දන්නෝ බුදුන්ගේ ගීතය ඔපෙරා හඬින් ගැයීම ගැන තාමත් සාකච්ඡා වෙන හින්ද තවත් පොඩි දෙයක් කියන්ඩ ඕනෙ කියල හිතුන. සමහරු ඒ ගායනය කරපු කිශානි ජයසිංහට විවිධ නරක වචන කියමින් බැනල තිබ්බ අතරෙ ඒ ගායනය විවේචනය කරල තිබ්බ අයව ගල් වැද්දන්ට සමාන කරමින් රටේ සංස්කෘතියට ගරහන්ඩ අවස්ථාවක් උදාකරගත්ත අයත් හිටිය.
මේ ගායනය ගැන හිතද්දි මට මතක් වුනේ කාලෙකට ඉස්සෙල්ල ජාතික රූපවාහිනියෙ විකාශය වෙච්ච කන්දෙ ගෙදර-2 ටෙලි නාට්ටියෙ කුඩා සිද්ධියක්. මේ නාට්ටියෙ කතානායකය "බාල මහත්තය" (රෝහණ බැද්දගේ). බාල මහත්තය ගමේ හැදිච්ච, ගමේ නම්බුකාර චරිතයක් වුණු සර්ව සම්පූර්ණ ගැමියෙක්. බාල මහත්තයගෙ ලොකු පුතත් ගමේ හැදුනු වැඩුණු කෙනෙක් වුනාට නගරෙ උසස් රැකියාවක් කරන කෙනෙක්. බැඳල ඉන්නෙ නගරෙ හැදිච්ච, අර අපි කියන පොෂ් පැලැන්තිතියෙ කෙනෙක්. ඉතින් මේ දෙන්නගෙ ළමයිනුත් (විශේෂයෙන් දුව) හැඳි ගෑරප්පුවලින් විතරක් කන, නගරෙ විදිහට හැදිච්ච අය. වරක් මේ ලොකු පුතාගෙ පවුල යනව ගමේ, ඒ කියන්නෙ බාල මහත්තයගෙ ගෙදර. අර ලොකු පුතාගෙ දුවට ගමේ දේවල් පුරුදු නැති හින්ද පොඩි පොඩි අකරතැබ්බවලට මුහුණ දෙන්ඩ වෙන්ඩ දෙන අතරෙ හොඳම වැඩේ වෙන්නෙ කෑම මේසෙදි. කෑම මේසෙ තියෙන්නෙ ඉතිං බාල මහත්තයල කන ගමේ කෑම තමා. ඒ වුනාට අර දුවට හැඳි ගෑරප්පුවලින්ම කන්ඩත් ඕනෙ. බොහොම අමාරුවෙන් කන අතරෙ බත් පිඟානෙ තිබ්බ තම්බපු කොස් ඇටයක් කන්ඩ කියල ගෑරප්පුවෙන් ඇනපි. කොස් ඇටේ පිඟානෙන් එළියට විසික් වෙලා යනව නිකං අර කොටින්ට ගහපු මල්ටි බැරල් රොකට් එකක් වගේ. බාල මහත්තය ඇතුළු පිරිසට හිනා. ඕක තමා සිද්ධිය.
දැන් අර වෙච්ච වැඩේට හිනාගිය බාල මහත්තයට ගල් වැද්ද කියල බැනල හරියන්නෙ නෑ. එක්කො කොස් ඇටේ ඇඟිලිවලින්ම ඇරං කන්ඩ ඕනෙ. ගෑරප්පුවෙන්ම කන්ඩ ඕන්නං කොස් ඇටේ හොඳටම තම්බල ගන්ඩ ඕනෙ ගෑරප්පුවෙන් ඇනල ගන්ඩ පුළුවන් ගාන වෙනකං. නිදහස් දවසෙ දන්නෝ බුදුන්ගේ ගීතය ඔපෙරා හඬින් ගැයීම ගැනත් මේ වගේ දෙයක් තමා කියන්ඩ තියෙන්නෙ. එතන වුනේ සිංහල ගීතයක් අමුවෙන්ම ඔපෙරා ශෛලියකින් ගායනා කිරීමක් විතරයි. එතන කිසිම නිර්මාණාත්මක දෙයක් වෙලා තිබ්බෙ නෑ. ඉංග්‍රීසි ඇක්සන්ට් එකකින් හූ කියනව වගේ ඒක අපිට ඇහෙන්නෙ ඒ හින්ද. අර ඉතාලි ඔපෙරාවල කරනව වගේ "ර්"යන්න වැඩියෙන් උච්ඡාරණය කිරීමෙන්ම පේනව එතන වුණේ අමුවෙන්ම අනුකරණයක් කියල. නමුත් කේමදාස මාස්ටර්ගෙ සිංහල ඔපෙරාවල මෙහෙම ප්‍රශ්නයක් නෑ. ඒවා ඔපෙරා වුනාට ඒවායේ සිංහල හෝ උත්තර භාරතීය සංගීතයේ මුද්‍රාව තිබ්බ. ඔපෙරා අනුකරණය කරන්ඩ ගියේ නෑ. ඔපෙරා ශෛලිය අඩුපාඩු සහිතව හරි අපේම දෙයක් කරගත්ත එක කරේ. කේමදාසයන්ගේ ඔපෙරාවල සිංහල වචන උච්ඡාරණය වෙන විදිහ අහල බලන්ඩ. සාමාන්‍ය සිංහල උරුවක් තියෙන්නෙ. නමුත් ඔපෙරාවල වගේ යම් යම් වචන/ශබ්ද අලංකරණ යොදාගන්නව, ඇක්සන්ට් නෑ. කේමදාසයන්ගෙ විශිෂ්ඨම ඔපෙරාවක් වෙච්චි "පිරිනිවන් මංගල්‍යය" අහල බලන්ඩ. ගමේ සාමාන්‍ය උපාසක අම්ම කෙනෙක්ට වුනත් වැඩි අපහසුවකින් තොරව අහං ඉන්ඩ පුළුවන්. කේමදාස මාස්ටර් සංගීතවත් කරපු නාට්‍ය සහ චිත්‍රපටිවලත් මෙම ඔපෙරා ශෛලිය යොදාගත්තත් සාමාන්‍ය කෙනෙක්ට ඒක වැඩිපුර ඉස්මතු වෙලා පේන්නෙ නෑ. මොකද ඒවා අමු ඔපෙරා නොව, අපේම කරගත්ත ඔපෙරා වෙච්චි හින්ද.
ඉතිං ඕක තමා කතාව. කේමදාස මාස්ටර්නං කොස් ඇටේට ගෑරප්පුවෙන් අනින්ඩ කලින් හොඳටම තම්බගත්ත. අඩුම ගානෙ එහෙම කරන්ඩ උත්සාහ කරා. කිශානි ජයසිංහ කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ඇන්න කොස් ඇටේට ගෑරප්පුවෙන්. ඉතින් කොස් ඇටේ විසිවෙලා ගියා. කොස් ඇටේ විසිවුනා නේද කියල අපි ඇහුවම, කිශානි නෝන හැඳි ගෑරප්පුවලින් ඉංග්‍රීසි කෑම කාල ගත්ත සම්මානවලින් අපිට දමල ගහල වැඩක් නෑ. ඕං ඔහොමයි මට මේ වැඩේ දැනුනෙ.
ප.ලි: බාල මහත්තයගෙ මිනිපිරීගේ කෑම පිඟානෙ මුරුංග ව්‍යංජනයකුත් තිබ්බද කියල හරියටම මතක නෑ.
-සධීර බණ්ඩාර
යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.

(Like us on facebook)
https://www.facebook.com/yuthukama
https://www.facebook.com/yuthukama
මේ සිද්ධියේ නියම අර්ථ විග්‍රහය මේක තමයි. ලංකාවේ ජීවත් වුනත් බෞද්ධ පාසලකට ගියත් ඒ කාලෙත් කඳ විතරක් මෙහෙ තිබුන ඉතුරු දේවල් එහෙ තිබුන කෙනෙක්ගෙන් ලංකාවේ සංස්කෘතියට අනන්‍ය වූ දෙයකට ඔයිට එහා දෙයක් කරන්න හිතෙන්න විදියක් ඇත්තෙම නැහැ කියලයි මටත් හිතෙන්නේ.
ReplyDeleteඅපි ඉස්සර රස විඳපු පැරණි රසාංග ඔක්කොටම මින් ඉදිරියට අත් වෙන්නේ ඔය ඉරණම කියන එක තමයි පෙබ 4 "නිදහසේ හද ගැස්ම " පෙන්වා දුන්නේ.
සිංහල සංස්කෘතියටයි කලාවටයි ජාතියටයි ඔක්කොටම ඉතින් නොපෙනෙන දෙවියන්ගේ පිහිට තමයි.
අනේ මේ සිංහල ලිඳේ ඉන්න ගෙඹි බයියන්ට මොන ඔපෙරාද?? අම්බුඩෙයක් ගහගෙන හේනක් කුඹුරක් කොටාගෙන හිටියනං ඉවරයිනේ. මේ කිසි ප්‍රශ්නයක් නැහැ.
ReplyDeleteA very classic analysis. A fork and kos ata literal criticism! :-D
ReplyDeleteඉහත සදහන් ලිපියේ මාතෘකාව කොස් නෙමෙයි, දන්නවා වැඩි උනාම ඒ දණ්ඩේවත් යන්ඩ බෑ. පුංචි වලව්ව නාටකයේ පිහිය හා ගෑරුප්පුව භාවිතා කරමින් පාන් සමග පොල් සම්බෝල කනවා පෙන්වමින් හාස්‍ය රසය ඉස්මතුකල අව්ස්ථාවක් තිබුනා. කොස්, පාන්, පමණක් නොව දෙල්, තේ, මිරිස් වැනි බොහෝ දේවල් පිට රැටියන් විසින් හදුන්වා දුන් දේවල්. නමුත්දැන් ඒවා දැන් අපේ සන්ස්කෘතියට අනුගත වෙලා අපේම දේ බවටපත් වෙලා. නමුත් අපි පානුයි සම්බෝලයි හැන්දෙන් ගෑරුප්පුවෙන් කන්නේ නෑ. සෑම ජාතියකටම අනන්යිය වූ සංස්කෘතියක් තිබෙනවා. ඉන්දියානුවාට ඔහුගේ සංස්කෘතිය උතුම් , ජපනාට ඔහුගේ සංස්කෘතිය උතුම්, සුද්දාට ඔහුගේ සංස්කෘතිය උතුම් වගේ අපිටත් අපේ සංස්කෘතිය උතුම්. ලෝකය මේ තරම් විචිත්‍ර වන්නේ එකිනෙකාට වෙනස් ජාතින්, ආගම්, භාශාවල්, හා සංස්කෘතීන්ගෙන් යුත් විවිධත්වය නිසයි. එම නිසා යම් සිංහලයෙක් තමන්ගේ අනන්‍යතාවය රැකගැනීමට කටයුතු කිරීම අගය කල යුතු ක්‍රියාවක් මිස, කිසිසේත් අවමානයට ලක් කල යුතු දෙයක් නොවේ . වෙනත් සංස්කෘතියක් සතු හොඳ දේ අනුකරණය කිරීමේ වරදක් නොමැතිවුවත්, "Anglomaniac" තත්වයටපත් වීම නම් මානසික රෝගයකි.
ReplyDelete