ජාතික ජනබලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂකයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත් වූ අවස්ථාවේ අපි 'පරාජයේ පීතෲවරු අභිෂේක කරවීම' යන මැයෙන් අරුණෙහි ලිපියක් පළ කළෙමු. එහිදී පැහැදිලි කරන්නට උත්සාහ කළේ ජවිපෙ මේ ගමන් කරමින් සිටින්නේ එදා සෝමවංශ අමරසිංහ මහතාගේ යුගයෙන් ඇරඹි ජයග්‍රහණයේ මාවත ආපසු හැරවූ පරාජයේ පියවරුන් සමග බවය. එය කොතෙක් දුරට ජවිපෙ ඉදිරි ජයග්‍රහණ වලකාලනු ඇත්දැයි අප ප්‍රශ්න කළෙමු. මැතිවරණ ප්‍රතිඵල ලැබී තිබේ . අප අනුමාන කළ පරිදිම තමන් ජනතා විමුක්ති පෙරමුණ ඉතිහාසයේ ලැබූ දැවැන්ත මැතිවරණ පරාජය ලබා තිබේ. ජනාධිපතිවරණ ඉතිහාසයේ ජවිපෙ මීට පෙර තරග කර තිබුණේ දෙවරක් පමණි. එකක් 1982 දී රෝහණ විජේවීර සහෝදරයා නායකයා ලෙසත් ඉන් පසු 1999 නන්දන ගුණතිලක සහෝදරයා ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමයි.
මෙවර සුවිශේෂී වූයේ වසර විස්සකට පමණ පසු ජවිපෙ ජනාධිපති ධූරය සඳහා අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමයි.1999න් පසු අවස්ථා කිහිපයකදී ඔවුන් ක්‍රියා කළේ ප්‍රධාන පක්ෂය හෝ සන්ධානය එකතුවන අපේක්ෂකයෙකුගේ ජයග්‍රහණය වෙනුවෙන් තම පක්ෂය කැපකිරීමට. 2005දී මහින්ද රාජපක්ෂ මහතාටත් 2010දී සරත් ෆොන්සේකා මහතාටත් 2015 මෛත්‍රිපාල සිරිසේන මහතාට ඔවුන් තම සහයෝගය දැක්වීය.චන්දය දුන්හ.
වසර විස්සකට පමණ පසු ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ මේ සුවිශේෂී අවස්ථාවේ ඔවුන්ට අත්වූයේ ඉතිහාසයේ ජවිපෙ ලබා ගත් දැවැන්තම මැතිවරණ පරාජයටයි. එය හුදු ඉලක්කම් වලින් එහාට ගිය පරාජයකි. ඉලක්කම් වලින් පමණක් ගතහොත් 1982 දී රෝහණ විජේවීර සහෝදරයා ලබාගත් 4.19%, 1998 නන්දන ගුණතිලක සහෝදරයා ලබා ගත් 4.08% ප්‍රතිශතයවත් මෙවර වසර විස්සකට පසුවත් ලබාගැනීමට ඔවුන් අසමත් විය.ඒ වෙනුවට ඔවුන්ට ලබාගත හැකි වූයේ 3.16% චන්ද ප්‍රතිශතයක් පමණි.
අපේක්ෂාවේ අපේක්ෂකයාගේ අපේක්ෂාව
ජනාධිපතිවරණය යනු ජනතා විමුක්ති පෙරමුණට මුහුණ දීමට අපහසුම මැතිවරණය බව සැබෑය. නාධිපතිධූරය අරබයා ජවිපෙ දක්වන මාරාන්තික විරොධයට එයත් එක් සාධකයකි.වසර කිහිපයක් තිස්සේ ඔවුන් මේ මර උගුලෙන් ගැලවිය හැකි මං සෙවීය. මෑතකදීම විසිවැනි සංශෝධනය හරහාද ඔවුන් උත්සාහය ගැනිණ. නමුත් එය නියමිත පරිදි සිදු කරගැනීමට තිබූ වටපිටාව හමුවේ නොහැකි විය. ඉන්පසු ඔවුන් උත්සාහ කළේ ජනාධිපති ධුරය සඳහා පක්ෂ දේශපාලනයෙන් ඔබ්බෙහි සිටින වෘත්තීයවේදියෙකු වැන්නකු ඉදිරිපත් කර පිම්මක් පැනීමටය. 222 එපා යන සටන් පාඨය උත්කෘෂ්ටයට නැගෙන්නේ ඒ පසුබිමෙහිය.
පසුගිය පළාත් පාලන චන්දයේදී කොළඹ නගර සභාවේ නගරාධිපතිධූරයට ජවිපෙන් තරඟ කල විශේෂඥ වෛද්‍ය රනිල් ජයසේන මහතා මේ පිළිබඳ ඉතා හොඳ ඉඟියක් පසුගියදා ප්‍රකාශ කර තිබිණි. ජනතා විමුක්ති පෙරමුණ සමඟ එක්ව යන දේශපාලනයෙන් පසුගියදා ඉවත් වෙමින් යමින් ඔහු පැවසුවේ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිවරණය හා අරබයා නිර්පාක්ෂික වෘත්තීයවේදී පොදු අපේක්ෂකයකු පත් කිරීම පිළිබඳ අභ්‍යන්තර සාකච්ඡාවක් කරමින් සිටි බවය. නමුත් හිටි හැටියේ ඒ සියලු සාකච්ඡා අතහැර දමා අනුර දිසානායක මහතා ජනාධිපති ධුරය සඳහා නම් කෙරුණු බවයි රනිල් ජයසේන මහතා චෝදනාත්මවක පවසා සිටියේ.
අනුර කුමාර දිසානයක මහතා මහා ජනාධිපතිධූර අපේක්ෂක ලෙස ඉදිරිපත් වන්නේ ජනාධිපති ධූරය අපේක්ෂාවෙන් නොවන බව ඕනෑම අයෙකුට පැහැදිලිය. ඔවුන් උත්සාහ කළේ ජනාධිපතිවරණයේ දී ලැබෙන දැවැන්ත පිම්ම හරහා ඊලඟ මහමැතිවරණයේදී දැවැන්ත පාර්ලිමේන්තු බලයක් අත්පත් කර ගැනීමයි. ඔවුන් අවම තරමේ සියයට 10 ක ඡන්ද ප්‍රතිශතයක් වෙනුවෙන් සිය මැතිවරණය මෙහෙයවීය.
කිසිදා නොකළ මැතිවරණ ප්‍රචාරණය
ජවිපෙ සාමාන්‍යයෙන් මැතිවරණවලදී වැඩිපුර බර යොදන්නේ ප්‍රතිපත්තිමය කාරණා කෙරෙහිය. අපේක්ෂකයාගේ හැඩරුව- ඇඳුම් පැළඳුම්- ගමන බිමන -කතාබහ පිළිබඳ ඔවුන්ගේ අවධානය එතරම් යොමු නොවිණි. නන්දන ගුණතිලක මහතා ඊට කදිම උදාහරණයයි. නමුත් මෙවර ඒ සියල්ල වෙනස් වී තිබිණි. අනුර කුමාර දිසානායක මහතා මහත් උත්කර්ෂයට නගමින් මැතිවරණ ක්‍රියාවලිය ආරම්භ වූයේ ගෝල්ෆේස් පිටියේ පැවති දැවැන්ත මහජන රැලියකිනි. එයද මෙතෙක් ජවිපෙ ජවිපෙ විසින් පවත්වාගෙන ගිය මැතිවරණ රැළි වලට වඩා හැඩයෙන් පමණක් නොව ගුණයෙන් ද වෙනස්විය. ඉතිහාසයේ ප්‍රථම වතාවට අනෙකුත් පක්ෂ හා සම වෙමින් ජවිපෙ ගම් මට්ටමේ අහිංසකයන් තමාගේ රැළිය විශාල කරගැනීම සඳහා නොයෙක් ආකාරයේ උපක්‍රම යොදා කොළඹට ඇද්දහ. වෙනදා වැඩිපුර පාක්ෂිකයන්ගෙන් පිරෙන දේශපාලන එළිය මෙවර සාමාන්‍ය ජනතාව කාන්තාවන් සහ ඉතා වැඩි වශයෙන් කුඩා දරුවන් ගෙන් පිරී ඉතිරී ගියේ එහෙයිනි. ඔවුන්ට අවශ්‍ය වූයේ කෙක්කෙන් හෝ කොක්කෙන් තමන් දැවැන්ත දේශපාලන පිම්මක් පනින්නට සූදානම් බව පිටට පෙන්වන්නටය. ඒ හරහා දැවැන්ත රැල්ලක් නිර්මාණය වී ජනාධිපතිවරණයේ දී එතෙක් මෙතෙක් නොලැබූ ඡන්ද ප්‍රමාණයක් ඔවුන්ට ලැබෙයිද ඔවුන් අපේක්ෂා කළාට සැක නැත. ඊට අමතරව ජනාධිපති ධූර අපේක්ෂකයා පිළිබඳ දැවැන්ත ප්‍රතිරූපයක් නැංවීමට ඔවුන් ක්‍රියා කළේය. දැවැන්ත කටවුට් - දැවැන්ත රැළි - දැවැන්ත ප්‍රචාරණය යොදාගෙන ඉතිහාසයේ මෙතෙක් නොදුටු අන්දමේ දැවැන්ත මැතිවරණ ප්‍රචාරණ ක්‍රියාවලියට ඔවුන් දායක විය. ඒ සමඟම ජාතික ජනබලවේගය හරහා නොයෙක් කණ්ඩායම් ඒකරාශී කිරීමට උත්සාහ කෙළේය පසුගිය මැතිවරණයේ දී හංස සන්ධානයේ සිටි ඊනියා සිවිල් සමාජ බහුතරය මෙවර ජනතා විමුක්ති පෙරමුණ විසින් අත්පත් කරගෙන තිබුණි.
පරාජයේ පරිමාණය සහ හේතු
නමුත් ඉතාමත් අසීරු තත්ත්වයන් යටතේ රෝහණ විජේවීර විසින් 1982 ලබාගත් 4.19 ප්‍රතිශතය වත් ලබාගැනීමට මෙතරම් දැවැන්ත මැතිවරණ ප්‍රචාරණ ක්‍රියාවලියක නිරත වූ ජවිපෙට නොහැකි විය.විශේෂයෙන් ජවිපෙ ශක්තිමත් බලකොටු ප්‍රදේශ පවා මෙවර සෝදාපාළුවට ලක් විය .ජනතා විමුක්ති පෙරමුණ වරක් දෙවරක් බලය ලබාගත් තිස්සමහාරාමය පවා එදා ඔවුන් ලබාගත් ඡන්ද ගන්නට වඩා අඩක් දක්වා අඩුකර ගැනීමට ඔවුන්ගේ දේශපාලනය ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන මට්ටමකට වැටී තිබේ. සෑම මැතිවරණ පරාජයකට පසු ජවිපෙ පෙන්නුම් කිරීමට උත්සාහ කළේ එය තමන් කැමති කුමන හෝ මැතිවරණයක් සමග සසඳා ඊට වඩා ඡන්ද එකක් දෙකක් හෝ වැඩි ප්‍රමාණයක් ලබාගත්තේ යැයි මහා ජයග්‍රහණයක් ලැබූ ආකාරයට ඉතා කෘතීම හැසිරීමකි. නමුත් ඔවුන්ට මෙවර එය කළ නොහැකි වී තිබේ.
අප පසුගිය ලිපියෙන් පෙන්වා දුන් ආකාරයට ජවිපෙ නායකත්වය යනු මේ ලබන පරාජයේ නියම පීතෲවරුන්ය.අප එසේ කියන්නේ නිකම් නොවේ.
එදා 2004 දී සමගි සන්ධාන ආණ්ඩුව හදා ජවිපෙ මන්ත්‍රී ධුර 41ක් ලබාගත් අවස්ථාව ජවිපෙ නායකයාට අනුව ඔවුන්ගේ පරාජයේ මුල් අවස්ථාවයි .ඔවුන්ට වැරදුණු අවස්ථාවයි.
උපුටා ගැනීම:
" 1998 සිට 2010 දක්වා අපේ දේශපාලන ගමන් මග දෙස අපි ආපසු හැරී බැලීමක් කළා. එහිදී අපි හඳුනාගත්තා අපේ පක්ෂයේ හැරවුම කොතනද කියල. ඒ තමයි 2004 සන්ධානය. අප 2004 දක්වා ආපු ගමන් මග 2004න් සන්ධානයෙන් පසු වෙනත් දිශාවකට හැරුනා. එය තමයි අපේ දේශපාලන කඩාවැටීමේ හැරවුම් ලක්ෂය"
"2004 සන්ධානයක් පිළිබඳ සාකච්චාවෙදි මට වෙනම ස්ථාවරයක් තිබුනා. ඒක මධ්‍යම කාරක සභාව හොඳින් දන්නව. 2005, 2010 ජනාධිපතිවරණයේදී මට වෙනම ස්ථාවරයක් තිබුණා. ඒ ස්ථවරය අනිත් අයගේ ස්ථාවරවලට වඩා වෙනස් වෙන්නත් පුළුවන්. "
-අනුර කුමාර දිසානායක - Daily Mirror 2014 පෙබරවාරි 07
එදා ඒ මන්ත්‍රී ධුර 41ක් ලැබූ අවස්ථාව හරියට කළමනාකරණය කර ගත්තේ නම් ඉන්පසු උපක්‍රම ඒ මත තීරණය කර ගත්තේ නම් අද වන විට ජනතා විමුක්ති පෙරමුණේ සිටින්නේ 3% මට්ටමේ නොව යූඇන්පියට පවා අභියෝගයක් විය හැකි මට්ටමේ දැවැන්ත දේශපාලන ව්‍යාපාරයක් බවට පත්වී හමාරය. නමුත් සෝමවංශ අමරසිංහ මහතා කියූ පරිදි ඔවුන් තෝරා ගත්තේ සිරිසඟබො භූමිකාවයි. ඔහු මධ්‍යම කාරක සභාවට පෙන්වා දී තිබෙන්නේ ඒ භූමිකාව අවසන් වන්නේ ජවිපෙ තවත් සම සමාජයක් , කොමියුනිස්ට් පක්ෂයක් බවට පත් වීමෙන් බවයි. අද සිදුවෙමින් ඇත්තේ එය නොවේ ද?
ජවිපෙ මේ ලැබූ දැවැන්ත පරාජයන් කිසිසේත්ම අහම්බයක් නම් නොවේ. ඔවුන් 2015න් ඇරඹි යහපාලන ආණ්ඩුවේ ප්‍රධානතම සම්පත්දායකයා විය. රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ විනාශකාරි අණපනත් සියල්ලටම පාහේ නොයෙකුත් හේතු දක්වා එකඟවීමට අනුර කුමාර ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කළේය.
අතුරුදන්වීමේ කාර්යාල පනත , පළාත් සභා මැතිවරණය කල් දැමීමට ගෙනා පනත ආදිය ඊට හොඳම නිදසුන්ය.
ඉන්පසු ඔවුන් ඇඟිලි ගනිමින් සිටියේ බෙදුම්වාදී පෙඩරල් ව්‍යවස්ථාව පාර්ලිමේන්තු ඉදිරිපත් වන තෙක්ය. සුමන්තිරම් සමග එක පෙළට සිට බෙදුම්වාදී ව්‍යවස්ථාව සම්මත කර ගන්නටය.
ඒ සඳහා ඔවුන් පක්ෂය ඇතුළේ ඊට පෙර තිබූ දේශහිතෛශී මතවාදය හකුළා දමා නායකත්වයටම සරිලන පරිදි කුප්‍රකට එන්ජීඕ මතවාදය සමග අනුගත වී තිබිණි. ජවිපෙ හිටපු ලේකම්වරයෙකු වූ ලයනල් බෝපගේ මෙහිදී හොඳ උදාහරණයකි.
ඔහු අසූව දශකයේ ජවිපෙ හැර යන්නේ රෝහණ විජේවීර සමඟ උතුරේ අරගලයට දෙන විසඳුම සම්බන්ධව න්‍යායික ගැටුමක් ඇති කරගෙනය. ඒ බෙදුම්වාදය ශක්තිමත් කරන බලය බෙදාහැරීමක් , ස්වයංතීරණ අයිතිය මත බලය බෙදාහැරීමක් මත විශ්වාසය තබාය. නමුත් රෝහණ විජේවීර සහෝදරයා විසින් ඒ මතවාදය පක්ෂය ඇතුළේ පරාජය කෙරිණි. ඊළාම් අරගලයට විසඳුම කුමක්ද යන්න මැයෙන් දැවැන්ත විශ්ලේෂනයක් ඉදිරිපත් කරමින් ඔහු ජවිපෙ මතවාදය තීරණාත්මක ලෙස බෙදුම්වාදයට එරෙහි අස්ථානයක පිහිටි විය. නමුත් අද සිදුව ඇත්තේ කුමක්ද?
ඒ බෝපගේම අනුර කුමාර දිසානායක මහතාගේ කරට අත දමාගනිමින් අලුත් බලාපොරොත්තුවක් යනුවෙන් උදම් අනමින් සිටියි.
එහ හුදු කරට අත දා ගැනීමක් පමණක්ම නොවේ. ලයනල් බෝපගේ එදත් පෙනී සිටින්නේ බෙදුම්වාදයක් ස්වයංතීරණ අයිතිය ලබා දීමත් මතය ඔහු දේශපාලනය තෝරන්නෙ ඒ මත සිටය. අනුර කුමාර දිසානායක මහතා ලයනල් බෝපගේ කරට අත දාන්නේ ඒ ස්ථාවරයට ඔවුන්ද අද තල්ලු වී ඇති නිසාය.
ජවිපෙ පහළ මට්ටමේ කාඩරය විසින් සමාජ ජාලා හා වෙනත් මාධ්‍ය හරහා ප්‍රකාශ කරමින් සිටින්නේ තමන්ට ඡන්ද අඩුවූයේ ජවිපෙ ඡන්ද එජාපය පරාජය කිරීමේ අපේක්ෂාවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට දුන් බැවින් බවයි. ඇත්තටම එහි ඇත්තේ ඉතා සීමිත ඇත්තකි.මක් නිසාද යත් අපගේ ගණන් බැලීම අනුව නම් ඉතාමත් වැඩි ඡන්ද ප්‍රමාණයක් ජනතා විමුක්ති පෙරමුණ වෙතින් ගිලිහී ගියේ ගොඨාභය පාර්ශ්වයට නොව සජිත් පාර්ශ්වයට බවයි. ජනතා විමුක්ති පෙරමුණය සහය දෙන්නෙකු වශයෙන් ප්‍රකට, ජනතා ජාතික ජනබලවේගය ප්‍රතිපත්ති සකසන්නකුද වන ආචාර්‍ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පැවසූ මේ සටහන ඊට සාක්ෂි දරනවා ඇති. ඔහු එහිදී ප්‍රකාශ කරන්නේ ජනතා විමුක්ති පෙරමුණේ පාක්ෂිකයින් ගෝඨාභය පැරදවීමේ අපේක්ෂාවෙන් සජිත් ට චන්දය දුන් බවයි.
උපුටා ගැනීම:
" අනුරට ඡන්ද අඩුවූයේ ඇයි?
අනුරට ඡන්ද අඩුවීමට හේතුව ලංකාවේ ඡන්ද දායකයා මෝඩ වීම නොව බුද්ධිමත් වීමයි. හැබැයි බුද්ධිමත් වීම යනු අප ඔවුන්ගෙන අපෙක්ෂා කරන හැසිරීම ඔවුන් විසින් පෙන්නුම් කරනු ලැබීම නොවේ. ජනාධිපතිවරණයකදී ජය ගන්නේ එක් අපේක්ෂකයෙක් පමණි. ඒ නිසා ඡන්දය දෙන ඡන්දදායකයාට මුලින්ම තීරණය කරන්න වෙනවා තමන් කිසියම් අපේක්ෂකයෙකුගේ ජය වෙනුවෙන් ඍජුවම ඡන්දය පාවිච්චි කරනවාද යන්න. අපගේ යෝජනාව වූයේ එසේ නොකරන ලෙසයි. අනුර ජය නොගන්නා බව අප මෙන්ම ලංකාවේ සමස්ත ඡන්දදායක ප්‍රජාවද දැන සිටියේය. ඒ නිසා අනුරට ඡන්දය දීමට කැමැත්තෙන් සිටි අය අතරින් එසේ කිරීමට හැකි වූයේ කිසියම් අපේක්ෂකයෙකුගේ ජය වෙනුවෙන් පෙනී නොසිටින අයට පමණි. නමුත් අනුරට ඡන්දය දීමට සූදානම් සිටි බොහෝ දෙනෙකුට ගෝඨා දිනීම වැලැක්වීමට ද අවශ්‍ය වී තිබිණි. විශේෂයෙන් දෙමළ හා මුස්ලිම් ඡන්දදායක බහුතරය සම්බන්ධ තත්වය එසේ වීය. එය කිරීමට තිබූ ප්‍රායෝගික පියවර ලෙස ඔවුන් දුටුවේ සජිත් ජයග්‍රහණය කරවීමයි. මේ නිසා බොහෝ දෙනෙක් මේ අරමුණු දෙකම එකට සාක්ෂාත්කරගැනීමට උත්සාහ කලේ සජිත්ට පළමු මනාපයද, අනුරට දෙවෙනි මනාපයද දීමෙනි. සමහර විට අනුරට දෙවෙනි මනාපය දීමේ තේරුමක් නැති නිසා සජිත්ට පමණක් ඡන්දය දුන්නාද විය හැක. "
ආචාර්‍යය නිර්මාල් දේවසිරි
-2019 නොවැ 17
ජවිපෙ වත්මන් නායකත්වයෙන් පසුගිය අවුරුදු පහක් පුරාම ක්‍රියාත්මක කළේ නිල් වික්‍රමසිංහ ආණ්ඩුව රකින පිළිවෙතක් බව සැඟවීමට උත්සහ කිරීම නිශ්ඵල උත්සහයකි. ඔවුන් ඒ අණ්ඩුවේ දැවැන්ත වැරදි හමුවේ පවා ක්‍රියා කළේ ඒවාට ඉරටුවෙන් තලමින් රාජපක්ෂ පාර්ශවයට කුළුගෙඩියෙන් තලන විෂම ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් ය. එයින් ලබා දුන් පණිවිඩය ජවිපෙ පාක්ෂිකයාට නොවැටහෙන්නට හේතුවක් නැත. තම නායකත්වය විසින් දැඩිව පහර දෙන පාර්ශවය කුමක්දැයි හොඳින් හඳුනා ගත් ඔවුන් ඒ හරහා තමන්ගේ ප්‍රධාන සතුරා බවට පත්කර ගත්තේය ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ පාර්ශවයයි. ඉතා තීරණාත්මක මේ මොහොතේ අනුර කුමාර දිනනවාට වඩා ඔවුන්ට ගෝඨාභය පැරදවීම ප්‍රධාන වන්නේ ඒ වටපිටාව තුළය.
අනෙක් පසින් පසුගිය ආණ්ඩුවේ ප්‍රබල ම කොටස්කරුවා වූ ජවිපෙ පරාජය නොවී එක්සත් ජාතික පක්ෂය පමණක් දැවැන්ත පරාජයට පත් වීමට කිසිසේත් ඉඩක් නැත. මේ කණ්ඩායම් දෙකම එකවර එකට දැවැන්ත ලෙස පරාජය වූයේ මේ කණ්ඩායම් දෙකේ තිබූ ඒකමතිය නිසාය. නැතිනම් ආණ්ඩු පක්ෂය පරාජය වද්දී විපක්ෂයේ යැයි කියාගන්නා කණ්ඩායමක් ඊට වඩා දරුණු ලෙස පරාජය වන්නේ කෙසේද ? විජාතික මනස්, විජාතික න්‍යායපත්‍රයන් ඇත්තන් පෙරමුණේ තබා 'ජාතික' ලේබලය ඇලවූ පෙරමුණු අටෙව්වාට එය ජාතික වන්නේ නැත. පසුගිය කාලය පුරාම රනිල් වික්‍රමසිංහගේ රැස් වලල්ලේ සිට බෙදුම්වාදී ව්‍යවස්ථාව නිර්මාණය කර දීමට දිවා රෑ වෙහෙසුනු බෙදුම්වාදී කප්පිත්තන් අලුත් පරපුරේ විකෘති නලු බට්ටන් , සිරිමහ බෝධිය යට අඩියක් ගැසීමට කල් මරන මානසික ව්‍යාධි ඇත්තවුන්, ජේතවනාරාමයට කුණු පුරවන්නට බලා සිටි සමනළියන්, බුදුන්ගේ රස්තියාදුව ගැන කුණුහරුප ලියූ රස්තියාදුකාරයන් අනුර කුමාර ජනපති කරන වේදිකාවේ කෑ මොර දෙද්දී මීට වඩා වෙනස් ප්‍රතිඵලයක් ලැබුනේ නම්ය අප පුදුම විය යුත්තේ .
-කැලුම් නිරංජන
අරුණ : 2019-11-25
යුතුකම සංවාද කවය

www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .