මෙහි දැක්වෙන්නේ පසුගිය ජනාධිපතිවරණ සමයේ ජාතික හෙළ උරුමය විසින් පුවත්පත් හරහා පළකල දැවැන්ත දැන්වීමකි. ෆොන්සේකා - චම්පික - රතන හිමියන් හුවා දක්වමින් ඔවුන් මේ හරහා දුන් පණිවිඩය වූයේ 'දේශප්‍රේමී තුන් කට්ටුව' සිටින තුරු මෛත්‍රීපාලනය යටතේ මෙරටට කිසිඳු විපතක් සිදු නොවනු ඇතැයි යන්නයි. ඒ වෙද්දී දෙමළ සංධානයේ සහය මෛත්‍රීපාල සිරිසේන මහතාට ලැබී තිබූ වටපිටාවේ රාජපක්ෂ කඳවුර ඒ පිළිබඳ සැක සංකා මතු කරද්දී සිංහල සමාජය තුල ඒ පිළිබඳ කුකුසක් ඇති වීම වැලැක්වීම චම්පික - රතන හවුලේ මේ මාධ්‍ය මෙහෙයුමේ අරමුණ විය.
අපේක්ෂා කළ අයුරින්ම මෙහෙයුම සාර්ථක විය. සිංහල ගොනා ලණුව ගිල්ලේය. රතන-චම්පික-ෆොන්සේකා සිටින තුරු අනතුරක් නැතැයි සිතූ සිංහල ගොනා නිර්මාල් දේවසිරිලාගේ වචනයෙන් කියන්නේ නම් මෙරට එතෙක් බිහිව තිබූ "ශක්තිමත්ම සිංහල බෞද්ධ ආණ්ඩුව " පරදවා රනිල් - මෛත්‍රී ආණ්ඩුව ගෙන්වා ගති.
අපි දැන් කතාව වර්තමානයට ගෙන එමු...
ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීමට එරෙහිව ජාතික නිදහස් දිනට පෙර දින ජාතික හෙළ උරුමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබිණ. එහි සඳන් වූයේ මේ හරහා නැති ගැටුම් ඇති විය හැකි බවත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව ජාතික ගීය ‘ශ්‍රී ලංකා මාතා’ වන අතර එය කිසියම් ආකාරයකින් වෙනස් කරන්නේ නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් හා ජනමත විචාරණයකින් අනුමත කරගත යුතු බව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සඳහන්ව ඇති බවත්ය.
මේ මාධ්‍ය නිවේදනය අර ඉහතින් දැක්වූ මාධ්‍ය දැන්වීම සමග අපූරුවට ගැලපුණි. රට දැය බේරාගැනීමට "දියසෙන් කුමරුලා" සහ "නූතන කුඩාපොළ හිමි" පෙරට එතැයි බැලූ බැල්මට පෙණින. එදා රට දැය බේරාගැනීමට චම්පික-රතන හවුල කෙරෙහි විශ්වාසය තැබූවන් අතරින් තවමත් කිසිවෙකු ඒ ස්ථාවරෙයේ ඉතිරිව සිටියේ නම් ඔවුන් ඒ මාධ්‍ය නිවේදනයෙන් යම් මානසික උත්තේජනයක් ලැබුවාට සැක නැත.
නමුත් අවසානයේ සිදු වූයේ කුමක්ද?
අප මීට කළකට පෙර සිට සිය දහස් වර අවධාරණය කර ඇති පරිදිම සිරිසේනලා- වික්‍රමසිංහලා තම ද්‍රෝහී ගමන තව පිම්මක් ඉදිරියට තැබීය.ජාතික ගීය දෙමළෙන් ගැයිණ.
රතන- චම්පික හවුළේ විරෝධය පුස්සක් විය.
[ඒ අතර මේ අතුරු කතාවත් නොකියාම බැරිය.
නිදහස් දින උලෙළේ මුල් අර්ධයේදී ජාතික ගීය සිංහලෙන් පමණක් ගයා තිබියදී 'ලඟ ෆෝම්' තක්කඩියන් අන්තර්ජාලය/සමාජ ජාලා පුරා ජාතික ගීය දෙමළෙන් ගැයීමට විරෝධය පළ කළ විපක්ෂයේ කණ්ඩායම් උපහාසයට ලක් කරමින් කඩි මුඩියේ 'පොස්ට්' දමනු දැකිය හැකි විය.
නමුත් අවාසනාවට ඒ ක්ෂණික තෘප්තිය පැය භාගයක් යන්නට කළින් සුනු විසුණු විය. ජාතික ගීය දෙමළෙන් ගායනය විය.
ජාතික හෙළ උරුමයේ මධ්‍යම කමිටුවද නියෝජනය කරන්නේ යැයි කියන එවැනි තක්කඩියෙකු තම ෆේස්බුක් ගිණුමේ තබා තිබූ සටහනකි මේ

]
මෙවර උත්සාහය අසාර්ථක වුවත් රතන-චම්පික හවුල 'රට දැය සමය ' බේරාගැනීමේ සටන අත් නොහරිනු ඇතැයි තවමත් රැවටී සිටින යමෙකුට සිතෙන්නට පුළුවන. නමුත් මේ තක්කඩියන්ගේ නිරුවත හෙළිවන අපූරු වීඩියෝවක් පසුගිය ජනාධිපතිවරණ සමයේ අනාවරණය විය. එයට සවන් දුන් පසුව නාට්‍යයේ සමස්ථ අර්ථය වැටහා ගත හැක . අවාසනාවට මෙය හඬ පටයෙන් කියවෙන කරුණු මැතිවරණ සමයේ වත් දැනෙන අයුරින් ජනතාව අතරට ගෙන යෑමට රාජපක්ෂ කඳවුර අසමත් විය.
රාජිත සේනාරත්න මහතා එවකට රාජපක්ෂ සමයේ ඒ පාර්ෂවය නියෝජනය කළ කිසිවෙකු හො සමග පැවැත්වූ දුරකතන සංවාදයක් එලෙස මාධ්‍ය හරහා ප්‍රචාරය කෙරිණ. කිසිවෙකුත් එය 'මඩක්' හෝ ව්‍යාජයක් යැයි ප්‍රකාශයක්වත් මේ දක්වා කළ බවක් දක්නට නැත.
එයට සවන් දෙමු..

"අපි විරුද්ධ වෙන්නම්. ඔයාලා කරගෙන යන්න." මේ එදා මේ තක්කඩි ද්‍රෝහීන් තම බල කාමය සංසිඳුවා ගැනීමට අටවා ගත් සූත්‍රයයි.
මේ හවුලේ ද්‍රෝහී පාවාදීම පටන් ගත්තා පමණි. ජිනීවා පාවාදීමට අදාළ ව්‍යවස්ථා සංශෝධන , බෙදුම්වාදය දිනවන අසමමිතික බලය බෙදීම , ඒකීයභාවය අහොසි වීම ආදී හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙටය.
මේ පාවාදීම් පරාජය කිරීමට , තම බල කාමය උදෙසා රට දැය සමය ගණිකා වෘත්තියේ යොදවන මේ තක්කඩියන් කෙරෙහි සිහි මොළ ඇති කිසිවෙකු තවමත් බලාපොරොත්තු තබා සිටීද?
"අපි විරුද්ධ වෙන්නම්. ඔයාලා කරගෙන යන්න" මේ ද්‍රෝහීන්ගේ පාවාදීමේ සූත්‍රය බව අමතක නොකරමු..
-යටියන ප්‍රදීප් කුමාර
යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

Ethakota jathaka geeya demalen kiwwe allpu rateda...? Ada rata bedimata uthsaha karana siyaluma dena eka kandayamakaya.. Rata aba Saranai..
ReplyDelete