6/25/2015

"ආණ්ඩුව යහපාලන වේශයෙන් බෙදුම්වාදය පිනවන හැටි" - මොහාන් සමරනායක

කතෘ:යුතුකම     6/25/2015   1 comment

"අද සමාජයේ අපුරු ප්‍රවනතාවක් ඉස්මතුවී තිබෙනවා. යම් කිසි පාර්ශ්වයකට ප්‍රතිවිරුද්ධ අදහස්‌ දක්‌වන අයට ලේබල් අලවනවා. මා පුවත්පතක දුටුවා පුරවැසි බලය නමින් හදුන්වන සංවිධානයක ප්‍රවෘත්ති සාකච්චාවක්. එහි තිබෙනවා එක තැනක. අද පාර්ලිමේන්තුවේ බහුතරය ඉන්නේ මහින්ද රාජපක්‌ෂ වෙනුවෙන් කඩේ යන හෙංචයියලා පිරිසක්‌ බව. එතකොට මේ පුරවැසි බලය නමින් හදුන්වන සංවිධානය පෙනී සිටින්නේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්.භාෂණයේ ප්‍රකාශනයේ නිදහස වෙනුවෙන්.අදහස් පළකිරීමට ඇති අයිතිය වෙනුවෙන්. මතයක් දැරීමට ඇති අයිතිය වෙනුවෙන්. එහෙමනම් පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන්ගෙන් බහුතරයක් මහින්ද රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටින විට ඒක ප්‍රශ්න කිරීමට අපට අයිතියක් නැහැ. මන්ද ඒක ඔවුන්ගේ ස්වෛරීය ප්‍රජාතාන්ත්‍රවාදී අයිතියක්. නමුත් මේ අය දකින විදිහට එසේ පෙනී සිටින හැමදෙනාම හෙංචයියෝ. නැත්තම් කඩේ යන අය. දැන් අනිවාර්යෙන්ම මෙතනට පැමිණියාම සාමාන්‍ය පුද්ගලයකු වන මටත් ඒ හෙංචයියා කඩේ යන පුද්ගලයා කියන ලේබලය අලවනවා මයි. එහෙම නැත්තම් ජාතිවාදියා කියන ලේබලය අලවනවා. " යනුවෙන් පුරවැසි බලයේ නොදියුණුකම පිලිබඳ මොහාන් සමරනායක මහතා ප්‍රශ්න කළේය.


ඔහු මේ අදහස් පළ කලේ යුතුකම සංවාද කවය සංවිධානය කළ වෙනස සැපද මැයෙන් කොළොඹ මහජන පුස්තකාලයේ දී පැවති සම්මන්ත්‍රණයට සහභාගී වෙමිනි. ජනවාරි 8න් පසු දේශීය හා විදේශීය වශයෙන් රටට අහිතකර ලෙස පෙළ ගැසෙන දේශපාලන පසුබිම ජනතාවට පැහැදිලි කිරීමට අවස්ථාවක් නිර්මාණය කළ යුතුකම සංවාද කවයට ස්තුතිය පළ කල මොහාන් සමරනායක මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද පැවසීය.

ඇත්තටම මා කිසිදු දේශපාලන පක්‍ෂයක ක්‍රියාකාරිකයෙකු නොවේ. එහෙත් මනුෂ්‍යයා යනු උපතින්ම දේශපාලන දෘෂ්ටියක්‌ ඇති සත්ත්වයෙක්‌. දේශපාලන දැක්‌මක්‌ නිතැතින්ම අපටත් උරුමයි. එහෙයින් අද රට ගමන් කරන ආකාරය පිළිබඳ කම්පනයක්‌ අපටත් තිබෙනවා. ඊට සාක්‍ෂිත් අප සතුයි. ඒත් වත්මන් විදේශ ඇමැතිවරයා පසුගියදා ප්‍රකාශ කර තිබෙන දේ අසත්‍යයි. ඒවා සාක්‌ෂි සහිතව සනාථ කළ නොහැකි දේවල් ලෙස තමයි ගන්න වෙන්නේ. හිටපු ජනාධිපති සතුව ඩොලර් බිලියන 18 ක විදේශ සංචිත තිබුණු බවට ඔහු ප්‍රකාශ කර තිබෙනවා. ඒත් 2014 වසරේ රටේම විදේශ සංචිත තිබුණේ ඩොලර් බිලියන 68 යි. මෙවැනි අසත්‍ය සහ සාක්‍ෂි සහිතව ඔප්පු කළ නොහැකි දේ පසුගිය ජනාධිපතිවරණයේ දී බහුල වශයෙන් සමාජගත කළා. ඒ බොරුව සමාජය පිළිගත්ත. කටට එන දෙයක්‌ කිව්ව. ඒ දෙයම දැනුත් සිදු වෙනව.

මේ අය ඉතා සරල කරුණු පවා බොරු ලෙස කියනව. ඒ වගේම යුද්ධයේ දී සිවිල් වැසියන් මියගියාද නැද්ද යන්න සෙවීමට යාන්ත්‍රණයක්‌ හැදීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා එක්‌සත් ජාතීන්ගේ සම්මේලනයට එකඟ වුණාලු.ඇත්තටම එහෙම දෙයක්‌ වුණේ නැහැ. ශ්‍රී ලංකාව කවදාවත් බෑන් කිං මූන්ට ප්‍රතිඥවක්‌ දුන්නේ නැහැ. යුද අපරාධ පිළිබඳ සොයා බැලීමට දේශීය යාන්ත්‍රණයක්‌ හදන බවට. දෙපාර්ශ්වය මගින් නිකුත් කළ එම ඒකාබද්ධ ප්‍රකාශනයේ එවැන්නක්‌ සටහන් වෙලා නැහැ. මෙවැනි අසත්‍ය කරුණු දේශපාලන පක්‍ෂ සහ නායකයන් විසින් මාධ්‍ය හරහා දරුණු ලෙස සමාජගත කරමින් සිටිනවා.

වත්මන් ආණ්‌ඩුවට දින 100 ක්‌ පිරුණු දිනයේදී ජනාධිපතිවරයා රට අමතා විශේෂ ප්‍රකාශයක්‌ කළා. එහි සඳහන් වුණා එතුමා බලයට පැමිණීමට පෙර අපේ රට වෙනුවෙන් ජාත්‍යන්තරය බෙදී සිටි බවට. ඒත් අපේ රට ගැන හැමෝම එසේ බෙදී සිටියේ නැහැ. අන්තර්ජාතික ප්‍රජාව යන නාමයේ සුජාත බවට කැළලක්‌ එකතු කළ ඇමරිකාව, කැනඩාව ඇතුළු බටහිර යුරෝපීය රටවල් සහ ඉන්දියාව පමණයි අපට එරෙහිව සිටියේ. චීනය රුසියාව, ඉන්දුනීසියාව මෙම ගණයට අයිති නැහැ. ඒ නිසා අන්තර් ජාතික ප්‍රජාව යන වචනය ඒ සඳහා යොදා ගැනීම වැරැදියි. ඊනියා අන්තර් ජාතික ප්‍රජාව ප්‍රජාතන්ත්‍රවාදී පාලකයකු ලෙස පෙනී සිටි මහින්ද රාජපක්‌ෂගේ පාලනය රිස්‌සුවේ නැහැ. ඇමරිකාව ඉතිහාසයේ විවිධ රටවල් කොටවලා තිබෙනවා. විවිධ රටවල යුද ගිනි අවුලා තිබෙනවා. ඉරාකයට විනාශයක්‌ ගෙන ආවා. ඒ වගේම මුළු මැදපෙරදිගටම යුද්ධ ඇති කළා. ඒ නිසා ඇමරිකාව ගැන කවදාවත් විශ්වාස කරන්න බැහැ. ඉරාකයට සම්බාධක පනවා මිනිසුන් පන්ලක්‍ෂයක්‌ පමණ මියයන්න සැලැස්‌සුවා. කුඩා දරුවන් ලක්‍ෂ ගණනින් එහිදී මියගියා. ඒ අපරාධ ඇති කළේ ඇමෙරිකාවයි. ඔවුන් කවදාවත් වෙනත් රටක්‌ දෙස ආදරයෙන් බැලුවේ නැහැ. ඉරාකය අමාරුවේ වැටුණේ ඇමෙරිකාව විශ්වාස කරන්න ගිය නිසයි.

මහින්ද රාජපක්‍ෂ මහතාට සහ රජයට බටහිර අධිරාජ්‍යවාදීන් විරුද්ධ වුණේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා එල්. ටී. ටී. ඊ. සන්නද්ධ බෙදුම්වාදය මිලිටරි ක්‍රමයකින් පරාජය කළ නිසයි. යුද්ධයේ උච්චතම අවදියේදී බටහිර ප්‍රබල රාජ්‍යයන් දෙකක විදේශ ඇමැතිවරු දෙදෙනෙක්‌ ලංකාවට ආවා. ඇවිත් යුද්ධය නතර කරන ලෙස ජනාධිපතිවරයාට කිව්වා. අපේ රට තවදුරටත් බටහිර කොලණියක්‌ නොවන බවත් යුද්ධය නතර නොකරන බවත් ඔවුන්ට ජනාධිපතිවරයා පැවසුවා . ඒ වගේම ජනාධිපතිවරයා එරික්‌ සෝල්හයිම්ට හිස නැමුවෙත් නැහැ. අභීතව තීන්දු තීරණ ගත්තා. ඒ නිසයි මහින්ද රාජපක්‍ෂට ඔවුන් එරෙහි වුණේ.
මේ හැරුණු විට දීර්ඝ වශයෙන් අදහස් දැක්වූ මොහාන් සමරනායක මහතා රටට එල්ලවී තිබෙන අන්තර් ජාතික බලපෑම සහ රට ඉතා වේගයෙන් නැවත බෙදුම්වාදී දිශාවට ගමන් කරන අන්දම සාක්ෂි සහිතව ව්‍යක්තව ආකාරයෙන් උදාහරණ සහිතව පෙන්වාදුන්නේය.

-යුතුකම සංවාද කවය
www.yuthukama.com

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

1 comment :

  1. දළ වශයෙන් මිලියන 20 ආසන්න මහ ජනතාවගෙ නියෝජිතයින් විදිහට පාර්ලිමේන්තුවට පත්වන දේශපාලකයින් අතරට මේ වගේ පුලුල් විචාර බුධ්දියක් තියෙන අය තමයි යායුත්තේ, අපේ රටේ දේශපාලකයින් පාර්ලිමේන්තුවට ගිය පසු හිතන්නෙ රට එයාලාගෙ පුද්ගලික බූදලයක් කියල, ඒක නිසා තමයි එයාල එයාලගෙ පුද්ගලික වාසි තකා පුද්ගලික අරමුනු ඉටුකරගන්න හදන බටහිරට කඩේ යන්නෙ, හැබැයි බොහොම පැහැදිලි මෙවර මැතිවරනයකදි අපි ගන්න තීරන වලින් මුලු රටෙ සම්පූරන අනාගතයම තීරනය වෙනව කියන එක

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions