8/25/2016

ඇට නැති ලංසි පැපොල් ආණ්ඩුව...

කතෘ:යුතුකම     8/25/2016   No comments

ලංසි පැපොල්

-ධර්මන් වික්‍රමරත්න

‘යහපාලන’ ආණ්ඩුව රහස් හෙළිකිරීමට ඉදිරිපත්වීම හොදය. කියන රහසක් දැන්ම කිව යුතුය. නැතිනම් පහු පහු වෙනකොට කොහු කොහු වෙනවාය. අලුත් පක්ෂයක් හැදුවොත් රැකපු රහස් එළියට දානවා කියන්නේ මොන වරද කරත් අලුත් පක්ෂයක් හදන්නේ නැතිනම් අවුලක් නෑ කියන එකය. ‘යහපාලනයක්’ තිබේනම් විනිවිදභාවය තිබිය යුතුය. රහස් ඔට්ටු බැරිය. මහජන අභිලාශ සහ සම්බන්ධ දේ තම පටු දේශපාලන න්‍යාය පත්‍ර සඳහා තුරුම්පු ලෙස පාවිච්චි නොකල යුතුය. එහෙත් මේවා රටේ සැබෑ ජාතිමාමකයින් සහ ප්‍රගතිශීලින් එතරම් ගණන් ගතයුතු නොවේ. බුදුන්ටද ගල් පෙරලුවේය. ජේසුටද ඇන ගැසුවේය. එ්වාත් කාලයක් ලඟින්ම සිටි අය කල වැඩය.

අරයගේ රහස් එළිකරනවා කීවාට දැන් රහස් එලිවී ඇත්තේ මෙයාගේය. රාජපක්ෂවරුන්ට චෝදනා එල්ලවන විට හති දාගෙන, පණ කඩාගෙන උඩ පැනගෙන නටපු පනික්කියන්ට ඕස්ට්‍රේලියාවෙන් පෙරේදා මුළු ලොවටම හඬගා කියූ චෝදනා වලට උත්තර නැත. ‘යහපාලනයෙන්’ තොරොම්බල් වන ඇතැම් වම්මුන් මේවා ගැන නිහඬව සහජීවනයට අත්වැල් අල්ලමින් සිටී. දූෂණ විරෝධී හඬේ මහ නායක වසන්ත සමරසිංහ සහ දූෂණ විරෝධී පෙරමුණේ නායක රංජිත් කීර්ති තෙන්නකෝන්ට දැන් ඇඟ සීතලවී උණ සෑදී ඇත්දැයි සැකයකි. බුකියේ ටොයියන් දැන් ඇටි කෙහෙල් කෑ උගුඩුවන් සේය. ලෝක බැංකු ආධාර ලැබූ අමුණු බැදීමේ ව්‍යාපෘතියේ මේ හුටපටය සොයා බැලීමට ජනාධිපති කොමිසමක් අවශ්‍යනම් පත්කල හැකිය. විනිවිදභාවය වෙනුවෙන් කලින් ආණ්ඩුව පෙරළපු හැටි මාරය.

වමේ ඇතැම් පක්ෂවල සමාජවාදයද ඇමරිකානු ඩොලර්වලට සහ ඉන්දිය සල්ලි මලු වලට නැටවෙනු පෙනේ. සැබෑ වමේ ව්‍යාපාරයක් සැබවින්ම සිටිය යුත්තේ ජනතාවගේ පැත්තේය. අධිරාජ්‍යවාදීන්ගේ හෝ ඔවුන්ගේ ඉත්තන්ගේ පැත්තේ නොවේ. එහෙත් දැන් සේවය කරන්නේ ප්‍රතිගාමීන්ටය. එය සාධාරණීය කිරීමට සියල්ලටම පෙර හොරු ඇල්ලිය යුතුයැයි අලුත්ම න්‍යායක් සොයාගෙන තිබේ. කොළඹ බෞද්ධාලෝක මාවතේ අළුතින් ඉදිකරන රුසියානු තානාපති කාර්යාලයේ භූමියට කඩාවැදී ජවිපෙ වසන්ත සමරසිංහ සහ සුනිල් වටගල කල නාටකයේ ප්‍රතිඵල දැන්වත් රටට හෙළිකල යුතුය

පෙරේදා තිබූ ඕස්ට්‍රේලියානු ශ්‍රි ලංකා දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාව ජය ගත්තේය. ටෙස්ට් තරගාවලියද 3-0ක් ලෙසින් ශ්‍රී ලංකාව ජය ගත්තේය. පළමු එක්දින තරඟයද පැරදුණේය. ශ්‍රී ලංකාව ක්‍රිකට් වලින් දැන් යම් ජයක් ලබන්නේනම් එම සියළු ජයග්‍රහණ ලැබුවේ ’යහපාලන’ අනුහසිනි. පරාජයට එය අදාල නොවේ. මොරගහකන්ද එයාගේය. එපමනක් නොව හයිවේද, චීනයද, සංවර්ධනයද, යුධ ජයග්‍රහණයද එයාලාගේය. නොරොච්චෝලේ අරයාගේය. එමෙන්ම උගන්ඩාව, ණය බර සහ යුධ අපරාධ සියල්ලම අරයාගේය. මේවා මාර තියරිය. මොළයක් නොවේ අලයක් කියන්නේ නිකමට නොවේ. තපස්සු බල්ලුක ඉන්දියන් වෙළෙන්දෝ දෙදෙනෙක්ය. ඒ නිසා ඉන්දියාවේ එක්ටා ගිවිසුමත් ඉඹලා පිළිගත යුතුය. පස් දුන්නේ, පස්දුන් කෝරළයෙන්ය. මේවා ‘යහපාලන’යේ රස කථාය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවති මහා වනයෙහි හොද අරටු සහිත මහා රූස්ස ගස් කපමින් එය අද මුඩු බිමක් බවට පත්කරමින් සිටී. එහි දැන් සිටුවන්නේ ලංසි පැපොල්ය. ඇට නැත. අරටුද නැත. ශ්‍රිලනිපයේ දක්ෂතම සංවිධායකයින් දුසිමකට වැඩියෙන් කපා දමමින් අලුතින් පත්කල ශ්‍රිලනිප සංවිධායකයින් හරියටම ලංසි පැපොල් වාගේය. ඔවුන්ගෙන් බහුතරයකගේ තෝම්බුව දිග හැරියොත් නෛතික ශ්‍රිලනිප සමඟ ඉතිරිව සිටින ශ්‍රිලනිප පාක්ෂිකයන් සුළු පිරිසද ලොවෙත් නැත. ලොවි ගසෙත් නැත.

විශාල ජන පදනමක් ඇති ශ්‍රිලනිප මනාප ලැයිස්තුවේ ඉහළින්ම පත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නුවර දිලුම් අමුණුගම, මිහින්තලේ එස්.එම් චන්ද්‍රසේන, හිරියාල සාලින්ද දිසානායක, බෙන්තර-ඇල්පිටිය ගීතා කුමාරසිංහ, දෙවිනුවර කාංචන විජේසේකර, මිනුවන්ගොඩ ප්‍රසන්න රණතුංග පළමු වටයෙන්ද, මාතර මහින්ද යාපා අබේවර්ධන, ඇහැලියගොඩ පවිත්‍රා වන්නිආරච්චි, කළුතර රෝහිත අබේගුණවර්ධන, වලපනේ සී.බී රත්නායක, කැස්බෑව ගාමිණී ලොකුගේ, කුණ්ඩසාලේ කෙහෙලිය රඹුක්වැල්ල දෙවැනි වටයෙන්ද ශ්‍රිලනිප ආසන සංවිධායක තනතුරුවලින් ඉවත් කර ඇත. සියල්ල අවුලවන්නේ චෞර රැජිනියයි. ඇය නොහැකියාවේ සන්නස් නාමයකි.

අලුත් පරපුරේ සමනලී ඇතුළු කලාකරුවන්ට ගහපු අය හිරියාල සංවිධායකය. මන්ත්‍රීන්ට පහරදීමට පිස්තෝලයක් ගෙන පැන්නුවේයැයි චෝදනා ලැබූ තැනැත්තා බෙලිඅත්ත සංවිධායකය. හිටපු ජනාධිපතිනියගෙන් තෑග්ගක් වශයෙන් අලියෙක් ලබාගෙන සංචාරක කටයුතු සඳහා යෙදවූ අය කැස්බෑව සංවිධායකය. නාම්පමුණුව මිනීමැරුම් නඩුවේ තින්දුවෙන් ඔහු ඇතුළු චූදිතයන් සිව්දෙනාට වසර 10කට අත්හිටවූ බරපතල වැඩ සහිත මාස 5ක සිරදඬුවම්ද නියමවිය. අළුතින් පත්කල මීරිගම සංජය සිරිවර්ධන, මීගමුවේ ලලිත් ටෙන්සිල්, මාතර හේමාල් ගුණසේකර ඇතුළු බොහෝ දෙනාගේ වැඩකිඩ ගැන සෙස්ස පස්සටය. මේ සංවිධායකයින් බහුතරයක්ම වාගේ එක් පරපුරකට අයත්ය. මීළඟට ‘යහපාලන’ ආණ්ඩුව සිහින මවන්නේ ප්‍රථම මැතිවරණය වශයෙන් ෆෙඩරල්ද ඇතුළත් ව්‍යවස්ථා සංශෝධනයකට ජනමත විචාරණයක් කැඳවීමටද වන්නට බැරි නැත. මෙයට පෙර 1982 ලාම්පු කලගෙඩි සෙල්ලම් ජනමත විචාරණයේදී ආණ්ඩුව ලාම්පුව දිනවූයේ තගරි බලයෙනි. ගොනා හැරෙන්නේ පොල්පැලය කන්නට බව අටුවා ටීකා අවශ්‍ය නැත.

පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය අපේ රටට අවශ්‍ය ඇයි කියා මාලඹේ සයිටම් පෞද්ගලික වෙද සිසු විදුහලේ අනුග්‍රහයෙන් දැන් සම්මන්ත්‍රණ දෙකක් පවත්වා අවසන්ය. ඒවායේ දේශකයෙක් වුවොත් හොද සම්තින් එකක්ය. නහින දෙහින කාලයේ ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්නනම් ඒවාට ගියාට කමක් නැත. පේරාදෙණිය සරසවියේ 1978 මාමාගේ ආණ්ඩුවට එරෙහිව කළු කොඩි එසවීම නිසා ඔහුගේ අහිමිවූ රැකියාව වෙනුවෙන් බෑනාගේ ආණ්ඩුව හිඟ ලක්ෂ 65ක් පමණ ආචාර්ය බාහුට ඊයේ පෙරේදා වෙන්විය. එ් වෙනුවෙන් ආචාර්ය බාහු කෘතගුණ දැක්විම සාධාරණය. වමේ පිහිටෙන් ජීවිතයේ ඉතිරි වසර දෙක තුනවත් සයිටම් හෝ එල්ලී සැපට ජීවත්වීමට මඟ පාදාගැනීම මෙවැනි දේශපාලන අනාථයින්ගේ සිරිතය. මහාචාර්ය අජන්තා හපුආරච්චිටනම් කමා කල යුතුය. ඇයට අවශ්‍ය කොහේ හෝ වේදිකාවකට ගොඩවී පාළු කැපීමය. රටට දුක දඹර අමිල හිමි මේවාට ගොස් දබර කිරීමට උඩගෙඩි දීමය. පැමිණ සත්‍ය දැනගන්න කියා කීවද අමාරු ප්‍රශ්න ඇසුවොත් කනට ගසනු ලැබේ. මෙහෙම ගියොත් බස් ගැමුණු හුඹස් වනු ඇත.

ආණ්ඩුවේම වරදින් සාලාවේ ගින්නට හසුවූ නිවාස සහ ව්‍යාපාරිකයින්ට තවමත් විධිමත් ලෙස සහන ලැබී නැත. අලාභහානි සඳහා වන්දිද දෙන්නේ හමුදාවෙන් පිලිසකර කරන ලද කොටසට වැයවු මුදල කපා ගෙනය. කොලොන්නාවේ ගංවතුරෙන් විපතට පත්වූ අයද එම බෝට්ටුවේය. කෑගල්ලේ සාමසර කන්දේ නායයෑමෙන් බිහිවුණු පරිසර අනාථයෝ සහන ඉල්ලා තවමත් හඬ නගති. බදුල්ල දිස්ත්‍රික්කයේ මීරියබැද්දේ කඳු නාය යෑමෙන් අනාථ වූවෝ තවමත් කබලෙන් ලිපට වැටුණු ගමන්ය. නායයෑම් වලින් අවතැන් වූවන්ට නිවාස 1,682ක් ඉදිකරන බවට පොරොන්දු වූවද කථාව දෝලාවෙනි. ගමන පයින්ය. නිදහසට කරුණක් වශයෙන් කෝකටත් තෛලයේ ඔසුවක් ඇත. ඒ කලින් ආණ්ඩුවේ ණය තුරුස් ගෙවීමෙන් භාණ්ඩාගාරය හිස් බවය. අධිකරණ නියෝගයක් මත හකුලාගත් වැට් බද්ද කලින් ගැසුවේද ඒ පොතම පෙරළමිනි.

මහින්ද රාජපක්ෂ 2005 ජනාධිපතිවන විට රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 2,139කි. වසර 2014දි මුළු රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 4,161ක් විය. එම අවුරුදු 9තුළ ජීවිත ලක්ෂයක් පමණ විනාශ කල දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදය වසර 30කට පසු මුළුමනින් නිමා කළේය. රටපුරා උතුරු නැගෙනහිර ඇතුළු මහා සංවර්ධනයක් දියත් විය. එබැවින් යුද්ධය නිමාකිරීමට සහ සංවර්ධනය සඳහා විශාල මුදලක් වැයවු බව පිළිගත යුතුය. එම වසර 9තුළ රාජපක්ෂ යුගයේ වසරක සාමාන්‍ය රාජ්‍ය ණය ගැනීම වසරකට රුපියල් බිලියන 583කි. ‘යහපාලන’ ආණ්ඩුව 2015දී පමණක් ගත් රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 1,112කි. මෙය එදාට වඩා දරුණු තත්ත්වයකි. ඇසට පෙනෙන සංවර්ධනයක්ද පේන තෙක් මානයක නැත. රාජ්‍ය ණය ගෙවීම් 2014/15 රාජ්‍ය ණය ගැනීම් වැඩිවී ඇත්තේ රුපියල් බිලියන 242කින් හෙවත් ඇමරිකානු ඩොලර් බිලියන 1.5කි. වෙළෙඳපොළේ තෙල්මිල අඩුවීම නිසා ‘යහපාලන’ ආණ්ඩුවට ඉතිරිවූ මුදල තෙල්වලින් ඇමරිකානු ඩොලර් බිලියන 1.9කි. වැඩිවූ ණය මුදල ගෙවීමට මේ මුදල ප්‍රමාණවත්ය.

එහෙත් ගංවතුර අනාථ ආධාරයක් වශයෙන් බියර් සමාගමට රුපියල් කෝටි 740ක බදු සහනය. මධ්‍යසාර ආනයනකරුවන්ට පනවා තිබූ ලීටරයට රුපියල් 200ක්වු විශේෂ බද්ද රජයේ මුදල් ඇමතිවරයාගේ ගැසට් නිවේදනයක් මගින් රුපියල් 10 දක්වා අඩු කළේය. මධ්‍යසාර ආනයනය කරන මුදලාලිලාට ඉන් ලීටරයකට ලැබුණු ආණ්ඩුවේ සහනාධාරය රුපියල් 190කි. වාර්ෂිකව නීතානුකූලව මධ්‍යසාර සෑදීම සඳහා ශ්‍රී ලංකාවට ගෙන එනු ලබන එතනෝල් ලීටර සංඛ්‍යාව ලක්ෂ 200කි. ඒ අනුව ‘යහපාලන’ ආණ්ඩුව මගින් මධ්‍යසාර ආනයනය කරන මුදලාලිලාට දුන් මෙම බදු සහනය නිසා රටට වාර්ෂිකව අහිමිවන ආදායම රුපියල් කෝටි 400කට ආසන්නය. මතින් තොර රටක් වෙනුවෙන් නඟන හඬේ සැබෑ ස්වරූපය වංකය. එම සටන් පාඨය තවදුරටත් වලංගු යැයි අවංකව සාධාරණීයකල හැක්කේ කවරෙකුටද? බුරන්නා පිළිබඳව පමණක් නොව ඔහු උසි ගන්වන ස්වාමියා පිළිබඳව අවධානයෙන් සිටිය යුතුය.

ආනයනික ලොකු ළූණු සඳහා ආනයනික බද්ද රුපියල් 40 දක්වා ඉහළ දමන බව රජය ප්‍රකාශ කළේය. දැන් දේශීය ළූණු අස්වැන්න නෙලීම ඇරඹී මසකට ආසන්නය. ආනයනික ළුෑණු බද්ද එදා දැම්මේ දේශීය ළූණු අස්වනු නෙලීමට මසකට පෙරය. මෙදා වැඩෙන් සිදුවූයේ ටොන් සිය ගණන් ආනයනික ළූණු වෙළෙඳපොලේ තිබීම නිසා ළූණු ආනයනකරුවන්ගේ කල්ල මරේ වීමය. ළුෑණු ගොවියා හබක්ය. පාරිභෝගිකයාට හුළංය. වාර්ෂිකව ශ්‍රී ලංකාවේ ලොකු ළූණු අවශ්‍යතාවය මෙට්ටික් ටොන් ලක්ෂ 2ක් වන අතර දේශීයව නිෂ්පාදනය වන්නේ මෙට්‍ර්ටික් ටොන් 87,760ක් පමණි. වාර්ෂිකව අල අවශ්‍යතාවය මෙට්ට්‍රික් ටොන් 130,000කි. ඉන් දේශීයව නිෂ්පාදනය කරන්නේ සියයට 40කි. අල ගොවින්ට රුපියල් 65ක සහතික මිලක් දීමට රාජපක්ෂ ආණ්ඩු සමයේදී කටයුතු කළේය. සහල් වලින් සිදුකලාක් මෙන් අල සහ ළුෑණු වලින්ද 2017දී රට ස්වයංපෝෂිත කිරීමේ එදා ආණ්ඩුවේ අරමුණ විය. එය ඉතා සාර්ථකව අදියරින් අදියර සිදුවිය. නමුත් දැන් එය ‘යහපාලන’ ආණ්ඩුව යටතේ මුළුමනින් කඩා වැටෙමින් පවතී. ආනයනික අර්තාපල් සඳහාද විශේෂ වෙළෙඳ බද්ද ඊයේ රුපියල් 5කින් වැඩි කළේය. අශ්වයා ගියාට පසු ඉස්තාලය වසා වැඩක් නැත.

අගෝස්තු 22වැනිදා ඇරඹී අදින් නිමවූ ජාතික ආහාර සුරක්ෂිතා සතියද මිරිඟුවකි. කලින් පෝෂණ මාසය ලෙස කියා බලියක්ද ඇරියේය. මිලියන ගණන් වැයකර පිහිටවූ ජාතික පාරිභෝගික ජාලයෙන් පාරිභෝගිකයාට වූ සෙතක් නැත. අගෝස්තු 1වැනිදා සිට ක්‍රියාත්මක විය යුතු පැණි බීම නීතිය තවම හමස් පෙට්ටියේය. එම්.එස්.ජී රසකාරක තහනම කථාවට පමණි. වස විස නැති ආහාර නැමති පාඨය අතුරලියේ රතන හිමියන්ටනම් රාජගිරියේ සදහම් සෙවන අසපුවේ තවත් ප්‍රොජෙක්ට් එකක් වන්නට බැරි නැත. පන්සල් කඩනවාය. හාමුදුරුවන් හිරේය. රණවිරුවන් දංගෙඩියටය. නමුත් රතන හාමුදුරුවෝ නෝ කථාය.

ශ්‍රි ලංකා වෛද්‍ය සභාවේ ඇති බලතලවලට සමානව ශ්‍රී ලංකාව තුළ ඉංජිනේරු සභාවක් ස්ථාපිත කිරීමටද ඉකුත් ජුලි 29වැනිදා ගැසට් පත්‍රය අනුව යෝජනා කර ඇත. මෙය අරුම පුදුම කවුන්සිලයකි. සමාජිකයන් 17කි. හතරදෙනෙකු ගෙන් 3 ඉංජිනේරු පිඨාධිපතිවරුය. ඉතිරි 13 දෙනාම පත්කරන්නේ රජය මගිනි. ශ්‍රී ලංකා ඉංජිනේරුවන්ගේ සංගමය තවමත් මේ පිළිබඳව කශේරුකාවක් සහිතව විධිමත්ව කථාකර නැත. ප්‍රබල වෘත්තිකයන් පිරිසක්වන ඉංජිනේරුවන් වක්‍රව ග්‍රහණයට ගැනීමට දරණ මෙම වෑයම ජුගුස්සාජනකය.

විලි ලැජ්ජාවේ බැරිය. සමලිංගික සේවනය නීතිගත කිරීමට මූලික වටපිටාව දැන් වපුරමින් සිටී. හියුමන් රයිට් වොච් නැමති ජාත්‍යන්තර මානව හිමිකම් ආයතනය වැඩේට කරගසමින් චිත්‍රපටියක්ද ඉකුත්දා ජනගත කළේය. ශ්‍රී ලංකාවේ සමරිසි ගැහැණු(ලෙසබියන්), සමරිසි පිරිමි(ගේ), ද්විරිසි(බයි සෙක්සුවල්), සංක්‍රාන්ති ලිංගික(ට්‍රාන්ස්ජෙන්ඩර්) අය වෙනුවෙන් ‘යහපාලන’ අනුකම්පාව දැන් දෝරේ ගලායයි. කසාදයක් බැදගෙන දරුමල්ලෝ හදාගෙන ඉඳලා හිටලා කොටුවක් එහෙම පැනගෙන ලස්සනට ලයිෆ් එක ගතකරපු ඇතැමුනට මෙහෙම ගියොත් ඉදිරියේදී හබක්ය.

‘යහපාලන’ ආණ්ඩුව වැඩකට අත ගැසුවොත් අනා ගන්නවාය. බෝට්ටුවක් තිබ්බොත් බිලි පිත්තක් නැත. බිලි පිත්තක් තිබ්බොත් බෝට්ටුුවක් නැත. දෙකම තිබ්බොත් මාළු නැත. ‘යහපාලනය’ යනු බාල සිහිනයකි. ලාභ මෙහෙයුමකි. ‘යහපාලන’ ආණ්ඩුවෙන් ගොඩනැගුණු සංවර්ධනය ඇතමුන් කියන්නේ ඇහැට පේන්නේ නැති බවය. සාක්කුවට දැනෙන්නේ නැති බවය. ආර්ථිකයට දැනෙන්නේ නැති බවය. ඇගට දැනෙන්නේ නැති බවය. ඒක ඇත්තය. එය හරියටම සීතාම්බර සළුවක් වාගේය. බලන් ඉන්න අයටනම් පේන්නේ උපන් ඇදුම පමණි.

යුතුකම සංවාද කවය
www.yuthukama.com  
Like us on facebook :https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions