඇත. අවම වශයෙන් සලකනු ලබන ප්‍රධාන කාරණා ඇත. ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට ද ඉහත මූලධර්මය පදනම් කොටගෙන දෙරට අතර ආර්ථික සංවර්ධනය සඳහා යෑයි පවසමින් සහයෝගිතා ගිවිසුමකට එළඹීමට වසර 2003 දී එවකට සිටි ශ්‍රී ලංකා රජය විසින් ඉන්දියානු රජය මගින් ගෙන එන ලද යෝජනාවට එක`ග වී ඇත. පසුගිය දිනවල ''සීපා'' යන නමින් කථාබහට ලක්‌වූ ඉහත ගිවිසුම සහ එහි ඇතිවිය හැකි හොඳ හෝ නරක ප්‍රතිඵල ගැන ශ්‍රී ලාංකීය ප්‍රජාව පුරවැසියන් ලෙස දැනුවත් විය යුතුව තිබුණ නමුත් ඒ සඳහා සියලු අවස්‌ථා අහිමි කර තිබුණි.
ඉහත යෝජිත ගිවිසුම ගැන දැනුවත් වීමේදී ඒ සඳහා ඇති නිවැරදි තොරතුරු ලබාගැනීම ඉතා වැදගත්ය. එසේම එම යෝජනාවලියේ අන්තර්ගතය, යෝජනාවලිය ගෙන එන ආකාරය, එය කවුරුන් විසින් කුමන හේතුවක් අරබයා ගෙන එනවාද යන්න ගැන දැනුවත්වීම එම ගිවිසුම සම්බන්ධයෙන් දැනුවත්වීම ඉතාම වැදගත්වනු ඇත. එසේ දැනුවත්වීමට සාමාන්‍ය ජනතාවට අවස්‌ථාවක් නොදීම තුළ මෙම ගිවිසුම සකසන සහ එහි පසුපස සිටින පිරිස කැසකවන ආකාරය තුළම එම ගිවිසුම ගැන සැකයක් මතුවන්නේ එබැවිනි.
එම යෝජනාවලිය මුලින්ම ඉදිරිපත් කරන විට ලංකාව නියෝජනය කරන්නේ කවුරුන්ද යන්න ගැන අවබෝධයක් තිබීම එහි වටපිටාව ගැන විශ්ලේෂණය කිරීමේදී සහ අවසන් නිගමන ගැනීමට රුකුලක් වේ.
1998 වසරේ හිටපු ජනාධිපතිනිය විසින් ඉන්දියාව තුළ කරන ලද සංචාරය අතරතුර ඉන්දියාව සහ ලංකාව අතර නිදහස් වෙළඳ ගිවිසුමක් අත්සන් කිරීමට යෙදුන බව ලංකාව දැනගන්නේ මාධ්‍ය මගිනි. මෙහි විශේෂත්වය එම ගිවිසුමේ මදය නොමැතිව සැකිල්ලට පමණක් අත්සන් කර තිබීමයි. එහි මදය පුරවන්නට මාස 02 ක කාලයක් තිබුණත් අප රටේ නියෝජිතයන් විසින් ඉන්දියාවට පමණක් වාසි වන ආකාරයෙන් ලැයිස්‌තුවක් සාදා ඇත. එහිදී ලංකාවේ ප්‍රධාන අපනයනයන් වන තේ, පොල්, රබර් සහ ඇග`ඵම් යන සියලුම භාණ්‌ඩ සඳහා ඉන්දියාව විසින් දැඩි බදු පැනවීමටත්, ලංකාව තුළ ඇති ඉන්දියානුවන්ට අයිති ඉන්දියානු බහුතරයක් රැකියාවේ යෙදෙන නිෂ්පාදනයන්ට පමණක් ඉන්දියාවෙන් බදු සහන ලබාගෙන ඇත. ඒ අනුව ඉන්දියාවට සැලකිය යුතු ලෙස අපනයන වැඩිවී ඇති බව පෙන්වන, එහෙත් සත්‍ය වශයෙන්ම ලංකාවේ නිෂ්පාදන නොවන වෙනත් රටවලින් ආනයනය කර වංචා සහගත ලෙස ඒවායේ තොරතුරු වෙනස් කර යළිත් ඉන්දියාවට අපනයනය කරනු ලබන ලංකාව වැනි රටකට තබා පවුලකට වත් ආර්ථික වර්ධනය සඳහා උචිත නොවන භාණ්‌ඩ අපනයනයේ යෙදී ඇත. උදාහරණයක් ලෙස මේ වනවිට ලංකාවේ ආර්ථික වර්ධනය සඳහා ඉන්දියාවට අපනයනය කරනු ලබන්නේ කරුංකා වැනි ද්‍රව්‍යයය. එසේම ලංකා IOC සමාගම මගින් පෙට්‍රොaලියම් නිෂ්පාදන අපනයනය කරනු ලබයි.
ලංකාවේ පෙට්‍රොaලියම් නිධි මේ වනවිට නොමැති බව කුඩා ළමුන් පවා දන්නා කාරණයකි. එසේනම් මේවා විවිධ නිෂ්පාදනවල අතුරු ඵල විනා රටක සැබෑ ආර්ථික වටිනාකමක් එක්‌වන දේ ලෙස සිතිය නොහැක. තවද එම ආදායමද කොළ කෑලි වල තිබුණද සැබෑ හිමිකාරිත්වය ඇත්තේ ඉන්දියාවටය.
ලංකාව විසින් ලබාදී ඇති ලැයිස්‌තු ලංකාවේ ආර්ථිකය තබා කතන්දර පොත්වල හෝ නොමැති භාණ්‌ඩය. උදාහරණයක් ලෙස ලංකාවට ඉන්දියාවෙන් බූරු මස්, අශ්ව මස් ආදිය ගෙන ඒමේදී බදු අයකිරීමට එක`ග වී ඇත. එම නිදහස් ගිවිසුම සැකසූ ලංකාවේ නිලධාරීන් බූරු මස් වැනි දෑ නොගෙන්වීමට තීරණය කළේ ලංකාවේ ආර්ථිකයට කුමන බලපෑමක් වන නිසාදැයි දන්නවා ඇත්තේ ඔවුන් පමණි.
ඉහත කරුණු කාරණා සමාජය දැනුවත්වීම තුළ 2003 වසරේ හිටපු ජනාධිපතිනිය යටතේ පැවති රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාගේ නායකත්වයෙන් යුතු රජය ඉන්දියාවේ ද යෝජනාව මත දෙරටේ නියෝජිතයන්ගෙන් යුත් කණ්‌ඩායමක් (Joint Study Group) මෙම අඩු ලුහු`ඩු සැකසීමට සහ වඩා සාර්ථක යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට යොදවන ලදී. ඉන්දියාවෙන් 6 දෙනෙකුත් ලංකාවෙන් 18 දෙනෙකුත් නියෝජනය කළ මෙම කණ්‌ඩායමේ යෝජනාව වූයේ භාණ්‌ඩ වෙළඳ ගිවිසුමේ අඩු ලූහු`ඩු සැකසීම සඳහා විස්‌තීරණ වූ ආර්ථික ගිවිසුමක් සුදුසු බවය. ඒ අනුව ලංකාව විසින් ඉන්දියාවේ පුරවැසියන් ලංකාවේ පුරවැසියන් ලෙස සැලකීම ආයෝජන අවස්‌ථා සඳහා ඉන්දියානුවන් හට ඉතා ලිහිල් වූ කොන්දේසි යටතේ ඉඩකඩ සකසා දීම ආදී කරුණු යෝජනා කර තිබේ.
''පය බරවායට පිsටිකර බෙහෙත් බැඳීම'' හුදෙක් කියමනක් පමණක් නොව ක්‍රියාවෙන්ද ඔප්පු කර සිංහල සාහිත්‍යයට පමණක් පිටිවහලක් වී ඇති බව නම් පිළිගත යුතුව ඇත. තවද ලංකාවේ නියෝජිත කණ්‌ඩායමේ ප්‍රසිද්ධ චරිත වන වර්තමාන මහා බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්, පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න, මහාචාර්ය රොහාන් සමරජීව, ආචාර්ය සමන් කැලේගම, හිටපු මුදල් අමාත්‍යාංශයේ ලේකම් පාස්‌කරලිංගම්, රංජිත් ප්‍රනාන්දු සහ කෙන් බාලේන්ද්‍රන් යන මහත්වරු ඇතු`ඵ පිරිසක් එම කණ්‌ඩායම නියෝජනය කර ඇති අතර වසර 12 කට පමණ පසු යළිත් එම කණ්‌ඩායමේ බහුතරයක් රාජ්‍ය පාලනයේ සිටීම තුළ එම ගිවිසුමේ එවකට තිබූ යෝජනා ඒ ආකාරයෙන්ම අන්තර්ගතයේ ලෙස තිබියදීම හා වෙනත් නමකින් කරළියට ආ බව නොරහසකි.
ඉහත කරුණු දැක්‌වීමේදී පාඨකයා විසින් මෙම ලිපිය රාජ්‍ය විරෝධී හෝ දේශෙද්‍රdaහී ලෙස දැකීම පසෙක තබා මෙය තවදුරටත් ඉදිරියේ දක්‌වන කරුණු තාර්කික බුද්ධියට හසුකර ගන්නේ නම් ඉතා වටී.
දියුණු ඉන්දියාව ද? , ලංකාව ද?
මෙහිදී කථාබහට ලක්‌වන්නේ පූර්ණ ආර්ථිකය සම්බන්ධයෙන් බැවින් එයට රටක හසු නොවන දෙයක් නොමැත. මේ අතර ප්‍රධාන වශයෙන් රටක ස්‌වාධිපත්‍යය, සංස්‌කෘතිය, එම රටේ ඒකපුද්ගල ආදායම, සෞඛ්‍යය, නීති පද්ධතිය, රැකියා වියුක්‌තිය, සාක්‍ෂරතාව, නව ආයෝජන සඳහා ඇති හැකියාව, ව්‍යාපාර පවත්වාගෙන යැම සඳහා ඇති පහසුකම සහ ස්‌වාභාවික සම්පත් යොදා ගැනීම ආදී මෙකී නොකී සියලුම කාරණා පිළිබඳව සැලකිය යුතුය.
ඉන්දියාව සහ ලංකාව අතර සාපේක්‍ෂ ලෙස ඉහත කරුණු කිහිපයක් සලකා බැලීම වටී. රටක ආර්ථික වර්ධනයේ ප්‍රධාන කාරණයක් වන විදේශ මුදල් ලැබීම නොඑසේ නම් ශ්‍රී ලංකාව සහ ඉන්දියාවේ ආයෝජන අවස්‌ථා පිළිබඳ ලෝක සම්මත තොරතුරු විශ්ලේෂණය කිරීමේදී නව ව්‍යාපාර ආරම්භය සඳහා ලෝකයේ සුදුසු රටවල් අතර ඉන්දියාව සිටින්නේ 158 වන ස්‌ථානයේය. එහිදී ලංකාව 104 වන ස්‌ථානයේ සිටී. ඒ අනුව ඉන්දියාවට වඩා ලංකාවද ඇතු`ඵව ලෝකයේ රටවල් 157 ක් නව ව්‍යාපාර ආරම්භය සඳහා වඩාත් උචිත බව ලෝකයේ පිළිගැනීමයි. තවද ව්‍යාපාර පවත්වාගෙන යැම සඳහා සුදුසු රටවල් ශේ්‍රණිගත කිරීම්වලදී ඉන්දියාව ලෝකයේ 142 වන තැන සිටින අතර ලංකාව සිටින්නේ 99 වන ස්‌ථානයේය. මේ සරල කාරණයෙන්ම නව ආයෝජන සඳහා ඉන්දියාව නුසුදුසු බව සරල සංඛ්‍යා දත්තවලින් පමණක්‌ම පසක් වන කරුණකි. තවද, ඉන්දියාව තුළ ඇති විශේෂත්වය වන්නේ එහි ප්‍රාන්ත වලද ඔවුන්ට කැමති ආකාරයේ බදු පැනවීම්, නීති ක්‍රියාත්මක කිරීම් කළ හැකිවීම සහ ඒවා මෙම යෝජිත ගිවිසුම තුළ ලංකාව විසින් පිළිගැනීමයි.
ඉන්දියාවේම ව්‍යාපාරිකයින්ද ප්‍රාන්ත හරහා බඩු හුවමාරු කිරීමේදී ඇති අපහසුතාවය නිසා බොහෝ අවස්‌ථාවලදී ලංකාවේ කොළඹ වරාය දක්‌වා බඩු ප්‍රවාහනය කර යළිත් වෙනත් වරායකින් වෙනත් ප්‍රාන්ත දක්‌වා යොමු කරන අවස්‌ථා බොහෝමයක් ඇත. උදාහරණයක් ලෙස රෙදිපිළි නිෂ්පාදනය කරන ඉන්දියාවේ ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ඩී. බාලසුන්දරම් 2015 සැප්තැම්බර් 18 වන දින Reuters පුවත් පතට කරන ලද ප්‍රකාශය අනුව ඉහත කරුණු යළි යළිත් සනාථ කර තිබේ. තවද ලංකාවෙන් අපනයනය කරන බහාලූම් මාස ගණනක් සහ ඇතැම් විට වසර ගණනාවක් ඉන්දියාවේ වරායන් තුළ සිරකර තබාගත් අවස්‌ථා විශේෂයෙන්ම තේ අපනයන සමාගම් විසින් හෙළිකර ඇත. එය එසේනම් ලාංකික ව්‍යාපාරිකයන් සඳහා ඉන්දියාවේ ඇති අවස්‌ථාවන් තේරුම් ගැනීමට පරිනත බුද්ධියක් හෝ අවශ්‍යය යෑයි සිතිය යුතු නැත.
''ආර්ථික සහ තාක්‍ෂණ සහයෝගිතා ගිවිසුම'' හෙවත් ''ඉට්‌කා'' හොඳ යෑයි කියා පවසන මෙම ගිවිසුම සැකසීමේ පවා මූලිකයෙකු පවසන්නේ දැනටමත් ඉන්දියාවේ ''නයනා සැලුන්'' නමින් කොණ්‌ඩා කැපීමේ ආයතනයක් ඇති අතර ඒ අනුව ඉන්දියාවේ ආයෝජනය සඳහා සුදුසු දේ තෝරා ගැනීම කළයුතු බවයි. කොණ්‌ඩා කැපීම සඳහා සංඛ්‍යා ලේඛන අනුව ඉන්දියාවේ ජනගහනය ලංකාවේ ජනගහනය මෙන් 60 ගුණයක් පමණ වන නිසා, අප රටේ ආර්ථික සංවර්ධනයට ඉන්දියානුවන්ගේ කොණ්‌ඩා කැපීම ආයෝජනයක් ලෙස කළ හැකි බව කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරයි. අප දන්නා අයුරින් මේ වනවිටත් ඉන්දියාවේ එම ජනගහනය තමාගේ කොණ්‌ඩා කැපීම පමණක් නොව ඒවා අලංකාරව පවත්වාගෙන යැමද කරගනු ලබයි. ඔවුන් ලංකාවෙන් කරණවෑමියන් එනතෙක් සිටිනා බවත් සඳහන් වූ තැනක් සොයාගැනීමට පවා නොහැකිය. මෙවැනි කරුණු තුළ ''ඉට්‌කා'' ගිවිසුම හොඳ යෑයි ප්‍රකාශ කිරීම තරමක් විහි`ඵ සහගතය.
ඉතිරි කොටස ලබන සතියට...
[Divaina]
යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .