2/14/2016

රනිල්, කිෂානි, සංඛ හා දන්නෝ බුදුන්ගේ

කතෘ:යුතුකම     2/14/2016   9 comments

දෙරණ නාලිකාවේ සංඛ අමරජිත් සේවයෙන් අස්කර ඇතැයි කියැවෙයි. කෙසේ වුවත් අඩුම තරමෙන් ඔහුගේ වැඩ තහනම කෙරී ඇත. අද (පෙබරවාරි 14 බටහිර සංස්කෘතියේ ආදරවන්තයන්ගේ දිනයෙහි) දෙරණ අරුණ වැඩ සටහන ඉදිරිපත් කළ යුතුව තිබුණේ ඔහු වුව ද ඒ වෙනත් අයකු විසින් (කාන්තාවක විසින්) කෙරිණි. දෙරණ ආයතනය බටහිර ආදරවන්තයන්ගේ දිනයෙහි සංඛ අස්කර හෝ ඔහුගේ වැඩ තහනම් කර හෝ කාන්තාවකට ඒ තැන ලබාදුන්නේ ඇයි ද යන ප්‍රශ්නය පැන නගී. මා පළමුවෙන් ම කිවයුත්තේ සංඛ හෝ ඒ කාන්තාව හෝ මගේ මිතුරකු මිතුරියක හෝ විරුද්ධවාදියකු හෝ නොවන බව ය.
සංඛගේ නික්ම යෑමට හේතුව නිදහසක් නැති දිනයක කිශානි ජයසිංහ නම් ගායිකාවක දන්නෝ බුදුන්ගේ ගීතය ගැයීම පිළිබඳ ව සංඛ කළ විචාරයක් බව පැහැදිලි ය. මම එදින ද සුපුරුදු පරිදි දෙරණ අරුණ නැරඹීමි. සංඛ කියා සිටියේ දන්නෝ බුදුන්ගේ එකී ගායනය ඇසුණු ගැමියකු බැළලියක් කෑ ගසන්නේ යැයි සිතා ගඩොල් බාගයකින් දමා ගැසිය හැකි බව ය. වචන කෙසේ වෙතත් ඔහුගේ ප්‍රකාශයේ අරුත වූයේ එය ය.
මම සංගීතඳයෙක් නො වෙමි. මගේ විෂය දැනුම සංස්කරණය කිරීම ය. එහි දී වෙනත් සංස්කෘතීන්ගෙන් දැනුම ලබාගැනීම ගැන ද මම අධ්‍යයනය කරමි. සංගීතය ද දැනුමකි. එය සංස්කෘතියට අයත් ය. කිෂානි ජයසිංහ ගැන මා ප්‍රධාන වශයෙන් ම දන්නේ පුවත්පත් කියවා ලබාගත් තොරතුරු ය. ඇය දක්‍ෂ ගායිකාවක් යැයි මම විශ්වාස කරමි. ඇය ජෝන් ද සිල්වා මහතාගේ මිණිබිරියක යැයි ද කියැවේ. සීයා හා මිණිබිරිය අතර වෙනස කුමක් ද?

සීයාගේ ගීතය සිංහල බෞද්ධයන් විසින් වැළඳ ගනු ලැබ ඇත. එහෙත් මිණිබිරියට එල්ල වන්නේ විවේචන ය (මා ගල් මුල් යැයි නොකියන්නේ මා ද වරදවා වටහා ගැනීමට ඉඩ ඇති බැවිනි!). ඇය විසාකා විදුහලේ ඉගෙන ගත් බව පැවසෙයි. වික්‍රමබාහු කරුණාරත්න ඉගෙනුම ලබා ඇත්තේ ආනන්ද විදුහලේ ය. යමකු යම් විදුහලක ඉගෙනීීමෙන් සිංහල බෞද්ධ සංස්කෘතිය උකහා ගන්නේ යැයි හෝ නොගන්නේ යැයි හෝ කිව නො හැකි ය. ලංකාවේ ඇති සියලු පාසල් ක්‍රිස්තියානි සංස්කෘතියේ පාසල් බව මගේ වැටහීම ය.

සීයාගේ ගීතය ද ඔපෙරා ශෛලියෙන් ගැයූ බව කියැවෙයි. එහෙත් සීියාට ඔපෙරා ශෛලිය සිංහල සංස්කෘතියට අවශෝෂණය කර ගැනීමේ හැකියාව තිබී ඇත. සිංහල සංස්කෘතියට ඉතා තීව්‍ර ව ස්වර ගැයීමක් නො ගැලපෙයි. එවැනි ගැයුම් බැළලියන්ගේ කෑගැසීම් ලෙස සිංහල ගැමියන්ට හැඟී යන්නේ නම් එහි වරද සංඛ අත නො වේ. ඔහු කර ඇත්තේ සිංහල සංස්කෘතියේ සිදුවිය හැකි යමක් ප්‍රකාශ කිරීම පමණ ය. අප බාහිර සංස්කෘතියකින් යමක් අවශෝෂණය කරගෙන ඒ අපේ දෙයක් බවට පත්කර ගැනීමේ වරදක් නැත. සීයා කර ඇත්තේ එයයි. මිණිබිරිය හුදු අනුකරණයක යෙදී ඇත. සිංහල සංස්කෘතිය විසින් ඇගේ ගායනය බැළලියකගේ කෑගැසීමකට සම කෙරෙයි. මිණිබිරිය සිංහල සංස්කෘතියේ ප්‍රතික්‍ෂෙප වෙයි. මිණිබිරිය දැනුවත් ව හෝ නොදැනුවත් ව හෝ බටහිර සංස්කෘතික ආධිපත්‍යය අප වෙත පැටවීමට උත්සාහ දරා ඇත.

කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහට මේ සම්බන්ධයෙන් කේන්ති ගොස් ඇත. සංඛ කිෂානිට බැළලියක් යැයි නොකී නමුත් රනිල්ට ඒ එසේ තේරුම් ගොස් ඇත. එයින් රනිල්ට සිංහල සංස්කෘතිය ගැන ඇති අවබෝධය ද හෙළි වෙයි. ඒ කුමක් වුවත් සංඛ කිෂානිට බැළලියක් යැයි කී පදනමෙන් (ඒ එසේ නොවුවත්) ඔහුට අද සේවය හැර යෑමට සිදු වී ඇත. එහෙත් ප්‍රශ්නයක් ඉතිරි වී ඇත. රනිල් සංඛ දෙරණ හා වෙනත් මාධ්‍යයන් ගැන කියමින් මේ බල්ලන්ට මෙවැනි බලු වැඩ කිරීමට ඉඩ දිය නොහැකි යැයි කියා ඇත. ඔහුගේ ප්‍රකාශයෙහි අදාළ කොටසට පහත සඳහන් සබැඳියෙන් සවන් දිය හැකි ය. බැළලියන් ගැන මතක් කිරීම නිසා දෙරණ ආයතනය සංඛ ඉවත්කර ඇත. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන දෙරණ ආදර්ශයට ගෙන ඇතැම් ජනමාධ්‍යවේදීන් බල්ලන් යැයි කී රනිල් වික්‍රමසිංහගේ සේවය අත්හිටුවීමට ක්‍රියා කරන්නේ ද? සංඛගේ සේවය අත්හිටුවීමට මෙන් ම එයට ද මම විරුද්ධ වෙමි. රැකියාවක් නොමැතිව වසර දහයක් ගෙදර සිටීමේ කටුක අත්දැකීම මට ඇත. ඒ නැතත් යමකු රැකියාවකින් ඉවත්කිරීමට පෙර කිහිප වතාවක් ඒ ගැන සිතිය යුතු ය.

https://youtu.be/s4lhKKKaVvg?t=305

-නලින් ද සිල්වා
Kalaya.org
2016 පෙබරවාරි 14


යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

9 comments :

  1. මාධ්‍ය නිදහස දෝරේ ගැලීමේ ප්‍රතිපල

    ReplyDelete
  2. Although I have great admiration for Prof. Nalin de Silva, I have to disagree here. Sanka Amarajith displayed what I called "sakkili" mentality or behavior by referring the singer of the opera version of Danno Budunge by a derogatory name. This is very 3rd-class behavior.

    Please remember that if something like this happened during the time of your Maha Rajaano, he or she would have been abducted by a white van, threatened, beaten or even killed.

    What the present PM Ranil has done is very gentlemen like. He has done everything in public, not like those days where anybody who says something against the ruling regime was abducted in white vans.

    I hope intelligent people can see the difference.

    ReplyDelete
  3. සංගීතයෙන් බුදු ගුණ ගැයීම වැයීම පිළිබඳ කාරණයේදී බුදුන් වහන්සේ ගීත ගැයීමට තෝරා දුන් සංගීතයක් ඇත්දැයි විමසමි. මධයම ප්‍රතිපදාව අනුගමනය කරන්න මහින්දට කඩේ නොයා.

    ReplyDelete
  4. හූඑන්පී නායකයා කියාගන්න එකා පාර්ලිමේන්තුවේ අප්පුඩි ගහ ගහ බුද්දන් සරනන් ගච්චාමි කියන කොට බොදු බැති ගීතය යටිගිරියෙන් කෑගහන එක අහන්නත් දෙයක්ද සිරාට තනපට පෙනුනා රටේ දහසක් ප්‍රස්න තියෙද්දී ඒකටම හපන් බටලංදේ වධකයා ඌටත් රටේ ප්‍රස්නයකට පෙනුනේ එකයි,යටිගිරියෙන් කෑගහන උන්ව හදුන්වපු එකයි

    ReplyDelete
  5. http://www.infosrilankanews.com/2016/02/janaka.html

    ReplyDelete
  6. මටනම් ඒ සින්දුව යූටියුබි එකේ තියනවා දැක්කමත් ඇග නලියනවා. බෞද්ධ අපිට ඒක අහද්දි තරහ එනවනං කවුරු වෙනුවෙන්ද දන්නෙ නෑ ඒක ගායනා කලේ කියලා හිතන්න වෙනවා. සිංහල බෞද්ධයන් කියාගන්නා හුදු ආකල්පයට වැඩකරන රොමැන්ටික් මැටි මෝල්ලු නිසා කලාවත් තිරිසන් වෙලා මාධ්‍යත් බල්ලට ගිහින්.මහලොකුවට කියන මාධ්‍ය නිදහස.

    ReplyDelete
  7. Bringing everything in the open is a sign of good governance. That is what the PM did. Instead of trying to get at Sanka Amarajith secretly like what was done during the brutal regime of the Rajapakshas, our current PM Ranil did the most democratic thing possible, openly criticizing the journalist.

    ReplyDelete
  8. මීට මාස 14කට ශ්රී ලංකා නිදහස් පක්ෂය යනු තනිවම තරග කර ඔනෑම මැතිවරණයක් ජයග්ග්රමහනය කිරීමට තරම් ශක්තිමත් තනි පක්ෂයක්....නමුත් එහි මහ ලේකම් තුමා ගහපු කරණමෙන් පසුව එම තත්වය සම්පුර්ණයෙන්ම වෙනස් වූ බව කාටත් නොරහසකි.එය එසේ වීමට ප්ර ධානතම හෙතුව වුවේ අන් කිසිවෙකු නොව රාජපක්ෂ මහතා ලගම සිට පරාජයට පසු ඔහු අතහැර අපේ සභාපති මයිත්රීෙ කියමින් ඔහුට එකතු වූ අප්පච්චි මලෝ කණ්ඩායමයි... නිදහස් පක්ෂයේ සබාපති කම නීතියට අනුව සිරිසේන උන්නැහේට හිමි නොවූ අතර එය සිදු වුවේ ශ්රී. ලංකා නිදහස් පක්ෂයේම සිට යටින් සිරිසේනට උදව් කල දෙපිට කාට්ටු මන්ත්‍රී වරුන්ගේ උපදෙස් මතයි..ඔවුන්ගේ ඉල්ලීම උනේ එජාපයෙන් තම පාක්ෂිකයින්ට සිදුවන හිරිහැර වලට තිබෙන එකම විසදුම මහින්ද මහතා සභාපති කම සිරිසේන මහතාට බර දීම පමණක් බවයි..ඒ අනුව බොහෝදෙනෙකුගේ අකමැත්ත තිබුනත් කීපදෙනෙකුගේ ඉල්ලීමට තම පාක්ෂිකයන්ගේ ආරක්ෂාවට එය පිටුවහලක් වේ යැයි සිතූ මහින්ද රාජපක්ෂ මහතා සභාපති කම සිරිසේනට පවරන්න කටයුතු කලාය .

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions