8/17/2016

ශ්‍රීලනිප අප්පච්චි මරා දමා අම්මා විකුණන් කන පාපතරයන්ගේ කුඹුල් කඳුළු වලට නොරැවටෙමු

කතෘ:යුතුකම     8/17/2016   No comments

-යටියන ප්‍රදීප් කුමාර-ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරන ලද දැවැන්ත පාද යාත්‍රාව පිළිබඳ  ශ්‍රීලනිපයේ මෛත්‍රී කල්ලිය විසින් මීට ටික දිනකට පෙර මාධ්‍ය හමුවක් තබා සිදු කළ අපූරු ප්‍රකාශයක් මේ සටහන තබන්නට ආසන්නතම හේතුව විය. තරමක් ප්‍රමාද වුවත් අද මෙය පළකරනුයේ ශ්‍රීලනිප බල අධිකාරිය විසින් එජාප විරෝධී පිළ නියෝජනය කරන ශ්‍රීලනිප ආසන සහ දිස්ත්‍රික් සංවිධායකයින් 40 කගේ තනතුරු අහිමි කර ඇති අවස්ථාවකදීය.

ශ්‍රීලනිපයේ බලතල හොබවන මේ ඇමති කටු ලොවින එහෙයියන් එම මාධ්‍ය හමුවේදී මෙන්ම පසුව නොයෙක් තැන් වලදීත් ප්‍රකාශ කර සිටියේ මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායම ද්‍රෝහී වන්නේ පක්ෂයේ අම්මාට, එනම් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියට බවයි. මේ පාද යාත්‍රාව නිසා සතුටට පත් වන පාර්ශවයක් වේ නම් ඒ එක්සත් ජාතික පක්ෂය යැයි ඔවුහු මවාගත් හැඬුම්බර මුහුණින් පවසනු පෙණින..
මේ ප්‍රකාශයේ වලංගුභාවයක් ඇත්ද? විමසිල්ලේ විමසා බලමු.
'ශ්‍රීලනිප' යේ අම්මාට ද්‍රෝහී වූයේ කවුද?

එදා බණ්ඩාරනායක මහතා එක්සත් ජාතික පක්ෂය අතහැර දමා ශ්‍රීලනිප ය නිර්මාණය කළේ ධර්මපාලතුමා ඇරඹි ජාතික ව්‍යාපාරය හරහා උද්දීපනය වූ මේ රටේ ජාතිකත්වයට ලැදි ස්වදේශික ජනයාගේ දේශපාලන අභිලාශය සාක්ෂාත් කරන ව්යාපාරයකට විජාතික එක්සත් ජාතික පක්ෂය හරහා අවකාශයක් නැති බව වටහා ගැනීම හේතුවෙනි. එදා පටන් ශ්‍රීලනිපයේ දේශපාලන ගමන් මග එක්සත් ජාතික පක්ෂ විරෝධී රේඛාව හරහා වැටී තිබුණේ එයට උරුම දේශපාලන මග එයම වූ බැවිනි.එය හුදු පක්ෂ දේශපාලන
ට, පක්ෂ බේදයට එහා ගිය , සංස්කෘතික වෙනස්කම් මත ඒවාට උරුම වී තිබූ ස්වාභාවික ගමන් මග විය.

මේ සවාභාවික ගමන් මග හරස් කර මේ ප්‍රවාහ දෙක කෘතීමව එක් කිරීමට උත්සාහයන් ගැනුනේ අද ඊයේ නොවේ. ඒ වෙන කිසිවක් නිසා නොව මේ පක්ෂ දෙක පක්ෂ දෙකක් ලෙස සිටින තාක්කල් බෙදුම්වාදී බලවේගවලට තමන්ට අවශ්‍ය දුර යෑමට අවශ්‍ය ජවය නොලැබෙන බැවිනි. ජවය වෙනුවට ලැබුනේ ප්‍රතිවිරෝධයයි. එය රටක් වශයෙන් බැලූවිට සුභ ලකුණක් විය. රට බෙදන්නට කැස කවන බලවේග වලට ලොකුම බාධකය වූයේ මේ ද්වි-පක්ෂ ප්‍රතිවිරෝධයයි. එදා චන්ද්‍රිකා ආණ්ඩු සමයේ 'උතුරේ ගැටලුවලට විසඳුම් සෙවීමේදී පක්ෂ දෙක එකට කටයුතු කළ යුතුය" යනුවෙන් ලියම් ෆොක්ස් නරි ගිවිසුමට පක්ෂ දෙක එකඟ කරගත්තේ මේ ප්‍රතිවිරෝධය නැති කර බෙදුම්වාදය පිනවීමේ අවශ්‍යතාවය වෙනුවෙනි. කෙසේ නමුත් ලියම් ෆොක්ස් ගිවිසුම ඒ අයුරින්ම සාර්ථක නොවුණු අතර 2004 දී ජනතා විමුක්ති පෙරමුනේ ජාතිකවාදී පාර්ශවයේ මැදිහත්වීම හරහා චන්ද්‍රිකා ජනපතිනිය විසින් රනිල් වික්‍රමසිංග ආණ්ඩුව දණ ගස්සන්නේ 'රට බෙදන අලි කොටි හවුල' යන සටන් පාඨය ඔස්සේය.

කෙසේ හෝ එදා අසාර්ථක වූ ලියම් ෆොක්ස් ගිවිසුම 20015 යථාර්ථයක් බවට පත් කරගන්නට මේ බෙදුම්වාදය වෙනුවෙන් කැපවුණු කණ්ඩායම්වලට හැකි විය. රනිල්-සිරිසේන ආන්ඩුව නිර්මාණය වන්නේ එතෙක් කරගත නොහැකිවූ නීත්‍යානුකූලවම බෙදුම්වාදය බලාත්මක කිරීමේ ඒ ද්‍රෝහී ව්‍යායාමයේ අවසන් අදියර වෙනුවෙනි. (අද වන විට අනෙකුත් සියළු සටන් පාඨ අහිමිව නිරුවත්ව සිටියදීත් බෙදුම්වාදය වෙනුවෙන් පෙනී සිටි විකල්ප ගෝත්‍රයේ පඬියන් තව දුරටත් ව්‍යාජ සටන් පාඨ නිර්මාණය කරමින් මේ ද්‍රෝහී හවුල රකින්නේම එබැවිනි )

ශ්‍රීලනිපය නිර්මාණය කළ බණ්ඩාරනායක මහතා පැතූ ඒ එජාප ප්‍රතිපත්ති වලට එරෙහි ජනතා බලවේගය ජනාධිපතිධූර බලලෝභී දුර්වලයකුගේ ජනපති සිහිනය වෙනුවෙන් 20015 ජනවාරි වල උකස් කෙරිණ. ඒ ශ්‍රීලනිප යේ ජනාධිපති අපේක්ෂකයාට එරෙහිව එක්සත් ජාතික පක්ෂය සමග එක ගේ කෑමට තීරණය කිරීමත් සමගමය.

බණ්ඩාරණායක මහතාට වෙඩි තබා ඝාතනය කිරීමෙන්වත් ඝානතනය කිරීමට නොහැකි  වූ සැබෑ ශ්‍රීලනිපයේ ප්‍රතිපත්ති නැමති 'අප්පච්චී' ඝාතනය කළේ එදාය. එනම් එජාප සංස්කෘතියට එරෙහි විකල්ප දේශපාලන සංස්කෘතියට උරුමකම් කියූ ශ්‍රීලනිපය එජාපයේ පිළිකණ්නේ බැඳ දැමීමත් සමගය. ජනාධිපතිධූර අපේක්ෂකත්වය වෙනුවෙන් සිදු කළ ඒ තුච්ච පාවාදීමට අනුබල දුන් තක්කඩියන් අද 'ශ්‍රීලනිප' අම්මා ගැන කිඹුල් කඳුළු හෙලන්නේ වෙන කිසිවකට නොවේ. තමන්ගේ බඩ ගෝස්තරය වෙනුවෙන් ලැබුණු ඇමති කට්ට තව ටික කලක් සූප්පු කරන්නට අවශ්‍ය සුදුසුකම් ප්‍රදර්ශනය කිරීමටය.

දෙවන වරටද 2015 මහ මැතිවරණයේ ශ්‍රීලනිප යට උරුම වන්නට තිබූ මැතිවරණ ජයග්‍රහණය පාදඩ දේශපාලන පාවාදීම හරහා ආපසු කැරකූ නිවට පක්ෂ නායකත්වය යළිත් ශ්‍රීලනිපය ඝාතනය කළේ එදා සිරිමාවෝ මැතිණියගේ ප්‍රජා අයිතිය අහෝසි කර එතුමියට මිහිපිට අපායක් නිර්මාණය කළ පාපතරයන් අතට බලය ලබා දෙමිනි.

මේ සියලු ආකාරයෙන් ශ්‍රීලනිපය එජාප කුස්සියේ හැලි වලන් අල්ලන පිස්නාව බවට පත් කළ කල්ලිය පසුගියදා පාද යාත්‍රාවට දින කිහිපයකට පෙර කඩි මුඩියේ අපූරු ප්‍රකාශයක් කළේය. එතෙක් වසර 2ක් යැයි කිය කියා සිටි රනිල් -සිරිසේන දීගය තවත් වසර තුනක් ඉදිරියට දීර්ග කරන බවයි. ඒ හරහා ශ්‍රීලනිපය එජාප උගුලෙන් ගලවාගැනීමට තිබූ අවසන් අවස්ථාවද සිරිසේන මහතාගේ බලලෝභය වෙනුවෙන් අහොසි කරගති. පක්ෂ නැති බංගස්ථාන වුවත් තමන්ට ජනාධිපතිධුරය රැක ගැනීමට අවශ්‍ය කේවල් කිරීමට පමණක් සෑහෙන ලෙස පක්ෂ නායකත්වය රැක ගැනීම ඔහුගේ අරමුණයි.මේ ජඩ පාවාදීම් වල ඉදිරිපෙළ නායකයන් අද මාධ්ය හමු පවත්වමින් මේ පාද යාත්‍රාව නිසා එජාපය සතුටු වනවා යැයි පැවසීම අමුම අමු ගොන් කතාවකි.

ශ්‍රීලනිප මූලස්ථානයට ශ්‍රීලනිප පාක්ෂිකයාම හූ කියන්නේ ඇයිද යන්න විමසිල්ලේ විමසා බැලීමට පක්ෂ නායකත්වය බලහත්කාරයෙන් අල්ලාගෙන සිටින සිරිසේන මහතා ප්‍රමුඛ කල්ලියට සංයමයක් නැත. ඒ තමන්ට හිමි නැති පක්ෂ නායකත්වය රැක ගැනීමට ඔවුනට වෙහෙස වීමට සිදු වී ඇති බැවිනි.
මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ශ්‍රීලනිපයේ ජනතාවාදී කණ්ඩායමද මෙහිදී කිවයුත්ත කෙලින් නොකී‍යා තවමත් වටේ යන්නේ ඇයිද යන්න සැබෑ ශ්‍රීලනිප පාක්ෂිකයාට ගැටලුවකි. ඔවුනට මේ හූව ගැන කෙලින් කීමට කතාවක් තිබිණ. එනම් ඔවුන් නිට්ටඹුවේදී ශ්‍රීලනිප නිර්මාතෲ බණ්ඩාරණායක මැතිතුමාගේ සහ මැතිණියගේ සොහොන් කොත අසලදී එයට උපරිම ගෞරව ලබා දෙමින් මුලු පාද යාත්‍රාවම ඉතා සංයමයෙන් මෙහෙයවූ බවයි.ශ්‍රීලනිප මූලස්ථානයට හූ කී බව වසං කිරීමට අවශ්‍ය නැත. ඔවුනට කීමට තිබුණේ ' ඒ හූ කීවේ ශ්‍රීලනිප යට නොව එය බලහත්කාරයෙන් අල්ලාගෙන සිටින , පක්ෂය ගණිකා වෘත්තියේ යොදවන සිරිසේන මහතා ප්‍රමුඛ ද්‍රෝහී කල්ලියට බවයි"
නමුත් අවාසනාවට එවන් ප්‍රකාශයක් නොඇසිණ.
අවසාන වශයෙන් කිවයුත්තේ  සිරිකොතට කුලියට විකුණා ශ්‍රිලනිපයේ ප්‍රතිපත්ති  නැමති "අප්පච්චී" ඝාතනය කළ අමනයෝ අද ශ්‍රීලනිපයේ "අම්මාට" අවමන් කරනවා යැයි නගන අඳෝනාව කෙල පිඩක් සේ බැහැර කළ යුතුය . ඒ මේ අමනයන් ශ්‍රීලනිපයේ මූලික ප්‍රතිපත්ති නැමති "අප්පච්චී" ඝාතනය කිරීමෙන් නොනැවතී ශ්‍රීලනිපය නැමති ආදරණීය "අම්මා" සිරිකොතේ ගණිකා වෘත්තියට ඇද දමන්නට පහසුකම් සැපයූ  දේශපාලන "පිංපියන්" වන බැවිනි.


-යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions