2/16/2016

ජනපති සිරිසේන "ජෙන්ටල්මන්"ට බයද?

කතෘ:යුතුකම     2/16/2016   No comments

රනිල් විසින් එළවා දැමුනේ දෙරණේ සංඛ පමණක්ද? නැත. ආයතනයේ විකාශන බලපත්‍ර්ය අහෝසි කරන්නට තරම් වරදක් සංඛ කළේද? මේ තර්ජනය රිචඩ්ද සොයිසා මරා දැමීමට නොදෙවෙනි වන්නේ මේ සමස්ත මාධ්ය ප්‍රජාවම බියවද්දා එකවර ඝාතනය කළ ක්‍රියාවක් නිසාවෙනි.

ප්‍රබාකරන් එක්ක කිසිම ගිවිසුමක් අපි අත්සන් කරන්නේ නෑ යයි කියූ වි ජ මු ලොකු බණ්ඩාර මහතාගේ කටේ කෙළ වියළිමටත් පෙර රනිල් "මහතා" ප්‍රභාකරන් "මහතා" සමඟ ගිවිසුමක් අත්සන් කළේය. ඒ බව පාර්ලිමේන්තුව, කැබිනට්ටුව තබා ආණ්ඩු පක්ෂ්යේ සභානායකයා වූ ලොකු බණ්ඩාර මහතාවත් දැන සිටියේ නැත. එදා විධායක බලය තිබූ චන්ද්‍රිකා ද ඒ බව ඇය දැන සිටි බවක් ප්‍රකාශ කළ බවට මතක නැත. ඇය විධායකය ඉසිළුවද ඇයගේ විධායකයේ නිල බලය මහ මැතිවරණයේ දේශපාලන පරාජය උඩ අහෝසි වී ගිය පසුබිමක් තිබුනි. එදා ඇය විධායක ජනාධිපතිවරියව සිටියදී, පාර්ලිමේන්තුවට පිවිසෙන විට අත්බෑගයේ බෝම්බ ඇත්දැයි පරීක්ෂා කෙරුනි.

මුල්ය පොලිස් පරීකෂණ දෙපාර්තුමේන්තුව අගමැතිවරයා යටතේ පිහිටවු බව සිරිසේන මහතා දැන සිටියේ නැත. එය අහෝසි කරන බව ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීනට පොරොන්දු වුවද එය අහෝසි වූයේ නැත. අයවැය සම්බන්ධයෙන් වුව ජනාධිපතිවරයා සිදු කළ ප්‍රකාශයන් සලකා බලා ඒවා නීතිගත කිරීමක් සිදු නොවින. රනිල් "මහතා" පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ කවුරු අකමැති වුවත් තමන් ඉන්දු ලංකා එට්කා ගිවිසුම අත්සන් තබන බවකි. ඉන් පසු දින එම ගිවිසුම රටට අහිතකර නිසා එය වහා හකුළා ගනිව් යන මතය ප්‍රකාශ කරමින් දවයිනේ සියළුම වෘත්තීන් නියෝජනය කරමින් පහළොස් දහසකට ආසන්න වෘත්තිකයන් පිරිසක් කොළඹ විහාර මහා දේවි උද්‍යානය වටා දැවැන්ත පෙළපාලියක් සහ රැළියක් පැවැත්වීය. එදිනම රෑ ජනපති සිරිසේන ප්‍රකාශ කළේ රටට අහිතකර ගිවිසුම් තමන් අත්සන් නොකරන බවයි. නමුත් රනිල් අත්සන් කළොත් "මම ඒ ගැන දැනන් හිටියේ නැත." යයි ඔහු පවසනු ඇතැයි ඔහුගේ මෑතකාලීන භාවිතාව දන්නෝ පවසති.

රනිල් "මහතා", කවුරු අකමැති වුනත් එය අත්සන් කරන බව පවසද්දී එය පැවසූයේ සිරිසේන මහතා අකමැති වුවත් ඔහු එය අත්සන් තබන බව අඟවන්නටද විය හැකිය. එය ඔහු සිරිසේන මහතාටද එල්ල කළ තර්ජනයක් විය හැකිය.

අනෙක් අතට කවුරු අකමැති වුනත් අපි කරනවා වැනි ප්‍රකාශ කළ හැක්කේ ප්රාජාතන්ත්‍රවාදය ගැන විශ්වාස කරන මහත්මයෙකුට නොවේ. එසේ පැවසිය හැක්කේ නග්න ඒකාධිපතියෙකුට පමණි. ඒකාධිපතියෙකු යැයි ඔවුන් විසින් චෝදනා කළ මහින්ද මහතා ජනතාව විරෝධය පෑ නිසා සීපා ගිවිසුම අත්සන් නොකළේය. ඒකාධිපති පාලනයට තිත තබා යහපාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීමට පැමිණි මහත්වරුන් විසින් මෙවැනි ප්‍රකාශ කරද්දී, මාධ්යට තර්ජනය කරද්දී එදවස සාධාරණ සමාජයක්, පිවිතුරු හෙටක් ගැන කත කළ ආචාර්ය මහත්තුරු ටික යමක් පවසනවාද, නැතිනම් ගලේ පැහැරූ බළලුන් මෙන් සිටිනවාද යන්න ගැන අවධානය යොමු කිරීම කාලකන්නි විනෝදයක් සපයන්නකි.

මේ රටේ වාසනාවට රනිල් මෙරට විධායක ජනපති වී නැත. අගමැතිව සිටියදි රටම අකමැති ගිවිසුමකට සිය කැබිනට් මණ්ඩලයටවත් නොදන්වා අත්සන් කළ 'ජෙන්ටල්මන්' කෙනෙකි ඔහු. එදා චන්ද්‍රිකාගේ මන්ත්‍රීන් සිටියේ විපක්ෂයේය. අද සිරිසේනගේ මන්ත්‍රීන්ට සිදුව ඇත්තේ රනිල්ගේ දෑත් ශක්තිමත් කරන්නටය. සිරිසේනට සහය දීම යනු රනිල්ගේ දෑත් ශක්තිමත් කිරීමකි. එපමණක් නොව අද චන්දිර්කාද රනිල් ගේ දෑත් ශක්තිමත් කරමින් සිටින්නීය. සිරිසේන ජයගත්තේ රනිල්, සම්බන්ධන්, අනුර, චම්පික යන සියළු දෙනා නිසාවෙනි. අද ඒ සියළු දෙනාගේ දෑත් ශක්තිමත් කිරීම සිරිසේනට පැවරී ඇත. කිසිදු ජන බලයක් නැති ප්‍රථම විධායක ජනපති බවට අද සිරිසේන මහතා පත්ව තිබේ. ඔහු සතුව කිසිදු දේශපාලන බලයක් නැත. ඔහු සතුව ඇත්තේ නිකම්ම නිකම් නෛතික බලයක් පමණි. මේ තත්වය යටතේ අද කවුරු අකමැති වුනත්, රනිල් නම් වු නග්න ඒකාධිපතියා හිතුමතේ කටයුතු කරන භයානක හිට්ලර් කෙනෙකුගේ භූමිකාවට පණ දෙමින් සිටියි. සිරිසේන මහතා දෝරේ ගලායන මාධ්ය නිදහසක් තිබෙනවා යයි කියා කට ගන්නට පෙර රනිල් දෙරණේ විකාශන බලපත්‍ර්ය අහෝසි කරනවා යැයි තර්ජනය කොට සංඛ ගෙදර යැව්වේය. රනිල් මාධ්යවේදීන් බය කරන අතරම සිරිසේන මහතාටත් කොකා පෙන්වා බිය වැද්දුවා විය නොහැකිද?

රනිල් ජෙන්ටල්මන් කෙනෙකු යයි කියූ අය සිටි කාලයක් තිබුනේය. මේ ජෙන්ටල්මන්ට අද වුවමනා වී ඇත්තේ තරවටුවෙන්, තර්ජනයෙන් මිනිසුන් පාලනය කිරීමටය. දැන්නම් රනිල් ජෙන්ටල්මන්ට්වරයෙකු යයි කිසිවෙක් නොකියති. බැලූ බැල්මට පෙනෙන්නේ ජනාධිපතිතුමාත් මේ ජෙන්ටල්මන්ට්ට බිය බවෙකි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයනට මේ ජෙන්ටල්මන්ට බය නැති නායකයකු වුවමනා කර ඇත.

-ලසන්ත වික්‍රමසිංහ
යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)

https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions