11/12/2016

උතුරු පළාත් සභාව රනිල් රජයේ පාලනය යටතේ නොවේ ද?

කතෘ:යුතුකම     11/12/2016   No comments

-අයි ජයතිලක-'උතුරු පළාත් සභාව රනිල් රජයේ පාලනය යටතේ නොවේ'
මෙසේ කියන්නේ එසේ මෙසේ පුද්ගලයෙක් නොවේ උතුරු පළාතේ මහ ඇමති විග්නේෂ්වරන් මහතායි. යහපාලන රජයේ කොටස් කරුවන් හවුල් කරුවන් කොතරම් නැහැයි කීවත් ඒ බව විග්නේෂ්වරන්ම ඔප්පුකර හමාරයි.

උතුරු පළාතේ මහ ඇමති විග්නේෂ්වරන් මහතා අපේ රටේ නිතරම පුවත් මවන්නෙක්. එදා ජනසංහාර යෝජනා ලංකාවටම එරෙහිව ගෙන ආ අතර ඉතා මෑතක දී දහස් ගණක ගේ සහභාගීත්වයෙන් එලගු තමිල් රැළියක් පවත්වා පවතින යතාර්ථය තේරුම් ගත නොහැකි රැළි වලට ගසා ගෙන යන සිංහල ප්‍රජාවට ටොක්කක් ඇණ ප්‍රාකෘත තත්ත්වයට තාවකාලිකව හෝ ගෙන ආවේය. 2016 නොවැම්බර් වෙන විට විග්නේෂ්වරන් තවත් ප්‍රශ්නකාරී ප්‍රකාශයක් සිදුකර ඇත.

ශ්‍රී ලංකාවේ රජයට උතුරු පළාත පාලනය කළ නොහැකියි, ජාත්‍යන්තර මැදිහත්වීමක් අවශ්‍යයි. උද්ඝෝෂණයේ නියුතු ආබාධිත රණවිරුවන් ට රජය විසින් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ සිද්ධියත් සමඟ විග්නේෂ්වරන් සම්බන්ධ මෙම ඉතා මතභේදාත්මක ප්‍රකාශය ට ලැබිය යුතු අවධානය සමාජයේ ලැබේ දැයි ප්‍රශ්නයකි.

විග්නේශ්වරන් ගේ වචනයෙන් කියනවා නම් ඔහු කියා ඇත්තේ The international community needed to intervene in the incidents taking place in the Northern Province as the government was no longer in control, Northern Province Chief Minister C.V. Wigneswaran said. ඔහුට අනුව ශ්‍රී ලංකා රජයට උතුර පාලනය කර ගත නොහැක. එය ඔහුගේ අදහසයි. රටේ වගකිව යුතු මහ ඇමති වරයා වශයෙන් ඔහු හැසිරෙන ආකාරය අනුව පෙනී යන කාරණය වන්නේත් පවතින රජයට උතුරේ මහ ඇමති පාලනය කරගත නොහැකි බවයි. ඔහු මේ ප්‍රකාශය කරන්නේ ලංකාවේ දී නොවේ. එක්සත් රාජධානියේ සංචාරයකට ගොස් එහිදී පොදු රාජ්‍ය මණ්ඩලය හා එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහා වූ බ්‍රිතාන්‍ය යේ රාජ්‍ය ඇමති ඉදිරිපිටයි. ඔහු විසින් තව දුරටත් පවසා ඇත්තේ ශ්‍රී ලංකා රජය විසින් ලබාදෙන (දේශපාලන) විසඳුම් උතුරු පළාතේ අයට පිළිගත නොහැකි බවයි. ඔහු මේ ඉඟි කරන්නේ ලංකාවේ රජය විසින් ගෙනෙන්නට නියමිත දේශපාලන විසඳුම සහිත නව ව්‍යවස්ථාව සම්බන්ධයෙනි. පවතින රජය බෙදුම්වාදී වුවමනාවන්ට කෙතෙක් කන් දුන්නත් ඔවුනේ ඉල්ලීම් නොපිරිහෙලා ඉටු කළත් ලංකාවේ රජය විසින් ලබාදෙන විසඳුමක් තමා පිළිගන්නේ නැති බවත් එය ජාත්‍යන්තර මැදිහත්වීමක් ඇතිව ඉදිරිපත් විය යුතුයි යන්න නොවේද මොහු අදහස් කරන්නේ? පවතින රජය ගිය වසරේ ජිනීවා හිදී ලංකාවට එරෙහි යුධ අපරාධ වාර්තාව පිළිගෙන ඇමරිකානු යෝජනාවට සහාය දක්වා ඒ අනුව හයිබ්‍රිඩ් අධිකරණ ඇති කිරීමට පොරොන්දු විය. ඒ පොරොන්දු ලංකාවේ මහ පොළව මත දකුණේ ජනයාගේ විරෝධය මර්ධනය කරමින් ඉටු කරන්නට හැකිවේද යන්න ප්‍රශ්නයකි. ඒ කෙසේ වෙතත් විහින්ම උගුලේ වැටුණු රනිල් - සිරිසේන රජය ට ඉදිරියේදී මේ සම්බන්ධව මහා අභියෝගයකට මුහුණ දෙන්නට වෙනු ඇත. විග්නේෂ්වරන් කියන පරිදිම ලංකා රජය විසින් කරන යුධ අපරාධ පරීක්ෂණ හා දේශීය යාන්ත්‍රණ ගැන ඔහුට කිසිදු විශ්වාසයක් නැත. ජාත්‍යන්තර යේ සහභාගිත්වයෙන් යුතු යාන්ත්‍රණයක් ඔහුට අවශ්‍යමය. එම ඉල්ලීම් ඉටු කළේ නැති වුවහොත් කරන්නේ කුමක් ද යන්න ඔහු පවසා නැත. නමුත් පෙර දිනක එලගු තමිල් රැළි කඩ වසමින් සිදුකළ හර්තාල් ව්‍යාපාර වලින් පෙන්නුම් කළේ ඔහුගේ ශාක්‍යතාවයයි. තමාට අවශ්‍ය දේ සිදු නොවුවහොත් මුළු උතුරම අස්ථාවර කරන්නට ඔහු කටයුතු නොකරයිද?

2015 ජනවාරි 8 වෙනි දින යුද්ධය ජයගත් මහින්ද රාජපක්ෂ රජය පරාජය කොට වඩා හොඳ සංහිඳියාවක් ඇති කරනවා යයි මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයට පත්විය. සිරිසේන මහතා පත්වී වැඩි කලක් යන්නට කලින්ම විග්නේශ්වරන් සිදුකළේ ලංකාවට එරෙහිව ජනසංහාර යෝජනාවක් උතුරු පළාත් සභාවට ඉදිරිපත් කර මුළු මහත් රටත් රජයත් අපහසුතාවයට පත් කිරීමයි. මෙම යෝජනාවට අනුව ලංකාවේ දමිළ ජනයා 1948 සිට සංහාරයට ලක් වන බවයි. මෙම යෝජනාවේ ඇති විශේෂත්වය නම් 2015 ට පෙර මහින්ද රජයක් පැවති සමයේදී ද පළාත් සභාවේ සිටි සිවාජිලින්ගම් විසින් මෙම යෝජනාව ගෙන ආ විට එය සැර වැඩි යයි එහි ජනසංහාර යන වචනය ඉවත් කර ඇත්තේ මේ විග්නේෂ්වරන් මහ ඇමති වරයා වීමයි. 2015 ට පෙර හොඳ නැති වුණු ජනසංහාර යන වචනය 2015 දී අළුත් රජයක් පත් වූ විගසම විග්නේෂ්වරන්ට හොඳ වූවේ ඇයිද යන්න ප්‍රශ්නාර්ථයකි. සිදුවන සියල්ල දෙස හොඳින් බලාසිටින්නෙකුට පැහැදිලි වන කරුණ නම් මහින්ද රාජපක්ෂ පාලන කාලය තුළ මෙවැන්නක් කිරීමට යම් බයක් අදිමදි කිරීමක් විග්නේෂ්වරන්ට තිබුණි. සිරිසේන-රනිල් යුගලය බලයට ආ සැණින් එවැනි පාලනයක් නැති බව ඔහු තේරුම් ගත්තේය. ඔහු නිවැරදිය. කොයි තරම් රතු ඉර පැන්නත් ඔහුට දේශපාලනික වශයෙන් දඬුවම් කිරීමට පවතින රනිල් රජය කටයුතු කළේ නැත. 2001-4 සටන් විරාම සමයේදී ප්‍රභාකරන් ඉදිරිපිට දැක්වූ නිවට නියාළු බයාදුකම රනිල් වික්‍රමසිංහ විසින් විග්නේෂ්වරන් වෙතත් දක්වයි.

රටක ආන්ඩුව කරන නායකයා හෝ නායකයින් බෙදුම්වාදී න්‍යාය පත්‍රයක් ඇතිව වැඩකරන පළාතක නායකයින්ට බයේ වැඩ කටයුතු කිරීම එතරම් සුභ නැත. මෙයින් විග්නේෂ්වරන් අත්අඩංගුවට ගන්න වත් සැණින් පළාත් සභාව විසුරවන්න වත් අදහස් නොකෙරේ. නමුත් මෙලෙස සිදුකරන හිතුවක්කාර ජාතිවාදී ක්‍රියා වලට දඬුවමක් ලෙස විග්නේශ්වරන් දේශපාලනිකය කොන් කිරීමක් දේශපාලනිකව දඬුවම් කිරීමක් සිදු නොකිරීම නිවට කමක් පමණක් නොවේ නැවත නැවත එම වැරැද්ද කිරීමට විග්නේෂ්වරන් පෙළඹවීමකි.

විදේශයේ සිට එන විදේශ නියෝජිතයන් හිතු හිතු පරිදි උතුරේ මහ ඇමතිවරයා හමු වීමට යයි. දකුණු පළාතේ මහ ඇමති හමුවීමට බ්‍රිතාන්‍ය විදේශ ඇමති, එක්සත් ජාතීන්ගේ නියෝජිතයෝ නිතර යන එනවා අසා තිබේද? මෙම ගමන් නතර කිරීමට සීමා කිරීමට ලංකාවේ රජයට හොඳින්ම හැකියාව ඇත. වැරදි එක පිට එක කරන ලංකාවේ රජය මායිම් නොකර විග්නේෂ්වරන්ට විදේශ නියෝජිතයන් හිතු පරිදි හමුවීමට ඉඩ දීම ඔහුගේ වැරදි වලට දේශපාලනික දඬුවම් දීමක් නොව ත්‍යාග ලබා දීමකි. ඔහුට හිමි නැති තත්ත්වයක් ලබා දීමකි.

විග්නේෂ්වරන් ඉහත කී ප්‍රකාශය කරන්නේ විදේශ නිලධාරියෙක් ඉදිරිපිට වීමත් වැදගත් කාරණයකි. විග්නේෂ්වරන් විසින් සීමාව පැනීමේ සීමාවක් නැතිවා සේම ඒ සියළු ක්‍රියාවන් මධ්‍ය යේ ශ්‍රී ලංකා රජය නිවට නියාළු ස්වරුපයෙන් කටයුතු කිරීම පමණක් නොව තව තවත් දේශපාලන තෑගි ලබා දීමේ සීමාවකුත් නැත.

මහින්ද රාජපක්ෂ පාලනය අවසන් වී සිරිසේන-රනිල් යුගලය බලයට ඒමත් සමඟ විග්නේෂ්වරන්ට කොහේවත් නොතිබුණු බලයක් ලැබුණු බව පවසන්නේ මහින්දවාදීන් පමණක් නොවේ, ඇතැම් දෙමළ ජාතිකයන් ද පවසයි. පොයින්ට් පෙඩ්‍රෝ හි සංවර්ධන අධ්‍යන ආයතනයක් පවත්වාගෙන යන මුතුක්‍රිෂ්ණ සරවනාතන් මහතාට අනුව මහින්ද රජය ඉවත් වූ සැණින් විග්නේෂ්වරන් අධි ක්‍රියාෂීලි විය. එපමණක් නොව ඔහු ගැන වැදගත් තොරතුරක්ද ඒ මහතා සඳහන් කරයි. දැනට ඕස්ට්‍රේලියාවේ ජීවත්වන කොටි නියෝජිතයෙකු වෙන පුද්ගලයෙක් විග්නේෂ්වරන් ගේ නැයෙක් වේ. එවකට සටන් විරාම කාලයේදී කොටි ඔත්තුකරුවෙක් වශයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයක කොළඹ කාර්යාලයේ සේවය කළ මෙම කොටි නියෝජිතයාව උතුරු පළාත් සභාවේ උපදේශකයෙක් වශයෙන් පත්කර ගැනීමට අවශ්‍ය විය. නමුත් එවකට 2014 දී පැවති රජය එය ප්‍රතික්ෂේප කළේය. නමුත් 2015 වසරේදී ඇමරිකාවේ හා බ්‍රිතාන්‍ය යේ සංචාරය කළේ මෙම පුද්ගලයා සමඟයි. එහිදී මෙම පුද්ගලයා සිය උපදේශකයා යයි හඳුන්වා දී ඇති අතර වත්මන් රජය විග්නේෂ්වරන් ගේ ඉල්ලීම පිට මෙම කොටි නියෝජිතයාට ලංකා පුරවැසිභාවය ලබා දී තනතුරු වලට පත්කිරීමට ඉඩ දුන්නාද යන්න ප්‍රශ්නාර්ථයකි. එසේ නම් දඟකාර හිතුවක්කාර විග්නේෂ්වරන්ට ලංකා රජයෙන් ලැබුණු තවත් තෑග්ගක් ද?

පසුගිය ඔක්තෝම්බර් හිදී විග්නේෂ්වරන් විසින් එක්සත් රාජධානියට ගොස් එංගලන්තයේ කිංග්ස්ටන් නගරයත් යාපනය නගරයත් අතර ට්වයිනින් ගිවිසුමක් අත්සන් කර ඇත. පළාත් අමාත්‍යවරයෙක් විසින් මෙවැනි ගිවිසුමකට අත්සන් තැබීම කෙතරම් ප්‍රඥා ගෝචරද යන්න වෙනම කතාවකි. මෙම ගිවිසුම අත්සන් කර ඇත්තේ රනිල් වික්‍රමසිංහ රජයේ පූර්ණ අනුග්‍රහය යටතේ බවත් විග්නේෂ්වරන් විසින් පැවසීය. රනිල් වික්‍රමසිංහ යනු කොටි සංවිධානයට අධි බලැදි සන්නිවේදන උපකරණ ගෙන එන්නට අවසරය ලබා දුන් දුර දිග නොබලන කෙනෙකි. කොටි සංවිධානයට අධි බලැති සන්නිවේදන උපකරණ ගෙන එන්නට අවසරය ලබා දුන්නා පමණක් නොව නෝවෙ රජය හා එක්වී කොටි සංවිධානයට ලංකා රජයට අයත් විය යුතු බදු ද නොගෙවා සිටීමට ක්‍රමයක් සලසා දුන්නේය. රටට එරෙහිව ජනසංහාර යෝජනා සම්මත කරන කොටි සංවිධානය සමරණ හා ලංකා රජයට අභූත චෝදනා එල්ලකරමින් එලුග තමිල් රැළි පවත්වන පුද්ගලයාට ලබා දෙන්නේ දේශපාලන දඬුවම් නොව ත්‍යාගයි. සිය හැසිරීම ඉදිරියේ කරගන්නට දෙයක් නැති දුර්වලයෙක් ලෙස රනිල් වික්‍රමසිංහ රජය හුරේ දානවා නම් විග්නේෂ්වරන් සිය කොටි නාඩගම් නවත්වයිද?

අවසාන වශයෙන් කිය හැක්කේ විග්නේෂ්වරන් බ්‍රිතාන්‍ය ඇමතිනිය ඉදිරිපිය කියන කතාව සැබෑය. පවතින රජයට උතුර පාලනය කර ගත නොහැකිය. උතුර පමණක් නොව නැගෙනහිර ද පාලනය කරගන්නට හැකි දැයි පසුගිය දිනක නැගෙනහිර පළාත් අමාත්‍යවරයා විදේශ තානාපති කෙනෙක් ඉදිරිපිට ජනාධිපතිවරයාව නියෝජනය කරන ආණ්ඩුකාරවරයාටත් එතැන සිටි නාවික නිලධාරියාටත් ප්‍රසිද්ධියේ දෝෂාරෝපණය කළ සිද්ධියෙන් ගැටළු මතුවේ. පවතින රජයට උතුරු පළාතත් විග්නේෂ්වරන්වත් පාලනය කළ නොහැකිය. ඒ අතරම මෙම පාලනය කළ නොහැකි පුද්ගලයන් දරණ තනතුරු වලට ඇති බලතල වැඩි කිරීමට ව්‍යවස්ථා සංශෝධන ගෙන එන්නේ පවතින රජයට තම තමන් වත් පාලනය කරගන්නට නොහැකි නිසාද?

උතුරු පළාත් මහ ඇමති විසින් සිදුකළ ක්‍රියා

1. රජයට හා රටට විරුද්ධව ජනසංහාර යෝජනාවක් ගෙනවිත් සම්මත කිරීම .
2. එම සම්මත කළ යෝජනාව ලංකාවට පැමිණි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයාට භාර දීම .
3. කොටි සංවිධානයේ මිය ගිය වුන් මැයි 18 වන දින මුලතිව් හිදී සැමරීම
4. ලෝක බැංකු නියෝජිතයන් හමුවී උතුරු පළාතට ආධාර කෙළින්ම තමාට ලබාදෙන ලෙස පැවසීම .
5. ශ්‍රී ලංකාවේ මුළු ඉතිහාසයම වැරදි බවත් ලංකාවේ මුල් පදිංචිකරුවන් දමිළ ජාතිකයන් බවත් පැවසී
ම.
6. ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව වෙනස් කර කොන් ෆෙඩරල් ව්‍යවස්ථාවක් ඇති කළ යුතු බවත් පැවසීම. එය ෆෙඩරල් ක්‍රමයටත් එහා ගිය බලය බෙදීමකි .
7. ශ්‍රී ලංකාවට එරෙහිව ඇති යුධ අපරාධ චෝදනා වලට ජාත්‍යන්තර අධිකරණයක් අවශ්‍ය බවට පළාත් සභාවේ යෝජනාවක් සම්මත කිරීම.
8. ශ්‍රී ලංකා රජය 1948 සිට දෙමළ ජනවර්ගයට එරෙහිව ජනවාර්ගික සංහාරයක් කරන බවට පෝස්ටර් ඔසවා ගෙන 8000 ක පිරිස් බලයකින් යුතුව එළුග තමිල් රැළි පැවැත්වීම. මෙය නවත්වන්නැයි රජය පාර්ශවයෙන් ඉල්ලීම් ඇති වුවත් ඊට මොහු සවන් නොදුන් බව පැවසේ .
9. බ්‍රිතානයේ නගරයක් සමඟ ට්වයිනින් ගිවිසුමක් අත්සන් කිරීම.
10. බ්‍රිතාන්‍ය රජයේ නියෝජිතයෙක් ලංකාවට පැමිණි විට ලංකාවේ රජයට උතුරු පළාත පාලනය කරගන්නට නොහැකි බවත් ඒ නිසාම ජාත්‍යන්තර මැදිහත් වීමක් අවශ්‍ය බවත් පැවසීම.

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions