8/14/2016

ඉන්දියානු ආක්‍රමණිකයා සහ ලංකා හෙංචයියෝ

කතෘ:යුතුකම     8/14/2016   No comments


අප තීරණය කළා මේ තිත්ත ඇත්ත ඔබ හමුවේ තබන්න.

හනුමා පාලම සහ එට්කා ආක්‍රමණය


පසුගියදා ඉන්දුනීසියාවේ පැවති ඉස්ලාමික වෙළද සමුළුවේදී අපේ රජය ප්‍රකාශ කළා ඉන්දියාව එක්ක පාලමක් හදන්න යන බව. කබීර් හෂිම් ඇමතිතුමා ඒ බව ප්‍රකාශ කරන විට අපේ ගරු අගමැතිතුමත් එතනට සහභාගි වෙලා හිටියා. හැබැයි දෙරටේ අගමැතිවරුන් මේ පාලම ගැන සාකච්ඡා වුනු බව ඉන්දියානු පාර්ලිමේන්තුවේදී කියවුනු බව ප්‍රශ්න කෙරුනු විට අපේ අගමැතිතුමා ඔයාට හින්දි පුලූවන්ද කියලා විහිළු කරන්න පටන් ගත්තා. මේක ඉතාම අවාසනාවන්ත තත්වයක් විදියට අපි දකිනවා. මේ අය මේ රටේ ජනතාවට කොළේ වහලා ගහන්නේ කියන එක ඉතාම පැහැඳිලියි. අපි උත්සාහ කරමු සමස්ත පින්තූරය තේරුම් ගන්න.



ජනාධිපතිතුමා තාම දන්නේ නෑ..


රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපතිතුමා හමුවූ අවස්තාවේ එතුමා ප්‍රකාශ කළා මේක අහිතකර නම් අත්සන් කරන්නේ නෑ කියලා. ඒක ඕන ළමයෙක් කියාවි. මේ සම්බන්ධයෙන් කටයුතු ඉතා සීග්‍රයෙන් සිදුවෙත්දි ජනපතිතුමා තවම මේක හොඳද නරකද කියලා දන්නේ නෑ. මේක දේශපාලන ප්‍රශ්නයක් නෙමේ. මේක අපේ ප්‍රශ්නයක්. මේ සම්බන්ධයෙන් කතා කරන්න, මෙහි වගකීම ගන්න කෙනෙක් නෑ. ජනාධිපතිතුමා යමක් පැවසුවහම විදේශ ඇමතිවරයා කියනවා ඒක එතුමාගෙ පෞද්ගලික මතය කියලා.

මේ ගිවිසුම හොදයි කියලා එළියට බැහැලා කියන පිරිසක් නෑ. අඩු තරමේ සමන් රත්නප්‍රිය මහත්මයාවත් මේක හොදයි කියලා කියන්නේ නෑ. ඇයි එහෙම වෙන්නේ?


ආර්ථික වශයෙන් ලංකාවට ඉතාම භයානක ගිවිසුමක් 

මේක උඩින් බැලුවහම ආර්ථික ගිවිසුමක්. ආර්ථික අතින් පමණක් ගත්තත් මේක ඉතා භයානකයි. මේ වෙළද ගිවිසුම් කියන ඒවා තාක්ෂණික වශයෙන් මුලින්ම බලපාන්නේ රටක වෙළද පරතරයට.

ඒ  කියන්නේ රටක් විදියට අපි අනෙක් රටවල් සමඟ වෙළදාමේ දී එන අපනයන සහ ආනයන අතර පරතරය.
දැනට ලංකාවේ වාර්ෂිකව මේ අගය ඇ. ඩො. බිලියන සෘණ අටක් විතර. ඉන්දියාව එක්ක විතරක් ඇ. ඩො. බිලියන සෘණ තුනහ මාරක්. මේක දැනටත් අපේ රටට දැවැන්ත ප්‍රශ්නයක්. සමස්ත සෘණ වෙළද පරතරයෙන් 40%කට වඩා එන්නේ ඉන්දියාවත් සමඟ පමණක් කෙරෙන වෙළදාමෙන්. එතකොට හරිනම් අපි අද සාකච්ඡා කරන්න ඕනා කොහොමද මේ ඉන්දියාවත් එක්ක තියෙන වෙළඳ පරතරය අවම කරගන්න කටයුතු කරන්නේ කියන එක. ඒ සඳහා කොහොමද ඉන්දියානු සහය ගන්නේ. ඒ සදහා කොහොමද දැනට ඉන්දියාව එක්ක පවතින භාණ්ඩ සදහා වන නිදහස් වෙළද ගිවිසුමෙන් අපට සිදුවන අසාධාරණයන් නිවැරද කර ගන්නේ, කොහොමද අපේ මත්ස්‍ය සම්පත ඉන්දියානුවන් විසින් ටොන් ගණනින් කොල්ල කාගන්න වළක්වා ගන්නේ කියන කාරණා.

ඉන්දියාවේ නිර්මලා සීතාරාමන් සහ ලංකාවේ මලික් සමරවික්‍රම දෙදනාම ඉන්දියාව වෙනුවෙන් වැඩ

ඒකට හොදම උදාහරණය තමයි ඉන්දියාව. ලංකාවේ මලික් සමරවික්‍රම ඇමති තුමා වගේ ඉන්දියාවේ ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් පිළිබද මේ විෂය හොබවන්නේ නිර්මලා සීතාරාමන් මහත්මිය. එතුමිය මේ අවුරුද්දේ මාර්තු මාසේ ඉන්දීය ලොක් සභාවට ලිඛිතව ඉදිරිපත් කළා ඉන්දියාවට චීනයත් එක්ක තිබෙන සෘණ වෙළද පරතරය අඩු කරන් ගන්න චීනය ඉන්දියාවට සහය ලබා දිය යුතුයි. ඉන්දියාවට චීනයත් එක්ක තියෙන්නේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.5%ක සෘණ වෙළද පරතරයක්. අපට ඉන්දියාවත් එක්ක තියෙනව දළ දේශීය නිෂ්පාදිතයෙන 4.5%ක වෙළද පරතරයක්. ඉන්දියාව මේ කලාපයේ වැඩියෙන්ම ගනුදෙනු කරන චීනයත් එක්ක වෙළද ගිවිසුමක්වත් අත්සන් කරලා නෑ. ඒ වෙනුවට ඔවුන් චීනයෙන් ඉල්ලා සිටිනවා වෙළඳ පරතරය අඩු කරන්න අපට උදව් වෙන්න කියලා. එහෙම තමයි තමන්ගේ රටට ආදරය කරන ඉන්දියානු ඇමතිවරුන් ක්‍රියා කරන්නේ. අපරාදේ කියන බෑ, අපේ අයත් ඒ වගේමයි. ඉන්දියාවට ආදරෙයි. අපේ මලික් සමරවික්‍රම ඇමතිතුමා වෘත්තිකයෝ එක්ක සාකච්ඡාවෙදි පැවසුවා ඉන්දියාව එක්ක තියෙන වෙළදාම වැඩි කරන්න ඕන කියලා. දැන් මොකක්ද ඉන්දියාව එක්ක වෙළදාම වැඩි කරලා  අපට ඇති වැඩේ. අපි ඉන්දියාවට බිලියන බාගයක් විකුණලා ඉන්දියාවෙන් බිලියන හතරක භාණ්ඩ හා සේවා මිලදී ගන්නවා.  ඒ කියන්නේ දෙරට අතර වෙළදාම බිලියන 4.5 යි. හැබැයි වෙළද පරතරය බිලියන 3.5 යි. නිර්මලා මැතිනිය චීනය එක්ක තියෙනෙ වෙළද පරතරය ගැන කතා කරද්දී අපේ ගරු ඇමති තුමා ඉන්දියාව එක්ක තියෙන සමස්ථ වෙළදාම ගැන කතා කරනවා. අපේ ඇමතිතුමා වෙළඳ පරතරය කියන අදාළ කාරණය ගැන කතා කරන්නේ නෑ.

ඒක තමයි වෙනස. බඩු මිලදී අරගත්තා කියලා දියුණුවෙන්න බෑ. එහෙම දියුණු වෙන්න පුලුවන්නම් ඉතින් හරිම ලේසියි, ණයවෙලා භාණ්ඩ හා සේවා මිලදී ගන්න තියෙන්නේ. අපේ  රටේ කිසිම සූදානමක් නෑ ඉන්දියාවට සේවා සපයන්න. ඉන්දියාව ඒකේ අනිත් පැත්ත. ඔවුන්ට ලංකාවේ සේවා ක්ෂේත්‍රය ඩැහැ ගත හැකි වටපිටාවක් හැදිලා තියෙන්නේ.

ගිවිසුම කෙටුම්පත් කළේ කවුද කියලවත් ලංකාවේ කිසිම කෙනෙක් දන්නේ නෑ

වෘත්තිකයන් එක්ක සාකව්ඡාවලදී අපට දුන්නා අවසන් කරපු කොටස් 14ක් එට්කා ගිවිසුමේ . ඒක අධ්‍යනය කරලා බැලුවහම සියළුම ක්ෂේත්‍ර ඒකට ඇතුලත්. සෞඛ්‍ය, අධ්‍යාපනය පවා ඒකට ඇතුළත් වෙන විදියටයි ඒක සකස් කරලා තියෙන්නේ. ඊළගට ඒකට තව කොටස් එකතු කරලා තිබ්බා.

කවුද මේක කෙටුම්පත් කළේ කියලා ඇමතිතුමාගෙන් ඇහුවහම ඇමතිතුමා හැමදාමත් ඉන්දියාවත් එක්ක ගිවිසුම්වලට ලංකා පාර්ශවය නියෝජනය කරන ආර්ථික විශේෂඥ "අති ගරු" සමන් කැලේගම මහත්මයාගෙන ඇහැවා කවුද කියලා. මම අතිගරු කියලා කිව්වේ මෙතුමා සුවිශේෂි පුදගලයෙක් නිසා. එතුමා සමත්වෙලා තියෙනවා චන්ද්‍රිකා මැතිණියගෙන් පටන් ගෙන එතෙක් මෙතෙක් තිබුණු සියළු ආණ්ඩුවලට මේ ඉන්දියානු ගිවිසුම් ලංකාව නියෝජය කරන තෝල්කයා වශයෙන් කටයුතු කරන්න. ඔබ දන්නාවා ලංකාවේ දේශපාලන සංස්කෘතිය අනුව ඒක ඉතාම සුවිශේෂි ලක්ෂණයක්. මොකද ආණ්ඩු මාරු වෙන කොට උපදේශයෝ ඉතිරිවෙන්නේ නෑ මේ රටේ. හැබැයි මෙතුමා මාරු වෙන්නේ නෑ. එතුමා හැමදාමත් ඉන්දියානු ගිවිසුම්ව්ල ලංකාවේ උපදේශකයා. පුදුම හැකියාවක්.

හැබැයි මෙතුමා කියනවා අර එට්කා ගිවිසුමේ කොටස් හැදුවේ කවුද කියලා දන්නේ නෑලු. ඒ කියන්නේ ලංකාවේ කිසිම කෙනෙක් දන්නේ නෑ මේ ගිවිසුම හැදුවේ කවුද කියලා. ඔන්න ඕකයි මේකේ තත්වය. එහෙම ගිවිසුමක් තමයි මේ අය උඩ දාගෙන අත්සන් කරන්න දුවන්නේ. මේක මේ රට ඉන්දියානු ගෙල ග්‍රහණයට හසුවන අවස්ථාව. අපේ රටේ ඉන්න ඉන්දියානු සට්ටැම්ඹියන්ට පැවරිලා තියෙන කාර්ය තමයි, ඉන්දියාව ලංකාවේ බෙල්ලට තොණ්ඩුව දමද්දි ලංකාව ඉන්දියානු කර පටියකින් සරසළා ජනතාව මුලා කරන එක. ඔබ දැකලා ඇති අද ඇමතිවරු මයික්‍රපෝන ඉස්සරහ අඬා වැටෙනවා. ඒ ගොල්ලන්ගේ ඇස්වලට කඳුළු එනවා ඉන්දියාවෙන් ගිලන් රථ ගෙනාවාහම තියෙනෙ සතුටට. මේ කරන්නේ මිනිස්සුන්ව ගොනාට අන්දන එක. අපි මේක අත්සන් කරන්න යන්නේ කලාපීය බලවතා එක්ක. මේ වෙලාවේ මේකට ඉඩ හැරියොත් අපට මේක ආයේ නිවැරදි කරන්න අවස්ථාවක් නෑ.

ස්වෛරීයත්වය පාවා දෙමුද?

එට්කා තේරුම් ගන්නනම් අපි පුළුල් චිත්‍රය දැක ගත යුතුයි. මම නැවත එන්නම් මේ පාලමට. අපි වසර දෙදහස් පන්සියයක් පුරා රැකගත්ත අනන්‍යතාවයක් ස්වෛරීයත්වයක් තිබෙනවා. මේ ගිවිසුම ගැහුවට පස්සේ අපේ වෙළඳ පරතරය සීග්‍ර ලෙස වර්ධනය වෙනවා. ඒකේ ප්‍රතිපල විදියට රුපියල අවප්‍රමාණය වෙනවා. වැයවන විදේශ විනිමය හොයන්න අපේ මව්වරුන් වැඩි වැඩියෙන් මැදපෙරදිගට විකුණන්න වෙනවා. ණය ගන්න වෙනවා. ණය කොන්දේසිවලට යටත් වෙන්න වෙනවා. මේ සියල්ල වෙළඳ පරතරය වැඩි වීම කියන කාරණය සමඟ ගැට ගැසී තිබෙනවා. මේ ජන සමාජයේ අහිංසක මිනිසුන්ගේ ජීවිතත් එක්ක මේක ගැටගැහිලා තියෙනවා. මොකද අන්තිමට මැද පෙරදිග ගිහිල්ලා මේක හොයන්නේ සල්ලි තියෙන මිනිස්සු නෙමේ.
මේ සියළු ප්‍රශ්න උද්ගත උනාම ආණ්ඩුවට කියන්න සිද්ධ වෙනවා. අපි විදේශ ආයෝජකයන් ගෙන්වාගත යුතුයි කියලා. එතකොට අපට කියාවි දැන් ආයෝජකයෝ එන්නේ නැත්තේ අපි ඉන්දියාව එක්ක භූගෝලිය වශයෙන් වෙන් වෙලා තියෙන නිසා. මේ ප්‍රශ්න වලින් ගොඩ එන්න නම් කළ යුත්තේ ඉන්දියාව එක්ක පාලමක් ගහලා යා වෙන එකයි කියලා. එදාට මේක ලේසියෙන් පරද්දන්න බෑ, මොකද ඒ වෙනකොට ආර්ථික වශයෙන් බෙලහීන කරපු ලංකාව් බෙල්ලට ඉන්දියාව තොණ්ඩුව දාලා ඉවරයි.

ඉන්දියාව විසින් දෙමළ සන්ධානය හරහා දමිළ ජාතිකයන්ගේ ඡන්ද මෙහෙයවන නිසා...

බොහෝ අය අහන ප්‍රශ්නයක් තමයි මොකද්ද ආණ්ඩුවට තියෙන වාසිය මෙච්චර භයානක ගිවිසුමක් අත්සන් කරලා කියලා. ඒක ඉතාම අවාසනාවන්ත තත්වයක්. මොකද ඔබ දන්නවා ප්‍රභාකරන් දෙමළ ජනතාව අතර විරුද්ධ මත දරන සියළු දෙනා ඝාතනය කළා. එහි අවාසනාවන්ත ප්‍රතිපලයක් විදියට දෙමළ ජනතාව අතර දේශපාලනිකව සිතීමේ හැකියාව මොටවෙලා තියෙන්නේ. ඔවුන් ඡන්ද කුට්ටිය පිටින් එක පැත්තකට බරවයි ලබා දෙන්නේ. ඒ ඡන්ද කුට්ටිය මෙහෙයවන්නේ දෙමළ ජාතික සන්ධානය. දෙමළ ජාතික සන්ධානය මෙහෙය වන්නේ ඉන්දියාව විසින්. ඉතින් මේ අය හිතනවා තමන්ට බලය ලබා ගන්න සහ ලබා ගත් බලය පවත්වා ගන්නත් ඉන්දියානු සහය අවශ බව.

ආණ්ඩුව ඉන්දියාව ඉදිරියේ බිම දණගහගෙන කන් දෙකෙනුත් අල්ලගෙන ඉන්නේ. මේ අවසනාවන්ත මොහෙතෙන් මේ රට බේර ගන්න සියළු දෙනාම එකාවන්ව පෙරට එන්න කියලා ඉල්ලා සිටිනවා.

යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)
https://www.facebook.com/yuthukama

, , ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions