2016 නිකිණි මස 19 දින දී ය
රට කරවන නරනිඳු සොඳ
නැණ බල පිරි යහ ගුණ සරු
රැස් කරවා මහජන ගඟ
කියනුව වසරක වතගොත
විස්මිත වු දියුණුවකි
ලැබුවෙ මේ වසර තුළ
නො පෙනෙනා මුත් ඇසට
කුසට නො දැනෙන නමුදු
පසුම්බියට ද හොරෙන්
සිදු වු සංවර්ධනය
නැණ සපිරි අයට මිස
හුදී ජනයෙනි තොපට
පසක් කර ගත නො හැක
සිදු වු සුවිසල් වෙනස
සයෙන් නිති පෙළෙනමුදු
නයන අඳ නැති බැවිනි
නැණ නුවන මඳ වුව ද
දකිමු දින දින වෙනස
බලනු මැන නිරිඳ ගරු
හොඳ සිහිය එළඹ සිට
මෙවන් වූ කතා පෙර
අසා ඇත්තෙමු අප ද
සීතාම්බර පටය
ගත වසා සිටින ඔය
කවුද වියලා දුන්නේ
ඇන්දෙව්වෙ කවුරුන් ද
-යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :
https://www.facebook.com/yuthukama
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .