11/15/2016

රට බෙදන ආණ්ඩුවේ අවසානය ලඟයි...

කතෘ:යුතුකම     11/15/2016   No comments

ඉඩම්, පොලිස්‌, මුදල් බලතල පළාත්සභාවලට දුන්නොත්
ආණ්‌ඩුවේ අවසානය එය විය හැකියි
-ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ගෝමින් දයාසිරි-

නව ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කිරීම සඳහා මේ දිනවල විවිධ යෝජනා හා අදහස්‌ ඉදිරිපත් වෙමින් තිබේ. එම යෝජනා අතර ඉඩම්, පොලිස්‌ සහ මුදල් බලතල සම්පූර්ණයෙන්ම පළාත් සභාවලට ලබාදීමටත් පළාත් සභා විසුරුවා හැරීමට ජනාධිපතිවරයා සතු බලතළ කපා හැරීමටත් යෝජනාවක්‌ ඉදිරිපත් වී ඇති බව පසුගිය සතියේ වාර්තා විය. මෙවැනි යෝජනා ක්‍රියාත්මක වුවහොත් රටේ ඒකීයභාවය සහ ආරක්‌ෂාව පිළිබඳ ඉන් ඇතිවිය හැකි බලපෑම ගැනත් අපේ රටේ පවතින වර්තමාන තත්ත්වය අනුව නව ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාවකට ඇතුළත් විය යුතු කරුණු පිළිබඳවත් ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ගෝමින් දයාසිරි සමග දිවයින ඉරිදා සංග්‍රහය පැවැත්වූ සාකච්ඡාවකි මේ.

යෝජිත නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සම්පාදනය කිරීමේදී දෙමළ ජනතාව කෙරෙහි වැඩි අවධානයක්‌ යොමුව ඇති බවට නැඟෙන චෝදනා පිළිබඳ ඔබේ අදහස කුමක්‌ද?

අද ආණ්‌ඩු පක්‌ෂයත් විපක්‌ෂයත් දෙකම උතුර නැගෙනහිර සම්බන්ධයෙන් සිදුකරන ප්‍රකාශ තුළ පෙනෙන්නට තිබෙන්නේ මේ දෙපිරිසම කටයුතු කරන්නේ ඒ ප්‍රදේශ දෙකේ ඇති ඡන්ද තමන් වෙත ලබාගැනීමේ අපේක්‌ෂාවෙන් බවයි. පසුගිය ජනාධිපතිවරණයේදීත් මහ මැතිවරණයේදීත් උතුර නැගෙනහිර ජනතාවගේ ඡන්ද වැඩි ප්‍රමාණයක්‌ එක්‌සත් ජාතික පක්‌ෂයත් මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ ඔහුගේ කණ්‌ඩායමට ලබාගැනීමට හැකිවුණා. විශේෂයෙන්ම ආණ්‌ඩු පක්‌ෂයේ දැන් ඉලක්‌කය ඊළඟ මැතිවරණයේදීත් කෙසේ හෝ මේ තත්ත්වය ආරක්‌ෂා කරගැනීමට බව පෙනේ. එක්‌සත් ජාතික පක්‌ෂය යෝජිත නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සම්පාදනයේදී දෙමළ ජනතාවගේ අපේක්‌ෂා වෙනුවෙන් වැඩි සැලකිල්ලක්‌ දක්‌වන බව බැලු බැල්මට පෙනෙන්නට තිබේ. ක්‍රම ක්‍රමයෙන් දැඩිවන ආර්ථික අර්බුදයත්, බටහිර රටවල වුවමනා එපාකම් ඉටුකිරීමට යැම නිසා දකුණේ දී ආණ්‌ඩුවට මුහුණදීමට වන යම් යම් පසුබෑම් නිසාත් උතුර නැගෙනහිර ඡන්ද රැකගැනීම ආණ්‌ඩුවට අවශ්‍ය වෙයි. මේ නිසා සිංහල ජනතාවගේ අයිතිවාසිකම්වලට වඩා දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් ගැන ආණ්‌ඩුව වැඩි අවධානයක්‌ යොමු කර තිබෙන බව පෙනෙන්නට තිබෙනවා.

මේ තත්ත්වය ඉදිරියේදී ආණ්‌ඩුවට සම්බන්ධ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ මැති ඇමතිවරුන්ගේ විරුද්ධත්වයක්‌ දක්‌වා වර්ධනය වීමටත් ඉඩ තිබෙනවා. එවැනි විරෝධතාවක්‌ නොදක්‌වන ආණ්‌ඩුවට සම්බන්ධ ශ්‍රීලනිප මැති ඇමැතිවරුන් දකුණේ ජනතාවගේ දෝෂදර්ශනයට ලක්‌වන්නටත් ඉඩ තිබෙනවා.

අපේ රටේ පවතින වර්තමාන තත්ත්වය අනුව නව ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හිමි විය යුත්තේ කවර කරුණුවලටද?

රට සංවර්ධනය කිරීම, ඒ තුළින් ආර්ථිකය ශක්‌තිමත් කිරීම සහ ජාතීන් අතර සමගිය වර්ධනය කර ගැනීම අද අපේ රටට අත්‍යවශ්‍ය ප්‍රධාන කාරණා තුනයි. නමුත් මේ ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලය කටයුතු කරන ආකාරය අනුව ඔවුන් සමසමාජ කොන්ත්‍රාත්කරුවන් ද යන සැකයක්‌ අප තුළ මතුවෙනවා. නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කිරීමට හැකියාවක්‌ ඇති අය මේ පිරිස අතර සිටිනවාද යන සැකයත් මා තුළ තිබෙනවා. අද අපේ රටේ වාමාංශික පක්‌ෂත් දෙපිලකට බෙදී එක්‌ කොටසක්‌ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පාර්ශවයේත් අනෙක්‌ කොටස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ පාර්ශවයේත් කටයුතු කරන බැවින් මේවා වාමාංශික පක්‌ෂ ලෙස හැඳින්වීමටත් හැකියාවක්‌ නැති තත්ත්වයකට පත්ව තිබෙනවා. මේ අය අද කටයුතු කරන්නේ දක්‌ෂිණාංශික අවශ්‍යතා සපුරාදීමටයි. එමනිසා එක්‌සත් ජාතික පක්‌ෂයේ ජාතිහිතෛෂී කණ්‌ඩායම් පවා මේ නව ව්‍යවස්‌ථාවට සිය විරුද්ධත්වය ප්‍රකාශ කිරීමට ඉඩ තිබේ. ඒ අනුව යෝජිත මේ නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සම්මත කර ගැනීමත් විශාල අභියෝගයක්‌ බවට පත්වීමටත් ඉඩ තිබේ.

නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව කෙසේ සම්පාදනය විය යුතුද යන්න පිළිබඳ ඉදිරිපත් වන යෝජනා අතර පළාත් සභාවලට ඉඩම්, පොලිස්‌ සහ මුදල් බලතල මුළුමනින්ම ලබාදිය යුතු බවට යෝජනාවක්‌ ඉදිරිපත් වී ඇතැයි පසුගිය සතියේ ප්‍රකාශ වුණා. එවැන්නක්‌ සිදුවුවහොත් රටේ ජාතික ආරක්‌ෂාවට සහ ඒකීය භාවයට එහි බලපෑම කෙබඳුද?

සියලුම ඉඩම් බලතල මධ්‍යම ආණ්‌ඩුව සතු විය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක්‌ තීරණය කර ඇති බැවින් මේ ප්‍රශ්නය දැනටමත් විසඳී හමාරයි. එසේම විවිධ අවස්‌ථාවලදී විනිශ්චයකරුවන් අටදෙනෙකු මේ පිළිබඳ ලබා දී ඇති නඩු තීන්දුවලට අනුව ද පෙනී යන්නේ රජයේ ඉඩම් මධ්‍යම රජය සතු විය යුතුය යන තීරණය වෙනස්‌ නොවන බවයි. එම තීරණය වෙනස්‌ කළ හැක්‌කේ නව ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කිරීමෙන් පමණයි.

යම් හෙයකින් ආණ්‌ඩුව එබඳු ක්‍රියාමාර්ගයකට එළඹුණහොත් එය දේශපාලන වශයෙන් ආණ්‌ඩුව ගන්නා ඉතාමත් අනුවණ තීරණයක්‌ වනු නිසැකයි.

අපේ රටේ ජනවර්ග අතර සමගිය ඇතිකිරීම සඳහා වර්තමාන ව්‍යවස්‌ථාවේ ඇති ප්‍රතිපාදන ප්‍රමාණවත් බව ඇතැමුන් දරන මතයක්‌.

අපේ රටේ ජනවර්ග අතර සමගිය වර්ධනය වීමට ඇති බාධාව ඒ පිළිබඳ ක්‍රියාත්මක වීමේ ඇති අඩුපාඩුයි. අද ජනවර්ග අතර සමගිය ඇති කිරීමට යෑයි ගෙනෙන ඇතැම් යෝජනාවලින් සිදුවන්නේ සමගිය ඇති වීම නොව තිබෙන සමගියත් නැතිවීමයි. ඉඩම් හා පොලිස්‌ බලතල මුළුමනින්ම පළාත් සභාවලට ලබාදිය යුතු යෑයි කරන යෝජනාවත් එවැනි යෝජනාවක්‌. මෙවැනි යෝජනා ගෙන ඒම ත්‍රිවිධ හමුදාව ජීවිත පරිත්‍යාගයෙන් ලබා දුන් යුද ජයග්‍රහණයටත් නිග්‍රහයක්‌. සිංහල ජනතාව කිසිවිටෙක මෙවැනි යෝජනාවන්ට එකඟ වෙතැයි සිතන්නට බැහැ. එක්‌ ජාතියක්‌ පමණක්‌ සතුටු කිරීමට කටයුතු කිරීමෙන් කිසිදිනක ජාතීන් අතර සමගිය වර්ධනය වේ යෑයි සිතන්නටත් බැහැ. මේ නව ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කිරීම සම්පූර්ණයෙන්ම දේශපාලන අරමුණු සහිත ක්‍රියාවක්‌ බවයි මගේ අදහස. රටේ සෑම පළාතකම සංවර්ධනය වේගවත් කිරීමට අවශ්‍ය සහ ඒ තුළින් ආර්ථිකය ශක්‌තිමත් කර ගැනීමට හැකි පසුබිමක්‌ සහිත ව්‍යවස්‌ථාවක්‌. දැනට ඉදිරිපත් වන මෙවැනි යෝජනා තුළින් නම් යෝජිත නව ව්‍යවස්‌ථාවෙන් එබඳු අරමුණක්‌ සාක්‌ෂාත් කරගත හැකි බවක්‌ පෙනෙන්නට නැහැ.

සාකච්ඡා කළේ - පාලිත සේනානායක
[Divaina]

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions