8/23/2016

නෝනගෙ ආලේ ගේ මැද සාලේ - අපි දෙන්නගෙ ආලේ කුස්සිය මුල්ලේ

කතෘ:යුතුකම     8/23/2016   No comments

-වෛද්‍ය වසන්ත දේවසිරි-

ප‍්‍රථම ”සිංහල” කථානාද චිත‍්‍රපටය ලෙස සැළකෙණ කඩවුණු පොරොන්දුව චිත‍්‍රපටය මෙ රට මුල් වරට තිරගත වූයේ 1947 වසරේ දී ය. ඒ මෙ රටට ”නිදහස” ලැබීමට වසරකට පෙර ය. කඩවුණු පොරොන්දුව සිංහල චිත‍්‍රපටයක් වූ යේ එය සිංහල භාෂාවෙන් කතා කළ චිත‍්‍රපටයක් වූ බැවින් පමණක් ම ය. 1948 දී අප ලද නිදහස ද කඩවුනු පොරොන්දුවක් ම වූයේ් සිංහලෙන් කතා කිරීමෙි නිදහසවත් සිිංහලයාට ඒ තුළින් නොලැබුනු බැවිනි. සිදු වූයේ එතෙක් මෙ රට පාලනය කළ ඉංගී‍්‍රසින් වෙනුවට ඔවුන්ගේ ම පොඩියන් ලා වූ බමුණු කුලය අතට මාරු වීම පමණි. ඔවුන් අත ද සිංහල බස කුස්සියේ බස ම වූවා මිස කිසි දින ගෙයි මැද සාලේ බාසාව බවට පත් නො විණි. කඩවුණු පොරොන්දුව චිත‍්‍රපටය නිර්දය ලෙස විවේචනය කළ මාර්ටින් වික‍්‍රමසිංහ මහතා පවා එම සිනමා පටය මහා කන්දොස්කරියාවක් නොවූයේ එහි ආ එඞී ජයමාන්න ගේ හා සහාය නිළිය ගේ ”කොමික් කෑලි” නිසා බව සඳහන් කරයි. බමුණු කුලයට එරෙහි ව නිරන්තරයෙන් ම පෑන මෙහෙය වූ වික‍්‍රමසිංහ මහතා බමුණු කුලය නිර්දය උපහාසයට ලක් කළ මෙම කොමික් කෑලි නරඹා කුඩා දරුවෙකු මෙන් සන්තෝස වන්නට ඇත.

මෙ රට පොදු ජනතාව හැමදාමත් ම සුද්දන්ට මෙන් ම බමුණු කුලයට ද විරුද්ධ වූ හ. ඒ නිසා ඔවුහු එක්සත් ජාතික පක්‍ෂයට ද විරුද්ධ වූ හ. බණ්ඩාරනායක මහතා එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉවත් වී 1956 දී නායකත්වය දුන්නේ රට තුළ දළු ලා ලියලා වැඞී මල් ඵල ගත් මෙම විරෝධතාවය ට යි. කෙසේ වුවත් මෙම බමුණු කුලයට විරුද්ධ බලවේග කුළු ගැන්වනුයේ ප‍්‍රධාන වශයෙන් බෞද්ධ කොමිෂන් සභාවේ වාර්තාව ඔස්සේ මිස එඞී ජයමාන්න ලා ගේ කොමික් කෑලි නිසා නම් නො වේ. පනස් හයේ ජනතා ජයග‍්‍රහණය තුළ මාර්ටින් වික‍්‍රමසිංහ මහතා බලාපොරොත්තු වූ අයුරු බමුණු කුලය බිඳ නො වැටුනි. ඒ නව යටත් විජිත වාදීන් විසින් මෙහෙයවන ලද එක්සත් ජාතික පක්‍ෂය තුළ පමණක් නොව බණ්ඩාරනායක ගේ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය තුළට ද බමුණු කුලය රිංගා ගෙන සිටි බැවිනි. කෙසේ වුවත් මේ කාලය තළ දී පොදු ජන බස රජයේ බස කිරීම, මෙ රට ආරක්‍ෂක හා අර්ථික මර්මසථාන විදෙස් ග‍්‍රහණයෙන් මුදවා ගැනිම, පොදු ජන සේවාවන් ජනසතු කිරීම හා ඉඩම් අහිමි ගොවීන්ගේ අයිතිය සුරක්‍ෂිත කරීම වැනි ජනතා අපේක්‍ෂාවන් සපුරා ලන පියවර රාශියක් ගැනීමට එ තුමා සමත් වී ය. 1959 ශී‍්‍රලනිප පක්‍ෂ සම්මේලනය පවත්වන විට පක්‍ෂය තුළ දේශීය ප‍්‍රගතිශීලි කොටස් හා විජාතික මානසිකත්වයෙන් හෙබි කොටස් අතර ගැටුම උග‍්‍ර අතට හැරී තිබුනි. සම්මේලනය නිම වී සති කිහිපයකට පසුව බණ්ඩාරණායක මහතා ඝාතනය විය. එය බමුණු කුලයේ ජයග‍්‍රහණයක් විය. ඉන් පසුව නොයෙක් අවස්ථාවල දී ශී‍්‍රලනිපය තුළ බමුණු කුලය හිස එස වී ය. බණ්ඩාරණායක මහතා ඝාතනය කර ඉවත් කරණ ලද අතර බණ්ඩාරණායක මැතිණිය 1994 දී ඔලූව අත ගා අගමැති කම දී ඉවත් කිරීමට මෙම බමුණු කුලය සමත් විය.

මාර්ටින් වික‍්‍රමසිංහ මහතා ට අනුව බමුණු කුලය ට අයත් වන්නේ ඉංගිරිසියට වඳින පුදන ඉංගිරිසින් ගේ සිරිත් විරිත් අවිචාරයෙන් අනුකරණය කරන මෙ රට ධනවතුන් හා ඉහළ මැද පන්තිය යි. එ නමුත් අද වන විට පනස් හයේ දරුවන් ද බමුණු කුලයේ අනුකාරකයන් බවට පත් වී ඇති බමුණු කුලයේ සීමා මායිම් නීර්ණය කිරීම එතරම් පහසු නොවේ.

බමුණු කුලයේ ගෙවල් වල පොඩියන් ලා ආයා ලා නැනී ලා මෙන් ම බෝයි කොල්ලන් ද සිටිය හ. ඔවු හු බමුණු කුලයේ ගෙවල් වල පඩියට වැඩ කළෝ ය. 2015 දී බමුණු කුලය යළි හිස එසවූයේ මෙම පොඩියන් ලා ආයා ලා නැනී ලා මෙන් ම බෝයි කොල්ලන් ගේ ද උපකාරයෙනි. ඔවුන් විසින් මෙර ට පොදු ජනතාවගේ පක්‍ෂය වූ ශී‍්‍රලනිපය බමුණු කුලයට පාවා දී ඇත. ඔවුහු නව යටත් විජිතවාදීන් ගේ ඕනෑ එපා කම් මත කි‍්‍රයාත්මක වන බමුණු කුලයේ උවමනාව පරිදි ශී‍්‍රලනිපයේ සැබෑ ජාතික ප‍්‍රතිපත්තීන් වෙනුවෙන් පෙනී සිටින ජනතා නායකයන් මර්දනය කිරීමෙහි යෙදී සිටිති. ඔවුන් ව උන් හිටි තැන් පවා නැති කර විනාශ කර දමන බවට වහසි බස් දොඩති.

අභිමානවත් ඉතිහාසයක් ඇති දේශපාලන පක්‍ෂයක් වූ ශීලනිපය සිය 65 වැනි සම්මේලනය පවත්වන්නේ මෙවන් තත්වයක් යටතේ ය. සැබෑ ජනතා නායකයින් පළවා හරිමින් පවත්වනු ලබන එම සම්මේලනය පැරණි සිංහල බයිස්කෝප් එකක එන කොමිට් කෑල්ලකට වඩා වැදගැම්මක් ඇති දෙයක් වනු ඇතැ යි මම නො සිතමි. අද වන විට ජනතා අභිලාෂයන් කඩකර සිටින මෙි බමුණු කුලයේ ආවතේව කාර පොඩියන් ලා ට බෝයි ලා ට ආය ලා ට නැනී ලා ට 65 වැනි පක්‍ෂ සම්මේලනයේ දී කිරීමට කොමිට් කෑලි දැක්වීමට වඩා වැඩි යමක් ඉතුරු වී ඇතැ යි මම නො සිතමි.

තක්කිට තරිකිට තාලෙට නටන්න හිතුනා
ඔබ ව කරේ තියං ලෝකෙ වටේ දුවන්න හිතුනා
නෝනගෙ ආලේ ගේ මැද සාලේ
අපි දෙන්නගෙ ආලේ මෙතැන කුස්සිය මුල්ලේ

ශී‍්‍රලනිපය මෙන් ම එයට ඇලූම් කරණ දේශප්‍රෙමී ජනතාව අද මුහුණ දෙන අභාග්‍යය මෙය යි.

2016 නිකිණ මස 23 දා

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions