11/16/2019

පවුල, සහෝදරත්වය වරදක් ද? ඔබේ හදවත නිරෝගී ද?

කතෘ:යුතුකම     11/16/2019   No comments



දැන් අපි අද ගුණ සමරන්නේ මාතර, පාලටුව දෝන දන්දිනා සමරසිංහ දිසානායක නැතිනම් රාජපක්ෂ මහත්මිය ගේත ඩී. ආර්. රාජපක්ෂ මැතිතුමන් ගේ බිරිය ගේත චමල්, ඩඞ්ලි, මහින්ද, ගෝඨාභය, බැසිල් රෝහණ ආදින් ගේ මව ගේ, ගිරවාපත්තුවේ පාලටුව හාමිනේ ගේ. එ තුමිය මියගියේ 1985 නොවැම්බර් 2 වන දිනත මේ 34 වන ගුණසමරුව.
දැන් අපි සමරන කාන්තාවන් සිහිපත් කළොත් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය, විශාඛා විද්‍යාලය නිර්මාණය කළ ජෙරමියස් දියස් මැතිනිය... මේ අය තමන් ම නායකත්වයට පත්වෙලා ඉතිහාසගත වූ චරිත. ඒත් අපි දන්දිනා රාජපක්ෂ මැතිනිය සමරන්නේ බිරිඳක් ලෙස, ඊටත් වඩා මවක් ලෙස. බිරිඳක් වීම මඟින්, මවක් වීම මඟින් ඉතිහාසගත වීම... මම හිතන්නේ මේ තරුණ අපේ සංස්කෘතිය ගැන, අපේ සභ්‍යත්වය ගැන සුවිශේෂ කරුණක් කියාපානවා.අපේ කාන්තා ආදර්ශය කුමක් ද? බෞද්ධ සාහිත්‍යයේ මහා ප්‍රජාපතීගෝතමිය ගැන, විශාඛාව ගැන, යසෝදරාව ගැන කියැවෙනවා. ඒත් අවුරුදු 2500ක ඉතිහාසය පුරාවට ජාතියේ කාන්තා ප්‍රතිරූපය වුණේ, කාන්තා ආදර්ශය වුණේ විහාරමහා දේවිය යි. බුදුරජාණන් වහන්සේ ගේ සර්වඥ ධාතූන් වැඩි ම ප්‍රමාණයක් නිදන්කර ඇති මහාසෑයේ, අපේ රුවන්වැලි මහා සෑයේ චෙත්‍ය මළුවේ අතීතයේ පටන් ඉදිකර තිබුණ ජාතියේ පරමාදර්ශ චරිත දෙක, ගැමුණු මහරජතුමා ගේ හා එ තුමා ගේ මව ගේ - විහාරමහා දේවිය ගේ පිළිරූ දෙක.

විහාරමහා දේවිය මවක් වීමට පෙර, එතුමියට කාවන්තිස්ස රජතුමා හා එක් ව රට පරසතුරන් ගෙන් මුදාගැනීමේ සටනකට නායකත්වය දීම ගැන හිතන්න තිබුණා. නැතිනම් කාවන්තිස්ස රජතුමා ගෙන් පසු ව රජ වී රට බේරාගැනීමට නායකත්වය දීමට සැලසුම් කරන්න තිබුණා. ඒත් එ තුමිය ගේ පැතුම වුණේ දරුවෙක්? රට රකින වීර පුතෙක්? එතකොට අපේ පරමාදර්ශී කාන්තාව විරෝධාර දරුවෙක් රටට දායාද කර, එ මඟින් රට රකින්න, රට හදන්න සිහින දකින මවක්? ඒ වෙනුවෙන් යුතුකම් ඉටු කරන මවක්? අපේ මවුවරු කවුරුත් එහෙමයි. මේ මෙ තැනට එක්රැස් වෙලා ඉන්න සෑම මවක් ම එහෙමයි. ගැමුණු කුමාරයා ගේ කතාවල අහන්න ලැබෙනවා තවත් අම්මා කෙනකු ගැන. ගැමි හාමිනේ
කෙනකු ගැන. ගැමුණු කුමාරයා පැරදී පලායන විට කන්න දුන්න අම්මා ගැන. ගැමුණු කුමාරයාට ඉවසීමේ වැදගත්කම, ක්‍රමානුකූලභාවයේ වැදගත්කම කියලා දුන්නේ, නැතිනම් මතක් කරදුන්නේ ඒ අම්මා. උණු බත් කන හැටි හා ඒ සමඟ ම යුද්ධය ජයගත හැකි ආකාරය ගැන කියා දුන්නේ මේ අපේ ගමේ--ගොඬේ අම්මා කෙනෙක්? පාලටුවේ හාමිනේ තුළ, දන්දිනා රාජපක්ෂ මාතාව තුළ මේ චරිත දෙක ම, විහාරමහා දේවිය ගේ සෙවනැල්ල වගේ ම අර ගැමි අම්මා ගේ සෙවනැල්ලත් අපට දකින්න පුළුවන්. මම කවදාවත්
ආශ්‍රය කර නැතිවුවත්, යම් යම් තැන්වල එ තුමිය ගැන කියවන්න ලැබුණු කුඩා කුඩා සටහන්වලින් මැවුණු චිත්තරූපය අනුව යි මම එහෙම කියන්නේ. දැන් ‘ඩී. ඒ. රාජපක්ෂ: සමකාලීනයන් ගේ මතක සටහන්’ කෘතියේ ඩී. ඒ. රාජපක්ෂ මහතා ගේ ලේකම්වරයා වූ පියසේන උබේසිංහ මහතා ගේ සටහනේ මෙ ලෙස දැක්වෙනවා: “මැතිවරණ ප්‍රචාරක රැස්වීම් ගැන එතුමා උනන්දු වූයේ නැත. ගම් මට්ටමෙන් කණ්ඩායම් සෑදී ඡන්දදායකයෝ මැදමුලනට පැමිණියහ. අතිවිශාල පිරිස් පැමිණියහ. රාජපක්ෂ මැතිනිය ඔවුන්ට
සංග්‍රහ කළා ය. හාල් ගෝනි ගණන් සම්බා බත් කන්නට දුන්නා ය. ඇතැම් දිනෙක රැයක තැම්බූ බත් අවසන් වෙයි.

“එතුමියට ඩී. ඒ. රාජපක්ෂ මැතිතුමාත් මාත් සිහිවෙයි. හට්ටියේ දංකුඩ සූරා පිඟන් දෙකකට බෙදයි. එකක් මට, එකක් රාජපක්ෂ මැතිතුමාට. ඒ පිඟන් දෙක ඇතුළු කාමරයක වසා තබයි. ඒ රැයේ එමියට ද දංකුඩ බත් ය. “එබඳු අවස්ථා උදා වූයේ ඉඳහිට ය. ඒ බලාපොරොත්තු නොවූ පරිදි අතිවිශාල පිරිසක් කෑමට ආ දවස්වල ය. බොහෝ දිනවල සාලයේ මැද මේසය මත කුරහන් පිට්ටු, මී කිරි, කිතුල් පැණි, කිරි හොදි, මාළු, එළවු ̈ පිරී තිබිණි. “රාජපක්ෂ මැතිනිය දෙව් දුවකි. ඇගෙන් බත් කටක් නොකෑ කෙනෙක් මුළු ගිරුවායේ ම නැත. ̃
දැන් බලන්න ඩී. ඒ. රාජපක්ෂ මහතා හා දන්දිනා මහත්මිය සිය චමල් පුතාට ලියන මේ ලියුම. මම උපුටා ගන්නේ දෙනගම සිරිවර්ධන ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියා ගේ ‘දුප්පත් දරුවන් ගේ මිතුරා’ පොතෙන්. මේ 1964 මාර්තු 30 ලියූ ලිපියක්: “ආදරණීය පුත්‍රය, “මෙය ඔබට ලියන්නේ මා ළඟ ඔබ කෙරෙහි පවතින අකලංක ආදරය හා ප්‍රේමය නිසා බව
කරුණාවෙන් සලකන්න. “පුත්‍රය, ඔබ පොලිසියට බැඳීමට අවසර ඉල්ලූ අවස්ථාවේ දී මා ඊට අවසර දුන්නේ බොහෝ දුර කල්පනා කර බලා ය. ඕනෑ ම යහපත් චරිතයක් දූෂණය කිරීමට පොලිසිය සමර්ථ බවයි, අද බොහෝ අයගේ පිළිගැනීම. එහෙත් කොහොඹ ගසේ මීය බැන්දාට මීය අහිමිහිරි නොවන්නා සේ ම හොඳ අයෙකු පොලිසියට ගියත් හොඳ ම වන්නේ ය. මත්පැන් පානය සහ චරිත දූෂණය පොලිසියේ උරුමයන් ලෙස පවතින්නේ මුත් විශේෂයෙන් ම මේවායින් මිදී ඔබ සිය කටයුතු කරාවි යැයි මා සහ මව් උදක් ම බලාපොරොත්තු වෙමි. “එම නිසා ආදරණීය පුත්‍රය, පවුලේ සහ ඔබේ අනාගතය දීප්තිමත් කර ගැනීමට යහපත් මාර්ග යෙහි ගමන් කරමින් උත්සාහවන්ත වන ලෙස ඔබේ කාරුණික පියා සහ මව් ඔබට මතක් කරන බව තරයේ සිත තබාගන්න.
“මීට,
ඔබේ කාරුණික මව්පිය දෙදෙනා ̃

අපේ අම්මලා, තාත්තලා ඉඳහිට හෝ තමන් ගේ දරුවන්ට මෙහෙම ලිපියක් ලියනවා නම් කොතරම් හොඳද? මේ හැම තැනට ම වඩා මට එතුමි ගේ හදවත විවර වුණු, දැනුණු තැන තමයි මහින්ද මහත්තයා තර්ස්ටන් විද්‍යාලයයේ ඉගෙන ගනිද්දී නාට්‍යයක රඟපාන්න ගිය අවස්ථාවේ මේ අම්මා ගේ මැදිහත් වීම. එතකොට දයානන්ද ගුණවර්ධන ඒ විශිෂ්ට නාට්‍යකරුවා තර්ස්ටන් විදුහලේ ගුරුවරයෙක්. ශිෂ්‍යයන් සමඟ ‘නරි බෑණා’ රඟදක්වන්න දරණ උත්සාහයට බාධක ගොඩයි. මහින්ද ශිෂ්‍යයා අරමුදල් හොයාගන්න උපකාර කරනවා. අන්තිමට කාන්තා චරිත රඟපාන්නේ කවුද කියන ප්‍රශ්නය එනවා. ‘අපි ම රඟපාමු’ මහින්ද සිසුවා විසඳුමක් දෙනවා. මේක අම්මාට ආරංචි වෙනවා. දෙනගම මහත්තයා ගේ පොතේ ලියැවිලා තියෙන්නේ මෙහෙම:
“ඇත්ත ද පුතේ ගමදුව ගේ චරිතයට පුතා එනවා කියන්නේ?
“ඔව් අම්මෙ, අපේ ස්කෝලෙ ඉන්නේ පිරිමි ළමයි විතරයි නෙ.
“ඒ වුණාට පුතේ, පුතා පිරිමි චරිතයක් මිස ගැහැණු චරිත රඟපාන්න යන්න එපා. ̃

මෙන්න නියම අම්මා කෙනකු ගේ හදවත? අපේ අම්මා කෙනකු ගේ හදවතෳ මේ හැම අම්මා කෙනකුගේ හදවතෳ? ගෑනුන්ට අඳින පිරිමි ගෙන් පිරිච්ච ඇමැති මණ්ඩලයකින් අපේ රටට වෙලා තියෙන දේ අපි කවුරුත් දන්නවා. කාන්තා සමානතා ගැන හිතන සහෝදරියන් දැන් කලබල වෙන්න එපා. අපේ සභ්‍යත්වය ‘සම’ තැන නොවේ, ‘නිසි’ තැන දුන්න සමාජයක්. රුවන්වැලි සෑ සඵතල මළුවේ විහාරමහා දේවිය ගේ පිළිරුව පිහිටුවන්නේ කාවන්තිස්ස රජතුමා ගේ, තිස්ස කුමාරයා ගේ පිළිරූ නැතිව. ඒ වගේ ම අපි ගෙදර බුදුන් කියන්නේ තාත්තාට නොවේ, අම්මාට? විහාරමහා දේවිය විශිෂ්ටත්වයට පත්වුණේ කුමක් නිසා ද? රට රැක්ක විරෝධාර පුතකු රටට ජාතියට දායාද කළ නිසා. දන්දිනා රාජපක්ෂ මැතිනිය අප අද සමරන්නේ ඇය තම පවුලට යුතුකම් ඉටුකළ, මේ රට ම්ලේච්ඡ ත්‍රස්තවාදයකට සහමුලින් ම ගොදුරු ව තිබූ අවස්ථාවක අපේ රට රැකදුන් පුතුන්, රාජපක්ෂ සහෝදරයන් රටට දායාද කළ නිසා. මහින්ද පුතා ජනාධිපති ලෙස, සේනාධිනායක ලෙස, ගෝඨාභය පුතා ආරක්ෂක ලේකම් ලෙස, බැසිල් රෝහණ පුතා ඉන්දියාව
කළමනාකරණය කරමින් ආර්ථිකය කළමනාකරණය කරමින්, චමල් පුතා වැඩිමහ ̈ සහෝදරයා ගේ භූමිකාවට පණදෙමින් - මොන තරම් අපූරු ද? අම්මා කෙනකුට මීට වඩා ජයග්‍රහණයක් ලැබිය හැකි ද? මහින්ද ජනාධිපතිතුමෙනි, අපේ සතුරෝ, මවුබිමේ සතුරෝ, එන්.ජී.ඕ. පරදේශක්කාර කුලීකාරයෝ මේ අපේ පවුල විනාශ කරන්න, දියකර හරින්න දිවාරාත්‍රී වෙහෙසෙනවා. අපේ ඇල්ලේ නායක හාමුදුරුවෝ නිතර පෙන්වා දෙන ආකාරයට රූපවාහිනී නාලිකාවල ගොන් දෙපැය යෙදවෙන්නේ ඒ සඳහා. දැන් බලන්න මේ එ.ජා.ප. රජයේ නව ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියේ දී ‘පවුල’ නැතිවෙන, ‘අම්මා’ අතුරුදහන් වෙන විෂම, විකෘති ක්‍රියාකාරකම් මූලික අයිතිවාසිකම්වලට ඇතුළු කරන්න ගත්ත උත්සාහය. ලාල් විජේනායක කමිටු වාර්තාවෙන් නිර්දේශ කරනවා, සමලිංගික, නාරිලිංගික, බහුලිංගික විවාහ නීතිගත කරන්න. එහෙම බැ ̈වා ම ඔබතුමාලාට පවුල්වාදය ගැන
චෝදනා නඟන මේ රජයේ ප්‍රධාන තනතුරු හොබවන්නේ, ප්‍රධාන කැබිනට් අමාත්‍ය තනතුරු දරන්නේ ‘පවුල්කන’ පිරිසක් ද නැතිනම් විකෘති පවුලක් ද කියලත් සමහරු අහනවා.
ධර්මාශෝක අධිරාජ්‍යයා, බුදු දහම ලංකාවට එව්වේ පුතා ගේ, මිහිඳු නැත්නම් මහින්ද මහ රහතන් වහන්සේ ගේ නායකත්වයෙන්. ශ්‍රී මහා බෝධිය එව්වේ තම දියණිය අත, සංඝමිත්තා තෙරණිය අත. ඉන්දියාවෙන් මහා සංහාර රැසක් හමුවේ බුදු දහම තුරන් කෙරුණා. ඒත් ලංකාවේ අපි රැකගත්තා. ඉන්දියාවේ ශ්‍රී මහා බෝධිය විනාශ කෙරුණා. ඒත් ලංකාවේ අපි රැකගත්තා. ධර්මාශෝක අධිරාජයා පිහිටුවපු ධාර්මික පාලන ව්‍යුහය ඉන්දියාවට අහිමිවුණා. අපි අවුරුදු දහස් ගණනක් ඒ දැහැමි පාලන ව්‍යුහය රැකගත්තා. අද ඉන්දියාව තමන් ගේ ශ්‍රේෂ්ඨ ම පුත්‍රයා ගෞතම බුදුරජාණන් වහන්සේ ලෙස පිළිගෙන, තමන් ගේ ශ්‍රේෂ්ඨ ම පාලකයා ධර්ම අශෝක ලෙස පිළිගෙන, තමන් ගේ ජාතික කොඩියට ධර්ම චක්‍රය ඇතුළු කර තිබෙනවා. අපේ අයියලා හිටියා නම් ධර්මාශෝක පවුල්වාදියෙක් කියා නිග්‍රහ කරාවි. පවුල, සහෝදරත්වය අපි අගය කළ යුතු දේවල් ද? හෙළා දැකිය යුතු දෙවල් ද? ෆෙඞ්රික් එංගල්ස් ‘පවුල, පෞද්ගලික දේපොළ හා රාජ්‍යයේ ආරම්භය’ පිළිබඳ කෘතියේ දී පවුල විග්‍රහය කරන්නේ. ආදරය, සෙනෙහස මුල් කරගත් නැතිනම් ආගමික භක්තිය මුල්කරගත් සංස්ථාවකට වඩා පෞද්ගලික දේපළ අයිතිය මුල් කරගත් ආයතනයක් හැටියට. යුරෝපයට, බටහිරට එහෙම වුණාට අපිටත් එහෙම ද? පෙරදිගටත් එහෙම ද?
චීනයේ පවතින සභ්‍යත්ව රාජ්‍යය ගැන, චීනයේ නැඟීම ගැන ගැඹුරු අධ්‍යයනයක් කළ මහාචාර්ය මාටින් ජැක් සිය ‘චීනය ලොව පාලනය කරන දා’ නමැති කෘතියේ පෙන්වා දෙනවා චීනය නැඟී සිටීමේ කේන්ද්‍රීය සාධකයක් ලෙස ඔවුන ගේ විස්තෘත පවුල, පරම්පරා තුනක් එකට බැඳී එකට ජීවත් වන චීන පවුල, ඔවුන ගේ සභ්‍යත්ව රාජ්‍යයේ පදනම බව.

දැන් සහෝදරයන් පිරිසක් එකට එකමුතුව, සමඟියෙන් පොදු අරමුණක් වෙනුවෙන් කටයුතු කරන එකටත් ගරහනවා නේ? අපේ අම්මලා ගේ පැතුම සහෝදරයෝ එකමුතු ව එකට කටයුතු කරන එක ද? බෙදිලා වෙන්වෙලා කුළල් කාගන්න එක ද? කාවන්තිස්ස රජතුමා, විහාරමහා දේවිය පැතුවේ ගැමුණු, තිස්ස සොහොයුරන් ගේ සමඟිය නො වේ ද? ෆිඩෙල්, රාහුල්, කැස්ත්‍රෝ සහෝදරවරු කියුබන් විප්ලවයට ශක්තියක්, ආලෝකයක් නො වේ ද? අපේ රතු රෝස සහෝදරයන් සහෝදරවාදයක් ගැන කියමින් කියුබාව හෙළා දකිනවා ද? සහෝදරවරු? සහෝදරකම අවුලක් නම්, හෙළා දැකිය යුතු දෙයක් නම් ඇයි ඒ අය තමන් ගේ පක්ෂයේ සාමාජිකයන්ව ‘සහෝදරයන්’ ලෙස අමතන්නේ? මගේ යාළුවෙක් මගෙන් ඇහුවා, මේ කාර්, බස්, දුම්රිය, නැව් වගේ නෙවෙයි නේ ද ගුවන්යානා කියලා. මම කිව්වා, ඔව් ඉතින් ගුවන්යානා යන්නේ උඩින්නේ කියලා. යාළුවා කියනවා, නෑ, නෑ, ඒක නෙවේ, මේ ගුවන්යානා හදලා තියෙන්නේ සහෝදරයෝ දෙන්නෙක් නේ, හරි--වැරදියි නේ කියලා. මෙ තරම් මිනිසුන් ඉන්දැද්දි සහෝදරයෝ දෙන්නෙක් එකතු වෙලා හදපු එක හරි-වැරදියි
නේ කියලා? අද අපි ගුණසමරණ දන්දිනා මැතිනිය ගේ පුත්තු, රාජපක්ෂ සහෝදරවරු එකතු ව සමඟියෙන් ප්‍රභාකරන් ගේ ම්ලේච්ඡ ත්‍රස්තවාදයෙන් අපේ රට බේරාගත් එක වරදක් ද? හෙළා දැකිය යුතු දෙයක් ද? නැතිනම් අගය කළ යුතු දෙයක් ද?

2015 විදේශ කුමන්ත්‍රණයට රට ගොදුරු වුණා ම, මහින්ද ජනාධිපතිතුමා ජනතාව ගේ ඉල්ලීමට කන්දී විශ්‍රාම ජීවිතයට ආයුබෝවන් කියා පැමිණ ඒකාබද්ධ විපක්ෂයට නායකත්වය දෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහතා ‘වියත් මඟ’, ‘එළිය’ සංවිධාන ගොඩනඟා ගෙන රට රැකගන්න, රට හදන්න වියතුන්, වෘත්තිකයන්, ව්‍යාපාරිකයන් එක්ක වැඩ පිළිවෙලවල් සකස් කරනවා. බැසිල් රෝහණ රාජපක්ෂ මහතා ලංකාවට ඇවිත් සිරගත වෙලා, නිදහස් වෙලා මේ රටේ ගමක් ගමක් පාසා ශ්‍රී ලංකා පොදුජන පක්ෂය නිර්මාණය කරනවා. මෙහෙම සහෝදරවරුන් ඇගයීම නොවේ ද කළ යුත්තේ? මේ අපිට, මේ රටේ සෑම පවුලකට ම ආදර්ශයක් නොවේ ද? දැන් මහින්ද ජනාධිපතිතුමා රට පුරා යමින් කියනවා, අපි ඉදිරිපත් කළේ නියම වැඩකාරයෙක්, දක්ෂයෙක්, ගෝඨාභය ව විශ්වාස කරන්න. ඔහුට ඡන්දය දෙන්න කියලා. මොන තරම් අපූරු ද? මේ මැතිවරණයෙන් රාජපක්ෂ සහෝදරවරු දැනටමත් දිනලා කියන එකයි මගේ අදහස. මේ සහෝදර ආදර්ශය තව අවුරුදු දහස් ගණනක් මේ රටේ මිනිසුන් අගය කරාවි. එතකොට නොවැම්බර 16?
නොවැම්බර 16 ඡන්දය අපේ හදවත් පිළිබඳ ජනමත විචාරණයක්. සිංහල හදවත් පිළිබඳ, සැබෑ ශ්‍රී ලාංකික හදවත් පිළිබඳ ජනමත
විචාරණයක්! සුද්දට, කළුසුද්දට, 77 මජර පාරිභෝගිකවාදයට, 2015 බොරුව ඇත්ත නැත්ත කළ අවමංගලකරණයට අපේ හදවත් කොතරම් කුණු කිරීමට, අකාමකා දමන්නට හැකි වෙලා ද කියන එක ගැන ජනමත විචාරණයක්. තාමත් අපි කී දෙනෙක් ගේ හදවත් නිරෝගී ද කියන එක ගැන ජනමත විචාරණයක්!

2019 නොවැම්බර් 02 දින ඇඹිලිපිටියේ පැවැත් දන්දිනා රාජපක්ෂ ගුණසමරුවේ දී ගෙවිඳු
කුමාරතුංග කළ දෙසුම.

යුතුකම සංවාද කවය
www.yuthukama.com 
Like us on facebook :https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions