8/26/2016

එක් වෙමු ! රට බෙදන ෆෙඩරල් ව්‍යවස්ථාව කෙසේ හෝ පරදවමු !!

කතෘ:යුතුකම     8/26/2016   No comments

ෆෙඩරල් ව්‍යවස්ථාව හකුලා ගැනිමට බල කරමු.
-ප්‍රකාශ් වැල්හේන-

ෆෙඩරල් වාදීන් ඉතිහාසයේ ඔවුන්ගේ ඉලක්කයට යා නොහැකි වූ සියලුම දුර්වලතාවයන්, අසාර්ථකත්වයන් මගහරවා ගනිමින් දැඩි අධිෂ්ඨානයකින් ඔවුන්ගේ කාර්යය සාර්ථකව සිදුකර ඇතිබව 2015 ජනවාරි 9 දා හිමිදිරි පාන්දරම අපට දැනගන්න පුළුවන් උනා. විදේශීය අරමුදල්ද, මතවාදී වශයෙන්ද, ගොබෙල්ස් න්‍යාය අනුව ගොතන ලද පුන පුනා කියූ බේගල් ද තුලින් නොමද සහයෝගය ලැබුණු අතර රටට ආදරය කරන ජනතාවගෙන් සෑහෙන පිරිසක් මෙම කුමන්ත්‍රණයට නොදැනුවත් කමින් ගොදුරු වුනා. කෙසේ නමුත් ෆෙඩරල් වාදීන් වෙනදාටත් වඩා මෙවර සන්නද්ධවී ඇතිබව පලවෙනි දින 100 දීම ප්‍රකට විය. පළමුව කරන ලද්දේ 2004දි මේ වැඩපිළිවෙල කරගෙන යාමට බාධාවක් වූ, වසරකට පසු පාර්ලිමේන්තුව විසුරුවා දැමිය හැකි වැකිය 19 වෙනි සංශෝධනය මගින් ව්‍යවස්ථාවෙන් ඉවත් කිරීමයි. ස්වාධීන කොමිෂන් සභා ආදියට මුවාවෙමින් අති දක්ෂ ලෙස මේ කාරණය ජනතාවගේ ඇසට වැලි ගසා ඉටුකර ගනු ලැබිණ. දැන් උගුලෙන් බැරිනම් හබකෙන් හෝ තම ෆෙඩරල් සිතැඟි ඉටුකරගැනීමට ඇති තරම් කාලය ලබා ගෙන තිබේ. අවුරුදු 4ක් යනු මේ සියල්ලම කර රට බෙදා දැමීමට ඕනෑවටත් වඩා කාලයකි. මේ සියල්ලට ශ්‍රීලනිපය ප්‍රමුඛ සන්ධානයද යම් පමණකට වගකිව යුතුය. ජනවාරි පරාජය හමුවේ ඔවුන්ද කෙටි කලකට නන්නත්තාර වූ නිසා එසේ වියයි අනුමාන කල හැකිය. කෙසේ නමුත් අගෝස්තුවේදී මේ බලවේග පරාජය කිරීමට බල මුලු ගන්වා ගැනීමට රටට හිත කාමීන්ට හැකි වුවද ඔවුන්ට පක්ෂයද රටද යන්න තීරණය කර ගැනීමට නොහැකි වුයෙන් නැවතත් ඇතුලතින්ම ඇතිවූ කුමන්ත්රණයකට ගොදුරු විය.

වරද නිවැරදි කර ගැනීමට තිබු ඉඩකඩ 2015 අගෝස්තුවේදී තව දුරටත් කුමන්ත්‍රණ කාරිලෙස අවුරා දැමිය. දැන් ඉතින් මේ ෆෙඩරල් උගුලෙන් අපට ගැලවීමක් තිබේද? ෆෙඩරල් වාදීන් ඉතා හොඳින් ඔවුන්ගේ මාර්ගයේ ඇති සියලු බාධා ඉවත් කිරීමට කටයුතු කරන බව තව දුරටත් පැහැදිලිය. පාරිභෝගික සමාජයේ තරඟයෙන් ඇස් නිලංකාර වී ඇති ජනතාවගෙන් කොටසක්, තවමත් තද නින්දේය. ඔවුන් අවට සිදුවන දේ ගැන ඔවුන්ට සිතීමට අවශ්‍ය නොවේ. තමාගේ ඊළඟ ආර්ථික ඉලක්කය පසු පස හඹා යාම සඳහා ක්‍රමානුකුල ලෙස ඔවුන්ගේ මොළ සෝදා හමාරය. ඔවුන් ඔවුන්ගේ ආර්ථික ඉලක්ක සපුරා නොගත යුතුයැයි මෙයින් අදහස් නොකෙරෙන අතර ඔවුන්ගේ ඒ කර්තව්‍යයේදී රටට සිදුවන දේ ඔවුන්ගේ විඥ්ඥානයෙන් ඉවත් වීම ගැටලුවකි.

මේ අතර තුර, නැවත රටට හිතැති රජයක් බලයට පත්වුවද වෙනස් කල නොහැකි අයුරින්, ෆෙඩරල් වාදීන් විසින් ප්‍රජාතන්ත්‍ර වාදය, යහපාලනය වැනි වදන් වලට මුවාවෙමින් තමාගේ ඉලක්ක කරා වේගයෙන් ගමන් කරමින් සිටි. මෙය ජනතාවගෙන් සුක්ෂම ලෙස වසන් කිරීම සඳහා ඊට වඩා අඩු වැදගත් කමකින් යුතු කරුණු වලට ප්‍රමුඛස්ථානය දී එවැනි එතරම් නොවැදගත් කරුණු සමාජයේ සාකච්ඡාවට ගෙන කල් කරමින් ජනතා අවධානය වෙනතකට යොමුකිරීමද මේ වනවිට සාර්ථකව සිදුවෙමින් පවතී. අතුරුදහන් වුවන්ගේ පනත මෙහි ඉතා සුළු කොටසක් වුවත් එය සැලකියයුතු ප්‍රමාණයකට සමාජයේ සාකච්ඡා වුයේද? මෙවැනි පනතක් නොමැතිව රටේ පවතින නිතිය අනුව අතුරුදන් වූවන් ගැන කොමිසමක් මගින් මේ වන විටත් කරුණු සොයාබලා තිබෙනවා නේද? මෙවැනි පනත් වල ඇති යටි අරමුණු ක්‍රියාත්මක වන බව ජනතාවට දැනෙන විට පෙරහැර බොහෝ දුර ගොස්ය.

එදා 1987දි දැඩි ජනතා විරෝධය යකඩින් මර්ධනය කරමින් ජිවිත 150ක් පමණ විරෝධතාවයේදී බිලි ගනිමින් 13 වන සංශෝධයනය බලහත් කාරයෙන් අප මත පැටවිණ. ඉන් පසු බලයට පැමිණි කිසිම රජයකට එය වෙනස් කල නොහැකි වූ අතර ඉන් එහා ගිය සංශෝධනයන් වෙනුවෙන් බලපෑම් එල්ල විය. චන්ද්‍රිකා 2000 දී සම්මත කර ගැනීමට වෙර දැරූ ෆෙඩරල් ව්‍යවස්ථාව, ජනතා විරෝධය නිසා හකුලා ගැනීමට සිදුවිය. දැන් එය ඊට වඩා බලගතුව නව ව්‍යවස්ථාවක් ලෙස එළිදැක්වීමට පාර කපා අවසානය.එයට සමගාමිව 1987දි 13 වන සංශෝධයනය බලෙන් පැටවුවා සේම ECTA ගිවිසුමද බලහත්කාරයෙන් පැටවීමට සුදානම්ව සිටි. ප්‍රශ්නය නම් මේවාහි ඇති බැරෑරුම් කම හඳුනාගෙන ඒවාට විරුද්ධ වීමට තරම් තරම් බලයක් ජන විඥ්ඥානය තුල ගොඩ නොනැගි ඇත්තේ මන්ද යන්නය.. ඉතා සුළු ජන මාධ්‍ය කිහිපයක් හැරුණු කොට විශාල කොටසක් පෙළ ගැසී ඇත්තේ මේ පිලිබඳ ජනතා අවබෝධය උද්දිපනය කිරීමට නොව දැනටමත් මේවාට විරුද්ධව ගොඩ නැගී ඇති ජනබලය විනාශ කිරීමටය. මේ අනුව ෆෙඩරල් වාදීන්ගේ මනා සුදානම් වීම හැම පැත්තකින්ම ප්‍රකටව පෙනෙන්නට තිබේ.

මේ තත්ත්වය මග හැරීමට, රටට විරුද්ධ බලවේගයන් පරාජය කිරීමට තවමත් අප ප්‍රමාද නැති බව කිව යුතුය. ඒකාබද්ධ විපක්ෂය සියලු මර්ධනයක් හමුවේ සීමිත සම්පත් භාවිතයෙන් උපරිමව ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක ඇති නමුත් එය කෙතරම් දුරට ජන විඥ්ඥානය තුලට කිඳා බැස ඇත්ද යන්න නැවත විමර්ශනය කල යුතුය. ඉතා වේගවත් අලුත් වැඩපිළිවෙලක් යටතේ කාර්යක්ෂමව ක්‍රියා කල යුතුය. ජනතාව නින්දෙන් අවදි කිරීමට කුඩා කොටස් මාර්ගයෙන් සියලු ජනයා මේ ව්‍යසනය පිලිබඳව සරල භාෂාවෙන් දැනුවත් කල යුතුය. දැනටමත් යම් යම් සංවිධාන මේ ගැන ක්‍රියා කරමින් සිටින අතර එම වැඩ පිළිවෙල තව තවත් ශක්තිමත් කල යුතුය. වාද භේද ඉවත ලා රට බේරා ගැනීමේ කටයුත්ත වෙනුවෙන් සියලු දෙනා එක්වියයුතුය. තුර්කියේ මෑතකදී සිදුවූ හමුදා කුමන්ත්‍රණය ජන බලය විසින් ව්‍යවර්ත කර දැමුවානම් අපට මේ අභියෝගය ජය ගැනිමට ශක්තිය තිබිය යුතුය. අප සියලු දෙනාට අනෙක් සියලු මත භේද ගැන රණ්ඩුවීමට පළමුව රටක් තිබිය යුතුයි. ඒ වෙනුවෙන් අප සියලු දෙනාම දනන් නින්දෙන් මුදවන සොඳුරු අඬහැරය විය යුතුය. ඒකීය රටක් වෙනුවෙන්, රට බේරාගත් මුතුන් මිත්තන්ගේ නාමයෙන් ෆෙඩරල් වාදයට දැඩිව එරෙහි වෙමු. ෆෙඩරල් ව්‍යවස්ථාව හකුලා ගැනිමට බල කරමු.

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions