මෛත්‍රීපාල සිරිසේන නායකයෙකු නොවේ. ඔහු ජනාධිපතිවරයෙකු බවනම් ඇත්තකි. කෙනෙකුට නායකයෙකු නොවී ජනාධිපතිවරයෙකු බවට පත් විය හැකි බවට මෛත්‍රී කදිම නිදසුනකි. රටකට නායකයෙකු බිහිවන්නේ දැවැන්ත ජන අරගලයක අවසාන ඵලයක් ලෙස ය. මහින්ද බිහිවන්නේ එසේ ය. 2005 දී මහින්ද බිහි වන්නේ රනිල් එපා නිසා නොව මහින්ද ඕනෑ වූ හෙයිනි. 2005 වන විට කොටි ත්‍රස්තවාදය, අරාජිකවාදය හා ඉච්ඡාභජංගත්වය වැනි කරුණු නිසා බිහිවෙමින් පැවති ජාතිකවාදයට මහින්ද නායකත්වය දුන්නේ ය. තෝරා ගැනීම නිවැරදි බව ද ඔහු තහවුරු කළේ කෙටි කලකින් ම ජාතියේ පිළිකාව වූ ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමෙනි. මහින්දගේ නායකත්වය තහවුරු වන්නේ ඒ හරහා ය.
කෙසේ වෙතත්, මෛත්‍රී ජනපතිවරයෙකු බවට පත් වන්නේ ඒ මොහොතේ මහින්ද එපා වි සිටි හෙයින් විනා මෛත්‍රී ඕනෑ වූ නිසා නොවේ. එසේ නම් මෛත්‍රී වෙනුවට රනිල් වුව ඉදිරිපත් වූයේ නම් ජයග්‍රහණය කරනු ඇති බවට කෙනෙකු තර්ක කරනු ඇත. නැත. රනිල් ඒ වන විටත් 29 වතාවක් නොයෙක් අයුරින් පැරදී කුජීත වී සිටි හෙයින් ඔහුට ජයගත නොහැකි වනු ඇත. එහෙත් සාපේක්‍ෂ ව මෛත්‍රී අහිංසකයෙකු ලෙස මාර්කට් කිරීමේ හැකියාව තිබුණි.
සැබෑ නායකයෙකු නොවන අයෙකු කෘතීම ව නායකත්ව තනතරුකට පත්වීමේ අවාසි රැසක් ඇත. එවැන්නෙකුට තමා යටතේ සිටින සැම එක මිටින් ගත නොහැකි ය. එනිසා, එක් කොටසක් එක් පැත්තකට අදින විට තවත් එකක් තව පැත්තකට අදී. තෙවැනි කොටසක් තෙවැනි අතකට ය. මෙය හඳුන්වන්නේ අරාජිකත්වය යන නමිනි.
අද මෛත්‍රීට තමා බලයට ගෙනා එජාපයට තබා තමා සභාපතිධුරය දරන ශ්‍රිලනිපයට ද නායකත්වය දිය නොහැකි ය. ඔහු ජනාධිපතිවරයා වූව ද ඔහුගේ නායකත්වය පිළිබඳ කිසිවෙකුට තැකීමක් නැත. නායකත්වය යනු තමාගෙන් පාලනය වන්නන් කෙරෙහි අධිකාරිත්වය හා ප්‍රචණ්ඩත්වය මුදා හැරීම බව කෙනෙකු සිතනු ඇත. එහෙත් එය වැරදි ය. එසේ කිරීමෙන් නායකයෙකු විය නොහැකි ය. නායකත්වය යනු අනෙකක් නොව අන් අය විසින් පිළිගැනීමට ලක්කිරීමකි. බලය නැති මහින්දට අද ද සුවිසල් ජනාකර්ෂණයක් හිමි වන්නේ මේ පදනමින් ය. බලය ඇති මෛත්‍රීට නැත්තේ ද මේ ය.
වත්මනෙහි මේ රට පාලනය කරන්නේ නායකයින් විසින් නොවන බව කණගාටුවෙන් හෝ කිව යුතු ය. රනිල් ද නායකයෙකු නොවේ. ඔහු නිකං ම නිකං අගමැති කෙනෙක් පමණි. අප වැනි රටවලට තාමත් අවශ්‍ය වන්නේ නායකයින් ය. 'ඔටො ෆයිලට්' දමා යෑමේ හැකියාවක් තාමත් අප වැනි රටකට නැත. ප්‍රශ්න එමට ය. ලොව ඕනෑ ම රටකට 'ඔටෝ ෆයිලට්' යෑමේ තත්වයට පත්වන තුරු නායකයෙකු සිටියේ ය. ඒ අනුව, ශ්‍රී ලංකාව මේ මොහොතේ කළ යුතු ප්‍රමුඛතම කාර්ය විය යුත්තේ ජනපතිවරුන් අගමැතිවරුන් පත්කර ගැනීම නොව නායකයෙකු පත්කර ගැනීම ය. ඒ සඳහා එක ම සුදුස්සා මහින්ද රජපක්‍ෂ හැර අන් කවරෙක් ද?.
-මහින්ද පතිරණ
යුතුකම සංවාද කවය
ww.yuthukama.com

පඹයකුට කිසිදා නායකයකු විය නොහැකිය. පඹයකු ඇත්තේ වෙලක් මැද සිටගෙන සුළඟට අවශ්‍ය දිසාවට හැරෙමින් අත් පා වැනෙන්නට හැරීමටය. පඹයකු ජනාධිපති කර ගත්තේද එලෙස ඔවුනට අවශ්‍ය පරිදි අවශ්‍ය ලෙසට හසුරුවාගෙන තමාගේ පරමාර්ථ ඉටු කර ගැනීමටයි.
ReplyDeleteඑය අවබෝධ කර ගැනීමට අසමත්/ අකමැති වූ මෝඩ සිංහලයන් සමහරක් සැබෑ නායකයා ගෙදර යවා ඊළාම් බලාපොරොත්තුව ඉටුකර දීමට දායකත්වය ලබා දුන්නා. ඒකයි ජාතියේ අවාසනාව. සිංහලයාට ඉදිරි දැක්මක් නැති කම අපේ ජාතියේ විනාශයට හේතු වී ඇත.