පොත පත ඇසුරෙන්
-වෛද්‍ය වසන්ත දේවසිරි-
පෝක් සමුද්‍ර සන්ධිය හරහා ඉන්දියාවත් ශී‍්‍ර ලංකාවත් යා කරණ හනුමාන් පාලම ගැන යළිත් දේශපාලන කරළියේ කතා බහට ලක්වනු අසන්නට ලැබෙි. මෙි පිළිබඳව ඉන්දියාව සමඟ ඉහළ පෙළේ රාජ්‍ය තන්ති්රක සාකච්ඡා පැවති බව රජයේ ප්‍රබල අමැතිවරයෙක් පිළි ගත්තේ ය. මෙවන් පාලමක් ඉදි කළ හොත් එය කුඩු කර දැමිය යුතු බවට උදය ගමිමන්පිල මහතා කළ ප්‍රකාශය ත්‍රස්තවාදී ප්‍රකාශයක් ලෙස හෙළා දැක්කේ ශී‍්‍රලනිපය නියෝජනය කරන රාජ්‍ය ඇමති වරයෙකි.
මෙරට වසත කීර්තිමත් බුද්ධිමතකු මෙන් ම දේශපාලන විචාරකයකු ද වන ජේ ආර් පී සූරියප්පෙරුම මහතාගේ ග්රන්ථයකින් උපුටා ගන්නා ලද පහත දැක්වෙන අදහස් අපට වඩාත් වැදගත් වන්නේ, රජය කවුරුන් විරුද්ධ වුවත් එක්ටා ගිවිසුම කි‍්‍රයාත්මක කරන බවට කරන ප්‍රකාශ ද සළකා බලන විට ය.
‘....මුහුදු දිය කඩිත්තක් නිසා ආක්‍රමණයෙන් බෙිරී අනන්‍යතාවය රැක ගත් වැදගත් රටවල් හා ජාතීන් තුනකි. සැතපුමි විසි දෙකක ඉංගී්රසි ඔිඩය නිසා යුරෝපා මහා ද්වීපයෙන් වෙන් වූ බි්රතාන්ය ඉන් එකකි. 1558 දී ස්පාඤඤ අනභිභවනීය නෞකා හමුදාවෙන් ද, 1805 සිට නැපෝලියන්ගෙන් ද. 1941 දී හිටිලර්ගෙන් ද ආක්‍රමණයක් සිදු නොවී එංගලන්තය බෙිරී ගියේ මෙි දිය කඩිත්ත නිසාවෙනි. ආසියා මහා ද්වීපයේ චීනයෙන්් වෙන් වී සිය අනන්‍යතාවය හා ස්වාධීනත්වය රැක ගත් දෙවැනි රට ජපානය යි. ඒ සැතපුමි සියයක පමණ වූ ජපන් මුහුද නිසා ය. සැතපුමි විස්සක් පමණ වූ පෝක් සමුද්‍ර සන්ධියේ දිය කඩිත්ත නිසා ඉන්දියානු අර්ධ මහා ද්වීපයෙන් වෙන් වී ස්වාධීනත්වය හා අනන්‍යතාවය රැක ගත් අනෙක් රට ලංකාව ය. සිංහලයා ශී‍්‍ර පාදය වන්දනා මාන කරන අතරම ගාථාවක් තනා ගෙන පෝක් සමුද්‍ර සන්ධියේ සැතපුමි විස්සක් පමණ වූ දිය කඩිත්ත වන්දනා මාන කළ යුතු ය. එය සිංහල අනන්‍යතාවයේ ඓතිහාසික භූගෝලීය පදනමි වලින් එකකි. එය නො තකන හෝ නො වටහා ගන්නා වූ ලංකා රජයේ හමුදාපතියෙකු වෙතොත් ඔහු ඉතිහාසයට හා රටට ද්‍රෝහි වෙයි.’
(උපුටා ගැනීම: ජේ ආර් පී සූරියප්පෙරුම: ලෝකයට කවුළුවක්: හෙළදිව ප්‍රකාශකයෝ 2004.)

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .