2/12/2016

යහපාලන මාධ්‍ය නිදහසේ හෙළුව පෙනේ - රට පාවාදීමට එරෙහි වෘත්තිකයන්ගේ විරෝධතාවය වාරණය කරයි. [Photoes]

කතෘ:යුතුකම     2/12/2016   4 comments

"රට පාවාදීමේ ගිවිසුම හකුළාගනිව්" - වෘත්තිකයන් මහ බලයක් වී නැගිටියි -
"යහපාලන මාධ්‍ය නිදහස" දෝර ගලයි - රැලිය මාධ්‍යයෙන් කැපේ... 

ඉතිහාසයේ ප්‍රථම වරට ඉංජිනේරු, වෛද්‍ය , කාර්මික ,ආදී ක්ෂේත්‍ර විශාල ප්‍රමාණයක්  ආවරණය කරමින් ශ්‍රී ලාංකික වෘත්තවේදීන් දස දහස් ගණනක් සහභාගී වූ දැවැන්ත පෙළපාලියක් සහ ජනරැළියක් ඊයේ (11) විහාරමහාදේවී එළිමහන් රංග පීඨයේදී පැවැත්විණි. ආණ්ඩුව ඉන්දියාව සමග ETCA නමින් වෙළඳ හා සේවා ගිවිසුමක් අත්සන් කිරීමට සූදානමින් සිටියි. එම ද්‍රෝහී පාවාදීමේ ගිවිසුමට එරෙහිව වෘත්තීයවේදීන්ගේ මේ විරෝධතා ව්‍යාපාරය පැවැත්විණි.
ඒකාබද්ධ වෘත්තීයවේදීන්ගේ ව්‍යාපාරය , ඒකාබද්ධ ඉංජිනේරු සංගමය සහ රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය මේ ඒකාබද්ධ විරෝධතාවය සංවිධානයකළ අතර වෘත්තීය සංවිධාන රාශියක සහභාගීත්වයෙන් ඉතා උද්යෝගීමත් වෘත්තීයවේදී සහභාගීත්වයකින් යුක්තව ඉතාමත් සාර්ථකව පැවැත්විණ.
නමුත් ඉතා දැඩි ජනතා අවධානයක් යොමු විය යුතු මේ කරුණ පිළිබඳ පැවැති දැවැන්ත රැළිය විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය විශාල ප්‍රමාණක් විසින් තමන්ගේ වාර්ථාකරණයෙන් කපා දමා තිබිණ. රාජ්‍ය මාධ්‍ය කිසිවක මෙවැනි රැළියක් පැවැති බවත්වත් වාර්ථා නොකළ අතර පෞද්ගලික රූපවාහිනී නාලිකා දෙකක් පමණක් ඉතා ඇල් මැරුණු ස්වරූපයෙන් එය වාර්ථා කර තිබිණ.
දේශයේ අභිමානය වෙනුවෙන් පෙනී සිටින්නේ යැයි කියන නාලිකාවක් මේ පුවතට දී තිබුණේ තම පුවත් විකාශයේ අගින් තත්පර 8 ක් වැනි සොච්චම් ඉඩක් පමණි. We Report, You Decide කියන්නවුන්ට මෙය Report කිරිල්ල "අමතකම වී" තිබිණ.

සිංහල පුවත්පත් සියල්ලම පාහේ මේ රැළිය හෝ එහි සිදුකළ කතා පිළිබඳ වචන මාත්‍රයක් පළ නොකිරීමට වග බලාගෙන තිබුණි. අද වන විට "යහපාලනයේ මාධ්‍ය නිදහස" ඒ තරමටම දරුණුවට ලැබී තිබේ.
මෙය අහම්බයක් ද?
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා ඒ රැලියේදී හෙළි කළේ මුදල් ගෙවා වත් මේ ගිවිසුමට එරෙහිව දැන්වීමක් පළ කර ගැනීමට අද කිසිම මාධ්‍යකින් ඉඩක් නොදෙන බවයි. කොහෙවත් යන හම්බඩ ගායකයෙකුගේ විකාර ප්‍රසංගයක ගැටීසියක් විසි කළ තනපට ගැන පවා මහ ඉහළින් වාර්ථා කළ මේ ජඩ-මාධ්‍ය තමන්ගේ දේශපාලන අධිකාරීත්වයේ අණට කීකරුව වැඩ කරන ප්‍රමාණය මේ හැසිරීමෙන් තව දුරටත් වසං කළ නොහැකි ලෙස නිරාවරණය වී අවසන්ය.
                      
ජාතික පුවත්පත් සමහරක කතෘ මණ්ඩල උපදේශකයන් ආණ්ඩුවේ නායකයන්ගේ දේශපාලන උපදේශකයන් වී ඇති කළෙක ආණ්ඩුවට දේශපාලන අභියෝගයක් වන මෙවැනි පුවත් වලට ලැබෙන ඉඩ ගැන කතා කිරීමට දෙයක් නැත. පසුගිය ආණ්ඩුවලට එල්ල වූ ප්‍රධාන චෝදනාවලින් එකක් වූයේද ඒකපාර්ශික මාධ්ය භාවිතයයි. එදා අඩු තරමේ ආණ්ඩු මාධ්‍ය එලෙස හැසුරුනත් පෞද්ගලික මාධ්‍ය ආණ්ඩු විරෝධී සටන් පාඨ වලට නිසි අවකාශයක් ලබා දුනි. අද සිදු වී ඇත්තේ බිත්තර සියල්ලම එකම මල්ලට දැමීමය.
අද ආණ්ඩුවේ මාධ්ය ආණ්ඩුවේ රෙදි සෝදන පක්කිලිකම එලෙසම සිදු කරද්දී ආණ්ඩුව එක් එක් ආකාරවලින් පෞද්ගලික මාධ්‍ය තම ග්‍රහණයට ගෙන තිබේ.
සිරිසේන ජනාධිපතිවරයා අද උත්සවයක් අමතමින් 'මාධ්‍ය නිදහස දෝරේ ගලා යන්නට නිදහස් කර ඇතැ"යි පම්පෝරියක් ගසනු ඇසිණ. අපට සිරිසේන මහතාට කියන්නට ඇත්තේ ,මහත්වරුනේ   ඒ පම්පෝරිය මහ පොළවේ යථාර්ථයක් වී නොමැති බවත් ඔබතුමා පම්පෝරි ගසන යහපාලන  මාධ්ය නිදහසතව දුරටත් වසං කළ නොහැකි ලෙස ගඳ ගසමින් රෙද්ද පල්ලෙන් බේරෙමින් තිබේය යන්නත්ය....
රටේ ප්‍රමුඛතම ක්ෂේත්‍ර සියල්ලේම පාහේ වෘත්තිකයන් සහභාගී වූ මෙවැනි ජාතික වැදගත්කමක් සහිත කරුණක් රටේ ජනතාවගෙන් වසංකරන මේ නින්දාසහගත මාධ්‍ය භාවිතය "සාධාරණ සමාජයක්" " පිවිතුරු හෙටක්" වැනි බෝඩ් ලෑලි එල්ලාගත් තක්කඩියන්ගේ මන දොළ සැපිරීමට පමණක් ප්‍රමාණවත් නමුත් සැබෑ යහපාලනයක් වෙනුවෙන් අබමල් රේණුවක විස්වාසයක් තැබූ කිසිවකුවත් නොඉවසන බව පමණක් සටහන් කරමු.මහත්වරුනි ඔහොම ගිහින් බලමු..
විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවලින් බලහත්කාරය යොදා සැඟවූ ඒ අවස්ථාව සමාජ ජාලා තුල ඉතා වේගයෙන් ප්‍රචාරය වී තිබිණ.
මේ එවැනි චායාරූප කිහිපයකි.









 

-සටහන : යටියන ප්‍රදීප් කුමාර
ඡායාරූප:  කසුන් කව්ෂල්‍ය
               රසික නානායක්කාර
               FB

යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

4 comments :

  1. මේකෙන් වෙන්නේ රටේ බුද්ධි ගලනය තව වැඩි වෙන එක.
    පෙරේතයන්ට රට පාවලා දුන්නම ඔහොම තමයි. උන් හිතන්නේ උන්ගේ බඩ වඩාගන්න. රට පාලනය මෝඩ රංචුවක් නිසා මේ දේවල් පුදුමයක් නෙවෙයි. ගිය හකුරට අඬලා වැඩකුත් නෑ. ඒ නිසා ඊලඟ ඡන්දෙදි වත් කට්ටිය මොළේ පාවිච්චි කරලා ඡන්දේ දුන්නොත් හොඳයි.
    ඒ වගේම, සමාජ ජාල වල ඉන්න අය එන්රික්ට බ්‍රා විසි කරන වීඩියෝ, ශනුද්රිගේ ඩබ්ස්මෑෂ්, රාවණාගේ දඬුමොණරය වගේම මේ වගේ පෝස්ට් ෂෙයා කරලා මේ දේවල් වලට දෙන පබ්ලිසිටි එකත් වැඩි කරනවා නම් ඒක හොඳටම හොඳයි.

    ReplyDelete
  2. Ahinsaka apitama hamadema hangala karana eka yahapalanayawe
    And manda hitan.

    ReplyDelete
  3. Jayantha Wanniarachchi2/15/2016 4:42 PM

    ලංකාවේ සිසුන්ට වෛද්ය උපාදියක් ගන්න වලකන GMOA එකාධිකාරිය දැන්වත් එයට ඉඩහරිනු. නැත්නම් ඉන්දීය දොස්තරලාට එන්න ඉඩදෙනු

    ReplyDelete
  4. http://www.adaderana.lk/news/34201/germany-impressed-by-change-in-political-landscape-in-sri-lanka

    Looks like the country is on the right track! Finally!!

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions