8/11/2016

රට රැකි විරුවන් - විරුවන් රැකි රට ද්‍රෝහී ලෙස පාවාදීමේ පනත හකුළා ගනු ! - JNC

කතෘ:යුතුකම     8/11/2016   No comments

ගරු ජනාධිපති තුමනි,
ගරු අග‍්‍රාමත්‍යතුමා ප‍්‍රමුඛ අමාත්‍යවරුනි,
ගරු මන්ත‍්‍රීවරුනි,
ති‍්‍රවිධ හමුදාපතිවරුනි,
නීතිපතිතුමනි,


අතුරුදහන් වු තැනැත්තන් පිළිබඳ කාර්යාලයක් පිහිටුවීම, පරිපාලනය කිරීම හා කර්තව්‍ය ඉටුකිරීම සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍යතුමා විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර ඇති නීති කෙටුම්පත සම්මත වීමෙන් රාජ්‍යයේ ස්වාධිපත්‍යයට සිදුවිය හැකි අවධානම පිළිබඳව ජාතික ඒකාබද්ධ කමිටුව ඔබගේ අවධානය සඳහා පහත කරුණු යොමු කිරීමට කැමැත්තෙමු.

අතුරුදහන් වු තැනැත්තන් පිළිබඳ කාර්යාලයක් පිහිටුවීම සඳහා වු මුල් අදහස මුලිකව ඉදිරිපත් කරනු ලැබුවේ මානව අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතින්ගේ මහ කොමසාරිස්වරයා පසුගිය වසරේ දී මානව අයිතිවාසිකම් කවුන්සිලයේ 30 වන සැසියේ දී ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් වු නිර්දේශයන් තුලින් බව සඳහන් කළ යුතුව ඇත. මේ සම්බන්ධයෙන් කොමසාරිස්වරයාගේ වාර්තාවේ 25 වන නිර්දේශයේ සඳහන් වන්නේ, අතුරුදහන් තැනැත්තන් පිළිබඳව ශී‍්‍ර ලංකා රජය ස්ථාපනය කරනු ලැබු ජනාධිපති කොමිෂන් සභාව විසුරුවා ස්වාධින ආයතනයක් ස්ථාපනය කළ යුතු බවය.

මේ නිර්දේශවල සෘජු ප‍්‍රතිඵලයක් වශයෙන් ශී‍්‍ර ලංකා රජය එක්සත් ජනපදය හා තවත් රටවල් කිහිපයක් හා එකතුව ශී‍්‍ර ලංකා රජයට විරුද්ධව ගෙන එනු ලැබු යෝජනා සම්මතයේ කි‍්‍රයාකාරි කොටසේ 4 වන ෙඡ්දයේ සඳහන් කළේ අතුරුදහන් වු තැනැත්තන් පිළිබඳ කාර්යාලයක් ස්ථාපනය කිරීමට ශී‍්‍ර ලංකා රජය කටයුතු කරන බවයි.

මේ අනුව මෙම පනත් කෙටුම්පත ගෙන එනු ලැබ ඇත්තේ ශී‍්‍ර ලංකා ජනතාවගේ අවශ්‍යතාවයකට නොව මර්දනකාරි බටහිර බලවේගවල හා බෙදුම්වාදින් ගේ අවශ්‍යතාවය ඉටු කිරීමට බව අප ගේ සාමුහික විශ්වාසයයි.

පනත් කෙටුම්පතේ ‘‘අතුරුදහන් වු තැනැත්තකු’’ යන අර්ථ නිරූපනයට අනුව මෙම පනත උතුරු හා නැගෙනහිර පළාත්වල හටගත් සන්නද්ධ ගැටුම් සම්බන්දයෙන් හා ශී‍්‍ර ලංකා ආණ්ඩුවේ මෙහෙයවීමෙන් අතුරුදහන් වී ඇති තැනැත්තන්ට සීමා කිරීමට දරා ඇති උත්සාහය ගැන අපි විමතියට පත්වීමු. මෙ රටේ සිදුවී ඇති අතුරුදහන්වීම් බොහෝමයකට වගකිව යුත්තේ ත‍්‍රස්තවාදීන් ය. එහෙත් අතුරුදහන්වීම් සම්බන්ඳයෙන් වගකීම ශී‍්‍ර ලංකා රජය වෙත යොමු කිරීමට මෙම පනත උත්සාහ දරයි. 13 වන වගන්තියේ අතුරුදහන්වූවන් අනුස්මරණය කිරීම සඳහා ප‍්‍රතිපාදන සලසා ඇත්තේ රටවැසියන් රැුකීමට ති‍්‍රවිද හමුදාවගත් කි‍්‍රයාමාර්ග හෙළාදකිමින් ත‍්‍රස්තවාදීන් සැමරීම බව පැහැදිලි ය.

කාර්යාලයේ සංයුතිය

පනත් කෙටුම්පතේ 3 වන වගන්තියේ ‘‘ ඕ.එම්.පී.’’ යනුවෙන් හඳුන්වන ලබන අතුරුදහන් වු තැනැත්තන් පිළිබඳ කාර්යාලයක් පිහිටුවිමට යෝජනා කර ඇති අතර, එය පොදු මුද්‍රාවක් සහිත අවිýන්න පැවැත්මක් ඇති සංස්ථාපිත මණ්ඩලයකි (3(2) වගන්තිය). මෙම කාර්යාලය ව්‍යවස්ථා සභාවට විසින් පත් කරනු ලබන ශී‍්‍ර ලංකා සමාජයේ බහුත්ව ස්වභාවය පිළිබිඹු වන සාමාජිකයන් හත් දෙනෙකුගෙන් සංයුත්ත වේ (4(1) හා 4(2)(අ) වගන්ති). දැනට ව්‍යවස්ථා සභාව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, විපක්ෂ නායක සම්බන්ධන්, රාධිකා කුමාරස්වාමි, සිබ්ලි අසීස්, ඒ.ටී. ආරියරත්න ඇතුළු ඡුන්දය පාවිච්චි කළ හැකි සාමාජිකයන් 9 දෙනෙකුගෙන් සමන්විතය. ඉන් 5 දෙනෙක් අගමැති හා විපක්ෂ නායක විසින් පත් කළ අය වේ. මේ අනුව වර්තමාන ව්‍යවස්ථා සභාවේ බහුතරයක් විසින් තෝරාගන්නා ඕ.එම්.පී. කාර්යාලයේ හත් දෙනා කවර ස්වරුපයේ අයවනු ඇත් ද යන්න පිළිබඳ යම් ඉ`ගියක් අපට සපයයි.

රජයේ කාර්යාලයක් සංස්ථාපිත මණ්ඩලයක් ලෙස නිර්මාණය කිරීම සාමාන්‍ය සම්ප‍්‍රදාය නොවේ. ශී‍්‍ර ලංකා පොලිස් දෙපාර්තමේන්තුව හා නීතිපති දෙපාර්තමේන්තුව සංස්ථාපිත මණ්ඩල නොවේ. අල්ලස් හා දුෂණ මර්ධන කොමිෂම වුවද සංස්ථාපිත මණ්ඩලයක් නොවේ. රජයේ කාර්යාලයක් භාරව සිටින රජයේ ධුර දරන්නන් ඔවුන් ගේ සත්භාවමය නොවන කි‍්‍රයා සම්බන්ධයෙන් පුද්ගලිකව වගකිව යුතු ය. ‘‘ ඕ.ඒම්.පී.’’ කාර්යාලය මෙ සේ සංස්ථාපනය කර ඇත්තේ එහි සාමාජිකයන්ට ඔවුන් ගේ වැරැදිවලින් ආරක්ෂා වීම සඳහා ආවරණයක් සැපයීමට ද යන සැකය අපට තිබේ. මේ අනුව මෙම කාර්යාලය විසින් ගනු ලබන තිරණ ‘‘ ඕ.ඒම්.පී.’’ යන සංස්ථාපිත මණ්ඩලයක් විසින් ගනු ලබන සාමූහික තිරණ බැවින් එහි සාමාජිකයන් ගේ මෙහෙය විමෙන් ගනු ලබන තිරණවලට පුද්ගලිකව වගකිමෙන් මීදිමට එහි සාමාජිකයන්ට අවස්ථාව ලැබේ.

කාර්යාලය සඳහා ජාත්‍යන්තර ප‍්‍රජාවෙන් මුදල් ලබා ගැනීම

මෙම කාර්යාලය පවත්වාගෙන යාම සඳහා රජය ඒකාබද්ධ අරමුදලින් ලබාදෙන මුදල් වලට අමතරව දේශිය හා ජාත්‍යන්තර ප‍්‍රජාවගෙන් (national & international community) ත්‍යාග, ප‍්‍රදාන හා පරිත්‍යාග ඍජු ව ලබා ගත හැකිය. මෙහිදි සඳහන් කළ යුතු වැදගත් කරුණක් වන්නේ පනත් කෙටුම්පතේ සිංහල පිටපතේ ‘‘ප‍්‍රජාව’’ යන වචනය නොයොදා හුදෙක් දේශිය සහ ජාත්‍යන්තර ත්‍යාග වශයෙන් සඳහන් වීමය. මෙය සිංහල කථා කරන සාමන්‍ය ජනතාවගෙන් මෙම කාර්යාලයට මුදල් ලබා ගන්නා නියම මුලාශය වසන් කිරීමට දරන ලද ප‍්‍රයත්නයක් බව පෙනේ. මේ අනුව මෙම කාර්යාලයට ජාත්‍යන්තර ප‍්‍රජාවගෙන් මුදල් ලබාගත හැකි අතර ඔවුන්ට කාර්යාලයේ ”අරමුණු ඉටු කර ගැනීම සඳහා අරමුදල් උපයා ගැනීමට” (21 වගන්තිය) බලය පවරා ඇති අතර ඔවුන් මුදල් ‘‘උපයා ගන්නේ’’ කෙසේ දැයි අපට ඇතිවන තවත් ප‍්‍රශ්නයකි. මෙම කාර්යාලයට තමන් වෙත ලැබෙන තොරතුරුවලින් මුදල් උපයා ගැනීම සඳහා මාර්ග සලසා ඇත්ද යන්න පැහැදිලි කරගත යුතුව ඇත.

ඕ.එම්.පී.යේ බලතල

මෙම කාර්යාලයට දේශිය හෝ විදේශිය හෝ සංවිධානයකින් හෝ යම් තැනැත්තෙකු සමග ගිවිසුම්වලට ඇතුලත් වීමට බලය ලබා දෙන ප‍්‍රතිපාදන කෙටුම්පතට ඇතුලත් වී ඇත (11 (අ) වගන්තිය). එසේම කාර්ය මණ්ඩලය සහ උපදේශකයන් පත්කර ගැනීමට මෙම කාර්යාලයට හැකිය. මේ අනුව විදේශිකයන් බඳවා ගැනිම සඳහා විදේශිය ආයතන සමග ගිවිසුම් ගැසිමට මෙම කාර්යාලයට බලය ලැබේ. එපමණක් නොව මෙම කාර්යාලයේ ශාඛා හා අංශ පිහිටුවිමටත් ඒවාට අවශ්‍ය බලය පවරා දීමටත් පුළුවන. මෙම ප‍්‍රතිපාදනවල සෘජු ප‍්‍රථිපලය විදේශිකයන් විසින් පාලනය කරන කර්යාලයක් බිහි කිරීමයි.

‘‘ ඕ.එම්.පී.’’යේ බලතල වලට ඇතුලත් වන තවත් වැදගත් කරුණක් වන්නේ අතුරුදහන් වු තැනැත්තන් පිළිබඳ විමර්ශනය කිරීමේ මුවාවෙන් දී ඇති බලතලයි. ඒ අනුව ඕනෑම අයකු මෙම කාර්යාලයට කැඳවා වාචික හා ලිඛිත සාක්ෂි සටහන් කර ගැනිමට ද, ඔවුන් සම්බන්ධයෙන් ඇති ලේඛන හෝ වෙනත් දෙයක් ’‘ ලබා ගැනිමට ද, ‘‘පොලිස් ස්ථානයකට, බන්ධනාගාරයකට හෝ වෙනත් යම් ස්ථානයකට දිවා කාලයේ හෝ රාති‍්‍ර කාලයේ ඕනෑම වේලාවකදී වරෙන්තුවක් නොමැතිව ඇතුළු වී විමර්ශනය කිරීමට සහ ඕ.එම්.පී. විසින් පවත්වනු ලබන යම් විමර්ශන කාර්ය සඳහා අවශ්‍ය යැයි සලකනු ලබන යම් ද්‍රව්‍යයක් පරික්ෂා කිරීමට හා එහි පිටපත් හෝ උධෘත ලබා ගැනිමට, තහනමට ගැනිමට සහ රඳවා තබා ගැනීමට ඕ.එම්.පී. හි යම් නිශ්චිත නිලධාරියෙකුට බලය පැවරීමට’’ (12(ඊ) වගන්තිය) ද හැකි වේ.

ඕ.එම්.පී. හි මේ ‘‘නිශ්චිත නිලධාරියා’’ කවරකුද යන්න පනත් කෙටුම්පතේ අර්ථකථනය නොවේ. කලින් සඳහන් කළ පරිදි ගිවිසුම්ගතව මෙම කාර්යාලයේ සේවය කරන විදේශිකයයෙකු නිශ්චිත නිලධාරියකු ලෙස නම් කිරීමට මේ අනුව මෙම කාර්යාලයට පුළුවන. එබැවින් විදේශිකයන්ට අපගේ හමුදා මුලස්ථානයට හෝ බුද්ධි අංශයකට හෝ කඩා පැන එහි ද්‍රව්‍ය තහනමට ගැනිමටත්, ඕනෑම ලේඛනයක් තම භාරයට ගැනීමට හෝ එහි පිටපත් ගැනීමටත්, අපේ රණවිරුවන්ගේ ප‍්‍රකාශ ගැනිමටත් බලය තිබේ. එ සේ ම වෙනත් යම් ලිඛිත නීතියක හෝ එය යටතේ සාදන ලද නියෝගයක පටහැනිව කුමක් සඳහන් වූව ද ඕ.එම්.පී.යේ නියෝග සියලූ රජයේ සේවකයන් පිළිපැදිය යුතු ය. (12 (ඉ)) ඇමරිකානු ‘‘විමර්ශකයන්’’ ඉරාන හමුදා භටයන්ගේ ප‍්‍රකාශ ලබාගත් අන්දම අද රහසක් නොවේ. ඉරානයේ දී කටයුතු කළේ බලහත්කාරයෙනි. එහෙත් අප නිත්‍යානුකුලව එම කාර්ය කිරීමට අවශ්‍ය නීති සම්පාදනය කිරීමට සැරසීම කණගාටුවට කරුණකි.
ඕ.එම්.පී.ය හෝ එහි නිලධාරියෙකු කරන විධානයකට අවනත නොවන අයෙකුට විරුද්ධව නඩු පවරා නීතිමය කටයුතු කර ද`ඩුවම් දිමට අවශ්‍ය ප‍්‍රතිපාදන ද මෙම පන්ත කෙටුම්පත තුලට ඇතුලත් කර ඇත (25 වගන්තිය).

අතුරුදහන් වූ තැනැත්තන් ගැන පමණක් නොව ”අතුරුදහන්වීමේ අවස්ථානුගත කරුණු පිළිබඳව පරීක්ෂණයක් සහ / හෝ විමර්ශනයක් කිරීම” ද (12 (ආ) වගන්තිය)‘විමර්ශනය කිරීමේ බලතල’ යටතේ මේ ආයතනයට පවරා ඇති බව ද මෙහි දී සිහි තබාගත යුතු ය. එ පමණක් නොව අතුරුදහන් වූ තැනැත්තන් සම්බන්ධ සිදුවීම් පිළිබඳ නිසි කි‍්‍රයාමාර්ග ගැනීම පිණිස අදාළ බලධාරීන් වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම ද (10 (ආ)) මෙහි කාර්යභාරයට අයත් ය.
විමර්ශන බලතල යටතේ සාක්ෂි ආඥ පනතට පටහැනිව සිවිල් හෝ අපරාධ නඩු කටයුතුවල දී ලිඛිත හෝ වාචික ආවේශ කළ නොහැකි ප‍්‍රකාශ හා ලේඛන පිළිගැනීමේ බලය ද (12 (ඇ) (iii) ඕ.එම්.පී.යට පවරා ඇත. එ් හා සමඟ රහස්‍යභාවයෙන් ලබා දෙන තොරතුරු භාරගැනීමේ ක‍්‍රමවේදයන් සැකසීම ද ඊට ඇතුලත් ය. (12 (ඇ) (iv) හා (v).

අතුරුදහන් වූ හමුදා නිලධාරීන්ට හා ත‍්‍රස්තවාදින්ට සමාන ලෙස සැලකීමට නියම කිරීම 13 (ඔ) (vii) යටතේ වින්දිතයන්ගේ සහ අතුරුදහන් වූ තැනැත්තන්ගේ ඥතීන්ගේ සමාජීය සහ ආර්ථික තත්ත්වයන් වැඩි දියුණු කිරීමට අදාළ වන්දි ලබාදීම හා අනිකුත් කි‍්‍රයාමාර්ග ගැනීම ද ඕ.එම්.පී.හි කාර්ය වලට අයත් ය. එ් හා සමඟ ම (14) යටතේ කවර හෝ හේතුවක් මත වෙනස්කම් දැක්වීමකින් තොරව සමානාත්මභාවය මත අතුරුදහන් වූ තැනැත්තන්ගේ අයිතිවාසිකම් කි‍්‍රයාත්මක කරන බවට සහතික විය යුතු බව කියා තිබීම මඟින් ති‍්‍රවිධ හමුදාවල නිලධාරීන්ට හා සෙබළුනට ද ත‍්‍රස්තවාදීන්ට ද සමානව සැලකීමට මේ පනතින් කරුණු යොදා තිබීම අපගේ බලවත් පිළිකුලට හේතුවන බව නොකියා බැරි ය.

මෙම කෙටුම්පතේ සඳහන් වන තවත් ප‍්‍රශ්නගත ප‍්‍රතිපාදනයක් නම් ” ඕ.එම්.පී” මගින් සිදුකරනු ලබන විමර්ශනයක ප‍්‍රතිපලයක් වශයෙන් යම් අතුරුදහන් වුවා යැයි කියන තැනැත්තෙකු නැවත ජීවත්ව සිටින බවට තොතරතුරු ලැබු අවස්ථාවක වුව ද තොරතුරු ලබා දිය හැක්කේ එසේ අතුරුදහන් වු බව ස`ගවමින් සැ`ගවි සිටි තැනැත්තන්ගේ කැමැත්ත මත පමණක් වීමය. වංචනික ලෙස සැ`ගවි සිටිමින් අපගේ හමුදාව විසින් ඝාතනය කරන ලදැයි චෝදනා කර අපගේ රජයට හා එහි හමුදාවේ කීර්තිනාමය කෙලෙසා ඇති විටෙක වුවද එවැනි වංචනිකයන් ආරක්ෂා කිරීමට මෙම පනත් කෙටුම්පත කටයුතු කිරීම පුදුම සහගතය. මෑතක දී සම්මත කෙරුණු තොරතුරු දැනගැනීමේ පනත පවා අදාළ නොවන බවට වගන්ති මෙහි පනවා ඇත. (15 (ii)).

මෙම ඕ.එම්.පී. කාර්යාලයට ඔවුන්ගේ කටයුතු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනිමට අවශ්‍ය නොවේ. අවශ්‍යතාවය එය පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කිරීමට පමණි.

මේ අනුව මෙම පනත් කෙටුම්පත බටහිර බලවේගවල ඕනෑ එපාකම්වලට අනුව බෙදුම්වාදින් ගේ න්‍යාය පත‍්‍රයට අනුගතව ඉදිරිපත් කළ ලියවිල්ලක් බව ඉතා පැහැදිලිය. මෙය ශී‍්‍ර ලංකාවේ ජාතික ආරක්ෂාවට, පරමාධිපත්‍යයට බලවත් තර්ජනයකි. මේ නිසා මෙම පනත් කෙටුම්පත නීතිගත කිරීමෙන් වළකින ලෙස ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනු කැමැත්තෙමු.

ජාතික ඒකාබද්ධ කමිටුව


යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions