8/10/2016

ලැජ්ජ නැති ආණ්ඩුව අතුරුදන් වූවන් පිළිබඳ පනත හරහා කොටි පදයට නටන හැටි.

කතෘ:යුතුකම     8/10/2016   1 comment


මෙය ජුලි 19 වන දින පළකළ ලිපියකි.
හෙට (අගෝස්තු 11) මේ ද්‍රෝහී පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන දිනයයි.
රනිල් වික්‍රමසිංහට අගමැතිවරයාට නම් මේ පාවාදීම හංසයා දියට බසිනවා වැනිය.

සහජීවනයේ කඩතුරාවට මුවා වී ද්‍රෝහී පාවාදීමට සිරිසේන ජනාධිපතිවරයා හරහා ශ්‍රීලනිපය හීළෑ කරගෙන තිබේ..
සිරිසේන මහතාට ඒ වෙනුවට ජනාධිපති දොළ පිදේනිය ලැබී තිබේ..
දැන් ඉතින් රටට හෙණ ගැහුවත් කමක් නැත, තමන්ගේ පනං දෙක ලැබී අවසන්ය.
යුඇන්පී පාවාදීම් වලට එරෙහි වන්නට සිටි ශ්‍රීලනිප මන්ත්‍රීවරු සිරිසේන ජනාධිපතිවරයාගේ ජාතික ලැයිස්තු මන්කොල්ලය හා ඇමති කටුවලට මල පෙරේතකමින් රටට හෙණ ගැහුවත් කමක් නෑ ,ඇමතිකම වෙනුවෙන් ඕනෑම පාවාදීමකට අත උස්සන මන්ත්‍රීවරු බවට පත් කර තිබේ..
ඉතිරි වී ඇති ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු ප්‍රමානයෙන් මේ ද්‍රෝහී පනත ආපසු හැරවීම අපහසුය...

වෙනදා මෙවැනි ද්‍රෝහී පාවාදීමක් දුටු සැනින් ජාතියට නිසි මග කියූ ජවිපෙ නායක කුලී හේවායා හරහා එජාපයටත් එහි මහ උන් වන බටහිර අධිරාජ්‍යවාදයටත් පක්කිලි කම් කරන නිවටයන් බවට පත් කර අවසන්ය.

මේ නුඹේ මාතෘභූමියේ අවසන් හුස්ම යන්නට ගෙල සිරකරන වේලාවයි...
දැන් වත් දෑස් හැර බලාපල්ලා...

==============================

අතුරුදන් වූවන් පිළිබඳව සෙවීමේ කාර්යාලයක්‌ පිහිටුවීමේ නීති කෙටුම්පත හැදුවේ
විග්නේශ්වරම්ද? ඩයස්‌පෝරාව ද?
- ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා


අතුරුදන් වූවන් පිළිබඳව සොයා බැලීම සඳහා කාර්යාලයක්‌ පිහිටුවීමට පාර්ලිමේන්තුවේ න්‍යායපත්‍රයට ඇතුළත් කර ඇති කෙටුම්පත පිළිබඳ ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා දැක්‌වූ අදහස්‌ පහත පරිදි වේ.

ප්‍රශ්නය - අතුරුදන් වූවන් පිළිබඳව සොයා බැලීම සඳහා කාර්යාලයක්‌ පිහිටුවීමට අවශ්‍ය කෙටුම්පත මේ වන විට පාර්ලිමේන්තුවේ න්‍යායපත්‍රයට ඇතුළත් කර තිබෙනවා. එම කෙටුම්පත පිළිබඳව විවිධ චෝදනා මේ වන විටත් එල්ල වී තිබෙනවා.
එම පනත පිළිබඳව ඔබගේ විග්‍රහය කුමක්‌ද?

පිළිතුර - මෙම පනත මැයි මාසයේ 27 වනිදා ගැසට්‌ කර තිබෙනවා. ඉන් අනතුරුව පසුගිය ජුනි මාසයේ 22 වැනිදා පාර්ලිමේන්තුවේ න්‍යායපත්‍රයට ඇතුළත් කරල තිබෙනවා. ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාව අනුව යම් කෙටුම්පතක්‌ පාර්ලිමේන්තුවේ න්‍යායපත්‍රයට ඇතුළත් කර දින 7 ක්‌ ගතවීමට ප්‍රථම ඕනෑම පුරවැසියකුට එම කෙටුම්පත ශ්‍රෝෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක්‌ කිරීමේ හැකියාව තිබෙනවා. නමුත් කිසිදු පුරවැසියකු ඊට අභියෝග කළේ නෑ වගේම ඒකාබද්ධ විපක්‌ෂයත් එම කටයුත්ත කළේ නෑ. එම නිසා මෙම කෙටුම්පත නීතියට අනුකූලව ද නැද්ද කියන එක පවා ප්‍රකාශ වූයේ නෑ. එම පසුබිම තුළ මෙය පනතක්‌ ලෙස සම්මත වුවහොත් ඉතාමත් භයානක තත්ත්වයක්‌ උද්ගත වේවි කියල මම විශ්වාස කරනවා.

මෙම පනත අපගේ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ හදපු එකක්‌ද එසේත් නොමැති නම් විග්නේශ්වරම් මහතා හෝ දෙමළ ඩයස්‌පෝරා එක හදපු එකක්‌ද කියෙන සැකය මට තිබෙනවා. මම එහෙම කියන්නේ මෙහි අර්ථ නිරූපන වගන්තියේ අතුරුදන් වූවකු අර්ථ නිරූපණය කරල තිබෙන්නේ උතුර, නැගෙනහිර අතුරුදන් වූවකු ලෙස. ඒ අනුව දකුණේ අතුරුදන් වූ එය ඊට අයත් වන්නේ නෑ. මේ ආකාරයට උතුරේ අතුරුදන් වූ අය සහ දකුණේ අතුරුදන් වූ අය අතර වෙනසක්‌ කරන්න නීති කෙටුම්පත් නිලධාරියාගේ ඔලුව නරක්‌ වෙලා තිබෙනවා නම් හැර මෙහෙම පනතක්‌ හදන එකක්‌ නෑ. එම නිසා මම විශ්වාස කරනවා මෙම කෙටුම්පත එතුමා හදපු එකක්‌ නොවෙයි කියලා. ඒ අනුව තමයි මම කියෙන්නේ මෙම පනත විශ්නේෂ්වරම් මහතා හෝ දෙමළ ඩයස්‌ පෝරාව හෝ බටහිර රටවල් විසින් හදපු එකක්‌ කියන එක.

එම සැකය තවදුරටත් තහවුරු වනවා. මේ ආණ්‌ඩුව ඇමරිකානු ආණ්‌ඩුව සමඟ එක්‌ වෙලා ලංකාවට එරෙහිව ගෙන ආ යෝජනාවේ ක්‍රියාකාරි කොටසේ 4 වන වගන්තියේ අතුරුදන් වූවන් පිළිබඳව සොයා බැලීම සඳහා කාර්යාලයක්‌ පිහිටුවිය යුතු බවද සඳහන් වෙලා තිබෙනවා. එම කාර්යාලයට ජාත්‍යන්තර හවුල්කරුවන් ඇතුළත් කරගත යුතු බවත් එම වගන්තියේ සඳහන් වනවා. ඒ වගේම 6 වන වගන්තියේ යුද අපරාධ චෝදනා විභාග කිරීම සඳහා විදේශීය විනිසුරුවන්, නීතිඥයන්, බී චෝදකයන් ගෙන එම සඳහා ප්‍රතිපාදන සලසා තිබෙනවා. ඒ වගේම එහි ක්‍රියාකාරි කොටසේ පළමු වන වගන්තියේත් මේ ආණ්‌ඩුව හුසෙන් කුමාරයා අපට විරුද්ධව ඉදිරිපත් කළ වාර්තාව පිළිගෙන තිබෙනවා. එම වාර්තාවේ 36 වන නිර්දේශයේ තමයි යුද අපරාධ පිළිබඳව සොයා බැලීම සඳහා ගෝලීය අධිකරණ බලය ලබාදෙන බව සඳහන් වන්නේ. සර්ව ලෝක අධිකරණ බලය කියල කියන්නේ ලංකාවේ අධිකරණයෙන් තොරව ලෝකයේ ඕනෑම රටකට අපගේ අය පිළිබඳව නඩු ඇසීමේ බලය. ඒ අනුව මේ සූදානම් වන්නේ මේ ආණ්‌ඩුවයි, ඇමරිකාවයි එකතු වෙලා ලංකාවට එරෙහිව ගෙනා යෝජනා සම්මතයක්‌ අනුව පැහැදිලි වෙනවා මෙම කාර්යාලය පිහිටුවීමේ යෝජනාව ගෙන එන්නේ ඒ අයගේ වුවමනාවට කියන එක.

එම නිසා මෙම කාර්යාලයේ කටයුතු උතුර සහ නැගෙනහිරට සීමා කරන බවට තිබෙන අර්ථික නිරූපනය අනුව මෙම කෙටුම්පත අපගේ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවෙන් හදපු එකක්‌ බව පේන්නේ නෑ. නමුත් ඔවුන් එහෙම කරල තිබෙනවා නම් වහාම ඔවුන් දරන ධුර වලින් ඉවත් කළ යුතුයි. මොකද ඔවුන් උතුර සහ නැගෙනහිරට එක නීතියකුත් රටේ සෙසු ප්‍රදේශ වලට තවත් නීතියකුත් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන නිසා පරමාර්ථ වශයෙන් බැලුවහම මෙම පනත ගෙනත් තිබෙන්නේ දෙමළ බෙදුම්වාදීන්ගේ අවශ්‍යතා ඉෂ්ට කිරීම සඳහායි.

ප්‍රශ්නය - යුද්ධය උතුර සහ නැගෙනහිර ප්‍රදේශයේ පැවැති නිසා අතුරුදන් වූවන් පිළිබඳව සෙවීමේ කාර්යාලයේ කටයුතු එම ප්‍රදේශයට සීමා කළ බව ප්‍රකාශ වුවහොත් ඒ පිළිබඳව ඔබගේ ස්‌ථාවරය කුමක්‌ද?

පිළිතුර- මෙම කාර්යාලය පිහිටුවන්නේ යුද අපරාධ පිළිබඳව සෙවීමට නම් ඒ පිළිබඳව සඳහන් කළ යුතුයි. නමුත් මෙම කෙටුම්පතේ එහෙම දෙයක්‌ පිළිබඳව සඳහන් වන්නේ නෑ. මෙම කෙටුම්පතේ සඳහන් කරලා තිබෙන්නේ අතුරුදන් වූවන් පිළිබඳව සොයා බැලීම සඳහා එය ගෙන එන බවයි. නමුත් එය උතුර සහ නැගෙහිරට සීමා කරල තිබෙන නිසා ඇමැතිවරුන්, මන්ත්‍රීවරුන් ඩිෆෙන්ඩර් වලින් මිනිසුන් පැහැරගෙන ගියපු එවා පිළිබඳව සොයන්න බැරි වෙනවා.

කෙසේ වුවත් යුද අපරාධ චෝදනා පිළිබඳව සොයා බලනවා නම් ඒ සම්බන්ධයෙන් පනතක්‌ ගෙන ආ යුතුයි. එහෙම පනතක්‌ ගෙන එනවා නම් අපට ඒ පිළිබඳව ශ්‍රෝෂ්ඨාධිකරණයට මතයක්‌ ප්‍රකාශ කරන්න පුළුවන්.

එහෙත් මෙම පනත දෙස බැලුවහම බොහෝ කරුණද නිරාවරණය කරගන්න පුළුවන්කම තිබෙනවා. මෙම පනත මගින් පිහිටුවීමට බලාපොරොත්තු වන අතුරුදන් වූවන් පිළිබඳව කාර්යාලයට ජාත්‍යන්තර ප්‍රජාවගේ මුදල් යෙදවීමේ හැකියාව තිබෙනවා. අවංකවම මේ රටේ ජනතාව අතුරුදන් වීම් පිළිබඳව සොයා බැලීම සඳහා මෙම කාර්යාලය පිහිටුවනවා නම් විදේශීය මුදල් අවශ්‍ය වන්නේ නැහැනේ. එහෙම දෙයක්‌ කරනවා නම් නීතිපති දෙපාර්තමේන්තුවට අනුබද්ධව හෝ පොලිස්‌ දෙපාර්තමේන්තුවට අනුබද්ධව වෙනම ඒකකයක්‌ ඇති කිරීමට පුළුවන්. නමුත් එසේ නොකර අපගේ අධිකරණ පද්ධතියෙන් සම්පූර්ණයෙන්ම ස්‌වාධීන, අපේ පොලිසියෙන් සම්පූර්ණයෙන්ම ස්‌වාධීන අන්තර් ජාතික ප්‍රජාවගේ මුදල් වලින් යෑපෙන කාර්යාලයක්‌ පිහිටුවන්නේ කුමට ද කියන එක ඉතා පැහැදිලියි.

ජාත්‍යන්තර ප්‍රජාවේ මුදල් පමණක්‌ නෙවෙයි මෙම කාර්යාලයට ඔවුන් සමග ගිවිසුම් ඇතිකර ගැනීමේ හැකියාවත් තිබෙනවා. එම ගිවිසුම් මගින් මෙම කාර්යාලයේ කටයුතු සඳහා ඇමරිකානු නොර්වීජියානු එංගලන්ත ජාතිකයන් පවා නිලධාරීන් ලෙස සම්බන්ධ කර ගැනීමේ හැකියාව තිබෙනවා. මේ අයට අපගේ ඕනෑම ආරක්‌ෂක ස්‌ථානයකට කඩා වැදිල, එම ආයතනයේ තොරතුරු ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. එම තොරතුරු ලබා ගැනීමෙන් අනතුරුව ප්‍රකාශ සටහන් කර ගැනීමේ අයිතියත් ඔවුන් සතු වෙනවා.

එසේ ලබා ගන්න තොරතුරු ඔවුන් පිටරටවලට රැගෙන යනවා. මේ දවස්‌වල දෙමුහුන් අධිකරණයක්‌ නොපිහිටුවන බවත් සඳහන් වනවා. සමහර විට එම ප්‍රකාශ සත්‍ය වන්නත් පුළුවන්. මොකද මේ ආණ්‌ඩුව හුසේන් කුමාරයාගේ වාර්තාවට එකඟ වී තිබෙන නිසා දෙමුහුන් අධිකරණයක්‌ අවශ්‍ය වන්නෙත් නෑ. එම වාර්තාව පිළිගෙන තිබෙන්නේ ස්‌තූති පූර්වකව. එසේ පිළිගත්ත වාර්තාවේ සර්ව ලෝක අධිකරණ බලය දිය යුතු බව සඳහන් වනවා. එම බලය ලබාදුන් පසු මෙම කාර්යාලය හරහා ලබාගන්නා තොරතුරු යොදා ගෙන වෙන රටවල් වලදී නඩු ඇසීමේ හැකියාව ලැබෙනවා.

එම තත්ත්වය තුළ යුද අපරාධ චෝදනා එල්ල වී ඇති අපගේ රාජ්‍ය නායකයකු හෝ හමුදා නායකයන් පිටරටකදී වුවත් අත්අඩංගුවට ගැනීමේ හැකියාව පවතිනවා. අපගේ රජයක මූලිකත්වයෙන් මෙබඳු තත්ත්වයක්‌ නිර්මාණය වීම ගැන අප ලැඡ්ජා විය යුතුයි. මෙබඳු තත්ත්වයක්‌ නිර්මාණය කිරීමට කටයුතු කළ අයට එරෙහිව අනාගත රජයකින් නීතිමය පියවර ගත යුතුයි.

අනෙක්‌ අතට මෙම කාර්යාලය පිහිටුවහොත් අපගේ ජාතික ආරක්‍ෂාව සම්පූර්ණයෙන්ම බිඳ වැටෙනවා.

ප්‍රශ්නය - දැනට පවත්නා නීතියට අනුව අපගේ රටේ දේශපාලන නායකයන් හෝ හමුදා නායකයන් ජාත්‍යන්තර අධිකරණයක්‌ හමුවට ගෙන යැම සඳහා එක්‌සත් ජාතීන්ගේ ආරක්‌ෂක මණ්‌ඩලයේ යෝජනාවක්‌ සම්මත කළ යුතු වෙනවා.
ඔබ සඳහන් කරන්නේ අතුරුදන් වූවන් පිළිබඳව සොයා බැලීම සඳහා කාර්යාලයක්‌ පිහිටුවීමට ගෙන එන එම පනත මගින් මේ සඳහා අවස්‌ථාව උදාවන බවද?

පිළිතුර - මෙම කාර්යාලය හරහා හදන බොරු සාක්‌ෂි යොදා ගෙන අපට විරුද්ධව එක්‌සත් ජාතීන්ගේ ආරක්‌ෂක මණ්‌ඩලයට වුවත් යෝජනාවක්‌ ඉදිරිපත් කිරීමේ හැකියාව තිබෙනවා. මෙම කාර්යාලයේ නිලධාරීන්ට හමුදා කඳවුරුවලට කඩා වැදිලා පමණක්‌ නොවෙයි නව තාක්‌ෂණය යොදා ගෙන පිටරට සිටින අයගෙන් පවා සාක්‌ෂි ලබා ගැනීමේ හැකියාව තිබෙනවා.

ඔවුන් බොරු සාක්‌ෂි ලබාදුන්නත් අපට කරන්න දෙයක්‌ නෑ. එම සියලු තොරතුරු යොදා ගෙන අපට විරුද්ධව හොඳ ලිපි ගොනුවක්‌ හැදීමේ අවස්‌ථාවට මෙම කාර්යාලයට ලැබෙනවා. එම ලිපි ගොනුව යොදාගෙන අපගේ රණවිරුවන්ට විරුද්ධව එක්‌සත් ජාතීන්ගේ ආරක්‌ෂක මණ්‌ඩලය හමුවට යැමේ හැකියාව තිබෙනවා. ඒක තමයි ඔවුන්ගේ සැලැස්‌ම.

එපමණක්‌ නොවෙයි අපගේ රණවිරුවන්ට අපහාස කිරීම සඳහාත් ප්‍රයත්නයන් දරන බව පෙනෙනවා. මෙම කාර්යාලයට ලැබෙන මුදල් යොදා ගෙන මරණයට පත්වී ඇති අය අනුස්‌මරණය කිරීමත් මෙම කාර්යාලයේ එක්‌ කටයුත්තක්‌ වනවා. මෙම කටයුතු වලින් පෙනෙනවා මෙම කාර්යාලය හරහා අපට තුවාල සිදු කිරීමට අමතරව එම තුවාල මත ලුණත් ගාන්න සූදානම් වන බව. මෙම පනත මගින් අතුරුදන් වූවන් ලෙස සඳහන් කරන්නේ කොටි සාමාජිකයන්. ඒ අනුව පැහැදිලි විය යුතුයි මොවුන් අපේ පොළවේ සිට ගෙන කොටි සමරන්න සූදානම් වන බව. මෙබඳු කටයුතු සඳහා පනතක්‌ ගෙන ඒමට සිදුවීම පිළිබඳව ආණ්‌ඩුව ලැඡ්ජා විය යුතුයි. ඒ වගේම විපක්‌ෂයේ සිටින මන්ත්‍රීවරුත් ලැඡ්ජා විය යුතුයි මෙම පනත ශ්‍රෝෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක්‌ කිරීමට නොහැකිවීම පිළිබඳව. රජය වගේම විපක්‍ෂයත් තම යුතුකම ඉටු කරල නෑ.

ප්‍රශ්නය - මෙම පනත ශ්‍රෝෂ්ඨාධිකරණ ය හමුවේ අභියෝගයට ලක්‌ කිරීමට නොහැකිවීමේ පසු බිම් තුළ මීළඟට ගතහැකි ක්‍රියාමාර්ගය කුමක්‌ද?

පිළිතුර- මේ වගේ විලිලැඡ්ජා නැති වැඩ කිරීමට රජයකට ඉඩ නොදිය යුතු බවට ජනතාව දැනුවත් කළ යුතුයි. වැට්‌ පිළිබඳව ජනතා මතයක්‌ ඇති වූවා වගේම මේ පිළිබඳවත් ජනමතයක්‌ ඇති කිරීමට කටයුතු කළ යුතුයි.
[Divaina]


-යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

1 comment :

  1. "ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාව අනුව යම් කෙටුම්පතක්‌ පාර්ලිමේන්තුවේ න්‍යායපත්‍රයට ඇතුළත් කර දින 7 ක්‌ ගතවීමට ප්‍රථම ඕනෑම පුරවැසියකුට එම කෙටුම්පත ශ්‍රෝෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක්‌ කිරීමේ හැකියාව තිබෙනවා. නමුත් කිසිදු පුරවැසියකු ඊට අභියෝග කළේ නෑ වගේම ඒකාබද්ධ විපක්‌ෂයත් එම කටයුත්ත කළේ නෑ." Ayi siyalu de dana gena obala nadu kiyanna nogiye?

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions