
ඒ අතර මෛතී‍්‍රපාල සපත්තු කඩේකට රිංගනවා කැමරාකරුවන් එක්ක. මේවා බාල මාකටින් බොරු සෝභන වැඩ විතරයි. NGO මතවාද උසුරුවන ඝට්ටබින් නම් අලුත් දේශපාලන සංස්කෘතියක් කියලා බොරුවට මෝහනයකට පත්වෙලා හෝ ගාලා කමෙන්ට් කරනවා. අනික ගිහින් තියෙන්නේ එසේ මෙසේ කඩේකට නොවෙන බවත් පේනවා. ඒක ගැටළුවක් නැහැ. නමුත් කදුරුවෙල පොළේ පතෝල, වැටකොළු තෝරන පොටෝ දැක්කත් පුදුම වියයුතු නැහැ. ඒක තමයි මෛත්‍රීගේ මාකටින් සිස්ටම් එක.
අගය කරනවානම් අගය කරන්න ඕන මේ වගේ මාකටින් වැඩක් නොවුන ටී.බී. ඒකනායක සංකෘතික ඇමතිලෙස චීනය සමග ගිය වසරේ BMICH එකේ දී ගිවිසුම් අත්සන් කරන උලළෙට එද්දී තම දුබල සපත්තු 2කේ අඩිය ගැලවුණ පසුත් ඒක වසන් කරගෙන හිටපු එක. ඒක ප්‍රදර්ශනය කලේ දෙරට අතර ගිවිසුම් ආවරණය කරන්න ගිය මාධ්‍යවේදීන්. ඒ කාලේ මේ අය ඒවා දැක්කේත් මහින්දගේ ආණ්ඩුවේ එකෙක් ගේ ජොල් වැඩ කියලා අමු කුහක විදිහට. අදටත් මහින්ද වාදියෙක් නිසා ඒකේ කිසි වෙනසක් නැතුව ඇති. ඔවුන්ට වැදගත් මෛත්‍රී ගේ මේවගේ හිතාමතා කරන බාල ගණයේ ඇක්ටින් තමයි.
රටට පෙන්නන්න හදන සරලකම ඇත්තටම තියෙනනම් එකම ගමනට හෙලිකොප්ටර් දෙක ගානේ මොකටද? රවී කරුණානායකටත් චොපර් එක නැතිව අද ගමන් බැරි මොකද ? මේ පෙන්නන්නේ මෛත්‍රී යුගයේ සරලකමද ? ඒ විතරද ගිහින් බහිනකොට බෙන්ස් 2යි .ඩිපෙන්ඩර් 4යි . පොලිස් ජීප් 2කයි. පොලිස් බයික් 4යි . ඇම්බියුලන්ස් 1යි ඩොක්ටර් 2යි .නර්ස්ලා 4යි , ඇසට පේන සහ නොපෙනෙන බොඩිගාඩ් ලා 1300 යි. (එකදෙයයි නොකරන්නේ නලා පිඹගෙන නොයන එක විතරයි. සද්ධ නැති උනාට වැඩක් තියෙනවද ) සපත්තු ගන්න යනකොටත් යන්නේත් නිකම් නෙමේ නේ. මේ පිරිවරත් එක්කමයි. සපත්තු දෙකේ මිල රු 1000 -1500 යි . ඊට වඩා ලාභයි DSI සපත්තු වෑන් එකක් නිවසටම ගෙන්වාගෙන අවශ්‍ය සපත්තු දෙක තෝරාගෙන ගාස්තුව දීලා යවන එක. එහෙම කරලා අනවශ්‍ය නාස්තිය අවම කරගන්න පුළුවන් උනත් මේ වගේ සෝබන පෙන්වන්න නම් බැහැ. ඒකට ඉතින් ඕන මේ වගේ බාල වැඩ තමයි.
-රත්තනදෙණියේ මේධානන්ද හිමි.
මේ රත්තරන් වචන ටිකට ඔබ වහන්සේට ගොඩක් පින්!
ReplyDeleteඔබ වහන්සේට පින්
ReplyDeleteGood
ReplyDeleteapeee bath kana harakta peenee nanee meewa
ReplyDelete