8/16/2016

සිරිසේන මහතා සුදු හුණු ගා වසන්නට හදන පාවාදීමේ පනතේ තිත්ත ඇත්ත

කතෘ:යුතුකම     8/16/2016   No comments

තිත්ත ඇත්ත
-ධර්මන් වික්‍රමරත්න-

මේ වනවිට වර්තමානයේ ශ්‍රී ලංකා ජනමතය හැඩගැසී ඇත්තේ ඒකාබද්ධ විපක්ෂයට වාසිසහගත ලෙසය. ඉකුත්දා පැවති ලක්ෂ සංඛ්‍යාවක් සහභාගිවූ පාද යාත්‍රාවෙන් සිදුවූයේ ආණ්ඩු විරෝධී ව්‍යාපාරයකට අවශ්‍ය සංවිධාන ශක්තිය ගෙන ආ බලවේග කුල්මත් කරන ජනතා ව්‍යාපාරයක් මතුවීමය. මේ වූ කලී වසර 2020න් මෙපිට පවතින රජය පරාජයට පත්කිරීමේ තුරුම්පු සකසන ක්‍රියාවලියකි. පාර්ලිමේන්තුව තුළ වර්තමානයේ තුනෙන් දෙකෙන් වූවද සම්මත වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත් ඉදිරියේදී බලයට පත්වන රජයකට වෙනස් කරන්නට හැකි බැවින් ඒවා එතරම් දුරදිග යන ඒවා නොවේ.

වර්තමාන ආණ්ඩුව එදා ප්‍රේමදාස ආණ්ඩුවටත් වඩා පිරිහීමට ලක්වෙමින් පවතින ආණ්ඩුවකි. ඉකුත්දා බ්‍රිතාන්‍යයේ පැවති ජනමත විචාරණයකදී යුරෝපා සංගමය සිටිය යුතුයැයි ආණ්ඩුව සහ විපක්ෂය එකම මතයක සිටියද මහජනයා යුරෝපා සංගමයෙන් වෙන්විය යුතු බවට තීරණය කෙරිණි. ශ්‍රී ලංකාවේද දැන් සිදුවන්නේ එජාප ආණ්ඩුව සහ ශ්‍රිලනිප නෛතික පාර්ශවය කුමන කරුණු කාරනා ක්‍රියාත්මක කලද සම්මත කලද ඒවා ඔවුන්ගේ පක්ෂවල මතයන් මිස පොදුජනතාවගේ සැබෑ ජන මතයන් නොවන බවය. වර්තමාන ආණ්ඩුවට අවශ්‍යනම් මේ සඳහා වසරකට අධික කාලයක් කල්දමා ඇති පළාත් පාලන පුංචි ඡන්දය පවත්වා ජනමතය උරගා බැලිය හැකිය. එසේ නොකර සීමානිර්ණ කමිටුවට මුවාවී පළාත් පාලන ඡන්දය පැවැත්වීම වර්තමානයේ තවදුරටත් කල්දැමීමෙන් මේ සිදුකරන්නේ වර්තමානයේ ඇති ජනතා විරෝධය හොදහැටි ආණ්ඩුවද අවබෝධ කරගෙන ඇති නිසාය.

ඒකාබද්ධ විපක්ෂය අති සාර්ථක අන්දමින් ඉකුත් මාස කිහිපය තුළ වැඩ සටහන් ගණනාවක් සැලසුම් කළේය. මහින්ද රාජපක්ෂගේ මෙහෙයවීමෙන් එම වැඩසටහන් වල අදිසි හස්තය බවට පත්ව සිටියේ බැසිල් රාජපක්ෂ ඇතුළු කිහිප දෙනෙකි. ජනතාව දැනුවත් කිරීමේ තෙදින වැඩසටහනක් බදුල්ල දිස්ත්‍රික්කයේ ආසන 9 ප්‍රථමයෙන් ආරම්භ කල අතර එය සාර්ථක විය. ඒකාබද්ධ විපක්ෂය වැඩි බරක් යොදා ඇත්තේ තමනට වාසි සහගත තැන් නොව ඉකුත් ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී තමනට අවාසි සහගත තත්ත්වයක් පෙන්නුම් කල දිස්ත්‍රික්කයක් සඳහාය. පාද යාත්‍රාව පැවැත්වූයේ එවැනි දුර්වල දිස්ත්‍රික්කයන් වූ නුවර, කෑගල්ල, ගම්පහ සහ කොළඹ මායිම් කරගෙනය. පාද යාත්‍රාව අවසන් දින පැමිණි කොළඹ දිස්ත්‍රික්කයේ මැද කොළඹ සහ උතුරු කොළඹ වැනි ආසන එජාපයට වාසි සහගත තැන්ය.

ලබන වසර එනම් 2017 සැප්තැම්බර් මස සබරගමු, උතුරු මැද සහ නැගෙනහිර පළාත් සභා නිල කාලය අවසන් වේ. එවිට අනිවාර්යයෙන් ඒ සඳහා පළාත් සභා මැතිවරණ පැවැත්වීමට රජයට සිදුවනු ඇත. එය පළාත් පාලන ඡන්ද මෙන් කල්දැමිය හැකි නොවේ. එම පළාත්හි විශාලතම දිස්ත්‍රික්ක වන අනුරාධපුර සහ රත්නපුර ඇතුළු දිස්ත්‍රික්ක ගණනාවක්ම ඒකාබද්ධ විපක්ෂයට දේශපාලනික වශයෙන් අතිශයින් වාසි සහගත ස්ථානයන්ය. ලංකීය දේශපාල ඉතිහාසයේ එජාපයට ප්‍රතිවිරුද්ධව පැවති ශ්‍රිලනිප වර්තමානයේ එහි හුදු වල්ගයක් බවට පත්කරගෙන සිටී. වෙනත් අයුරකින් කියනවානම් ද්විපක්ෂ ක්‍රමය අහෝසි කර ප්‍රධාන පක්ෂයක් සමඟ ශ්‍රිලනිප නෛතික පාර්ශවය එකට ගැටගැසී තිබේ. මෙම විශාල හිඩැස හෙවත් රික්තය පිරවීම ඒකාබද්ධ විපක්ෂය සිදුකරමින් පවතී.

දේශපාලන විරුද්ධවාදීන් දඩයම පාද යාත්‍රාවට පෙර සිට උග්‍රවෙමින් පැවතිනි. පාද යාත්‍රාවට පෙර අත්අඩංගුවට ගත් හිටපු ඇමති බැසිල් රාජපක්ෂ සහ ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මුසම්මිල්ට දැන් ඇප ලැබී තිබේ. ඇමති බැසිල් රාජපක්ෂට මෙවර චෝදනාව වූයේ රජයේ මුදල්වලින් කෝටි තුනහමාරක වියදමින් නියමිත ටෙන්ඩර් පටිපාටියකට අනුව මිලදී ගත් ඇලුමිනියම් පයිප්ප බට ප්‍රාදේශීය සභා 58කට බෙදාදී ඇති බවකි. පාද යාත්‍රාවේ සංවිධායක කටයුතු අතරතුර රිමාන්ඩ් ගතකල බැසිල් රාජපක්ෂ පාද යාත්‍රාව අවසන් වීමෙන් පසු පොලිසියේ විරෝධයකින් තොරව ඇපද ලිහිල් කරමින් ඇප පිට මුදවාහැරීම සිත්ගන්නා සුළුය.

සමෘද්ධි ඇමති එස්. බී දිසානායක ඊයේ පෙරේදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කියා සිටියේ පයිප්ප බට බෙදා දීම සම්බන්ධයෙන් ඇමති බැසිල්ගෙන් කිසිදු වරදක් සිදු නොවී ඇති බවය. නියමිත ටෙන්ඩර් පටිපාටියෙන් ඒවා මිලදීගෙන අදාළ පළාත් පාලන ආයතන වලට භාරදී ඇති බවද එව් පළාත් පාලන ආයතනය එවා භාරගත් බවට සහතික කර ඇති බවද ඇමති එස්.බී එහිදී කියා සිටියේය. අපවත්වූ ගැටමාන්නේ හේමාලෝක නායක හිමිපාණන්ගේ අවමඟුල් උත්සවය සඳහා පිළියන්දල ප්‍රදේශය සහ ඒ අවට කොඩි සිටුවා තිබුණේ කැස්බෑව සහ හෝමාගම ප්‍රාදේශීය සභාවට අයත් එම කොඩිකනු යොදා ගනිමිනි. වර්තමානයේ සියළුම ප්‍රාදේශීය සභා වාගේ රාජ්‍ය උත්සව සහ ජනතාවගේ වැඩසටහන් සදහා උපයෝගි කර ගන්නේද එම කොඩිකණු බව ප්‍රසිද්ධ රහසකි.

ඒකාබද්ධ විපක්ෂයේ මීලඟ ක්‍රියාමාර්ගයට දැන් සියළු කටයුතු යොදා ඇත. ලබන සැප්තැම්බර් මස ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සහ අම්පාර දිස්ත්‍රික්කයේ ජනයා ගෙන් ගෙට ගොස් දැනුවත් කිරිමට ඒකාබද්ධ විපක්ෂයේ ක්‍රියාකාරිකයින් දහස් ගණනක් එම දිස්ත්‍රික්ක දෙකේ සිව් දිනක් ස්ථානගත වනු ඇත. එහි මූලික පියවරක් වශයෙන් අගෝස්තු අවසන් සතියේ ප්‍රාදේශීය දේශපාලන නායකයින් සහ ප්‍රජා නායකයින් හමුවීමට ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් යනු ඇත. එය පෙරලියක් නොව අලුත් ආරම්භයකි.

පර්ලිමේන්තුවට ඊයේ කඩිමුඩියේ ගෙන ආවේ අධිරාජ්‍යවාදීන්ට සහ බෙදුම්වාදීන්ට රට පාවාදෙන පනත් කෙටුම්පතකි. ඒකාබද්ධ විපක්ෂයේ විරෝධය නිසා දැන් එය පියවරක් පසුපසට ගෙන තිබේ. එහෙත් එහි බරපතල අවදානම කිසිසේත් බැහැර කල නොහැකි කරුණකි.

අතුරුදහන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය සම්බන්ධයෙන්වූ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඊයේ ඉදිරිපත් කල අවස්ථාවේදී ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන සියළු මන්ත්‍රීන් එයට එරෙහිව කළුපටි පැලඳ පැමිණ විරෝධය පළ කලහ. එමෙන්ම පාර්ලිමේන්තුව ආරම්භයේදීම ඇතිවූ උණුසුම් තත්ත්වය හේතුවෙන් එය කල්දමා පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට කථානායකවරයා කටයුතු කරන ලදී. අවසානයේ පනත පස්වරු 2.30ට පාර්ලමේන්තුවේදී සංශෝධන සහිතව සම්මත වූයේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් තොරවය.

සංශෝධන සහිතව සම්මතවූ මෙම පනත් කෙටුම්පත අතුරුදහන්වූවන් පිළිබඳව සොයා බැලීම සඳහා හෝ අතුරුදහන්වූවන්ගේ පවුල්වලට සහන සැපයීමේ කාර්යයක් නොවේ. අතුරුදහන්වූවන්ට සහන සැපයීමට අවශ්‍යනම් ආණ්ඩුවට පරණගම කොමිසන් සභාවේ වාර්තාවේ තිබූ කරුණු අනුව අතුරුදහන්වූවන්ට සහන සැලසීම, වගකිව යුතු පුද්ගලයින් හදුනාගැනීම සහ නීති මාර්ගයෙන් කටයුතු කල හැකිය. එසේ කරනු වෙනුවට මේ කරන්නට යන්නේ එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කටයුතු ආයතනය නියම කර ඇති ආයතන 3න් එකක් පිහිටුවීමය. එහි සැබෑ පරමාර්ථය නම් පොලිස් දෙපාර්තමේන්තුවට හෝ නීතිපති දෙපාර්තමේන්තුවට හෝ ලබාගත නොහැකි ජාතික ආරක්ෂාවට අදාළ බුද්ධි අංශ‍ තොරතුරු ලබාගෙන රණවිරුවන් රටින් බැහැරවදී අත්අඩංගුවට ගෙන ඔවුන්ට විරුද්ධව විදේශීය අධිකරණ මගින් දඬුවම් කිරිමට අවශ්‍ය තොරතුරු ලබාදීමය.

ඉකුත් රජයන් අතුරුදහන්වූවන් සොයා බැලීම සඳහා කොමිසන් සභාවන් ගණනාවක් පත්කරන ලදී. ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග ගේ කාලයේ ඒ සඳහා සොයා බැලීමට කොමිසන් සභා 3ක් පිහිටුවනු ලැබූ අතර උතුරු නැගෙනහිර පළාත්වල අතුරුදහන්වූවන් සොයා බැලීමට හිටපු මහාධිකරණ විනිසුරු සුන්දරලිංගම් ප්‍රධානත්වයෙන් කොමිසමක් පත්කර තිබිණි.

අතුරුදහන්වූවන්ගේ කාර්යාලය සාමාජිකයන් 7කින් සමන්විතය. සාමාජිකයන් පත්කරනුයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මගිනි. දැනට සිටින ව්‍යවස්ථා සභාවේ 10දෙනාගෙන් 7 දෙනෙකු අගමැති රනිල් වික්‍රමසිංහ සහ කථානායක විසින් පත්කල විපක්ෂ නායක ආර් සම්බන්ධන් නම්කර ඇති අය වේ. ඉන් තිදෙනෙක් මේ රජය බලයට පත්වීම සඳහා කටයුතු කල රාජ්‍ය නොවන සංවිධාන සහ රජයට සම්බන්ධ අය වේ. ඒ අනුව සැබෑ විපක්ෂය නියෝජනය කරන කිසිවෙක් ව්‍යවස්ථා සභාවේ නැත.

මෙම කාර්යාලයේ සේවය සඳහා නිලධාරින් පත්කිරීමේ සහ ඉවත්කිරීමේ බලය ඇත්තේ එහි සාමාජිකයින්ටය. රජයට හෝ රාජ්‍ය සේවා කොමිසන් සභාවට එහි නෛතික බලයක් නැත. විදේශිකයන්ගෙන් අවශ්‍ය තාක්ෂණික සහාය ලබාගත හැකිය. ඒ සඳහා අත්දැකීම් ඇති නමගිය බෙදුම්වාදීන් පවා පත්වීම නොවැලැක්විය හැක්කකි. මෙයට පැමිණිලි අතුරුදහන්වූවන්ගේ පවුල්වල සාමාජිකයින්ට පමණක් නොව දේශීය විදේශීය ඕනෑම සංවිධානයකට වුවද ත්‍රිවිධ හමුදාවට, පොලිසියට සහ ඒවායේ නායකයින්ට සහ සාමාජිකයින්ට එරෙහිව පැමිණිලි කල හැක.

යෝජිත අතුරුදහන්වූවන්ගේ කාර්යාලය මගින් බලය පැවරූ නිශ්චිත නිලධාරියෙකුට අධිකරණය මගින් නිකුත්කල වරෙන්තුවක් නොමැතිව දවසේ ඕනෑම මොහොතකදි කිසිවෙකු රඳවා තබාගෙන ඇතැයි විශ්වාස කරන රටේ ඕනෑම පොලිස් ස්ථානයකට, බන්ධනාගාරයකට, හමුදා කඳවුරකට වැනි ඕනෑම තැනකට ඇතුළුවී විමර්ශනය කිරීමට සහ එහි භාණ්ඩ පරික්ෂා කිරීමට ලේඛනවල පිටපත් ලබාගැනීමටද තොරතුරු ඇතුළත් යැයි විශ්වාස කරන පරිගණක ආදිය රඳවා තබා ගැනීමටද බලයක් ඇත. මානව හිමිකම් සභාවට, අල්ලස් කොමිසමට හෝ කිසිම අධිකරණයකට මෙවැනි බලයක් පවා නැත.

විදේශ ආයතන වලින් කෙලින්ම අරමුදල් ලබාගැනීමේ සහ විදේශ ආයතන සමඟ ගිවිසුම් වලට එලැබීමේ බලයද එයට ඇත. මෙය කාර්යාලයක් වශයෙන් හදුන්වාඇති නමුදු එය ඇත්ත වශයෙන්ම විනිශ්චය සභාවකි. පුද්ගලයින් කැඳවීමට, සිතාසි නිකුත් කිරීමට, එයට බලය ඇත. මෙම පනත් කෙටුම්පත රටේ බලපැවැත්වෙන සියළු නීති අභිබවා ක්‍රියාත්මක වීමේ අවධානමක් පවතී. රාජ්‍ය රහස් තොරතුරු හෙළිදරව් කිරීම දඬුවම් ලැබීමේ වරදක් වූවද මේ යටතේ ඒවා හෙළිදරව් කිරීමට සිදුවේ.

මෙවැනි බලතල පොලිසියට, ත්‍රිවිධ හමුදාවට, මානව හිමිකම් කොමිසමට හෝ ශ්‍රේෂ්ඨාධිකරණයට පවා නැත. එසේ සහාය දැක්වීමට අපොහොසත් වීම හෝ ප්‍රතික්ෂේප කිරීම අධිකරණයට අපහස වීමේ චෝදනාවක් සේ සලකා අභියාචනාධිකරණය මගින් දඬුවම් පැවරිය හැකි වරදකි. මෙම කාර්යාලයේ කටයුතු වලට ශ්‍රී ලංකාවේ සාක්ෂි ආඥා පනත බලපවත්වන්නේ නැත. ඒ නිසා ඕනෑම බොරු සාක්ෂියකට හෝ නෛතික වලංගු භාවයක් ලැබෙනු ඇත. ආරක්ෂක අංශවල දෙමළ බෙදුම්වාදය පැරදවීම සඳහා සටන් කල හමුදා නිලධාරින්ට විදේශීය අධිකරණ හමුවේ යුධ අපරාධ පිළිබඳව මුහුණ දීමට සිදුවන්නේ මෙවැනි සාක්ෂි මතය. අතුරුදහන්වූ පුද්ගලයින් හමුවූ විට ඒ බව වසන් කිරීමට වුවද හැකිවන්නේ අතුරුදහන්ව සිටියයැයි කියන පුද්ගලයා හමුවුවහොත් ඒ පිළිබඳව පවුලේ අයට සහ අදාළ පාර්ශවවලට දැනුම්දෙන්නේ ඔහුගේ කැමැත්ත මත පමණක් වීම හේතුකොටගෙනය.

පාර්ලිමේන්තුවේ සිදුවන ජනතා විරෝධී ක්‍රියාමාර්ගවලට එරෙහිව විරෝධය පෑම් අවශ්‍යය. නෛතික සටන අවශ්‍ය තැනට එයද පංකාදුය. මහපාරේ සටන අවශ්‍ය තැනට එයද ඕනෑය. අලි මදිවට හරක් කීවා සේ එජාපය සහ ශ්‍රිලනිප නෛතික පාර්ශවය අතර එකගෙයි කෑමද වරදාන සඳහා වසර 5ක් දක්වා දික්කරගෙන ඇත. ආණ්ඩුව හිතන්නේ බලය ඇති නිසා ඕනෑම දෙයක් කල හැකි බවය. ජේ.ආර් ගේ පමණක් නොව ප්‍රේමදාසගේ ආණ්ඩුද සිතුවේ එසේය. රාජආණ්ඩු යුගයේ පවා සම්මත විපක්ෂයක් නොතිබූ බව සැබෑවකි. එහෙත් සැඟවුණු විපක්ෂයක් සැමදා සැමතැනකම විය. මේ සෑම ඓතිහාසික සිද්ධියකින්ම සනාථවූ එක් කරුණක් ඇත. එනම් ජනමතය විපක්ෂය සමඟ වූ කල්හි රජු පරාජය වූ බවය.


ධර්මන් වික්‍රමරත්න
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions