11/30/2016

නව ව්‍යවස්‌ථාව අධිරාජ්‍යවාදීන්ගේ අවශ්‍යතාවක්‌

කතෘ:යුතුකම     11/30/2016   No comments

-ධර්මායතනාධිපති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝජිත නව ව්‍යවස්‌ථාවේ අන්තර්ගතය පිළිබඳව මේ වන විට හෙළිදරව් වී ඇති කරුණු පිළිඳව අප ධර්මායතනාධිපති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්ගෙන් විමසා සිටියෙමු. උන්වහන්සේ ඒ පිළිබඳව දැක්‌වූ අදහස්‌ පහත පරිදි වේ

"ලෝකේ වටේම පික්‌පොකට්‌ ගහපු අය 50 ත් 100 ත් අතරේ අෂ්ටාංග උපෝසථ ශීලය සමාදන් වූ එක්‌ අයකු වාඩි වී සිටියත් සැකයක්‌ බියක්‌ ඇති වන්නේ නැද්ද? මුල පටන් ම රට බෙදන්න කටයුතු කළ පිරිසයි ජාතියට පික්‌පොකට්‌ ගහන්න හදපු පිරිසයි දැන් එකතුවෙලා සිටින්නේ. ඒ පිරිස අතරේ හොඳ මිනිසකු සිටියත් අපට සැක කිරීමට සිද්ධ වෙනවා. ඒ සැකය මට තිබෙනවා. මොකද මේ ඉන්න අයගෙ අභ්‍යන්තර තොරතුරු සියල්ල මම දන්නවා.
ආණ්‌ඩුව දැන් සූදානම් වන්නේ අපි කතා කරන එක නවත්වන්න. සංහිඳියාව ආරක්‍ෂා කිරීමේ නමින් පොලිස්‌ ඒකකයක්‌ පවා පිහිටුවන්නේ ඒකට. දැන් මාධ්‍යවලට පවා තර්ජනය කරන තත්ත්වයක්‌ ඇතිවී තිබෙනවා. ඡේ. ආර්. ජයවර්ධන මහතාත් මේව කළා."

ප්‍රශ්නය - නව ආණ්‌ඩුක්‍රව ව්‍යවස්‌ථාව මගින් පළාත් සභාවලට ඉඩම්, පොලිස්‌ සහ මූල්‍ය පිළිබඳ පූර්ණ බලතල ලබාදීමටත් පළාත් සභා විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට ඇති බලතල සීමාකිරීමටත් සූදානම් වන බව වාර්තා වනවා. ඒ පිළිබඳව ඔබ වහස්‌සේගේ ස්‌ථාවරය කුමක්‌ද?

පිළිතුර - මම සම්පූර්ණයෙන්ම ඔය ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ ගෙන එන එකට විරුද්ධයි. කවුද ඉල්ලුවේ මෙහෙම එකක්‌. කාගේ වුවමනාවට ද මේක කරගන්නේ. ඒක තමයි මට තිබෙන ප්‍රශ්නය.

අපි දශක තුනක්‌ ලෝකයේ තිබුණු දරුණුම ත්‍රස්‌තවාදී සංවිධානය සමඟ සටන් කරල ජයග්‍රහණය කළා. ඒක තමයි අපි දුන්නු විසඳුම.

අපි එම සටනින් පරාජය වූවා නම්? එහෙම වූවා නම් ඊට වගකියන්නේ කවුද? නව ව්‍යවස්‌ථාවක්‌ ගෙන ඒමේ ක්‍රියාවලිය ගසක්‌ නම් එහි අතු, රිකිලි ගැන කතා කරන්න මම කැමති නෑ. මම මේ ක්‍රියාවලියටම විරුද්ධයි. ඒකයි මම කාගේ වුවමනාවට ද මේක ගේන්නේ කියල අහන්නේ. අපි අවශ්‍ය විසඳුම නන්දිකඩාල් කලපුවේදී ලබා දුන්නු නිසා මෙබඳු ව්‍යවස්‌ථාවක්‌ අවශ්‍ය නෑ. ඒ විසඳුම අපි ලබාදුන්නේ ජීවිත දහස්‌ ගණනක්‌ නැති කරගෙන. ඒ වගේම විශාල වශයෙන් ජාතික සම්පත් විනාශ වූවා. එම පරිත්‍යාග කරමින් අපි ලබාගත්ත ජයග්‍රහණය නිසා සිහල සහ දෙමළ ජනතාව යන දෙපාර්ශ්වයටම විමුක්‌තියක්‌ උදාවූවා. අපටත් වඩා හානියක්‌ එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌තවාදීන් නිසා දෙමළ ජනතාවට සිද්ධ වූවා. ඒ ආකාරයට විමුක්‌තියක්‌ උදාවූයේ විසඳුමක්‌ ලබාදුන් නිසා. ඒ ආකාරයට විසඳුමක්‌ ලබාදුන් ප්‍රශ්නයට යළිත් විසඳුමක්‌ ලබාදෙන්නේ කුමකට ද?

එම නිසා අපට මේ රජය පැහැදිලිව ප්‍රකාශ කළ යුතුයි මේ ආකාරයට ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ ඉල්ලන්නේ කවුද කියන එක. අපි නම් මෙහෙම ව්‍යවස්‌ථාවක්‌ ගෙන එන්න කියල ඉල්ලා සිටියේ නෑ. ඒ වගේම දෙමළ හෝ මුස්‌ලිම් ජනතාවත් නව ව්‍යවස්‌ථාවක්‌ ඉල්ලුවේ නෑ.

මේ සූදානම් වෙන්නේ අධිරාජ්‍යවාදීන්ගේ සහ දේශපාලකයන්ගේ අවශ්‍යතාවක්‌ අප මත පැටවීමට. 1948 දී නිදහස ලබා ගැනීම සඳහා පොන්නම්බලම් රාමනාදන්ලත් අපට උදව් කළා කියන එක අපි කියනවා. මේ වන විට සිදුවන දෙයින් පෙනී යන්නේ යළිත් අපේ රටට නිදහස දිනා ගැනීම සඳහා සිංහල, දෙමළ සහ මුස්‌ලිම් ජනතාවට නුදුරේදීම යළිත් සටනක්‌ කිරීමට සිදුවන බවයි.
මේ ප්‍රශ්නයට මුහුණ දීමට සිදුවන්නේ ඊළඟ තරුණ පරපුරට. ඒ ප්‍රශ්නයට මට මුහුණපාන්න සිද්ධ වෙන්නේ නෑ. ඒ වගේම දැන් සිටින වැඩිහිටි අයට මුහුණදීමට සිද්ධ වෙන්නේ නෑ. ඊළඟ තරුණ පරපුරේ සිංහල, දෙමළ, මුස්‌ලිම් තරුණයන් මේ සටන අතට අරගෙන අධිරාජ්‍යවාදය පරාජය කළ යුතුයි.

ප්‍රශ්නය - නව ව්‍යවස්‌ථාවක්‌ ගෙන ඒමට කටයුතු කරන බව වත්මන් පාලකයන් පසුගිය මැතිවරණවල දී ප්‍රකාශ කළා නේද?

පිළිතුර - මේ ආණ්‌ඩුවේ යම් යම් ක්‍රියාදාමයන් නීතියට පටහැනියි නේ. ඒ අය කියපුව ද මේ කරන්නේ? එහෙම නම් අපිට ප්‍රශ්න රාශියක්‌ ඇසීමට සිද්ධ වෙනවා.

අපේක්‌ෂාවක්‌ නැතිව සිටිය ජාතියකට අපේක්‌ෂාවක්‌ දිනා දුන්නේ රණවිරුවන්. ජාතියට සිංහල, දෙමළ, මුස්‌ලිම් යන සියලු දෙනාම අයිතියි. අද එක්‌ පැත්තකින් ඒ සඳහා කටයුතු කළ රණවිරුවන් දඩයම් වනවා. එල්. ටී. ටී. ඊ. සංවිධානය විසින් අපේ ජාතික නායකයන් සියල්ල ඝාතනය කළා. ඒ අවි ආයුධවලින්. ඒ ක්‍රමය දැන් නැවතී ඇති බැවින්, දැන් වෙනස්‌ ක්‍රමවලින් ජාතික නායකයන් විනාශ කිරීමට කටයුතු කරනවා. විශේෂයෙන්ම හැදී වැඩීගෙන එන සිංහල බෞද්ධ නායකයන් විනාශ කිරීමේ කුමන්ත්‍රණයක්‌ දියත් වී තිබෙනවා. ඝාතනයට ලක්‌වූ බහුතරයක්‌ ජාතික නායකයන් එක්‌සත් ජාතික පක්‌ෂයේ නායකයන්. ඒ අතර ගාමිණී දිසානායක, ලලිත් ඇතුලත්මුදලි, රංජන් විඡේරත්න වැනි අනාගතයේ දී රටේ නායකත්වයට පත්වීමට සිටි අය.

එම නායකයන් ඝාතනය කළ පිරිසම ජාතික නායකයන් ඝාතනය කිරීම සඳහා අලුත් ක්‍රම අනුගමනය කරමින් සිටිනවා. ඒ සඳහා චරිතය ඝාතනය කිරීම, අධිකරණවලට රැගෙන යැම, මානසිකව වැට්‌ටීම වැනි ක්‍රම අනුගමනය කරමින් සිටිනවා. ඔවුන් එම ක්‍රම ඔස්‌සේ වත්මන් ජාතික නායකයන්ට නැවත නැඟිටීමට නොහැකි වන ලෙස චරිත ඝාතනය කිරීමට උත්සහ දරමින් සිටිනවා. එය ශාරීරික ඝාතනය කිරීමක්‌ නොවෙයි.

ප්‍රශ්නය - ඔබවහන්සේ සඳහන් කළා නව ව්‍යවස්‌ථාවක්‌ ජනතාවගේ යෝජනාවක්‌ නොවන බව. එසේ නම් ඔබවහන්සේට පෙනෙන ආකාරයට නව ව්‍යවස්‌ථාව ගෙන එන්නේ කාගේ අවශ්‍යතාවට ද?

පිළිතුර - මට පෙනෙන විධියට මෙම ව්‍යවස්‌ථාව රාජ්‍ය නොවන සංවිධානවල ඉත්තන් බවට පත්වුණු, බටහිර අධිරාජ්‍යවාදීන්ගේ අරමුදල්වලින් සන්තර්පනය වන පිරිසකගේ අවශ්‍යතාවක්‌. මට මේ අයගෙන් අහන්න තිබෙන ප්‍රධාන ප්‍රශ්නය තමයි උතුරේ ඉන්න දෙමළ ජනතාවට නව ව්‍යවස්‌ථාවකින් විසඳුම් ලබාදුන් පසුව, දකුණේ අපත් සමඟ සිටින දෙමළ ජනතාවගේ ප්‍රශ්නය විසඳෙන්නේ කෙසේද? දකුණේ ඉන්න පිස්‌සෙක්‌වත් මේ දක්‌වා මේ ප්‍රදේශයේ ඉන්න දෙමළ ජනතාවට යන්න කියලා නෑ. ඒ වගේම ඉඩම් ගන්න එපා, ගෙවල් හදන්න එපා කියල විහිළුවකටවත් කියල නෑ. ඔවුන් අපත් සමඟ ජීවත්වන්නේ, තමන්ගේ ආරක්‌ෂාව පිළිබඳව ඔවුන්ට විශ්වාසයක්‌ තිබෙන නිසා නේ. අද වන විට අගවිනිසුරුතුමා, මහ බැංකු අධිපතිතුමා, මුදල් අමාත්‍යාංශයේ උපදේශකතුමා යන සියලු දෙනා දෙමළ ජාතිකයන්. ඒ අනුව පෙනී යන්නේ රටේ මර්මස්‌ථානවල ඉන්නේ දෙමළ මහත්වරුන් බව. අපි ඒකට විරුද්ධ නෑ. අපි අවුරුදු 30 ක්‌ එල්. ටී. ටී. ඊ. එකට කන්න බොන්න දෙමින් යුද්ධ කළ ජාතියක්‌. ලෝකයේ වෙනත් එහෙම රටක්‌ නෑ. එල්. ටී. ටී. ඊ. සංවිධානය සමඟ කළ සටනේ දී තමන්ගේ මව ඔසවගෙන ගිය අපේ සෙබළුන්ට ඒ මවගේම දරුවන් වෙඩි තිබ්බා. එල්. ටී. ටී. ඊ. එකට බැඳිල සිටිය ළමයි දන්නේ නෑ සෙබළුන් විසින් ඔසවන් යන්නේ තමන්ගේ මව බව. අපි කළේ එහෙම සටනක්‌. එම නිසා වැඳිය යුතු පිදිය යුතු හමුදාවක්‌ අපට තිබුණා. දැන් මම කියන්නේ නෑ එම හමුදාව හොඳයි කියලා. මම හමුදාවත් සමඟ ජීවත්වුණු කෙනෙක්‌. අද වන විට හමුදාවත් දියකර හරිමින් පවතිනවා. අපේ හමුදාව "සිකියුරිටි සර්විස්‌" එකක්‌ කරන්න හදනවා. මෙතන ඉතා සියුම් කුමන්ත්‍රණයක්‌ ක්‍රියාත්මක වනවා. එදා තුවක්‌කුවෙන් ගන්න බැරි වූ දේ ප්‍රජාතන්ත්‍රවාදය යන බෝඩ් එක යටතේ ලබාගන්න හදනවා. ඒ යටතේ ෙµඩරල් ක්‍රමයක්‌ දෙන්න හදනවා. සඳහා බෙල්ල හිරකරල බිත්තියට හේත්තු කරල තිබෙනවා.

නමුත් මේ ආණ්‌ඩුව මුල ඉඳලම එක එක රටවල්වලින් තමන්ට මුදල් ලැබෙන බව ප්‍රකාශ කළා. ලැබුණ නම් කෝ ඒ මුදල්. නමුත් දැන් යන්නේ බැණපු චීනයට නේ. ඇත්තටම චීනයට අක්‌කර 15,000 ක්‌ දෙනවාට මම විරුද්ධයි. ඒ වගේම වරාය දෙනවටත් මම විරුද්ධයි. අඩුම ගණනේ අයිතියෙන් 40% ක්‌ වත් ආණ්‌ඩුව තබාගත යුතුයි. තව අවුරුදු 4 ක්‌ 5 ක්‌ යනකොට හම්බන්තොට වරාය ලෝකයේ හොඳ වරායක්‌ බවට පත්වෙනවා. දැනටමත් එම තත්ත්වයට පත්වෙමින් පවතිනවා. එම තත්ත්වය තුළ කවුද මේ වරාය දෙන්නේ. කාටවත් ඕනි විධියට රටේ සම්පත් බෙදන්න දෙන්න බෑ. මේ රට පොදු ජනතාවට අයිති එකක්‌.

ප්‍රශ්නය - ආණ්‌ඩුව රට ෙµඩරල් කරන ව්‍යවස්‌ථාවක්‌ ගෙන එන බව ඔබවහන්සේ සඳහන් කළත්, ආණ්‌ඩුව එම චෝදනාව ප්‍රතික්‌ෂේප කරනවා නේද?

පිළිතුර - මේක බොහොම සියුම් කුමන්ත්‍රණයක්‌. අපේ ජනාධිපතිතුමා මම දීර්ඝ කාලයක්‌ තිස්‌සේ හොඳින් හඳුනනවා. එතුමා රෙද්ද, බැනියම අඳින, වැවේ නාපු, නෙළුම් කොළේ බත් කාපු, දවසට කිහිප සැරයක්‌ ගල් විහාරය දැකපු, වෙහෙර වහන්සේලා, බුද්ධ ප්‍රතිමා දැකපු, ත්‍රස්‌තවාදය නිසා දැඩි ලෙස පීඩාවට පත්වුණ පළාතක ජීවත් වූ, එම නිසාම කිහිප සැරයක්‌ම ඝාතන ඉලක්‌කයක්‌ බවට පත්වුණු ගොවි පවුලක දරුවෙක්‌. එතුමාගේ පාලනයක්‌ යටතේ එහෙම ව්‍යවස්‌ථාවක්‌ ගේන්න පුළුවන් ද කියන එක මට තාම හිතාගන්න බෑ.
එතුමා 56 දරුවෙක්‌, අපේ පන්තියේ කෙනෙක්‌, කවියක, සීපදයක රසය දන්න කෙනෙක්‌. ඒ වගේම අපේ ඉතිහාසය දන්නා කෙනෙක්‌. අපේ සුවඳත් එක්‌ක ජීවත් වුණ එතුමාට පුළුවන් ද එබඳු කටයුත්තකට සම්බන්ධ වෙන්න. මේක බුදුන් වැඩිය රට.

මම තවමත් සංයමයක්‌ ඇතිව ඒ පිළිබඳව කියනවා. මොකද අපි දීර්ඝ කාලීන මිතුරන්.

ප්‍රශ්නය - ඔබ වහන්සේගේ චෝදනාව එල්ල වන්නේ කාටද?

පිළිතුර - තොරණ හොඳට පේන්නේ තොරණ ඉදිරියෙන් සිටින අයට. තොරණේ වැඩ කරන අයට තොරණ පේන්නේ නෑ. මේ තොරණ අපිට පෙන්වන අතරෙ වෙන කුමන්ත්‍රණයක්‌ ඇතුළේ ක්‍රියාත්මක වෙනවා.

මොකද ලෝකේ වටේම පික්‌පොකට්‌ ගහපු අය 50 ත් 100 ත් අතරේ අෂ්aටාංග උපෝසථ ශීලය සමාදන් වූ එක්‌ අයකු වාඩි වී සිටියත් සැකයක්‌ බියක්‌ ඇති වන්නේ නැද්ද? මුල පටන් ම රට බෙදන්න කටයුතු කළ පිරිසයි ජාතියට පික්‌පොකට්‌ ගහන්න හදපු පිරිසයි දැන් එකතුවෙලා සිටින්නේ. ඒ පිරිස අතරේ හොඳ මිනිසකු සිටියත් අපට සැක කිරීමට සිද්ධ වෙනවා. ඒ සැකය මට තිබෙනවා. මොකද මේ ඉන්න අයගෙ අභ්‍යන්තර තොරතුරු සියල්ල මම දන්නවා.

අපි අංක ගණිතයයි. වීජ ගණිතයයි පටලවා ගන්නේ නෑ. මම අවුරුදු 40 ක්‌ පමණ තිස්‌සේ කතා කළේ මේ ප්‍රශ්නය පිළිබඳව පමණයි. වෙන ප්‍රශ්aනවලට මැදිහත් නොවී මේ ප්‍රශ්නය වෙනුවෙන් මම කැපවී සිටිනවා. වෙන ප්‍රශ්නවලට මැදිහත්වීම සඳහා ආරාධනා කළත් මම බෑ කියනවා.

මගේ තෙරුවන් ලෙස මම සලකන්නේ රට, ජාතිය සහ ආගම. එසේ වුවත් මම අනිකුත් ජාතීන්ටත් ගරු කරනවා. මට තරම් දෙමළ හිතවතුන් වෙන අයට නෑ. ඒ වගේම මුස්‌ලිම් මිත්‍රයනුත් සිටිනවා.

එසේ වුවත් මෙතැන ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්‌ තිබෙන බව අපි කියනවා. අපි ළඟ තොරතුරු තිබෙනවා. මේ ආණ්‌ඩුව දන්නේ නැති තොරතුරු අපි ළඟ තිබෙනවා.

ඒ වගේම කාටවත් අපව රවටන්න බෑ. මහණ කරන්න හිස රැවුල බාන කොට ඔළුවත් බාපු අය සිටිනවා. ඒ වගේම ඔළුව නොබාපු අයත් සිටිනවා. ඔවුන් පැය 24 පුරාම මේ ගැන සොයනව බලනව. මේ බලන්න මෙතැන තිබෙන µයිල් තොගය, විස්‌තර මේව මට ගෙනත් දෙනවා. මොවුන් යටතේ වැඩ කරන නිලධාරීන් පවා සිංහල බෞද්ධයන් නේ. අපි මේ කරන කටයුතු නිසානේ එම නිලධාරීන්ගේ දරුවන්ට පවා රටක්‌ ඉතිරි වෙන්නේ. මට දරුවන් නැහැනේ. දරුවන් සිටින අම්මල තාත්තල මේ රට බෙදනවට කැමැතිද? මේ රටේ ජීවත්වන සිංහල, දෙමළ සහ මුස්‌ලිම් යන සියලු දෙනාටම තිබෙන්නේ එකම ප්‍රශ්න. දෙමළ ජනතාවට සුවිශේෂ ප්‍රශ්න නෑ. නමුත් උතුරේ සහ දකුණේ දේශපාලනඥයන්ගේ මැච් එකේ පන්දුවක්‌ බවට සිංහල, දෙමළ, මුස්‌ලිම් ජනතාව පත්කර තිබෙනවා.

ප්‍රශ්නය - නව ව්‍යවස්‌ථාව පිළිබඳව ඔබවහන්සේගේ ඉදිරි ක්‍රියාමාර්ගය කුමක්‌ද?

පිළිතුර - අපි මවුබිමේ ඒකීය භාවය අහෝසි කරනවට විරුද්ධයි. ඒ වගේම ඉඩම්, පොලිස්‌ බලතල ලබා දෙනවාටත් විරුද්ධයි. ඒ බව අපි පැහැදිලිව රටට ප්‍රකාශ කරනවා.

මේ රට දන් දෙන්න අපි කිසිසේත්ම සූදානම් නෑ. සමහර දේශපාලනඥයන් මම දැක්‌ක ප්‍රකාශ කරල තිබෙනවා මේ ප්‍රශ්නය බුද්ධාගම අනුව විසඳන්න අවශ්‍ය බව ප්‍රකාශ කරල තිබෙනවා. මේ අය ඔක්‌කොම බුදුවෙලා ද? එහෙම කරනව නම් කරන්න තිබෙන්නේ දාන පාරමිතාවේ ආනිශංස දේශනා කරල උතුර සහ නැගෙනහිර සම්බන්ධන්ටයි, විග්නේශ්වරම්ටයි පූජා කරන එක තමයි. එහෙම කරල අපාගත වෙන්න අපට බෑ. එහෙම නම් නිවනට වඩා අපිට අපාය හොඳයි. අපි ඉන්නකම් මේ රට කාටවත් බෙදන්න දෙන්නෙ නෑ.

මේ අවස්‌ථාවේදී ඒකාබද්ධ විපක්‍ෂය ඇතුළු පිරිස මේ ප්‍රශ්නය අතට ගත යුතුයි. ප්‍රමුඛතාව දිය යුතු ප්‍රශ්නය පසෙක තබා වෙන ප්‍රශ්න පසුපස නොගොස්‌ මෙම ප්‍රශ්නය අතට ගත යුතුයි.

අපි ප්‍රශ්නයට විසඳුම දීල ඉවරයි. එම නිසා යළිත් ප්‍රශ්නයේ මුලට යායුතු නැහැ. අපට තිබෙන සාමාන්‍ය ප්‍රශ්න තමයි දෙමළ ජනතාවටත් තිබෙන්නේ. විශේෂ ප්‍රශ්නයක්‌ ඔවුන්ට නැහැ. එම නිසා අපි සියලුදෙනාටම තිබෙන ප්‍රශ්නවලට සාධාරණ විසඳුම් අවශ්‍යයි. එම ප්‍රශ්න විසඳීම සඳහා පරිපාලනය විමධ්‍යගත කිරීමට මම එකඟයි.
නමුත් භූමිය බෙදන්න බෑ. ඒක අධිරාජ්‍යවාදීන්ගේ අවශ්‍යතාවය. ඒක ඔප්පු කිරීමට අවශ්‍ය තොරතුරු අපි ළඟ තිබෙනවා.

ආණ්‌ඩුව දැන් සූදානම් වන්නේ අපි කතා කරන එක නවත්වන්න. සංහිඳියාව ආරක්‍ෂා කිරීමේ නමින් පොලිස්‌ ඒකකයක්‌ පවා පිහිටුවන්නේ ඒකට. දැන් මාධ්‍යවලට පවා තර්ජනය කරන තත්ත්වයක්‌ ඇතිවී තිබෙනවා. ඡේ. ආර්. ජයවර්ධන මහතාත් මේව කළා. නමුත් අවසානයේදී මොකද වුණේ. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ කාලයේදීත් විවිධ උත්සාහ දැරුවා. එදා කරන්න බැරි වූ, දේ තමයි අද මේ වෙන අය මාර්ගයෙන් කරන්න හදන්නේ.

දැන් අපිව හඳුන්වන්නේ ජාතියේ මුරදේවතාවුන් යන නමින්. ඉදිරියේදී මම ඒ අනුව යමින් සිංහල ජාතිය ගැන කතා කළොත් අත්අඩංගුවට ගන්න තත්ත්වයක්‌ ඇතිවී තිබෙනවා. මේ ආකාරයට කටයුතු කරල සදාකාලික යුද්ධයක්‌ රට තුළ අවුලුවන්න එපා කියන එක තමයි කියන්න තිබෙන්නේ.

එරික්‌ ගාමිණී ජිනප්‍රිය [Divaina]

යුතුකම සංවාද කවය
www.yuthukama.com
 Like us on facebook :https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions