මෙම නාටකයේ දෙවැනි පරිචචේදය පටන් ගන්නේ ජනතා කැමැත්ත කණපිට පෙරලමින් සිරිසේන නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති කම ලබා ගැනීමත් සමග තනතුරු වරප්ප්‍රසාද වෙනුවෙන් ඔහුට එකතු වීමට ඇතැම් මන්ත්‍රී වරුන් ගත් තීරණයෙන් පසුවයි. මෙය අතිශයින්ම නිදහස් පක්ෂයට චන්දය පාවිච්චි කල පනස් අට ලක්ෂයක් ජනතාවගේ මහත් පිළිකුලට ලක් වූ බව අමුතුවෙන් කිවයුතු නොවේ. මෙහි තවත් හාස්‍යජනකම සිදුවීම වන්නේ ජනපතිවරණයට නිර්පාෂික අපේක්ෂකයා විදියට ඉදිරිපත් වී ඊටපසුවත් නිර්පාක්ෂිකව ජනතාවට සේවය කරනවා යයි මහ ජනතාවට දුන් පොරොන්දුව අමතක කරන්නට සිරිසේනට ගත වුවේ දින 7ක් .එහෙමත් නැතිනම් පැය 168ක තරම් ඉතාම කෙටි කාලයක් වීමයි. ඉන් පසුව ඔහු තවත් කපටි කමක් කලේ තම පක්ෂයේ ජනතාව තවත් වරක් රවටමිනි. ඒ මහින්ද මහතාට චන්දය ඉල්ලීමට අවස්ථාව ලබා දී මැතිවරණයට දින දෙකක් තිබියදී තම පක්ෂය පරාද කරවීමට කටයුතු කිරීමයි.
එයිනුත් නොනැවතුණු සිරිසේන , මහින්ද මහතා සමග රටට ආදරය කල බොහෝ දෙකෙකුගේ දහදියෙන් ලබාගත් චන්දවලට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර කීපය මංකොල්ල කෑවේ කිසිදු හිරිකිතයකින් තොරවය.
ඒ සියල්ල මෙසේ සිදුවෙමින් පවත්ද්දී අවාසනාව නම් වසර 10කට කිට්ටු කාලයක් පසුගිය රජයේ ඉතාම ප්‍රබල ඇමති තනතුරු දැරූ සිරිසේන ඇතුළු දැනට ඔහුට සහය දක්වන අනෙකුත් මැති ඇමතිවරු පසුගිය රජයේ තමන් දෑතම උස්සා සම්මත කල බොහෝ දේවල් ඔවුන්ට අමතක වී තිබීමය.දැන් ඒ සියල්ලම් සිදුකර ඇත්තේ මහින්ද රාජපක්ෂ පමණක් වීම පුදුම දනවන කරුණකි. මේ අපේ සිංහලයාගේ හැටි.....අපට එහෙම සිතීම පුදුම නොවුනත් මේ තරම් පාවාදීම් මිනිසුන්ට කල හැකිද?....පොන්සේකගෙන් පටන්ගත් මෙම පාවාදීම් ..නැවත සිරිසේනගෙන් පටන් ගෙන මර්වින් සිල්වා සචින් වාස් දක්වා ගියේ කෙසේද?අහෝ මගේ රටේ මිනිස් කම කෝ .....කල ගුණ අමතක වීම මේ තරම්ම දරුණු උනේ කොහොමද?... රටක් බේරාගත් නායකයෙකුට මේ තරම් කුහක ලෙස සලකන්නේ සිතක් පපුවක් තිබෙන මිනිසුන්මද?.......නැතිනම් ඔවුන්ගේ සිත් මේ තරම් වෙනස් කරන්නට ඔවුන්ට ලැබෙන වරදාන වලට මෙතරම්ම හැකියාවක් තිබේද?.....
මේ සියල්ල මගේ රටට යහපතක් කරනවානම් ඒ ගැන සිතා සතුටු වීමට හැකියාවක් තිබුනත් දැනට සිදුවෙමින් පවතින බොහෝදේවල් අනුව මගේ රටට අත්වන ඉරණම අති භයානක එකක් බවට හේතු සාධක දැනටමත් පහල වී ඇත. ඉතින් මේ සියල්ල පිළිවෙලකට සිදුවෙමින් පවතින බවට බොහෝ විට අපට සිතේ. අති භයානක සිරකරුවන් නිදහස් කිරීම ....ඉඩම් නිදහස් කිරීම..... .. රට වෙනුවෙන් හඩක් නගන හිමිවරුන් සිරගත කිරීම.... මාධ්‍ය නිදහස දෙනවා කියල මාධ්‍යට තර්ජනය කරමින් ඒවා නිහඩ කිරීම...මේ සියල්ලටම වඩා ජාතික ගීය දෙමලෙන් ගායනා කිරීම ඊ ලගට පිළිවෙලින් ජාතික කොඩියේ සිංහයා ඉවත් කිරීම හෝ අළුත් කොඩියක් ලබා දීම...... ඒ වගේම චන්දෙදි පොරොන්දු උනා වගේම අලුත් රටකුත් ඉබේම නිර්මාණය වේවි.
ඉතින් යහපාලනය.... කියා අපි තවත් ඉවසමුද? .... මගේ රට වෙනුවෙන් දහස් ගණන් ජීවිත දුන් ඒ අහිංසක රණවිරුවන්ට ඒ ජීවිත් පරිත්ත්‍යාගයේ වටිනාකම රැක ගැනීමට අප කුමක් කල යුතුද?... අත, පය,ඇස් නැතිව අදටත් ජීවත් වන තවත් දහස් ගණනක් රණ විරුවන්ට මොනවා සිතේවිද ?..
එකක් කිව යුතුය මගේ මව් රටට මවට සේ ආදරය කරන තවත් ලක්ෂ ගණනක් මේ සිංහල රටේ තවමත් ජීවත් වන බව....ඒ නිසාවෙන් රටට වැදගත් තීරණ ගැනීමේදී මේ යහපාලුවන්ට තවත් වරක් සිතා තීරණ ගන්නේ නම් එය ඔවුන්ගේ යහපතට හේතුවක් වනු ඇති බව මගේ වැටහීමයි .
ඒ වගේම කිසිදු හිරිකිතයකින් තොරව අනුන්ගේ ගෙයකට රිංගා පවුල් කන සිරිසේන ජනපති වරයාට නැවතවරක් මතක් කර දීමට සිදුවන්නේ ඔබ ජනපතිවරණයට පෙර ජනතාවට පොරොන්දු වුවේ කිසිදු පක්ෂයක් සමග දීග කන්නේ නෑ කියා නේද? එසේ නම් ....ඔබට නිවැරදි වීමට තවත් අවස්ථාවක් ඇති බව ඔබට පහදා දීමට කැමැත්තෙමි . ඔබ අනුන්ගේ ගෙදරට වැදී කල දේ හොදටම ඇති .... ඔබ දැන් වත් ඔබට හිමි ගෙදරට යන්න.... ඔබට හිමි ඔබට චන්දය දුන් එජාප නිවස මිසක්.. ඔබට විරුද්දව චන්දය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නොවන බව දැන්වත් තේරුම් ගන්නවානම් .... එයම මේ රටට වගේම ඔබටත් යහපතක් වනු ඇත . එසේ වූ පසු ඔබ ආදරය කරන ශ්‍රීලංකා නිදහස් පක්ෂය කැඩෙන්නේ නැති බවත්..ඔබට කවුරුන් හෝ දොස් නගන්නේ නැති බවත් ඉතා විශ්වාසයෙන් පැවසීමට කැමැත්තෙමි.
එජාප චන්දයෙන් ජනපති වූ ජනපති තුමනි ....ඔබ තව දුරටත් ඉදිරි මැතිවරණයකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයේ සිට එය මෙහෙයවීමට අදහස් කරනවානම් එය ඔබගේ ජීවිතයේ ඔබ ගත් අණුවනම තීරණයක් බව ඔබ ලබන දරුණු පරාජයෙන් පසුව ඔබට වැටහෙනවා නියතය. කෙටියෙන් කියනවනම් ....ඔබලග දැනට වට වී සිටින සියලුම දෙනා ඔබ ලග රැදී සිටින්නේ ඔය වරදාන ඔවුන්ට ලබාදෙන තුරු පමණි. තව දුරටත් ඔබ ඔය මාර්ගයම තෝරා ගන්නේ නම් ලක් ඉතිහාසයේ ඔබේ නම සටහන් වනුයේ මෙතෙක් ලංකාවට පහල වූ කුජීතම පජාත නායකයා ලෙසයි.......
-නීල කුමාර නාකන්දල
[යුතුකම පාඨක ලිපියකි... ]
යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama
https://www.facebook.com/yuthukama
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .