11/16/2016

දෙවියෝ සහ අණ්ඩපාලයෝ

කතෘ:යුතුකම     11/16/2016   4 comments

-වෛද්‍ය චන්න ජයසුමන-
ඊයේ උදෑසන දෙරණ රුපවාහිනියේ “නොපෙනෙන මානය” වැඩසටහනට සහභාගී වීමි. එහිදී සාකච්ජා වූයේ දෙවියන්ගේ පැවැත්ම පිළිබඳවයි. මෙම වැඩසටහනට සහභාගී වු අනෙක් අය නම් පැපිලියාන සුනේත්‍රා දේවී පිරිවෙන්වාසී චන්දිම ස්වාමීන් වහන්සේ, ඉන්දික තොටවත්ත මහතා, මනෝ චිකිත්සකයකු ලෙස හඳුන්වන විද්‍යාකුලපති නම් මහතා, කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ ජනසන්නිවේදන අංශයේ ආචාර්ය ටියුඩර් වීරසිංහ මහතා සහ මහනුවර මහ රෝහලේ ලේ බැංකුවේ සේවයේ නියුතු වෛද්‍ය නිලධාරී මහතකු වන ජනක ජයසුරිය ය.

මේ වැඩසටහන පවත්වාගෙන යන බව පැවසෙන්නේ දෙවියන්ගේ, යකුන්ගේ නාමයෙන් සිදු කරන හොර තක්කඩි වැඩ රටට හෙළි කිරීම, මිත්‍යාව හෙළි කිරීම වැනි කරුණු අරභයා ය. එවැනි පුද්ගලයන්ට අභියෝග කිරීමෙන් ආචාර්ය ටියුඩර් වීරසිංහ සහ ජනක ජයසුරිය වෛද්‍යවරයා වීරයන් සේ රට හමුවේ ඉදිරිපත් කර තිබුණි. දෙවියන්ගේ නාමයෙන් හොර වැඩ කරන මුදල් ගරන අය ඕන තරම් සිටිනවා ඇත. ඔවුන් රටට හෙළි කල යුතුය. එහි කිසිදු වරදක් නැත. එමෙන්ම බටහිර වෙදකමේ නාමයෙන් හොර වැඩ කරන, මුදල් ගරන අය ද ඕනෑ තරම් සිටිති. ඔවුන් ගැනද රටට හෙළි කල යුතුය. ඒ සදහා ආචාර්ය ටියුඩර් වීරසිංහට සහ වෛද්‍ය ජනක ජයසුරියට වැඩ පිළිවෙලක් තිබෙනවාදැයි මම නොදනිමි.

මේ දෙදෙනාම උග්‍ර භෞතික වාදීන්ය; ඔවුන්ට අනුව දෙවියන් යනු මනසේ මවා ගත් විකාර සිතුවිල්ලක් පමණි. රුසියාවේ විශ්ව විද්‍යාලයකින් පශ්චාත් උපාධි ලබා ගත් මාක්ස්වාදියකු වන ආචාර්ය වීරසිංහ මෙන්ම නුවර ලේ බැංකුවේ සේවය කරන වෛද්‍යවරයා ද දෙවියන් යකුන් විකුණමින් සිදුකරන හොර වැඩ වලට එරෙහි වීමේ නාමයෙන් සිදු කරන්නේ අනෙකකි. ඔවුන්ට අනුව පංචේන්ද්‍රයන්ට ගෝචර නොවන දෙයක් (සම්මුති වශයෙන් හෝ) නැත. නමුත් මේ දෙදෙනාම පැවසුවේ තමන් බෞද්ධයන් බවයි. වෛද්‍ය ජනක දිගින් දිගටම පවසන්නේ තමන්ගේ වීරයා, ලොව පහල වූ මහා ප්‍රාඥයා බුදුන් වහන්සේ බවයි. එසේ පවසන ගමන් දෙවියන්, බඹුන්, අමනුෂ්‍යයන්ගේ පැවැත්ම ඔවුහු ප්‍රතික්ෂේප කරති. එසේ වූ විට සංසාර චක්‍රයේ සිටින්නේ ඇහැට පෙනෙන මිනිසුන් සහ තිරිසනුන් පමණි (මේ දෙදෙනා පුනර්භවය පිලිගන්නවදයි මම නොදනිමි); සිදුහත් කුමාරයා තව් තිසාවේ සිට පැමිණීම බොරුවකි; මාතෘ දිව්‍ය රාජයාට ධර්ම දේශනා කිරීම බොරුවකි; සුමන සමන් දෙවියන්ට ධර්ම දේශනා කිරීම ද බොරුවකි; සම්‍යක් දෘෂ්ටික දෙවියන් මිනිසුන් සමග එක්ව මෙසිරිලක පන්දහසක් කල් ශාසනය රැකීම ද බොරුවකි; කොටින්ම කුසල් දහම් කලාට, පින් කලාට, පාරමී පිරුවාට යන්නට දිව්‍ය ලෝක නැත.

මේ දෙදෙනා මේ පහර දෙන්නේ බුදු දහමටයි; අපේ මිනිසුන්ගේ විශ්වාසවලටයි; පෝය දිනයේ මෙවැන්නන් දෙරණ නාලිකාවට ගෙන්වාගෙන අපේ උපාසක අම්මලාට මොවුන්ගේ පොර ටෝක් අසන්නට දෙන්නේ කාගේ උවමනාවටදැයි මම නොදනිමි. මෙරට ජාතිකවාදී අදහස් දරන බොහෝ දෙනා නරඹන එකම රුපවාහිනිය වන දෙරණට තමන් කරන මෝඩ ක්‍රියාවේ ප්‍රතිපල දැනෙන විට බොහෝ ප්‍රමාද වී තිබිය හැක. කොහේවත් යන කබ්බන් පොරවල් කරන්නේ දෙරණේ තීරණ ගන්නා අයගේ නොදැනුවත්කම නිසා විය යුතුය. පසුගිය රජය සමයේ මේ ආකාරයේ කබ්බන් පොරවල් කිරීම එම ආණ්ඩුව බිද වැටීමට ද හේතු විය. මේවා දැක දැක නිහඬව සිටීම නිවටකමකට වඩා තකතීරු කමකි. මේ වැඩසටහනට සහභාගී වීමට පෙර මෙන්ම පසුව ද මගේ හිතවතුන් ඇතැමකු පැවසුවේ කට්ටඩියන්, සාස්තරකරුවන්, විභාග පාස් කරවන්නන් ආදී සමාජ පිළලවලට එරෙහිව ලොකු මතයක් ඇති බවත් මෙවැනි වැඩසටහනක මාගේ අදහස් දැක්වීමෙන් මා ඔවුන් වෙනුවෙන් පෙනී සිටිනවා ආදී අදහසක් මතු විය හැකි බවත් ය. මට හොරුන් රැක ගැනීමේ කිසිදු අවශ්‍යතාවක් නැති නමුත් හොරුන් ඇල්ලීමට මුවා වී බුදු දහමටත්, අපේ සංස්කෘතියටත් පහර දෙන සුක්ෂම වැඩ පිළිවෙලහෙළිදරව් කිරීමට අවශ්‍ය විය. පුහු වීරයෝ හොර කට්ටඩින්ට වෙර දමා පහර දෙන අතරේ නාථ, පත්තිනි, සුමන-සමන්, කතරගම-මහසෙන් (කිරිවෙහෙරට අදිගෘහිත බෞද්ධ දෙවිතොමෝ ය,ස්කන්ධකුමාර නොවේ),කළු බණ්ඩාර ආදී සම්‍යක් දෘෂ්ටික බෞද්ධ දෙවිවරුන්ටත් කෙළගෙන යති. බෞද්ධ දෙවිවරුන් නැතැයි කියන විට, උන්වහන්සේලාට අපහාස කරන විට ඒ නොදැක්කා සේ ඉවත බලන සිංහල බෞද්ධයා මගේ හැදින්වීම අනුවනම් පොන්සියෙකි; කට්ට කෛරාටික, ව්‍යාජ සිංහල බෞද්ධයෙකි.

බැලූ බැල්මට මොවුන් කරන්නේ සිරා වැඩකි. මිත්‍යාව හෙළිදරව් කිරීමේ වීර ක්‍රියාවකි. එහෙත් එය පෙරට දමා ගෙන මේ කරන්නේ අපේකම, අපේ සංස්කෘතිය විහිලුවට ලක් කර මිනිසුන් තුල ඇති ශ්‍රද්ධාව නැති කිරීම බව වැඩසටහන නරඹන අයකුට එක වරම නොතේරේ; හොර වෙදුන්ව කට්ටඩියන්ව හෙළි කිරීමට අවශ්‍යනම් ඒ සදහා සුදුසු වැඩපිළිවෙලක් යෙදිය යුතුය. බටහිර වෙදකමවත් හරියට නොදන්නා මේ අපරිණත හික්මීමක් නැති වෛද්‍යවරයාට සහ පෝය දවසට මාක්ස්වාදී බණ හීන් සීරුවේ දෙසා වදාරණ ආචාර්ය ටියුඩර්ට එවැන්නක් කල නොහැකි ය. ඔවුන් එම නමින් සිදු කරන්නේ අපේ මුල් වලට විස එන්නත් කිරීමයි; හොර කට්ටඩියාගේ හානිය ඔහු වෙත යන කෙනාට පමණි. එහෙත් මොවුන්ගෙන් වන හානිය ජාතියටම ය; සංස්කෘතියටම ය.

මේ මිත්‍යා දෘෂ්ටිකයන් පවසන දේට එකින් එක පිළිතුරු දීමට අවශ්‍ය වුවද ඒ සදහා ප්‍රමාණවත් වෙලාවක් ලැබුනේ නැත. කරුණක් කියාගෙන එන විට නිවේදකයා මැදට පැන ඔහුගේ ප්‍රශ්නයට පිළිතුරු දෙන්නැයි බාධා කරයි. පිළිතුරු දෙන්නේ ඔහුගේ ප්‍රශ්නයට බව වටහා ගැනීමට හෝ හැකියාවක් ඔහුට නොතිබිණි.

සාමාන්‍ය පෙළ පන්තියෙන් පසු බටහිර විද්‍යාව හදාරා ඇතැයි සිතිය නොහැකි ආචාර්ය ටියුඩර් නිව්ටන්, අයින්ස්ටයින් සහ කොන්ටම් භෞතිකය ගැන එතුමාගේ නවතම සොයා ගැනීම් ඉදිරිපත් කළේය. තව ද ඒ මහතා “යථාර්තය (reality)" හරියටම දන්නා කෙනෙක් බව ද මම දැනුවත් වීමි. කෙසේවෙතත් කාල වෙලාව මදි වීම නිසා යථාර්තය හරියටම මට ඒ මහතාගෙන් දන ගැනීමට නොහැකි විය. වාක්‍ය දෙකක් පරස්පර නැතිව කියා ගත නොහැකි අයකුට සෞන්දර්ය කලා පීඨයේ ආචාර්ය ධූරයක් දැරිය හැක්කේ එවැන්නක් එහි එතරම් වැදගත්යැයි නොසැලකෙන නිසා විය යුතුය. මෙම වැඩ සටහනට සහභාගී වන පුහු වීරයන්ගේ සැබෑ අරමුණ ඉදිරියේ දී අවස්ථාවක් ලැබුනහොත් තව දුරටත් හෙළි කරමි.

වැඩසටහනින් පසු මට දුරකථන ඇමතුම් ගණනාවක් ලැබුණි. ඒ බොහෝ දෙනා මගේ දුරකථන අංකය ලබා ගෙන තිබුනේ දෙරණට කතා කරය. ඔවුන් බොහොමයක් පැවසුවේ පෝය දවසේ දෙරණේ නටන මේ නාඩගමට පැමිණ කරුණු ඉදිරිපත් කිරීම පින් සිදුවන කටයුත්තක් බවයි. ඇතැමුන් දෙවියන් සහ අමනුෂ්‍යයන් ගැන ඔවුන්ගේ අත්දැකීම් මා සමග පැවසුහ. එම අත්දැකීම් වෙනත් වෛද්‍යවරයකුට පැවසුවහොත් මානසික රෝගයකැයි කියතැයි බියෙන් සඟවා සිටි බව ඔවුහු පැවසුහ. මානසික රෝග ගැන අපට වෙනමම විවරණයක් ඇත. එය ඉදිරියේ දී සාකච්ජා කරමු.

වැඩසටහනෙන් කොටසක් >>

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

4 comments :

  1. දෙවියන් නැත කියන වෛද්‍ය වරුය කියාගන්න දෙනාම නියත මිත්‍යා දෘෂ්ටිකයන් දෙදෙනෙක් බව මානව පහේදිලිවිය. බුදුරජාණන් වහන්සේ දේශනාකළ ආකාරයට ඕපපාතික සත්වයන් ( දෙවියන් වෙනි ඇය) නැත යනුවෙන් පිළිගැනීම් නියත මිත්‍යා දෘෂ්ටික වීමකි. එබෙවින් ඔවුන් දෙදෙනාම අපාගත වනවා නියතය. ඔවුන් දෙදෙනාම හය හතර නොදත් ළදරුවන් දෙදෙනෙක් බව ලෝකයට පෙන්නුවට චන්න ජයසුමන වෛද්‍යතුමාටත් දෙරණටත් පින්. ඔවුන් දෙදෙනාට අපායෙදී දෙවියන් සිහිවේවී.

    ReplyDelete
  2. ඈත අතීතයේ අපේ රජවරු අදත් ලොව මවිත කරවන සීගිරිය, ලෝවා මහාපාය රුවන්වැලි මහා සෑය,මහා වැව අමුණු ඉදි කලේ පෙර විසු ඍෂි වරුන් රහතන්වහන්සේලා වැනි උතුමන්ගෙ පිහිටෙන් ලබා ගත් ප්‍රත්‍යක්ෂ දැනුමෙන් මිස අද කියන දේ හෙට බොරු වෙන කසිකබල් බටහිර දැනුමෙන් නොවේය.සුද්දාගේ අධ්‍යාපනය ට්කක් කටේ ගා ගෙන තමන් මහා උගතුන් යයි සිතා සිටින පුස් පඬියන්ට මේවා සිනහවට කරුණු විය හැකිය.එත් අල්ලා බලා හෝ කාලා රස බලා හෝ විද්‍යාත්මකව ඔප්පු කර නැතත් ගුරුත්වාකර්ෂණය මොවුන් පිළිගනීයි.ඒ තමන්ගේ හාම්පුතුන් වන සුද්දා කියන නිසාය. පෙර අතීතයේ පෙරදිග (හෙළයින් ) සතුවූ මේ ප්‍රත්‍යක්ෂ දැනුම යම් දිනක තමන් සොයාගත් සේ සුද්දා ඉදිරිපත් කරන දාට නම් මේ කළුසුද්දන් දොහොත්මුදුන් දී එය පිළිගන්නවා නිසැකය. එදාට විද්‍යාත්මක ඔප්පු කිරීම් අවශ්‍ය නොවනු ඇත.

    ReplyDelete
  3. මම දැක්ක පත්තරේක තියෙනව ජාත්‍යන්තරෙට ගෙනියපු වාර්තාවෙ ඔච්චර උදවු කරපු නාථ ගැන වචනයක් වත් නෑ කියල ..කැතයි හොදේ..

    ReplyDelete
  4. අනේ ජයේ.. සුද්දන්ට දීපු වාර්තාවෙ මගෙ නම දැම්මෙ නැත්තෙ ඇයි මගෙ රත්තරෙනේ..
    මීට නාථ දෙවියා...

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions