නව ව්‍යවස්ථාවක් සඳහා මේ ආණ්ඩුවට ජනවරමක් ලැබී නැති බවත් සිරිසේන- වික්‍රමසිංහ ආණ්ඩුව අද සිදු කරමින් සිටිනුයේ සිංහලයාගේ ඇසට වැලි ගසා රට හතරට බෙදන තක්කඩි ක්‍රියාදාමයක බව මානව හිමිකම් නීතීඥ කළ්‍යානන්ද තිරාණගම මහතා පවසයි.
ව්‍යවස්ථා සංශෝධනයට හවුල් ආණ්ඩුවට ඇති කඩි කුලප්පුව පිලිබඳ සැලකීමේදී සහ ඒ සඳහා පත් කර ඇති කමිටුවල බහුතර සිංහලයා නියෝජනයට කිසිවෙකුත් නැති වටපිටාවක නව ව්‍යවස්ථාව හරහා සිදු වනුයේ දෙමළ බෙදුම්වාදය පිනවන රට බෙදන ද්‍රෝහී වැඩපිළිවෙළක් බව ඔහු අනාවරණය කරයි.
පසුගිය 22 දා ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවැති 'බිල්ලෝ - කුමන්ත්‍රණ සහ ව්‍යවස්ථාව' යන මැයෙන් යුතුකම සම්මන්ත්‍රණ කවය සංවිධානය කළ සම්මන්ත්‍රණයේදී තිරාණගම මහතා මේ බව පෙන්වා දුන්නේය.
තව දුරටත් අදහස් පළකළ නීතීඥ කළ්‍යාණන්ද තිරාණගම මහතා..
"මුලින්ම මේ රටේ ජනතාව මේ ආණ්ඩුවට ජනවරමක් දීල නෑ නව ව්‍යවස්ථාවක් ගේන්න.සිරිසේන ජනාධිපතිවරයා ජනාධිපතිවරණයේදී ඉල්ලුවේ නෑ නව ව්‍යවස්ථාවකට වරමක්.
ඇයි මේ අලුත් ව්‍යවස්ථාවක් ඇතිකරගන්න තියෙන හදිස්සිය?
විධායක ජනාධිපතිධූරය අහෝසිය , මැතිවරණ ක්‍රමය සංශෝධනය, බලය බෙදීම යන කරුණු තුනට තමයි නව ව්‍යවස්ථාවක් ගේන්නේ කියල රනිල් වික්‍රමසිංහ මහත්මය කියන්නේ.
මේ මුල් කරුණු දෙකට ආණ්ඩුවට සැබෑ උවමනාවක් තිබුනනම් ඒක කරන්න තිබ්බ වෙනම. නමුත් ආණ්ඩුව ඒක ඉෂ්ඨ නොකර ඒක බලය බෙදීම කියන එකත් එක්ක පැටලුවා.
ජනාධිපතිවරයා තැන තැන කියනවා මම රට බෙදන්නේ නෑ, ව්දේශීය බලපෑමක් නෑ කියල. නමුත් 2015 ජනාධිපතිවරණය ආණ්ඩු පෙරළීමේ කුමන්ත්‍රණය සිදුකල බොහෝ බලවේගවලට උවමනා කාරණය තමයි බෙදුම්වාදය ශක්තිමත් කිරීම.
එදා 2013 පමණ සිංගප්පූරුවේදී මංගල සමරවීර , සුමන්තිරම් ,ආචාර්‍ය ජයම්පති වික්‍රමරත්න,කොළඹ නීතී පීඨාධිපති තමිල් මාරන් , රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරිකයෙකු සහ මුස්ලිම් කොංග්‍රසයේ සාමාජිකයෙකු සහභාගී වූ රහසිගත හමුවක තොරතුරු මා දැන් ඉදිරිපත් කරනවා .ඒ සිදුකළ කුමන්ත්‍රණය තමයි ආණ්ඩු පෙරළියට මුල් වුනේ. ඔවුන් එහිදී සැලසුම් කළේ සිංහල බහුතරයේ ඇසට වැලි ගසා බෙදුම්වාදී ඉල්ලීම් දිනාගන්නේ කෙසේද කියන එකයි .එදිදී සාකච්චාකළ කරුණු තමයි අද සිදුවෙමින් පවතින්නේ.මේ සඳහා යුරෝපීය රටවල් දෙකක් මූල්‍ය ආධාර සැපයුවා.
අද නව ව්‍යවස්ථාවක් සැකසීම සඳහා පත් කරල තිබෙන සියළුම කමිටුවල බහුතරය දෙමළ බෙදුම්වාදීන්. බහුතර සිංහලයා නියෝජනය කිරීමට කිසිවෙකු නෑ. එක කමිටුවක ඉන්න කට්ටිය බලන්න.
ශ්‍රී ලංකා අනන්‍යතා ඇතිකිරීමේ කැබිනට් අනුකමිටුව බලමු. ඒකේ ඉන්නවා රනිල් වික්‍රමසිංහ, ස්වාමිනාදන් , මනෝ ගනේෂන්,ඉමිටියාස් බාකීර් මාකර්,රාජිත සේනාරත්න, සරත් අමුණුගම.
මෙතන සිංහලයො හිටියට ඔවුන් කිසිවෙකු සිංහලයා නියෝජනය නොකරන බව ඔබ දන්නවා.
තවත් කමිටුවක් පත් කරල තියෙනවා.ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය සඳහා වන කැබිනට් අනු කමිටුව. ඒකේ ඉන්නේ මනෝ ගනේෂන්, ඩී එම් ස්වාමිනාදන්,රාවුෆ් හකීම් , රිෂාද් බදියුදීන් , රනිල් වික්‍රමසිංහ , සුසිල් ප්‍රේමජයන්ත, හා චම්පික රණවක. අප දැක්ක පසුගිය ජාතික ලැසිතු ප්‍රශ්නයේදී සුසිල් හැසිරුණු බයාදු නිවට ස්වරූපය. එහෙව් ප්‍රේමජයන්තලා තමයි සිංහලයා නියෝජනයට පත් කරල තියෙන්නේ.මේ වගේ තක්කඩි දාගෙන ජනතා අපේක්ෂා ඉටු කරන ව්‍යවස්ථා හදන පුලුවන්ද?. මේක අමු තක්කඩි වැඩක්.මේ විදියට ගියොත් මේ රට හතරට කැඩෙන එක වලක්වන්න බෑ.
උතුර දෙමළ ජනතාවට, නැගෙනහිර මුස්ලිම් ජනතාවට, කන්ද උඩරට වතුකර දෙමළ ජනතාවට විදියට මේ රට හතරට බෙදෙනවා මේ වගේ තක්කඩි විදියට ව්‍යවස්ථාව වෙනස් කළොත්.
එබැවින් මේ පිළිබඳ දැන්වත් වෙන්න. මේ ද්‍රෝහී මෙහෙයුම පරාජය කරන්න හැම දෙනාම එකතු වෙමු."
ඔහුගේ සම්පූර්ණ දේශනයට මෙතනින් සවන් දෙන්න..
-සටහන : යටියන ප්‍රදීප් කුමාර
යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.

(Like us on facebook)
https://www.facebook.com/yuthukama
https://www.facebook.com/yuthukama
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .