6/08/2015

අපි තවමත් එකතු වෙන්න පරක්කු ඇයි ?

කතෘ:යුතුකම     6/08/2015   No comments

ජනවාරි 8න් පසු බලය මාරුවන්නේ මහින්දගෙන් මෛත්‍රී ට යයි බොහෝ දෙනා සිතා සිටියත් ඒක එහෙම නෙමෙයි කියලා දැන් ඕනෑවටත් වඩා පැහැදිලියි. මෛත්‍රී කියන්නේ බල හුවමාරුවකට යොදා ගත්ත ඉත්තෙක් විතරයි. ඇත්තටම බලය මාරු වුණේ ටැමිල් ඩයස්පෝරාවට සහ ඔවුන්ගේ මෙරට NGO නියෝජිතයන්ට. අද වෙන්නේ ටැමිල් ඩයස්පෝරාවට ඕන දේ . මෙරට නියෝජිත NGO නඩය මෛත්‍රීගෙන් රිමෝට් එක අරං. ජාතික රුපවාහිනියේ වැඩසටහන් මෙහෙයවන්නේත් මේ විජාතික ඝට්ටබියන්. මහින්දට සහ ගෝඨාභට කෙලවන තුරු නින්ද නොයන රුදාවක් අද මේ හැමෝටම ඇතිවෙලා. ඊට එකම හේතුව ඔවුන් උතුරේ විමුක්තිකාමීන් ලෙස දුටු ප්‍රභාකාරම් ඇතුළු කොටි සංවිධානය සමතලා කර දැමීමයි.

අපි හිතන තරම් මේ අයගේ සටකපට උපක්‍රම සරල නැහැ. මුලිකම පියවර හැටියට මහින්ද ගෙදර යවනතුරුම මේ අයගේ මැප්එක විනිවිද දකින්න කාටවත් හැකි වුණේ නැහැ .TNA ශ්‍රී ධරන් උජාරුවෙන් කියනකම්ම මේ කුමන්ත්‍රණ කතා කව්රුත් විශ්වාස කලේත් නැහැ. අදත් බහුතරයකට ඒ ගැන සවිඥානික වීමක් නැහැ. ජවිපෙත් දැන් බ්‍රේන්වොෂ් කරලා එක විදිහකට හීලෑ කරගෙන තිබෙනවා. 2020 අනුරටත් බලය අරන් දෙන සිහිනයක බොඳ කරලා තියෙන්නේ. ඔහුටත් දැන් අනාගත අපේක්ෂාවක් ඇති කරවලා තිබෙන්නේ. ඒ නිසා අද ඔවුන් වෙනස් වී තිබෙන අකාරයේ තරම නිකමට නිරීක්ෂණය කරන්න. මව්බිම නැත්තම් මරණය කියූ පක්ෂයක අද නායකයා කරන කියන දේ බලන්න. NGO නඩය සමග අද අනුර කුමාර හිරිකිතයක් නැතුවම එක වේදිකාවට නගිනවා.ඉස්සර මේ නඩයට මව්බිමට එරෙහි අධිරාජ්‍යවාදී ද්‍රෝහීන්ට කියා ගහන්න ආයුධ දුන්නේ ජවිපෙ. දේශද්‍රෝහීන් කියන වචනය පවා පොදු සමාජයට ගෙන ගියේ ජවිපෙ.

එත් අද ඒ ද්‍රෝහීන් සමගම මධුසමය ගතකරන්නේ න්‍යායික පාරිශුද්ධත්වයද නොතකමිනි. මහින්ද සහ ගෝඨාභ ඉන්න බිමක ඔවුන්ට ලේසියෙන් පැළවෙන්න අමාරු බව ඔවුන් හොදින් දනී. ඒ නිසා මොන විදිහකින් හරි මහින්ද සහ ගෝටා දේශපාලනයෙන් සදාකාලිකවම අතු ගා දැමීම ඔවුන්ට අත්‍යවශ කරුණකි. .අරහෙන් යුධ අපරාධ පරීක්ෂණ කියලා කරන්න හදන්නෙත් ඒක. මෙහෙන් ජවිපෙ මහින්දට හොරා හොරා කියලා කරන්නේ රාජපක්ෂලාට දඩුවම් දුන්නට කමක් නෑ කියන ජනමතය රටතුලින්ම නිර්මාණය කරන කොන්ත්‍රතුව. ඔවුන් මේ සකස් කරමින් තිබෙන්නේ ඊට සුදුසු පසුබිමයි. හොරකම් වලට දඩුවම් ඉල්ලුවත් , යුධ අපරාධ වලට දඩුවම් ඉල්ලුවත් ඒ මොන දෙයින් උනත් අවසානේ වෙන්නේ මහින්ද සහ ගෝඨා හිර කිරීමයි . මහින්ද පතිරණ වරක් ලිපියකින් මතුකළා සේ අපි ඒ දේ කරනතුරු බලා සිටිය යුතුද .

බුදුන් වහන්සේට තවකල් ජීවත් වන්නට ආරාධනා නොකිරීමෙන් ලද පශ්චාත්තාපයෙන් මිදිමට අනද හිමිට කිසි දා නොහැකි විය.අද නිහඩව සිටින අපටත් වෙන්නෙත් එදාට අනද හිමි සේ පසුතැවීමටයි. නපුර ජය ගන්නේ යහපත් මිනිසුන්ගේ භයානක නිහඩතාවය නිසා යයි කියමනක් තිබේ. මේ මොහොත අපෙන් ඉල්ලා සිටිනවා යම් යුතුකමක්. එය ඉටු නොකොට නිහඩව ඉදීමෙන් ආයෙත් ගන්න බැරි විදිහට දේවල් මගහැරෙන්න පුළුවන්.එනිසා පුළුවන් විදිහට මේ අරගලයට පණ දෙන්න එන්න.

අපි මහින්දවාදීන් උනත්, මහින්දගේ වහල්ලු උනත්, බයියෝ උනත් කමක් නෑ. අපි අපිට එකතු වෙන්න ඕන. මේ ගලඋඩ කරන සටනේ තාම කී දෙනෙක් ඉන්නවද එකිනෙකා වෙන් වෙන්ව අපි තාමත් හදුනා නොගත් අය. වචනයක් කතා නොකළ අය. අපි අපිත් එකිනෙකාට නැතිව කොහොමද අපි ජයග්‍රහණයක් කරා ගමනක් යන්නේ. මේ අපට ලැබෙන අවසන් අවස්ථාව විය හැකියි. පළාත් සභා , ප්‍රාදේශීය සභා මොනතරම් චන්ද තිබුනත් වැදගත් නෑ. බල හුවමාරුවක් කරගැනීමට තිබෙන එකම සහ අවසන් අවස්තාව මෙය විය හැකියි.මේක මග අරුනොත් ආයෙත් චන්දයක් එන්නේ වසර 4 කින් පසුයි. දින 100ක දී දේශපාලනයේ මේතරම් සංචලනයන් සිදු වුනේ නම් වසර 04කින් පස්සේ මොනාද නොවී තිබෙන්න පුළුවන්. අනාගතය පිලිබඳ අපැහැදිලි අවිනිශ්චිත අවධානමක් තිබෙන බව හොදින්ම දන්න අපි අපිටම එකතු වෙන්න පරක්කු ඇයි ? ඒ ගැන හිතෙත්දී ඇතිවන්නේ දුකක්. .

-රත්තනදෙණියේ මේධානන්ද හිමි .
යුතුකම සංවාද කවය.
www.yuthukama.com

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

"බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ -ලසන්ත වික්‍රමසිංහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP cepaepa ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions