11/03/2016

හෙළ දෙරණ ගිම් නිවන අමර සර රසෝඝය පණ්‌ඩිත් අමරදේව

කතෘ:යුතුකම     11/03/2016   1 comment

[පණ්ඩිත් අමරදේව ශූරීන්ගේ අසූ අට වැනි උපන් දිනය නිමිත්තෙන් ලියූ ලිපියකි]
ආචාර්ය පණ්‌ඩිත් අමරදේවයන් දැන් අසූ අට වැනි වියට එළඹ සිටිති. විසිවන සියවසෙහි පෙරදිග පහළ වූ අතිශය විරළ ගනයේ සංස්‌කෘතික සංගීත කලා ප්‍රාඥයන් ස්‌වල්පදෙනා අතරට ඒකාන්තයෙන්ම අයත්වන පණ්‌ඩිත් අමරදේවයෝ සංගීත ශාස්‌ත්‍රයෙහි ද සංගීත කලා නිර්මාණයෙහිද වෙසරදව එහි දුර්ලභ රසභාවයන්ගෙන් ලක්‍ෂ සංඛ්‍යාත සහෘද ජන හදවත් සුපුෂ්පිත කරවා ඔවුන් සනහා නිවා විස්‌මිත පෙළහර දැක්‌වූහයි කීම කිසිදු අතිශයෝක්‌තියක්‌ නොවේමය ඔවුන්ගේ සංගීත පාරප්‍රාප්තිය නිසාම භාරතය විසින් පිරිනමනු ලබන 'පද්මශ්‍රී' යන ගෞරව සම්මානය ද අමරදේවයන්ට පිරිනමන ලද්දේය. වෙනත් බොහෝ සම්මානද ජගත් 'මැක්‌සයිසේ' සම්මානය ද ඔහු අබියස තැබුණි.

කුමරවියෙහි පටන්ම ඔවුන් සංගීතය කෙරෙහි ලොල් වන්නේ සසර පුරුද්දක්‌ ලෙසය. සිය පාසල් ඉගෙනුම නිමවා ඉනික්‌බිති භාත්ඛණ්‌ඩේ සංගීත විද්‍යාලයට පිවිසීමේ වරම් ලබන අමරදේවයන්ගේ සංගීත ශාස්‌ත්‍ර බුද්ධිය ඉඳුරා පසක්‌ කර ගත් ශ්‍රී විෂ්ණු ගෝවින්ද් ජෝග් වැනි භාරතයේ අග්‍රගන්‍ය සංගීත විශාරදයෝ මේ ශ්‍රී ලාංකික අංකුර ගාන්ධර්වයන්ට ගුරු මුෂ්ටි නොතබාම සියලු ශිල්ප ප්‍රගුණ කළාහුය. ගෝවින්ද ජෝග් අමරදේවයන්ගේ වයලීන වාදනයෙන් ප්‍රමුදිතව වරක්‌ පවසා ඇත්තේ මේ ගුරුවරුන් අභිබවා යන විස්‌මිත ගෝලයකු බව ය.

රාගධාරී සංගීත සම්ප්‍රදායෙහි පාරප්‍රාප්ත වුවද අමරදේවයන්ගේ මනස තුළ දේශීය සංගීතයක්‌ නිර්මාණ කර ගැනීමේ අරගලයක්‌ ද වැඩෙමින් තිබුණි. භාරතීය නාද තාල සමතික්‍රමණය කරමින් ස්‌වාධීනව "හෙළ ගී ආරක්‌" සකසා ගැනීමට අමරදේවයෝ කැප වූහ. ඒ වනාහි ආනන්ද සමරකෝන්, සුනිල් සාන්ත වැනි සිය පූර්ව ගාන්ධර්ව මාවතට අවතීර්ණ වීමක්‌ ද විය. අනෙක්‌ අතට අමරදේවයන් හා මහාචාර්ය සරච්චන්ද්‍රයන් අතර වූ නිර්මාණාත්මක ඇසුර ද අමරදේවයන්ගේ සංගීත චාරිකාව වෙනසකට යොමු කළ බව ඔහු කීපවරක්‌ම අප සමග ද පවසා ඇත.

භාරතීය නාට්‍ය කලාව, මෙන්ම සංගීතයටද, විශේෂයෙන් රවින්ද්‍රනාත් තාගෝරයන් කෙරෙහි ඉමහත් ගෞරවයක්‌ දැක්‌වූ සරච්චන්ද්‍රයෝ ශාන්ති නිකේතනයට පවා ගොස්‌ එහි සිසුවකු ලෙසද වූහයි කියති. ඒ නිසාම මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ අනුදැනුමද අනුබලය ද ලද අමරදේවයන් ද තාගොර් කිවිඳුන් මෙන් ජන ගායනා හා ජන සංස්‌කෘතිය වෙත පෙම් බැඳ ගැනීමද සුවිශේෂ කරුණක්‌ විය.

අමරදේවයන් විසින් සිංහල ගීතය පිළිබඳ කරන ලද අගනා අත්හදා බැලීම්වලදී ජන සංගීතය වෙත නැඹුරු වූ අවස්‌ථා පිළිබඳ අප්‍රමාණව නිදසුන් හමුවෙයි. මඩවල රත්නායකගේ ගීයක්‌ වන "රන්වන් කරල් සැලෙයි" හිදී තුරඟා වන්නමේ ස්‌වර සංගතීන් යොදා ගත් අයුරු අමරදේවයෝ ම විස්‌තර කරති. රන්සළු චිත්‍රපටයේ එන "සිරිපා පියුමේ පිලේ පැදුර" වැනි ගීතවලදී ජනගීවල ප්‍රභවය ද ආකෘතිය ද නිර්මාණාත්මකව භාවිත කළ අයුරු ද රසිකයෝ දනිති.

සිංහල සංගීතය පිළිබඳ අප බොහෝ දෙනෙක්‌ විමසා බලන්නේ ගීතය නමැති අංගය පදනම් කර ගෙනය. ගීතවල ගැබ් වන නාදමාලා පිළිබඳ අප සතු අල්ප දැනුම එයට හේතුවය. කලකට පෙර අප විසින්ම අමරදේවයන් සමඟ කරන ලද සාකච්ඡාවකදීත් ඔහු මේ සංකීර්ණ කරුණ මතු කළේය. සංගීතඥයකු විසින් ඇසුරු කරගනු ලබන නාද රටා - කාල වාදන, ශ්‍රැති ගායනා සංගීතවේදීහු නම් ඉඳුරා දනිති. ඒ නිසාම අමරදේවයන්ගේ පර්යේෂණ ගීවලින් පිරිපුන් "මධුවන්ති", "රස මියුරු", "ස්‌වරවර්ණ වැනි නිර්මාණ පිළිබඳ නමින් පමණක්‌ සඳහන් කර නිහඬ වන්නෙමි.

විශ්වයේ මධුරම ස්‌වරය පිහිටා ඇත්තේ බුදුන් වහන්සේට බව කියති. බුදුන්ගේ ශ්‍රී මුඛයෙන් පිටවන හැම වදනක්‌ම නිවන් දොරට මං පානා ශාන්ත රස දනවන්නකි. මගේ පුහුදුන් සිතට අවංකවම හැඟෙන්නේ ද පණ්‌ඩිත් අමරදේවයන්ගේ මධුර ස්‌වරය ද මේ මිහිමත සියලු ජනහද සුපහන් කරවන්නක්‌ බවය. සැළලිහිණියේ එන කවියක්‌ මෙන්ම වෙස්‌සන්තර ජාතකයේ හෝ යසෝදරවතේ එන කවියක්‌ද අමරදේවයන් විසින් ගායනා කරන ලද අයුරු මෙවේලේ මහඳ තුළ නැඟෙයි.

යසෝදරාවන් හා රහල් කුමරුන් හැර අබිනික්‌මන් කළ සිදුහත් පිළිබඳ මතකය පුබුදු වන "කාරණාව බුදු වනවා" කව් කීපය ගැයූ අමරදේවයන්ට මුළු සිංහල බෞද්ධ ජනතාවම ණය ගැති නොවෙත්ද? ගැමි කවියකුගේ අතිශය අව්‍යාජ හැඟීම් ධාරාව කරුණා රසයෙන් පිරී ඉතිරී ගලා යන බැති ගී ගඟුලක්‌ සේ අප හද නිනාද කරවන්නාහු පණ්‌ඩිත් අමරදේවයෝමය.

අමරදේවයන්ගේ සුගායනයේදී වචනවල ශබ්ද රසයද අර්ථ රසය ද තීව්‍ර වේ. ශබ්ද මාධුර්ය රිද්මයක්‌ සේ නැඟෙයි. එයට අතිශය සරල භාණ්‌ඩයක හඬ ද මුසුවෙයි. සෞන්දර්යෙන් විචිත්‍ර වූ නාද රූපය අප තුළ භාවමය කම්පනයක්‌ දනවමින් අප සමාධිගත කරවයි. මෙවෙලේ මගේ මතකයට නැගෙන්නේ මහාචාර්ය සරච්චන්ද්‍රයන් දිවමන් කල්හි ඔවුන්ගේ එපිටමුල්ල නිවසෙහි රැව් දුන් සංගීත සැඳෑවන් ය. සඳ එළියෙන් නැහැවී ගිය තණ පලස මත සරච්චන්ද්‍රයෝ ද, අමරදේවයෝ ද හිඳ ගනිති. සරච්චන්ද්‍රයන් අතෙහි සිතාරය ද අමරදේවයන් අත වයලීනය ද වෙයි. නොයෙක්‌ රාග තාල ජනශ්‍රැති අලංකාර විධි, ඉමක්‌ කොනක්‌ නොමැතිව ගලා යැම ඇරඹෙයි.

අප තුන් හතර දෙනකුට වඩා නොමැති ඒ සංගීත සමාගම් ඇතැම් දිනවල මැදියම් රැයත් ඉක්‌මවා ඇදී යයි. "ගීත ගෝවින්දය" හා "මේඝ දූතය ද ඒ සා මධුර ස්‌වරයකින් ගයනු මා අසා නැතැයි කීම භාවතීSශය වැණුමක්‌ නොවේ. සරච්චන්ද්‍ර මුවින් ගිලිහෙන උපනිෂද් පාඨ ද අමරදේවයෝ මධුර ගීතාවලියක්‌ කරති.

මහාචාර්ය සරච්චන්ද්‍ර හා පණ්‌ඩිත් අමරදේව සුසංයෝග ද අමරදේවයන්ගේ උත්තුංග කලා දිවියෙහි අතිශය සාඩම්බර වූද රමණීය වූද ඒක දේශයක්‌ නිර්මාණය කරමින් සරච්චන්ද්‍ර දෘෂ්‍ය කලා දහර ඔස්‌සේ ගලා ගිය අයුරු විස්‌මය දනවයි. සරච්චන්ද්‍ර සමරරාධනාවෙන් අමරදේවයන් විසින් රසාලිප්ත කළ නාට්‍ය ගීත නාට්‍ය සංගීතය සරච්චන්ද්‍රයන්ගේ අප්‍රමාණ පැසසුමට ද ලක්‌ විය. වේදිකා නාට්‍ය පිළිබඳව ද මුද්‍රd නාට්‍ය පිළිබඳව ද අමරදේවයන් හා සමපෙළෙහි රැඳවිය හැකි අයෙක්‌ නැතැයි වරක්‌ සරච්චන්ද්‍රයෝ ම ඔවුන්ට විවරණ දුන්හ.

සිංහල ප්‍රබුද්ධ ගී ලෙස මතු මතුව බිහිවන සහෘදයන්ගේ ද නොමඳ වින්දනයට පාත්‍ර වන ගී ගඟුලක්‌ම අමරදේව මුවින් ගලා ගිය අයුරු ද මෙහිලා කෙසේ දක්‌වම් ද? එසේ වුවද ප්‍රබුද්ධ ශ්‍රාවක ශ්‍රවණේන්ද්‍රිය අර්ථභාව රස විචිත්‍රත්වයෙන් ආඪ්‍ය කළ සන්නාලියනේa, "පිපිණු කුසුම", සංසාර ගමනේ, "සඳ හොරෙන් හොරෙන්" මුනිසිරිපා පියුමේ මෙන්ම සසර වසනතුරු ද සිහිපත් නොකර යැමට මගේ සිත ඉඩ නොදෙයි. මේ ගීතාවලියේ ඔහුගේම සංගීත ප්‍රතිභාව තනු නිර්මාණයේ විශිෂ්ටත්වය විදහා පෑ ගීත ද වේ.

අමරදේවයන් අසාමාන්‍ය සංගීතඥයකු වුවද මෙරට පහල වූ අන් බොහෝ සංගීතඥයන්ගේ ස්‌වර නිර්මාණ හා තනු නිර්මාණවලට ගී ගැයීමෙන් ද හේ තම නිහතමානීත්වය ද පළ කළ අයුරු පැසසිය යුත්තේය. ප්‍රේමසිරි කේමදාස, වික්‌ටර් රත්නායක, සෝමදාස ඇල්විටිගල, සරත් දසනායක සනත් නන්දසිරි මෙන්ම රෝහණ වීරසිංහ ද එයින් කීප දෙනෙකි. අමරදේවයන්ගේම විශිෂ්ට නිර්මාණයක්‌ සේ සැළකිය හැකි නන්දා මාලිනියගේ මුවින් ගලා ගිය "ගලන ගඟකි ජීවිතේ ශ්‍රී ලංකා සිනමා ගීතාවලියේ නව ඇරඹුමක්‌ අපට සිහිපත් කරවයි. නන්දාමාලිනි හා නාරද දිසාසේකර ගැයූ රන්මුතුදූව චිත්‍රපටයේ ගීතයට හේ ප්‍රථම සිනමා සම්මානය ද හිමිකර ගත්තේය.

අමරදේවයන්ගේ සංගීත ප්‍රතිභාව දැක්‌වීමට මම අපොහොසත් වෙමි. අමරදේව සංගීත සමුද්‍රය තරණය කිරීමට මා දරණ තැත වනාහි කඩදාසි ඔරුවකින් ඒ රසභාව තරංග නඟනා සංගීත සමුද්‍රයට බැසීමක්‌ බව මටම හැඟෙයි. එහෙයින් ඔවුන්ගේ ගැයුම්වල, වැයුම්වල උද්දීප්ත රසභාව සංගීත ප්‍රතිභාව විමර්ශනය කිරීමට ඒ සඳහාම වූ ප්‍රාමාණිකයන්ට පැවරීම යුක්‌ති යුක්‌ත යෑයි හඟිමි. එසේ වුවද සිංහල සුභාවිත ගීතයට ඔහු විසින් කරන ලද සුවිශිෂ්ට සම්ප්‍රදානයන් නිසාම අමරදේව යනු සංගීතයමයි මමලියා තබමි. සිංහල ගීතය ස්‌වකීය සංගීත චින්තනයෙන් හා අනුපමේය ප්‍රතිභාවෙන් සමලංකෘත කළ හෙළ දිව මහා ගාන්ධර්වයා ඔහු බවද අප්‍රමාණ පහත් හදින් මම ලියා තබන්නෙමි.

තතු මෙසේ හෙයින් අමරදේවයන්ගේ මුවින් ගිලිහී ගිය ගී ගඟුල අතීතයෙන් වර්තමානයට ද වර්තමානයෙන් අතීතයට ද නිරන්තරව ගලා බසිමින් සිංහල සහෘද ආධ්‍යාත්මය සුවපත් කරවන්නේය. සියලු රසික ජනයා ඒ හඬට ආකර්ශනය වී ඔවුන්ගේ රස භාව ලෝකය ප්‍රකම්පිත වන අයුරු වින්දනය කරති. මට හැඟෙන පරිදි අමරසරය අනුකරණයකළ හැකි මිනිසෙක්‌ තබා දෙවියෙක්‌වත් සිටිතියි මම නම් නොසිතමි. ඒ ශාන්ත ගාම්භීර ස්‌වරය සවනත ගැටෙන හැමවිටකම මගේ සමාධිය වැඩෙයි මට ඒ ගැයුම් ඇසෙද්දී සිහියට නැගෙන අගනා බුද්ධ භාෂිතයක්‌ ඇත. ඒ "දීඝ නිකායේ" සක්‌ක පඤ්හ සූත්‍රයයි.

දිනක්‌ සක්‌ දෙවිඳු සිය දිව්‍ය ගාන්ධර්වයන් වූ පංචසිඛ අමතා බුදුන් වහන්සේ අබියස ගායනයක්‌ දක්‌වන ලෙස ඉල්ලා සිට ඇත. එසඳ පංචසිඛ තෙමේ වීණාව ද වයමින් බුදුන් අබියස සිට ගායනයක්‌ ඉදිරිපත් කළහ. එය ඇසූ බුදුහු මෙසේ වදාළහ.

"පංචසිඛ ඔබගේ වාදනය ගායනය සමඟත්, ගායනය වාදනය සමඟත් එකිනෙක ගැලපේ. වාදනය ගායනය ඉක්‌මවා නොයන්නා සේම වාදනය ඉක්‌මවා ගායනය ද නොයන්නේය." පණ්‌ඩිත් අමරදේවයන්ගේ ගැයුම් හා වැයුම් උදෙසා ද එය ආදේශ කළ හැක්‌කේය.

දැන් මගේ මේ සංක්‍ෂිප්ත සටහන නිම කිරීමට පෙර අමරදේවයන්ගේ සංගීතයේ සාධනීය අංගයක්‌ වූ සිනමා සංගීතය ගැන ද සඳහනක්‌ කළ යුත්තේය. සංගීත නිර්මාණයේදී විශේෂයෙන් තනු නිර්මාණයේදී ඔහුට කිසිදු සංගීත භාණ්‌ඩයක්‌ නොමැතිව එය කළ හැකි බවද කියති. ඒ ඔහුගේ අසාමාන්‍ය සංගීත ශාස්‌ත්‍ර ඥනය නිසා ලද ඵලයකි. සිංහල සිනමාවේ සමාරම්භය සමඟ බැඳුණු ඉන්දියානු සිනමාව නිසා සිංහල චිත්‍රපට සංගීතය ද එහි ම අනුකරණයක්‌ ලෙස විහිද ගියේය. ඒ ගතානුගතික යදම බිඳවැටුණේ ලෙස්‌ටර්ගේ රේඛාව චිත්‍රපටයත් සමඟ ය. සිංහල චිත්‍රපටය අනුකරණ සංගීතයෙන් මුදවා ගැනීමට සුනිල් ශාන්තයන් ගත් මගට පිවිසෙන අමරදේවයෝ ද එහිලා අප්‍රමාණ නිර්මාණ වෙහෙසක්‌ දැරූහ. සිංහල චිත්‍රපට ගීතයේ අනුස්‌මරණීය සමාරම්භයක්‌ ලෙස ප්‍රමාණිකයන්ගේ අවධානයට ලක්‌වූ "ඉපිද මැරේ" (කරුණාරත්න අබේසේකර) ගීතය ගයන ලද්දේ අමරදේවයන් විසිනි. පසු කලක අමරදේවයන්ගේ සංගීත නිර්මාණ සිංහල චිත්‍රපට රැසකම අපට හමුවේ. රන්මුතු දූව, ගම්පෙරළිය, ගැටවරයෝ රන්සළු දෙලොවක්‌ අතර, පරසතු මල්, සාරවිට, මඩොල්දූව, සිරිබෝ අයියා, තුංමංහන්දිය ඉන් කීපයකි. මේ ඇතැම් චිත්‍රපටයක්‌ සඳහා ඔහු විසින්ම සංගීතවත් කර ගයන ලද ගීත කෙතරම් විශිෂ්ටදැයි ඒවා ඇසූ හා අදත් අසන ශ්‍රාවකයෝ දනිති. චිත්‍රපට ගීතය කෙරෙහි අභිනව රසයක්‌ මෙන්ම සියුම් සංවේදී භාවයක්‌ ද උත්පාදනය කිරීමට අමරදේවයන්ට හැකි විය. රසභාව පෝෂණය හා අවස්‌ථාවෝචිත ධාරණාවන් උත්පාදනය සඳහා ඔහුගේ ගායනයට සමීප කළ හැකි ගායනයක්‌ ද නැත. මගේ මතකය නිවැරැදි නම් ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් වරක්‌ අමරදේවයන්ගේ ස්‌වරය පමණක්‌ භාවිත කරමින් හන්තානේ කතාව චිත්‍රපටයේ තේමා සංගීතය නිර්මාණය කර තිබුණි. එහි කිසිදු විස්‌මයක්‌ නැත. අමර ස්‌වරයම සංගීතයක්‌ බව එයින්ම තහවුරු වී ඇත. අමර ස්‌වරය තුළ නිනාද වන්නේ සිංහල සංස්‌කෘතියේ රිද්ම රටාව බව මහාචාර්ය සරච්චන්ද්‍රයන් පවසන්නේ ද අමරදේවයන්ගේ ස්‌වරයෙහි ගැබ් වන ගැඹුරත් භාව පූර්ණ ගුණයත් නිසාය.

තතු මෙසේ හෙයින් පණ්‌ඩිත් අමරදේවයෝ හෙළ දිව අසිරිමත් ගාන්ධර්වයාණෝය යන විරුදාවලියට අත්‍යයන්තයෙන්ම නිසි වන්නාහුය. සංගීත කලා, දර්ශන, රසවාද, භාෂා ශාස්‌ත්‍ර යන සියලු සියත් ලකුණින් ආඪ්‍ය වූ අමරදේවයන් මේසංසාර වෘක්‍ෂයෙහි මධුර ඵලයක්‌ සේ දැක්‌වීම මැනවි. සිංහල සහෘද ජන මණ්‌ඩප හා වියත් පර්ෂ ද මැද සුදිලෙන වරම් ලද භාග්‍යවන්තයා ඔහුමය. ශාස්‌ත්‍රීය සංගීතය ද ජන සංගීතය ද මනාව සුසංයෝග කරමින් පෙරදිග සංගීත ලකුණක්‌ සේ දැක්‌විය හැකි ප්‍රබල අනන්‍යතාවක්‌ සංගීතයට එක්‌ කළ අසිරිමත් සංගීත කලා ප්‍රාඥයා ලෙස ඔහු මතු මතුව එන පරපුරවල ද ගෞරවයට ද අභිමානයට ද පාත්‍ර වනු නිසැකය. අමරදේව සංගීත භූමිකාව සමතික්‍රමණය කිරීමට හෝ ඉක්‌මවා යැමට වෙනත් සංගීතඥයෙක්‌ මෙතෙක්‌ පහළ වී ඇතැයි කිව නොහැක. අමරසරයෙන් ම ගායනා කර සිංහල රසික ජන හද නිදන් කළ ඒ ස්‌වර වර්ණිත ගී සමුදාය සසර වසන තුරුම හෙළ දෙරණේ රැව් පිළිරැව් දෙනු කවුරු වලක්‌වත්ද? මේ පාරිභෝගික ධනවාදී වනාන්තරය සෞන්දර්යයෙන් ආඪ්‍ය කළ අසාමාන්‍ය සංගීත මුනිවරයකුගේ ආගමනය අප අභිමානයෙන් සිහිපත් කළ යුතු වන්නේය.

අමරදේවයෝ ස්‌වකීය චාම් සරල විලාශයෙන් ද නිහතමානී ගුණයෙන් ද පරිපූර්ණව සිටිති. ඔහු කිසිවිටක කිසිවකුට ළදැඩිකම් නොපාති. ළතෙක්‌ මුදු ගුණ ඔහු කෙරෙහි නිබඳව පවතී. සඳෙහි සියුමැලි ගුණය ද හිරුගේ තෙද ගණය ද එක්‌බඳුව පවත්නා දුලබ ගණයේ උත්තමපුරුෂයකු ලෙස මම අමරදේවයන් දකිමි. ඒ නිරහංකාර සංගීත මුණිවරයාණන්ට ආයු, වර්ණ, බල, සුඛ, ප්‍රඥ නිබඳව වැඩේවායි ද ප්‍රාර්ථනා කරමි. අමරදේව නාමය සදාකල් රැව් පිළිරැව් දේවා·

මහරු සත්සර සයුර එතෙර වී නැණ නැවින
සසර පින් පුරන ලද පන්සිළුට සම බැවින
නුවර ගම් දොර නොහැර හදින් හද රස මවන
අමර සර රසෝඝය හෙළ දෙරණ ගිම් නිවන

- ගාසු
[Divaina]

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

1 comment :

  1. once in many eons, great people are born while they live they live for their cause and achieve it without harming another and when they leave this world though their physical form is no longer to be seen they have already become immortal! Pandit Amaradeva was such a personality, he took the good of everything and created his own music staying true to his roots! In an era where there are many pseudo patriots, a personality like Mastero Amaradeva shines like a beacon of light, epitomising how a true patriot's personality should be! May he throughout his journey in Sansara until he achieves the supreme bliss of Niravana be able to create beautiful music and stay true to his roots!Thank you for your beautiful music which gave many generation of Sri Lankans the truest sound of our own music!

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions