8/22/2016

(උතුරේ) ළිං ඉසීමට බාරගනු ලැබේ - විමසන්න විජයකලා මහේෂ්වරන්

කතෘ:යුතුකම     8/22/2016   No comments

-සමන් ගමගේ-
ඉතිහාසයේ කාවන්තිස්‌ස රජතුමන් රුහුණු රට රජවී සිටියදී පැවති "වැටකොලු පතෝල න්‍යායේ" රාජ්‍ය පාලනය හමුවේ ඔහුගේ පුත් දුටුගැමුණු කුමරුන්ට මතුවූ එක්‌ බරපතළ ගැටලුවක්‌ තිබිණි. එහෙයින් හේ තම මව වූ විහාරමහා දේවියටද නොකියාම රහසේ සිය කුටියට වැදී වකුටුව නිදන්නට විය.

මේ ඉතිහාස කතාවට අනුව එදා දුටුගැමුණු කුමරුන්ට එසේ වකුටුව නිදන්නට මතුවූ ගැටලුව වූයේ කුමක්‌ද? පසෙකින් වූයේ ගොළු මුහුදය. අනෙක්‌ පැත්තෙන් එළාරගේ දෙමළ ආක්‍රමණය විය. එහෙත් මේ දෙමළ ආක්‍රමණය හමුවේ සිය පියාණන් රට වෙනුවෙන් පෙනී නොසිට නෝන්ජලයකු සේ හැසිරීම දුටුගැමුණුගේ ඒ නින්දට හේතු විය.
ඒ ඉතිහාසය හරියටම බැලුවොත් මේ වර්තමානය වගේමය. එහෙත් අද, එදා වගේම වුවද මෙදා දුටුගැමුණු සේ වකුටුව නිදන්නට අපට හැකියාවක්‌ තිබේද? දුටුගැමුණුට තිබුණේ ප්‍රශ්න දෙකකි. එහෙත් අපට අද එසේ නොවන්නේය.

පසෙකින් මේ බිම වැනසීමට උගුල් ඇටවූ ඇමරිකාව ප්‍රධාන බටහිර විජාතික කඳවුරය. තවත් පසෙකින් ඊළම වෙනුවන් කැපවී සිටින එල්ටීටීඊ විදේශගත දෙමළ ඩයස්‌පෝරාවය. ඒ අතරේ දෙස්‌ විදෙස්‌ එන්ජීඕ සතුරෝ ද ගජරාමෙට ක්‍රියාත්මකව ඇත. ඉන්දියානු ව්‍යාප්තවාදය විසින් මේ වන විට රට වටා වූ ගොළු මුහුද සේම අන් සියල්ලද ගිල ගනිමින් සිටින්නේය.

සැබෑ කතාව එසේ වී තිබියදී හැමදාමත් මේ රටේ සිංහල-දෙමළ සහෝදරත්වය විනාශ කළ බෙදුම්වාදී දෙමළ දේශපාලනයද යළි සිත්සේ හිස ඔසවමින් තිබෙන්නේය. ඒ බෙදුම්වාදී ආක්‍රමණය නැවත ඇරඹී ඇත.

එහෙත් යථාර්ථය එය වුවද රට කරවමින් සිටින්නේ නූතන කාවන්තිස්‌සලාය. සහජීවන සහ සංහිඳියා කඩතුරාවෙන් සියල්ල වැසී ගොස්‌ ඇත. අතීත කාවන්තිස්‌සට ස්‌ත්‍රී වස්‌ත්‍රාභරණ යවා ඇඳපන් ගවුම් යෑයි කියන්නට දුටුගැමුණුවත් හිටියේය. එහෙත් අද එසේද නැත.

ඉතින් මෙකී පණ්‌ඪක කතා වස්‌තුව හමුවේ අද අපට සිදුව ඇත්තේ ගෝල්ෙµaස්‌ පිට්‌ටනියට ගොස්‌ මුහුදට පනින්නට නොවේද? අප එසේ කියන්නේ මොකා මොන බණ කීවද අද දෙමළ බෙදුම්වාදය හමුවේ පාවා දීමේ කතාව අපේ ඇස්‌ ඉදිරිපිට දිගින් දිගටම සිදු වෙමින් තිබෙන නිසාය.

එහි අලුත්ම සිදුවීම් පෙළ කරළියට පැමිණියේ ඉකුත් සතියේදීය. අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාල පනත ඉකුත්දා පාර්ලිමේන්තුවේදී සම්මත විය. ඒ විවිධ මතවාද මැද්දේය. එහිදී ආණ්‌ඩුවට එල්ල වූ නොයෙකුත් චෝදනා බොහෝ තිබිණ.

එහෙත් මෙකී පනත සම්මත වී දෙදිනක්‌ ගතවීමටත් මත්තෙන් අභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රි ටී. මහේෂ්වරන්ගේ බිරිඳ වන එක්‌සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිනී විජයකලා මහේෂ්වරන් කියන්නට වූයේ කුමක්‌ද?

යුද සමයේ උතුරේදී අතුරුදන් වූ දෙමළ ඥතීන් ඝාතනය කර ළිංවල දමා තිබිය හැකි බැවින් උතුරු පළාතේ ළිං පරීක්‍ෂා කළ යුතු බවට වූ කතාවක්‌ ඇය වහා සමාජගත කළාය. අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාල පනත සම්මත වීමත් සමඟ විජයකලාට හිටි හැටියේම ඇට සහ කටු සිහි වූයේ එසේය.

සුද්දාd බිහිකළ කළු සුද්දන්ගෙන් පැවත එන ඇතැම් පාලකයන්ගේ යුග වලදී උතුරේ මිනී පිට්‌ටනිවල තිබූ ඇටකටු හමුවේත් ත්‍රස්‌තවාදයට එරෙහි වූ රණවිරුවන් දඟ ගෙට ගිය කතාද මීට වසර කිහිපයකට ඉහත අතීතයේදී මෙරට සමාජයේ පැතිර තිබුණේය.

එකී රණවිරුවන් හරි හෝ වැරදි වේවා දඟ ගෙට යෑවුණේ මේ රටේ නීතියට අනුව බැවින් ඒවා අපි අභියෝග නොකරන්නෙමු.

එහෙත් අද විජයකලා මහේෂ්වරන්ට උතුරේ ළිංවල තිබෙන බව කියන ඇට සහ කටු ගැන සිහි වී ඇත්තේ එවන් අතීත මතකයන් අප තුළ තිබියදීය. ඒ අනුව ඉකුත් යුද සමයේ කිලිනොච්චිය හා මුලතිව් ප්‍රදේශවල හමුදා කඳවුරු පිහිටා තිබූ ප්‍රදේශයන්හි ළිංවලින් හෙට දිනයේ විජයකලාලා අරුම පුදුම ලෙස ඇට සහ කටු සොයා ගන්නටද බැරි නැත.

ඉකුත්දා උතුරට ගිය ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති අතුල් කේෂප් වැන්නවුන් සියලු රාජ්‍ය දූතමණ්‌ඩල සම්මුතීන් බිඳදමමින් උතුරේදී හමුදාවෙන් සිදුවන ගැටලු සහ බෞද්ධ ඉදිකිරීම් සම්බන්ධයෙන් වහා ඇමරිකානු තානාපති කාර්යාලයට පැමිණිලි කරන්න යෑයි කියද්දී විජයකලාලාට එසේ ඇට සහ කටු හමුවීමේ පුදුමයක්‌ද නැත.

එහෙත් එහි අවසන් ප්‍රතිඵලය කුමක්‌ විය හැකිද? එහිදී එකී ඇට සහ කටු හමුවූ ළිං ආශ්‍රිතව තිබූ හමුදා කඳවුරුවල රාජකාරි කළ රට බේරාගත් රණවිරුවන් බුරුතු පිටින් අතුරුදන් වූවන්ගේ කාර්යාලය හමුවට ගෙන නොඑන බවට ආණ්‌ඩුවට සහතික විය හැකිද?

අප එසේ ප්‍රශ්න කරනුයේ උතුරේ ළිංවල ඇට සහ කටු සොයන්නට සැරසෙමින් අද විජයකලා මහේෂ්වරන් කරන අපූරු ඇට කැඩිල්ලේ අවසන් ප්‍රතිඵලය එය වීමට බොහෝ දුරට ඉඩ ඇති බැවිනි. ඇතැම්විට අතීතයේ කතා පරිදි එකී ළිංවලට උතුරේ මිනී පිට්‌ටනිවල ඇති ඇටකටු දැමෙන්නටද බැරි නැත.

නිකමටවත් එවැන්නක්‌ සිදු වුවහොත් ඒවා පිළිබඳ සොයා බලන්නටද කෙනකු නැත. එහෙත් එහිදී බොහෝ දුරට රට බේරාගත් රණවිරුවනට ඇඟිලි දිගුවීමට ඉඩ ඇත.

අප එසේ කියන්නේ ඉකුත් යුද සමයේදී කිසිවකු විසින් හෝ වරදක්‌ කර ඇත්නම් දඬුවම් කළ යුතු බව අද යහපාලනයද පුන පුනා කියමින් සිටින නිසාය. සැබෑවටම වැරදි කර ඇතිනම් දඬුවම් දීම සාධාරණය. එහෙත් එසේ නොමැතිව ඉහත කී පරිදි ශ්‍රී ලංකා හමුදාවට පහර දීම ඉලක්‌ක කර ගනිමින් යමක්‌ සිදු කෙරුණහොත් එවිට ආණ්‌ඩුව කරනුයේ කුමක්‌ද?

අපට ප්‍රශ්න කරන්නට දෙයක්‌ නැත. අද කටයුතු සිදු කෙරෙන ආකාරයට අනුව එවැන්නක්‌ සිදු වුවහොත් සැකයේ වාසිය විජය කලාට දී රණවිරුවන් දංගෙඩියට රැගෙන යැම බොහෝ දුරට සිදු වනු ඇත.

මන්ද මේ තිබෙන්නේ සංහිඳියාව සහ සහජීවනය තේමා ගීතය කරගත් සම්මුතිවාදී පූට්‌ටුවෙන් බිහි කෙරුණු අන්තර්ජාතික යහපාලනයක්‌ වන නිසාය. ඉතින් අතුල් කේෂප්ලා ඉහත පරිදි උතුරට ගොස්‌ දෙමළ බෙදුම්වාදයට උඩගෙඩි දෙමින් සිංහ වෙස්‌ ගෙන නරිවාදන් දොඩවද්දී එසේ නොකරන්නේ යෑයි කියා සහතික දෙන්නට යහපාලනයට නොහැකිය.

අද ජාත්‍යන්තරයේ බෙර පදයට "අම්මට සිරි" කියමින් ආතල් එකේ වෙස්‌ බඳින නූතන කාවන්තිස්‌සලා එසේ නොකොට වෙන මොන අහවල් කෙළියක්‌a කරන්නද?

විජයකලාගේ කතාව එසේ වෙද්දී ඉකුත් සතියේ තවත් කතාවක්‌ කරළියට ගෙනාවේ වත්මන් විපක්‍ෂ නායක ඊනියා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන්ය.

කිලිනොච්චියේ පරෙවිපරිච්චාන් යුද හමුදා කඳවුර යනු එල්ටීටීඊයෙන් කිලිනොච්චිය අත්පත් කර ගත් දා සිට යුද හමුදාව ස්‌ථානගතව සිටි භූමියකි. එහෙත් එකී කඳවුරු භූමියෙන් කොටසක්‌ තමන්ට අයත් බව කියමින් ඉකුත් සතියේ පරවිපරිච්චාන් කඳවුර ආසන්නයට පැමිණි උතුරේ දෙමළ වැසියෝ පිරිසක්‌ උද්ඝෝෂණයක්‌ කරන්නට වූහ.

එහිදී ඔවුන් අතරට ගිය ආර්. සම්බන්ධන් කියා සිටියේ රජය සමඟ සාකච්ඡා කර අදාළ භූමිය ඔවුන්ට ලබා දෙන බවය. සම්බන්ධන් කී ලෙසම එය සිදු විය. ඉකුත් සිකුරාදා වන විට පරෙවිපරිච්චාන් කඳවුරට අයත්ව තිබූ භූමියෙන් දෙමළ වැසියන් අයිතිවාසිකම් කී ප්‍රදේශය අතහැර දමන්නට රජය තීරණය කර තිබිණ.

මෙකී පරවිපරිච්චාන් කඳවුර යනු කුමක්‌ද? මෙහිදී මුලින්ම කිව යුතු එක්‌ දෙයක්‌ ඇත. ඒ ඉකුත් යුද සමයෙන් පසු යුද හමුදාව උතුරේ යම් භූමියක හමුදා කඳවුරක්‌ ඇති කළේ නම් එසේ සිදු කළේ ඇඟේ අමාරුවට නොවන බවය. සියල්ල සිදු වූයේ පුළුල් සැලසුමකට අනුවය.

මීට පෙර දිනකදී ද සටහන් කළ පරිදි එදා එල්ටීටීඊය ඉලක්‌ක කර ශ්‍රී ලංකා ගුවන් හමුදාව එල්ල කරනු ලැබූ ගුවන් ප්‍රහාර මාලාව සිතියම්ගත කරමින් එල්ටීටීඊයේ සක්‍රීයව පැවති ප්‍රබලම මර්මස්‌ථාන හඳුනාගැනීමෙන් පසු එකී හමුදා කඳවුරු ස්‌ථාපිත කිරීම සිදු විය.

පරවිපරිච්චාන් කඳවුර යනු එකල එල්ටීටීඊයේ කිලිනොච්චිය ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්‌ථානය ලෙස පැවතියකි. අපේ රණවිරුවන් කිලිනොච්චිය අත්පත් කර ගැනීමේදී එල්ටීටීඊයේ සාම මහලේකම් කාර්යාලය, දේශපාලන මධ්‍යස්‌ථානය ඇතුළු බොහෝ වැදගත් කාර්යාල එකී භූමියේ පිහිටා තිබිණි.

එදා නෝර්වේ විශේෂ සාම නියෝජිත එරික්‌ සෝල්හයිම් 2002 ඊනියා සාම ගිවිසුමට අනුව වේලුපිල්ලේ ප්‍රභාකරන් හමුවීමට ගියේ අද පරෙවිපරිච්චාන් කඳවුර තිබෙන එකී කොටින්ගේ සාම මහලේකම් කාර්යාලයටය.

එල්ටීටීඊය පැවති සමයේ කිලනොච්චිය යනු කොටින්ගේ අගනගරය ලෙසට නම් කර තිබුණකි. එසේ නම් එකී අගනගරයේ මෙහෙයුම් මධ්‍යස්‌ථානය පිහිටා තිබූ භූ+මිය යනු ත්‍රස්‌තවාදීන්ට සුරක්‍ෂිතම ස්‌ථානය බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඔවුන් සිය ප්‍රධාන පෙළේ කාර්යාල එහි පිහිටුවනු ලැබුවේ එහෙයිනි.

යුද්ධයෙන් පසු එකී භූමියේ හමුදා කඳවුරක්‌ සAථාපිත කිරීමට කටයුතු කෙරුණේ මෙකී තත්ත්වය හමුවේය. ඒ අනාගත තර්ජනයන්ට මුහුණ දීමේදී කොටි සංවිධානය ශක්‌තිමත්ව සිටි ස්‌ථාන වැදගත් වන නිසාය. යම් තර්ජනයකදී එයට සාර්ථකව මුහුණ දීමේ උපක්‍රමයක්‌ ලෙසය.

ඇත්ත එය වුවද යහපාලනයත් සමඟ උතුරේ හමුදා කඳවුරු ඉවත් කර ඉඩම් ජනතාවට දිය යුතු බවට වූ ඊනියා දෙමළ ජාතික සන්ධානයේ ඉල්ලීම තුළ මෙම පරවිපරිච්චාන් භූමියේ අයිතියද මුල් තැනක තිබිණ. එහි අනාගත යටි අරමුණක්‌ තිබේද යන්න අපි නොදනිමු. එහෙත් යහපාලනය දැන් ඒ තීන්දුව අරගෙන අවසන්ය. ඉංගී්‍රසියෙන් රට දෙස බලන මේ ටිකිරි මොළවලට ව්‍යසනය නොතේරෙන්නේය.

අද පරවිපරිච්චාන් කඳවුරු භූමියේ අයිතිය ඉල්ලන දෙමළ ජාතික පවුල් සංඛ්‍යාව ගණනින් 52 කි. ඔවුහු යුද්ධයෙන් වසර හතකට පසු යහපාලනය සමඟ සිය අයිතිය ඉල්ලා දැන් වීදි බැස සිටිති. ඒ පසුපස සිටිනුයේ බෙදුම්වාදී දෙමළ දේශපාලනය බව එළිපිටම පෙනෙන්නට තිබේ. එහෙත් මෙසේ අයිතිය ඉල්ලා සිටින කිසිවකුටත් සිය අයිතිය තහවුරු කිරීමට නිසි ලිත සාක්‍ෂියක්‌ නොමැති බවද කියෑවෙමින් තිබේ.

එවන් තත්ත්වයක්‌ යටතේ බෙදුම්වාදී දෙමළ දේශපාලනයේ හඬට කන් දී රජය මේ අන්දමින් කටයුතු කරනුයේ ඇයිද යන්න දන්නේද යහපාලනය පමණි. දැනුදු රට බෙදපන් යෑයි කියමින් දෙමළ බෙදුම්වාදී දේශපාලනය හඬ නඟද්දී ආණ්‌ඩුව මෙසේ දෙකට නැමෙන්නේ කුමක්‌ නිසාද?

මේ අන්දමින් දැනට යහපාලන ආණ්‌ඩුව විසින් සහජීවනයේ සහ සංහිඳියාවේ නාමයෙන් උතුර නැගෙනහිර පළාත්වල පිහිටා තිබූ හමුදා කඳවුරු 65 ක්‌ පමණ ඉවත් කර එකී භූමිය ජනතාවට බෙදා දීමට පියවර ගෙන ඇත. එහෙත් සියල්ල සිදුවෙමින් තිබෙන්නේ දෙමළ බෙදුම්වාදය තවමත් සක්‍රීයව තිබියදීය.

එසේ හමුදා කඳවුරු 65 ක්‌ පමණ ඉවත් කර ගත් ආණ්‌ඩුව ඉකුත් සතියේ උපක්‍රමික වශයෙන් අපට වැදගත් වූ තවත් භූමියක්‌ වන වව්නියාව ගුවන් හමුදා කඳවුරු භූමියෙන්ද අක්‌කර 30 පමණ ප්‍රමාණයක්‌ අතහැර දමන්නට කටයුතු කරනු ලැබීය. ආරක්‍ෂක ලේකම් කරුණාසේන හෙට්‌ටිආරච්චි මහතාගෙන් ඒ පිළිබඳ විමසීමේදී හෙතෙම කීවේ පාසලක ක්‍රීඩා පිටියක්‌ සඳහා ඒ අත්හැරීම සිදු කළ බවය.

මේ සියල්ල හමුවේ යහපාලනය හෙවත් නූතන කාවන්තිස්‌සලා දෙස බලා මේ පිං බිම රකින ශ්‍රී මහා බෝ සිමිඳු, දළාදා වහන්සේ ඇතුළු තිස්‌තුන් කෝටියක්‌ දෙවි දේවතාවුන්ගෙන් අසන්නට එක්‌ ප්‍රශ්නයක්‌ දැන් අපට ඉතිරිව ඇත.

අනේ, ඔබවහන්සේලා දන්නා පරිදි වත්මන් පණ්‌ඪක සංස්‌කෘතිය අවසන් කර නූතන කාවන්තිස්‌සලාට ගවුම් අන්දවා මේ බිමි සුරකින්නට යළි දුටුගැමුණු කෙනෙක්‌ අප අතරට එන්නේ කවදාද?

මිනිසුනේ වටහා ගන්න. ඉන් එහා කියන්නට දෙයක්‌ දැන් තවත් නම් අපට ඉතිරිව නැත.
[Divaina]

යුතුකම සංවාද කවය
www.yuthukama.com 
Like us on facebook : https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions