11/10/2016

හිලරි පරාජය කිරීම වෙනුවෙන් සහෝදර ඇමෙරිකානු ජනතාවට උත්තමාචාරය!

කතෘ:යුතුකම     11/10/2016   No comments

-ප්‍රකාශ් වැල්හේන-ඇමෙරිකාවේ පක්ෂ දෙකෙන් මොකක් බලයට ආවත් ඔවුන්ගේ විදේශ ප්‍රතිපත්තියේ මහා ලොකු වෙනසක් වේයැයි බලාපොරොත්තු විය නොහැක. මහා වෙනසක් කිරීමට සද්ද දමමින් පැමිණි ඔබාමාටද කලහැකි වූ කෙංගෙඩියක් නැත. තම වර්ගයා වෙනුවෙන් සෞඛ්‍ය රක්ෂණයක් වූ Obamacare වත් හරියට කරගත නොහැකි වූ අතර, 2007 දී පටන් ගත් ආර්ථික අගාදයටද පිළියම් කල නොහැකි විය. විදේශ ප්‍රතිපත්තියේ ලොකු වෙනසක් නොමැති උවත් ඔළුගෙඩි වෙනස් වීමත් ජාත්‍යන්තර තත්වයන්ගේ වෙනස් වීමත් තුලින් අපටත් ලොකු අවාසි තුල සුළු වාසි ලැබිය හැකිය. බිල් ක්ලින්ටන්ගේ කාලයේදී කදිරගාමර් ඇමති තුමාගේ දක්ෂතාවය නිසා ඇමෙරිකාවේ එල්ටීටිය තහනම් විය. Twin Tower 911 සිද්ධියෙන් පසු, ත්‍රස්තවාදීනට එරෙහිව යුද ප්‍රකාශ කල බුෂ් ආණ්ඩුවෙන් එල්ටීටීයේ නැව් විනාශ කිරීම සඳහා සමහර තොරතුරු ලැබුණු අතර එල්ටිටිය මර්දනය කිරීමට සුළු සහයෝගයන් ද ලැබුණු බව සඳහන් වේ.

මෙවර ඇමෙරිකා ජනාධිපතිවරණය වෙනදාට වඩා ලංකාවට විශේෂ වැදගත් කමක් තිබුනේ ඇයි ? ඒ ඇමෙරිකාවේ ප්‍රථම ජනාධිපතිනිය වීමට කැස කැවූ හිලරි ක්ලින්ටන් නිසාය. ප්‍රසිද්ධියේ ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ජයග්‍රහණය පැතු සුළුතරය අතර මගේ ද ඒකායන අපේක්ෂාව වුයේ ඇයගේ පරාජයි. ඒ ට්‍රම්ප් ඇයට වඩා හොඳ නිසාවට වඩා ඇය ට්‍රම්ප්ට වඩා භයානක නිසාය. ට්‍රම්ප්ට ජන්දය දුන්නේ ඇයිදැයි මාධ්‍යවේදියෙකු අමෙරිකානුවෙකුගෙන් විමසු විට ඔහු පවසා ඇත්තේ I hate Mrs Hillary Clinton little more than I hate Mr Donald Trump කියාය. (මා ට්‍රම්ප්ට මහතාට අකමැති ප්‍රමාණයට වඩා ටිකක් වැඩියෙන් ක්ලින්ටන් මහත්මියට අකමැති නිසාය). ඔබාමා සමග 2008දි සටන් වැදුණු ඇය Shame Obama, Shame Obama කියමින් සිට පසුව ඔහුගේ රාජ්‍ය ලේකම් වරිය වුවාය. මෙවර ට්‍රම්ප්ට විරුද්ධව, ස්ත්‍රී ඡන්ද අරමුණු කරමින්, ට්‍රම්ප් ස්ත්‍රීන්ට එරෙහි දුෂ්‍ය ලිංගික කතාවන් කර ඇතැයි පරණ වීඩියෝ ගෙනහැර දක්වන්නට ගොස් තම ස්වාමි පුරුෂයා වූ බිල් ක්ලින්ටන්ගේ පරීක්ෂණයකට බඳුන් වී ප්‍රසිද්ධ වූ ලිංගික අපයෝජනයක් ගැන මාධ්‍ය හමුවට ගෙන ඒමට ට්‍රම්ප්ට අවස්තාව දෙමින් හොඳහැටි නාගත්තාය.

ඇය අපට සැලකුවේ මෙලෙසය. ලෝක මුල්‍ය අර්බුදයට මුහුණ දෙමින් 2008 වනවිට, එල්ටීටිය අවසන් කිරීමේ අවසන් යුද්දයට එළඹී සිටි, මුල්‍ය වශයෙන් වැටී සිටි රාජපක්ෂ රජයට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලබාගත හැකිව තිබු (ජා. මු. අ. සාමාජිකයින්ගේ හිමි කමකි -entitlement) ණය මුදල ලබා නොදීමට පියවර ගන්නා ලදී. නමුත් රාජපක්ෂ රජය ලිබියාවේ ගඩාෆි ජනපති තුමන් ලබාදුන් ඩොලර් මිලියන ගණනක් සහ ඉරානය තෙල් සඳහා ලබාදුන් සහන ඇතුළු අනෙකුත් මිත්‍ර රටවල් වල ආධාරය ඇතුව, යුද්දය ඉවර කර රට ගොඩනගන්නට පියවර ගන්නා ලදී. මෙතරම් බාධක මැද එල්ටිටිය විනාශ කිරීමෙන් උරණ වූ හිලරි ක්ලින්ටන්, යුද්දය අවසාන වෙනවාත් සමගම තමිල්නාඩුවට ගොස්, එතෙක් එල්ටිටි විරෝධී වූ ජයලලිතා ලංකාවට එරෙහිව මෙහෙයවිය. ඒ කෙනහිලිකම් තවමත් ඉවර වී නොමැත. අප රටට යුධ අපරාධ චෝදනා ගොනු කිරීමේ මුලික කටයුතු සිදුවන්නේද ඇයගේ මුලිකත්වයෙනි. මේ ඉලව් අවු අස්සේ හිලරි ක්ලිටන් ඇමෙරිකාවේ ජනාධිපතිනිය වූයේනම් අපේ රටේ ත්‍රස්තවිරෝධී ජනතාවට සිදුවිය හැකිව තිබුනේ අයහපතක්මය. තවත් කරුණක් ඇත. ඇය චන්ද්‍රිකා කුමාරතුංගගේ හිතවතියක් බව පැවසේ. ප්‍රංශයේදී හෝ වෙනත් රටකදී ඉගෙන ගන්නා කාලයේදී ඇතිවූ හිතවත් කමක් බව කියවේ. චන්ද්‍රිකා ජනපතිනිය වූ පසු ඇය රාජකාරි නොවූ ගමනක් (unofficial) ලංකාවට අවුත් චන්ද්‍රිකා හමුවූ බව එකල පල විය. රාජපක්ෂ ආණ්ඩුවට එරෙහි ක්‍රියාදාමයන්ට මෙයද හේතුවක් වන්නට ඇත. එම නිසා හිලරි ක්ලින්ටන් බලයට ඒම වැලක් වූ සහෝදර ඇමෙරිකන් ජනතාවට මාගේ උත්තමාචාරය පිරිනමන්නෙමි. ඒ ට්‍රම්ප් හොඳ නිසා නොව, ඇය තරම් ඔහු නරක විය නොහැකියැයි සිතෙන බැවිනි. විශාල මාධ්‍ය ප්‍රචාරයන් තුලින් ඔහු පරාජය කිරීම සඳහා විශාල ව්‍යාපාරයක් දියත් කර තිබිණ. සියලුම මාධ්‍ය සමීක්ෂණ වලින් දිනා සිටියේ හිලරි ක්ලින්ටන්ය. නමුත් අමෙරිකානු ජනතාව අපට යම්කිසි සාධාරණයක් කර තිබේ. ඩේවිඩ් මිලිබෑන්ඩ්ගේ පටන් අප රටට එරෙහි වූ සියලු ජාත්‍යන්තර බල මුළු මේ වන විට දේශපාලනයෙන්ම විසිවී ගොස් ඈත. මෑතකම සිදුවීම බ්‍රිතාන්‍යයේ ඩේවිඩ් කැමරන්ගේ අනපේක්ෂිත විසිවීමය. අලුත්ම ගොදුර හිලරි ක්ලින්ටන්ය. මොවුන් මෙසේ එළවා දමන සියලු සහෝදර ජනතාවට මාගේ ප්‍රණාමය පිරිනමන්නෙමි.

- ප්‍රකාශ් වැල්හේන (09.11.2016)

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions