11/27/2016

යටගිය ඉතිහාසය පමණක් නොව මතු අනාගතය විසින්ද ඔහු නිදොස් කරනු නොඅනුමානය.

කතෘ:යුතුකම     11/27/2016   No comments


-ඉසුරු ප‍්‍රසංග-යටගිය ඉතිහාසය පමණක් නොව මතු අනාගතය විසින්ද ඔහු නිදොස් කරනු නොඅනුමානය.

කලක සිට මගේ කාමරයේ අලවා තිබෙන ලෝක විප්ලවවාදී නායකයන්ගේ සිතුවම් පෙළක් තිබෙයි. තවමත් ජීවතුන් අතර සිටින පුද්ගලයන් ඒ අතර සිටියේ එක් අයෙක් පමණි. ඔහුද පසුගිය සිකුරාදා රාත‍්‍රියේ ජීවිතයට සමුදුන්නේය. මේ සිතුවම් අ`දින කාලය වන විට මා සමාජවාදය, මාක්ස්වාදය, හා වම ගැන දැරූ සම්ප‍්‍රදායික අදහස් අද වනවිට බොහෝ වෙනස් වී ඇතත් ෆිදෙල් කස්ත්‍රෝගේ ප‍්‍රවේශය තුළින් අතීතයට පමණක් නොව අනාගත ලෝකයටද උකහා ගත හැකි බොහෝ දේ ඇති බව මම විශ්වාස කරමි. ෆිදෙල් යනු තමාට අනන්‍ය වූ මාවතක් තෝරාගත් නිර්මාණශීලී නායකයෙකි. මාක්ස්වාදයෙන් විශාල ආභාසයක් ලැබුවා වුවද ඔහු කිසිදා පොතේ ගුරු මාක්ස්වාදියෙක් වූයේ නැත. එසේ වූයේ නම් ඔහු අද වනතුරුත් හවානා නුවර සම්මන්ත‍්‍රණ ශාලාවලට වී ගල් පැලෙන තියරි ඇදබාමින් සිටින්නට ඉඩ තිබිණි. බලය ගැනීමට පෙර පන්ති සටනක් ගැන සමාජවාදයක් ගැන මාක්ස්වාදයක් ගැන කිසිවක් කතා නොකළ ඔහු දේශපේ‍්‍රමී අරගලයක් ඔස්සේ තම ජයග‍්‍රහණයට මාවත පාදා ගත්තේය. ලංකාවේ ඇතැම් මාක්ස්වාදී බක පණ්ඩිතයන්ට කස්ත්‍රෝ නුරුස්සන්නේද මෙවැනි කාරණා නිසාවෙනි.

පාරිභෝජනවාදයද? සමාජ සාධාරණත්වයද?

මීළ`ගට කියුබාවේ සමාජ තත්ත්වය ගැන සලකා බලතොත් බටහිර රටවල මෙන් ලෝකයටම වින කටිමින් උදා කරගත් ඊනියා සංවර්ධනයක් කියුබාවේ නොමැති බව සැබෑය. මජර පාරිභෝජනවාදයේ හා ඊනියා ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ නිර්ණායකවලට අනුව උසස් යැයි සැලකෙන අරුමෝසම් ඒ රට තුළ විරල විය හැකි බව සැබෑය. එසේවුවද සියලූ ජනයාගේ ජීවත්වීමේ අයිතිය හා අභිමානය මැනවින් ආරක්ෂා වූ සාධාරණ සමාජයක් එහි තිබේ. කුසගින්න පිළිබ`ද ප‍්‍රශ්නයක් ඔවුන්ට නැත. නොමිලේ කාටත් ලැබෙන ආහාර සලාකයට අමතරව සහන මිලට හො`ද ආහාරපාන, ඇ`දුම් පැළ`දුම් ලබාගැනීමට ඔවුන්ට හැකියාව ඇත. අධ්‍යාපනය, නිවාස, රැුකී රක්ෂා පිළිබ`ද ප‍්‍රශ්නයක් ඔවුන්ට නැත. ඉහල මට්ටමේ නිදහස් සෞඛ්‍ය සේවයක් එරට ඇත. ඉතාම මිල අධික සැත්කම් ආදිය පවා රටේ ප‍්‍රාදේශීය රෝහලකින් වුවද නොමිලේ සිදුකරගත හැකි පහසුකම් කියුබාවේ තිබේ. මේ නිසා ලංකාවේ මෙන් අසරණ රෝගීන් සූරා කන ලේ මාපිලූන් වැනි වෛද්‍යවරුන් එරට නැත. නඩු කල් අදිමින් මුදල් ගරන නීතිඥවරුන්ට, ගොරකා දඩමස් කරන පොලිස් නිළධාරීන්ට, ජනතාවගේ හිස් මත පහරන මාධ්‍ය තුප්පහියන්ට, නානා මාදිලියේ කූට ජාවාරම්කාරයන්ට ඒ සමාජය තුළ ඉඩක් නැත. කිසිවෙකුගේ සරණක් නොමැතිව මහම`ග යදින දරුවන් හෝ වැඩිහිටියන් ඒ රට තුළ නැත්තේ දරුවන් මෙන්ම වැඩිහිටියන්ද රැුකබලා ගැනීම රජයේ වගකීමක් වන බැවිනි. ජනතාවගේ රීරි මාංස උරා බී තරවන, කෝටි ගණන්වල වාහනවල නැගී බත්බැල සේනා සම`ග මහපාර දෙවනත් කරමින් ඉගිලයන තකතීරු ඇමතිවරු මන්තී‍්‍රවරු ලංකාවේ ජාතික සංකේතයක් වුවද කස්තෝ පවා බොහෝ විට හවානා නුවර එහා මෙහා ගමන් කළේ මෝටර් රථ තුනකිනි. තවද කියුබානුවෝ හො`ද අධ්‍යාපනයක, කලාවක, සංස්කෘතික ජීවිතයක උරුමකරුවෝ වූහ. එරට විශ්ව විද්‍යාලවල ඉගෙනුම ලැබූවන් විදේශිකයන් අතර ලාංකිකයෝ බොහෝ දෙනකුද සිටිති. එරට මේ යහපත් සමාජ තත්ත්වය ගැන ඔවුහු ඕනෑම තැනක සාක්ෂි දරනු නොඅනුමානය. පාරිභෝජනවාදය බැලූ බැල්මට බෙහෙවින් ලස්සනය. මිනිස්සු ඉතා ලේසියෙන් එය වැල`දගැනීමට පෙළඹෙති. එහෙත් පාරිභෝජනවාදය සම`ගම අපට සමාජ අසාධාරණය, තරගය, සූරාකෑම, බොරුව, වංචාව, හිංසනය, යුද්ධ කෝලාහල ආදියද වැල`දගැනීමට අනිවාර්යෙන්ම සිදුවෙයි. නරුම පාරිභෝජනවාදය හා සමාජ සාධාරණත්වය යනු බොහෝවිට එකවිට එකට පැවතිය හැකි දේවල් නොවේ. කියුබාවේ වැදගත්ම වෙනස වන්නේ ඔවුන් පාරිභෝජනවාදය වෙනුවට සමාජ සාධාරණත්වය තෝරාගෙන තිබීමය.

මයාමි නුවර ඝෝෂකයෝ
ඉහත කී සියල්ල එසේ වුවද විය යුතු ලෙසම කියුබාවට අදාළ ප‍්‍රශ්න අර්බුද හා ඊට අදාළ ජනතා දුක් ගැනවිලි ප‍්‍රමාණයක්ද එරට ඇති බව සැබෑය. පරමාදර්ශී සමාජයක් හෝ පරමාදර්ශී නායකයන් ලෝකයේ කිසිදු රටක නැත. එක් ප‍්‍රශ්නයකට දෙන විස`දුම තවත් ප‍්‍රශ්නයක ආරම්භය වන බැවින් ප‍්‍රශ්න නැති රටක්ද ලෝකයේ තිබිය නොහැකිය. අනෙක් අතින් සියලූ දෙනාගේ සන්තෝසයට හේතුවන භූමිකාවක් කිසිදු නායකයෙකුට ඉතිහාසය විසින් උරුම කර දෙන්නේද නැත. ඒ නිසා කස්ත්‍රෝගේ මරණය වෙනුවෙන් ඇමරිකාවේ මයාමිවල සිට ප‍්‍රීතිඝෝෂා න`ගන කියුබානුවෝ අතලොස්සක්ද සිටිති. එසේවුවද බහුතරයාට ඉටුවන සාධාරණයට පක්ෂව පවත්නා සමස්ථ තත්ත්වය මැදහත්ව විමසා බැලීමේදී දෑතම ඔසවා කියුබාවට ආචාර කිරීමට මට නම් සිදුවෙයි. කිසිදු දෙයකට කිසිදු වැඩපිළිවෙලක් සකසා ගත නොහැකිව විහින් පිස්සන් කොටුවක් බවට පත්වී තිබෙන රටක ජීවත් වන මට කියුබාව සිහින දේශයකි. මෙහි ඇති ප‍්‍රබලම කාරණය වන්නේ ඔවුන් මේ සියලූ ජයග‍්‍රහණ අත්කරගෙන ඇත්තේ කුඩා හුදකලා රටක් ලෙස, ලෝක බලවතුන්ගේ නිමක් නැති කෙණහිලිකම් මධ්‍යයේද වීමය. අප කිසිවිටකත් අමතක කළ යුතු නැති වැදගත්ම කාරණය එය වෙයි.

ගොලායත්ලා අතර
කියුබාව භූමි ප‍්‍රමාණයෙන් මෙන්ම ආර්ථිකය අතින්ද කුඩා රටකි. දැවැන්ත ආදායම් උපදවන ස්වාභාවික සම්පත් ඔවුන්ට නැත. ආයුධ ජාවාරම්, ඖෂධ ජාවාරම්, හෝ කොකාකෝලා වැනි මුග්ධ වෙළෙ`ද භාණ්ඩ අලෙවියෙන් ගොඩගසා ගත් අතිරික්ත ධනයක් ඔවුන්ට නැත. බටහිරයන් මෙන් අනෙක් රටවලට මරඋගුල් අටවමින්, අනෙක් රටවල් සූරා කමින් තමන්ගේ මඩිය තරකර ගැනීම ඔවුන්ගේ පිළිවෙත නොවීය. ඔවුන් නැ`ගී සිටියේ ස්වශක්තියෙනි. අතීතයේදී මෙන් කියුබාව හා සහයෝගයෙන් කටයුතු කරන සමාජවාදී රාජ්‍ය පද්ධතියක්ද නූතන ලෝකය තුළ නැත. ඒ් සියල්ල එසේ තිබියදී ලෝක බලවතුන්ගෙන් ඔවුන්ට සිදුවන කෙණහිලිකම්වලද කිසිදු නිමාවක් නැත. කියුබාවේ ආණ්ඩු පෙරළියක් ස`දහා ඇමරිකාව සෑම වසරකම සැලකිය යුතු මුදලක් වෙන් කරයි. අනෙක් අතින් ආර්ථික සම්බාධක තොණ්ඩුවද කියුබාවේ ගෙල තදින් සිරකොට තිබේ. ඇතැම් කාරණා සම්බන්ධව දැඩි නීති පැනවීමට, නිදහස සීමා කිරීමට කියුබාවට සිදුව ඇත්තේද, දඩ බල්ලන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයෙන් හා යහපාලනයෙන් තම රට බේරාගැනීමට විනා ජනතාවට කෙලවා පාලකයන්ට සුරසැප වි`දීමට නොවේ. මේ සියල්ල මෙසේ තිබියදී ඒ සියලූ අතවරයන් මැද ඔවුන් තවමත් විප්ලවයෙන් දිනාගත් ජනතා ජයග‍්‍රහණ ආරක්ෂා කර ගැනීමට සමත්ව සිටීම ආශ්චර්යයක් බ`දුය. ඔවුන් මේ ජයග‍්‍රහණ අත් කරගන්නා ලද්දේ තමන්ට වාසි සහගත පිටියක නොව අතිශයින්ම අවාසි සහගත හා මර උගුල් බහුල පිටියක කී‍්‍රඩා කරමිනි. ඒ අනුව ගත්කළ කියුබාව සැලකිය හැක්කේ ගොලායත්ලා සීයක් සම`ග තනිවම සටන් වදින හුදකලා දාවිත් කෙනෙකු ලෙසය. යම් හෙයකින් ඔවුන්ට වාසි සහගත දේශපාලන පරිසරයක් ලෝකය තුළ තිබුණේ නම් ඔවුන්ට තව කොතෙක් දුර යා හැකිද යන්න අමුතුවෙන් කිව යුත්තක් නොවේ. මේ සියල්ලේ ගෞරවය එහි මහා නියමුවා වූ ආදරණීය පිදෙල් කස්තෝ සහෝදරයාට නොඅඩුව හිමිවෙයි. ඔහුගේ දර්ශනය හා එක`ග නොවන දේශපාලනඥයකුට වුවද ඔහුගේ භාවිතයෙන් උගත හැකි පාඩම් බොහෝය. ලංකාවේ රට බේරාගත් නායකයන්ට හා සමාජවාදයෙන් දේශපේ‍්‍රමයට විතැන් වූ ඇමතිවරුන්ට ෆිදෙල්ගේ ආදර්ශයන්ගෙන් අල්ප මාත‍්‍රයක් හෝ උකහා ගැනීමට හැකිවූයේ නම් ඔවුන්ට මේ සා ඉක්මනින් බඩු මුට්ටු අකුලාගෙන ගෙදර යාමට සිදුනොවේ.

කස්ත්‍රෝ සහ අණ්ඩපාලයෝ
මේ සියල්ල අතරේ කස්ත්‍රෝගේ මරණයටත් වඩා හද කම්පාකරවන දෙයක් තිබේ. ඒ ඔබාමාගේ අසූචි දෝවන දේශපාලනයේ නියුතු අන්ත ජාතිවාදී ලාංකිකයන් පිරිසක් අද කස්ත්‍රෝ වෙනුවෙන් හොටු පෙරන්නට පටන්ගෙන තිබීමය. මාක්ස්වාදීන්, ලිබරල්වාදීන්, පශ්චාත් නූතනවාදීන්, අනුර යටතේ වැඩෙන ජේවීපීකාරයන්, පෙරටුගාමී පුස්සන්, අලූත් පරපුරු ගල් කොල්ලන්, ඊනියා කවියන්, ආදී විශාල පිරිසක් මේ අතර සිටිති. දැන හෝ නොදැන කස්ත්‍රෝ වෙනුවෙන් හ`ඩා වැළපෙන මේ පරපුටුවන්ගේ සැබෑ දේශපාලනය කෙබන්දක් වේද?
මේ අපූරු සමාජවාදීහු පිරිස මිනීමරු දෙමළ ජාතිවාදය වෙනුවෙන් පෙනී සිටිති. කොටි ත‍්‍රස්තවාදීන්ට පෙම් කවි ලියති. මුස්ලිම් අන්තවාදයට මතවාදී ආරක්ෂාව සපයති. රටේ ඉතිහාසයට සංස්කෘතියට පහරදෙති. සිංහලයේ සි යන්නට පවා වෛර කරන මේ පිරිස ඊට එරෙහිව ඕනෑම තලේබාන් පන්නයේ ජාතිවාදයක් සාදරයෙන් වැළ`ද ගනිති. ඔවුන්ට අනුව ඇමරිකන් අධිරාජ්‍යවාදය බොරු බිල්ලෙකි. දේශපේ‍්‍රමය ෆැසිස්ට්වාදයකි. කොකාකෝලා ශ්‍රේෂ්ඨ සංස්කෘතික උරුමයකි. රනිල් මාර ඉදිරිගාමී ලිබරල්වාදී සමාජවාදයට අඩි දෙකක් මෙහායින් සිටින සුපිරි නායකයෙකි. බටහිර රටවලින් ලංකාවට ප‍්‍රජාතන්ත‍්‍රවාදය අයැද සිටින මේ අපූරු සමාජවාදීන් පිරිස අතුරුදන් වූවන් සෙවීමේ කාර්යාල පිහිටුවීමට පාර්ලිමේන්තුවේදී ඡුන්දය ප‍්‍රකාශ කරති. ජෝන් කෙරීලා විසින් උදාකළ බව කියන යහපාලනය වෙනුවෙන් පෙනී සිටිති. ඔවුන්ට අනුව ලංකාව, කියුබාව, වැනි හි`ගන රටවල් ගිල ගැනීමට තරම් අහේනියක් බටහිරයන්ට නැත. ඔවුන් ඒ රටවලට මැදිහත් වන්නේ ඒකාධිපතියන් පළවා හැර ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා මානව හිමිකම් ආරක්ෂා කිරීම වෙනුවෙනි. අධිරාජ්‍යවාදී කුමන්ත‍්‍රණ, එන්ජී ඕ සංවිධාන, බටහිර අතපෙවීම්, බෙදුම්වාදී මරඋගුල් වැනි සියල්ල බොරු බිල්ලෝ වෙති. ඒ කිසිදු උවදුරකින් තොර නූතන සුන්දර ශිෂ්ට ලෝකයට සියලූ විනාශයන් සිදු කරන්නේ ගඩාෆි, මහින්ද, සදාම් වැනි ඒකාධිපති පාලකයන් විසිනි. තම වාම ලේබලය ගැලවෙතැයි බියෙන් ඔවුහු මේ ලැයිස්තුවට කස්ත්‍රෝගේ නමද ඇතුළත් නොකළද ඔවුන්ගේ දේශපාලනය අනුව කස්ත්‍රෝගේ නම ඒ ලැයිස්තුවේ කාටත් ඉහළින් ස`දහන් විය යුතුය. ඔවුන්ගේ නිවට දේශපාලනය කස්ත්‍රෝ වෙනුවෙන් නොව බැරැුක් ඔබාමා වෙනුවෙනි. ලංකාව කියුබාව වූයේ නම් අන් කාටත් පෙර ඇමරිකාවට යාම ස`දහා මුහුදට පැනීමට නියමිත මේ තුප්පහියන් පිරිස අද කස්ත්‍රෝ වෙනුවෙන් කිඹුල් ක`දුළු හෙලමින් සිටීම තරම් ඛේදවාචකයක් තවත් තිබේද? බැරුක් ඔබාමා හෝ රනිල් වික‍්‍රමසිංහගේ මළගම වෙනුවෙන් ඉතුරු කර ගත යුතු ක`දුළු කස්ත්‍රෝ වෙනුවෙන් නාස්ති කිරීම කස්ත්‍රෝටද සිදුකරන දරුණු හිංසනයකි. මේ අම්බරු රැුළ විසින් තමන්ට හා තම දේශපාලනයට සිදුකරන දරුණු සරදම කොතෙක්දැයි දන්නේ නම් මියගිය කස්ත්‍රෝ වළෙන් නැගිට පැමිණ මේ නිවට සමාජවාදීන්ගේ පුකට පයින් ගසනු නොඅනුමානය. අද ෆිදෙල් කස්ත්‍රෝගේ මරණය විසින් ඔවුන්ගේ දේශපාලන අ`දබාලකම නැවත වතාවක් රටට නිරාවරණය කොට තිබේ. ඒ මෙහෙවර වෙනුවෙන් දෙවැනි වතාවටත් පිදෙල් සහෝදරයාට මගේ ආචාරය හිමිවෙයි.

අතුරු කතාවක්
කලකට ඉහතදී ෆිදෙල් වෙනුවෙන් විශිෂ්ඨ කවියක් ලියූ මගේ මිතුරෙක් සිටියි. එහෙත් මේ මිතුරාට ප‍්‍රභාකරන්ද මහා වීරයෙකි. පසුගිය දිනක මා දුටුවේ ”අපේ නූතන ජීවිත ලස්සන කරන්න රනිල්ට ඡුන්දය දෙන්න” යනුවෙන් ඔහු මූණු පොතේ සටහන් කළ වැකියකි. දීප්ති කුමාර වැනි ඔල්මාදකාරයන් ඇසුරේ වාම දේශපාලනය අකුරු කළ මේ මිතුරාගෙන් ඊට වැඩි දේශපාලනයක් අපේක්ෂා කිරීමද විහිළුවකි. ඔහු අද රනිල්ට ඡුන්දය දී ඉතා ලස්සන නූතනවාදී ජීවිතයක් ගත කරනවා විය හැකිය. ඔවුන්ගේ දේශපාලනය ගැන මා ඉහත සැකෙවින් ඉදිරිපත් කළ නිගමනයේ වලංගුතාව වටහා ගැනීමට මේ මිතුරාගේ ප‍්‍රකාශයම වුවද කදිම නිදසුනක් බව අවසාන වශයෙන් ස`දහන් කළ යුතුය.

ඉසුරු ප‍්‍රසංග

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions