6/17/2015

Mister Clean කතා වස්තුව!!!

කතෘ:යුතුකම     6/17/2015   1 comment

තමන්ට ජන වරමක් නොමැතිව පිනට අගමැතිකම් කරන හාදයා Mister Clean ය. පිට රටින් හොරෙකු ආනයනය කර මහ බැංකුවේ රුපියල් බිලියන 04ක් හොරකම් කළ හාදයා Mister Clean ය. ඒ හොරා අධිකරණයට ඉදිරිපත් නො කරන හාදයා Mister Clean ය. එකී හොරා තමන්ගේ තවත් මිතුරන් තිදෙනෙකුගේ කමිටුවක් මාර්ගයෙන් නිදොස් කොට නිදහස් කරන හාදයා Mister Clean ය.

පොලිස්පතිට වග නොකියන ඍජුව තමන්ට වග කියන පොලිස් කොට්ඨාශයක් පිහිටුවා හිට්ලර්ට අදින්නා හාදයා Mister Clean ය. ජනපතිටත් නොදන්වා එය පිහිට වූ හාදයා හාදයා Mister Clean ය.
තමන්ට අවනත නොවන තම දේශපාලන ගමනට බාධාවන් වන සියලු දෙනා කුමන හෝ චෝදනාවක් එල්ල කර කුදලා ගෙන ඒමට එකී පොලීසියට අණ කරන හාදයා Mister Clean ය. තමන්ගේ බෙදුම්වාදී සිංහල විරෝධි දේශපාලන න්‍යාය පත්‍රයට එරෙහිව එදා මෙදා තුර මතු වූ සියලු බලවේග පසුපස සිටින්නාගේ ගෙදර උන්දෑගෙන් ද පළිගැනීම සඳහා හැඳුනුම්පතේ සිදුව ඇති වරදක් අල්ලා ගෙන හඹා යන හාදයා Mister Clean ය.

කෝප් වාර්තාවෙන් වැඩි ම චෝදනා එල්ල වූ හාදයාට මුදල් ඇමතිකම ලබා දෙන හාදයා Mister Clean ය. උදෑසන අධිකරයේ චූදිතයෙකු ලෙස සිට හවසට පාර්ලිමේන්තු පැමිණ අයවැය ඉදිරිපත් කරන මුදල් ඇමති පත් කළ හාදයා Mister Clean ය.

නෙළුම් කොළේ මත පේපර් ප්ලේට් එකක් තබා නෙළුම් කොළේ කිරිබත් කන හාදයා Mister Clean ය. සිංහල අලුත් අවුරුදු මේසයට ටයිකෝට් ඇඳ එන හාදයා Mister Clean ය. තොප්පිගල කැලයක් බව සොයා ගත් හාදයා Mister Clean ය. පස් දීම නිසා පස්දුන් රට යන නම සැදුනු බව සොයා ගත් හාදයා Mister Clean ය. වංචාව, දූෂණය, නාස්තිය සංඝ නායක ධුර බව සොයා ගෙන බුදු දහමට නින්දා කළ හාදයා Mister Clean ය.

නැඟෙනහිර ගොස් මහින්ද සිංහලයින්ගේ වීරයා බව පවසා ජාතිවාදය වපුරන හාදයා Mister Clean ය. 1505 පරංගි මේ රටට කඩා පැන කැලණි විහාර ඇතුළු වෙහෙර විහාර ගිනිබත් කොට, භික්ෂූන් ඇතුළු ලාංකිකයින් සමූල ඝාතනය කරමින් මහා සංහාරයක් කර වසර 500ක් පිරීම පෘතුගාල අගමැති මෙ රටට කැඳවා සැමරීමට සැලසුම් කළ හාදයා Mister Clean ය.

1815 සුද්දාට රට පාවා දීමට විශාලතම කාර්යභාරයක් කොට සුද්දාගෙන් මුදලි තනතුරු ඇතුළු නේක සම්පත් දිනා ගත් තම්බි මුදියන්සේගේ පරපුරට නෑකම් කියන හාදයා Mister Clean ය. 1978 මේ රට පාදඩ බටහිර ධනවාදයේ තිප්පොළක් කළ ‍තම්බි මුදියන්සේගේ මී මුනුබුරෙකු වන ජේ.ආර්. උතුමාගේ බෑනා වන හාදයා Mister Clean ය. කොටි වෙනුවෙන් පෙනී සිටි ක්‍රිස්තියානි පල්ලියේ පූජක මාමාගේ බෑණා වන හාදයා Mister Clean ය.
කිසිදා ජනතා අකමැත්ත නිසා මැතිවරණයෙන් පරාජය නොවූ එහෙත් අනෙක් පක්ෂයේ කිසි යම් වරදක් නිසා ම මැතිවරණ 29ක් පරාජය වූ හාදයා Mister Clean ය. චන්ද්‍රිකා දිනුවේ හොර ඡන්ද නිසා බවත් මහින්ද දිනුවේ කොටි නිසා බවත් කියන හාදයා Mister Clean ය. 30 වෙනි පරාජය වෙනුවෙන් සැදී පැහැදී සිටින හාදයා Mister Clean ය. 

-නාමල් උඩලමත්ත
යුතුකම සංවාද කවය
www.yuthukama.com

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

1 comment :

  1. බට ලන්දේ වධකාගාරයේදී කොල්ලන් මරන්න අන දුන්නේ මේ මිස්ට ක්ලීන් ය.
    ලංකා හමුදාවේ විශිෂ්ටතම බලකාය එනම් රහසිගත දිගුදුර විහිදුම් බලකාය ගැන හෙළිකර පාවා දෙන්නේ මේ මිස්ටර් ක්ලීන් ගේ අනින් කුලසිරි උඩුගම්පල නමැති ද්‍රෝහියාය.

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions