11/26/2016

යෝජිත ව්‍යවස්ථාවේ රට බෙදන විනාශකාරී යෝජනා හකුළා ගනු ! - ජාතික ඒකාබද්ධතා කමිටුව

කතෘ:යුතුකම     11/26/2016   No comments

මාධ්‍ය නිවේදනයආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ ගැන මධ්‍ය - පර්යන්ත උප කමිටුවේ වාර්ථාව මත ජාතික ඒකාබද්ධතා කමිටුවේ ප‍්‍රකාශය.

මධ්‍ය - පර්යන්ත සබඳතා සහ පොලිස් බලතල පිළිබඳ වාර්තා ඇතුළත් ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ ගැන ඔවුන් විසින් පත් කරන ලද උප කමිටු වාර්තා කිපයක් නොවැම්බර් මස 19 වන දින රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

මධ්‍ය - පර්යන්ත අනු කමිටුවේ සභාපතිත්වය දරන ලද්දේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධර්මලිංගම් සිද්ධාදන් මහතාය. එකී වාර්ථාවේ හැඳින්වීමේ සඳහන් වන්නේ ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ ඒකීය ස්වරූපය හේතුවෙන් පළාත් සභාවල ඵලදායී ක‍්‍රියාකාරීත්වය කෙරෙහි බාධාවක් වී ඇති බවයි. ඬේලි මීරර් පුවත්පත නොවැම්බර් 22 වන දින ලබා දුන් සම්මුඛ සාකච්ඡා2වේදී ධර්මලිංගම් සිද්ධාදන් මහතා මෙම තත්වය පිළිබඳව නැවත නැවත ප‍්‍රකාශ කොට ඇත. ඒ අනුව පෙනී යන්නේ මෙම අනු කමිටුවේ ප‍්‍රවේශය වී ඇත්තේ සාංගමික ස්වරූපයේ ව්‍යුහයක් යෝජනා කිරීම බවයි.

මෙම ප‍්‍රවේශය පිළිබඳව අප ඉතාමත් කණගාටුවෙන් ශ‍්‍රී ලංකාවේ ඒකීය ස්වරූපය වෙනස් කරන තුරු ඕනෑම වෙනසකට අපි විරුද්ධ වන බව සටහන් කිරීමට ජාතික ඒකාබද්ධතා කමිටුව අදහස් කරයි. මහජනතාව රැවටීමේ ලේබලයක් වශයෙන් පමණක් ඒකීය භාවය සීමා නොකළ යුතු බව ප‍්‍රකාශ කළ යුතු අතර, ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ අන්තර්ගතයන් ඒකීය ස්වරූපයෙන් විය යුතුය.

මේ සම්බන්ධයෙන් පෙන්වා දිය යුතු කරුණක් වන්නේ ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය ම`ගින් හඳුන්වා දී ඇති ව්‍යුහය විසින් පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවය සහ ස්වාධිපත්‍ය සැලකිය යුතු ප‍්‍රමාණයෙන් ඛාදනයට ලක් වී ඇති බවත්, ඒ නිසාවෙන්ම රාජ්‍යයේ ඒකීය ස්වරූපයට ද හානි වී ඇති බවත්ය. ව්‍යවස්ථාවේ 154 ඨ (3;.* ව්‍යවස්ථාව අනුව පළාත් සභාවකින් පනවන ලද පනතක් අහෝසි කිරීමට හෝ සංශෝධනය කිරීමට පාර්ලිමේන්තු සාමාජිකයන්ගේ 2/3 ක බහුතරයක් අවශ්‍ය වුවද, පාර්ලිමේන්තුව විසින්ම පනවන ලද නීතින් අවලංගු කිරීමට හෝ සංශෝධනය කිරීමට අවශ්‍ය වන්නේ සරල බහුතරයක් පමණි. පාර්ලිමේන්තුවට 2/3 ක බහුතරයක් අවශ්‍ය වන්නේ, ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනයට පමණක් මිස සාමාන්‍ය නීති සංශෝධනයට නොවේ. එසේ හෙයින් මෙහි ප‍්‍රතිඵලයක් වශයෙන් පළාත් සභාව විසින් පනවන ලද නීති ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාමය ප‍්‍රතිපාදන තත්වයට අප විසින් ඔසවා තැබීමක් සිදු කර තිබේ. මේ අනුව 154 G (2) සහ 154 G (3) ව්‍යවස්ථාව අවලංගු කළ යුතුය.


පොලිස් සහ ඉඩම් බලතල සම`ග පළාත් සභා සහ සමගාමී ලැයිස්තු වලට විෂයන් 73 ක් සම්බන්ධයෙන් 13 වන සංශෝධනය ම`ගින් පළාත් සභා වලට ව්‍යවස්ථාදායක සහ විධායක බලතල ලබා දේ. පාර්ලිමේන්තුව එසේ කල්පනා කරන්නේ නම් ජාතික අවශ්‍යතාවය මත එය විසින් පනවන ලද නීති සාමාන්‍ය බහුතරයෙන් අවලංගු කළ හැකි සේම පළාත් සභා විසින් පනවන ලද නීතින් ද, සරල බහුතරයකින් අවලංගු කිරීමට පාර්ලිමේන්තුවට හැකියාව තිබීම අත්‍යවශ්‍ය කරුණක් වන්නේය. ඒ නිසා අපි දැඩි ලෙස අවධාරනය කිරීමට කැමති වන්නේ 13 වන සංශෝධනය මගින් මහජනතාවගේ ස්වාධිපත්‍ය මත ඇති කොට ඇති බාධාවන් ඉවත් කළ යුතු බවත්, 13 වන සංශෝධනයට පෙර පැවැති රාජ්‍යයේ ඒකීය ස්වභාවය ප‍්‍රතිෂ්ඨාපනය කළ යුතු බවත්ය. මෙම උප කමිටුවේ යෝජනා පැහැදිලිවම ගම්‍ය වන්නේ, රාජ්‍යයේ ඒකීය භාවය තව දුරටත් නරක අතට පත් කිරීමේ වැඩ පිළිවෙලක ඔවුන් නිරත වී සිටින බවයි.

රාජ්‍යයේ ඒකීය ස්වරූපය පිළිබඳ විරෝධතාවන්ට අමතරව, පවතින ව්‍යවස්ථාවේ ඔවුන්ට එකගවිය නොහැකි ප‍්‍රතිපාදන කිහිපයක් ඉහත කී මධ්‍ය - පර්යන්ත උපකමිටුව විසින් හඳුනා ගෙන ඇත. නම් වශයෙන් :

1. සමගාමී ලැයිස්තුව
2. අතිරේක ලැයිස්තුවේ ඇතුළත් ජාතික ප‍්‍රතිපත්තිය
3. ආණ්ඩුකාරවරයාගේ බලතල
සහ
4. මධ්‍යය විසින් කරන මුදල් පාලනය.

අප විසින් පෙන්වා දීමට කැමති වන්නේ ඉන්දියාව සහ දකුණු අපි‍්‍රකාව ඇතුඵ දේශපාලන බලතල විමධ්‍යගත කොට ඇති රටවල් ගණනාවක් විසින්ම ඔවුන්ගේ ව්‍යවස්ථාවන් තුළට සමගාමී ලැයිස්තුවක් ඇතුළත් කර ඇති අතර, ඒ මගින් පළාත් හෝ ප‍්‍රාදේශීය රජයන් විසින් කරනු ලබන වැරදි ක‍්‍රියා වලට මධ්‍ය විසින් මැදිහත් වීමට හැකියාව ඇති කර තිබෙන බවයි.

බලය විමධ්‍යගත කරන ව්‍යුහයක් සම`ග ඉදිරියට යාමට නම් මෙම පියවර නිවැරදි දිශාවට තබන ලද පියවරක් ලෙස අපි සලකන්නෙමු. පළාත් රජයන්ගේ ක‍්‍රියාව මගින් ප‍්‍රාදේශීය සුඵ ජාතීන්ගේ අයිතිවාසිකම් වලට බලපෑමක් එල්ල වන්නේ නම්, ඒ ගැන මැදිහත් වීමට මධ්‍යයට අවස්ථාවක් මෙම සමගාමී ලැයිස්තුව විසින් ලබා දෙනු ඇත.

ආණ්ඩුකාර තනතුර අහෝසි කිරීමට හෝ ඔහු සතු විධායක බලතල ඉවත් කිරීමට ගනු ලබන ඕනෑම උත්සාහයකට අපි දැඩි ලෙස විරුද්ධ වන බවත්, ඒ ම`ගින් ඔවුන්ට රිසි ලෙස විධායක බලතල පාවිච්චි කිරීමට පළාත් අමාත්‍ය මණ්ඩලයට හැකියාව ලබා දීමටත් අපි විරුද්ධ වෙමු. පළාත් රජයක් විසින් විය හැකි ඕනෑම අයුතු සහ නීති වීරෝධි ආකාරයේ විධායක බලතල භාවිතා කිරීමකට විරුද්ධව ආණ්ඩුකාර පදවිය හරහා ජනාධිපතිගේ මැදිහත් වීම සඳහා 13 වන සංශෝධනයෙන් හඳුන්වා දුන් 154 G (2) ව්‍යවස්ථාවේ ප‍්‍රතිපාදන සලසා ඇත. අපේ මතය සහ අපි දැඩි ලෙස පෙනී සිටින්නේ පළාත් ඇමතිවරයකු විසින් කරනු ලබන ඕනෑම නීති විරෝධි සහ නොවිධිමත් වැළැක්වීම සඳහා කැබිනට් අමාත්‍යවරයෙකුට බලතල ලබා දිය යුතු බවයි. ජාතික ප‍්‍රතිපත්තිය පිළිබඳ සියලූම විෂයන් සම්බන්ධයෙන් වු කාරණා වලදී තීරණ ගැනීමට මධ්‍යයට තිබුනු බලතල ඉවත් කිරීමට ප‍්‍රයත්නයක් ගෙන ඇති බව අපි නිරීක්‍ෂණය කරමු. කණගාටුවෙන් වුවත් අපි විසින් සඳහන් කළ යුත්තේ ජාතික ප‍්‍රතිපත්තිය සම්බන්ධ කරුණු ගැන තීරණ ගැනීමට මධ්‍යම රජයට ඇති බලතල ඉවත් කිරීමට ගෙන ඇති උත්සාහය රාජ්‍යයේ ඒකීය ස්වභාවය සහ මහජනතාවගේ ස්වාධිපත්‍ය විනාශ කිරීමේ අරමුණින් කර ඇති එකක් බවයි. මෙම අනු කමිටුවට එක ජාතියක් ලෙස නැගී සිටිම පිළිබඳ අබමල් රේණුවක හෝ සැලකීමක් තිබුනේ නම්, ඔවුන් විසින් මෙවැනි යෝජනාවක් නොකරනු ඇති බවයි.

මුල්‍ය ප‍්‍රතිපත්තිය පිළිබඳ බලතල ශ‍්‍රී ලංකාවේ මධ්‍යම රජය සතුව අඛණ්ඩව පැවතිය යුතු බව යළි යළිත් අවධාරනය කිරීමට අප කැමැත්තෙමු. ජාතික ආදායමෙන් යම් ප‍්‍රමාණයක් පළාත් සභාවකට අනිවාර්යෙන් වෙන් කිරීමට යෝජනාවක් ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමට මෙම අනු කමිටුවෙන් කිසියම් යෝජනාවක් කර තිබේ නම්, එය රාජ්‍යයේ ඒකීය ස්වභාවය විනාශ කිරීමට කරනු ලබන, තවත් එක් උත්සාහයක් පමණි.

උතුරු සහ නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීමටත් පොලිස් සහ ඉඩම් බලතල පළාත් සභා වලට ලබා දීමටත් ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවට ප‍්‍රතිපාදන ඇතුළත් කිරීමට අපි දැඩි ලෙස විරුද්ධ වෙමු. ජාතීන් අනුව නියෝජනය කිරීමට බලතල ප‍්‍රදානය කරමින් ව්‍යවස්ථා අධිකරණයක් ඇති කිරීමට ජාතික ඒකාබද්ධතා කමිටුව දැඩි ලෙස විරුද්ධ වේ. ඔවුන්ගේ ජන වර්ගය මත පදනම් වී විනිසුරුවරුන් සහ අනිකුත් නිලධාරීන් තෝරා ගැනීමට ක‍්‍රියා කිරීම ප‍්‍රඥාගෝචර දෙයක් බවට අපි නොසලකන්නෙමු.

එබැවින් අපි ශ‍්‍රී ලංකා රජයෙන් හුදක්ම බලතල ඉල්ලා සිටින්නේ ශ‍්‍රී ලංකාව සඳහා නව ව්‍යවස්ථාවක් සැකසීමේදී මෙම කමිටුව විසින් කර තිබෙන විනාශකාරී යෝජනා ක‍්‍රියාත්මක කිරීමෙන් වලකින ලෙසයි.

අනෙකුත් අනු කමිටු විසින් කර ඇති සියලූම වෙනත් යෝජනා පිළිබඳව සුපරීක්‍ෂාකාරී අධ්‍යයනයකින් පසුව වඩා සම්පූර්ණ ප‍්‍රකාශයක් ඉදිරිපත් කරන්නෙමු.

මෙයට

ජාතික ඒකාබද්ධ කමිටුය

අත්සන - දොස්තර අනුලා විජේසුන්දර මිය - සම සබාපති
කර්නල් (විශ්‍රාමික) අනිල් අමරසේකෙර - සම සබාපති
දිමුත් ගුනවර්ධන - ලේකම්
පානි වැවල මයා - පරිපාලන ලේකම්
දොස්තර රංජිනී රත්නපාල මිය - බාන්ඩාගාරික
ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මයා - විධායක සභික
දොස්තර ලලිත්සිරි ගුණරුවන් මයා - විධායක සභික
ගෙවිඳු කුමාරණතුංග මයා - විධායක සභික
නෙවිල් ලදුවාහෙට්ටි මයා - විදායක සභික
කුලතුංග රාජපක්ෂ මයා - විධායක සභික
රියර්ල් අද්මිරාල් (විශ්‍රාමික) ආචාර්ය සරත් වීරසේකර - විධායක සභික
දොස්තර පි. ගී. පුංචිහේවා - විධායක සභික
ඇස්. පි. වීරසේකර මයා - විධායක සභික
තිලක් ගොඩමන්න මයා - විධායක සභික


යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

, , ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions