 විරුද්ධ පක්‍ෂය රනිල් වික්‍රමසිංහට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තු ලේකම්වරයාට භර දී ඇත. එසේ භාරදීමට කලින් විපක්‍ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු මැදමූලනට ගොස් කතානායක හමුවී ඇති බව ද වාර්තා වෙයි. විරුද්ධ පක්‍ෂය කියන ආකාරයට මන්ත්‍රීන් 112 දෙනකු විශ්වාසභංග යෝජනාවට අත්සන් තබා ඇත. ස්වාධීන රූපවාහිනියට අනුව මන්ත්‍රීවරුන් 112 දෙනකු අත්සන් තබා නැත. ඒ 108 වුවත් 20ට වැඩි බව රූපවාහිනියේ සභාපති මහාචාරායවරයා වුව ද පිළිගනු ඇතැයි සිතමි. ස්වාධීන රූපවාහිනිය අද වැටී තිබෙන තත්ත්වය එයින් පැහැදිලි වෙයි. ඔවුන් අදහස් කෙළේ විශ්වාසභංග යෝජනාව නීත්‍යානුකූල නොවන බවට ජනතාව තුළ සැකයක්් ඇති කිරීමට ද?
විරුද්ධ පක්‍ෂය රනිල් වික්‍රමසිංහට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තු ලේකම්වරයාට භර දී ඇත. එසේ භාරදීමට කලින් විපක්‍ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු මැදමූලනට ගොස් කතානායක හමුවී ඇති බව ද වාර්තා වෙයි. විරුද්ධ පක්‍ෂය කියන ආකාරයට මන්ත්‍රීන් 112 දෙනකු විශ්වාසභංග යෝජනාවට අත්සන් තබා ඇත. ස්වාධීන රූපවාහිනියට අනුව මන්ත්‍රීවරුන් 112 දෙනකු අත්සන් තබා නැත. ඒ 108 වුවත් 20ට වැඩි බව රූපවාහිනියේ සභාපති මහාචාරායවරයා වුව ද පිළිගනු ඇතැයි සිතමි. ස්වාධීන රූපවාහිනිය අද වැටී තිබෙන තත්ත්වය එයින් පැහැදිලි වෙයි. ඔවුන් අදහස් කෙළේ විශ්වාසභංග යෝජනාව නීත්‍යානුකූල නොවන බවට ජනතාව තුළ සැකයක්් ඇති කිරීමට ද?ඒ කුමක් වුවත් විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනෙනු ඇතැයි දැනට සිතිය නො හැකි ය. පාර්ලිමේන්තුවේ බල තුලනය දිනෙන් දින වෙනස් වෙයි. ඒ මන්ත්‍රීවරුන් සිංගප්පූරු යෑම නිසා ම නොවේ. අවසන් වරට සිංගප්පූරු ගියේ එස් බී දිසානායක විය හැකි ය. ඔහු අද අශුද්ධ පත පොත ශ්‍රි ල නි පක්‍ෂ මන්ත්‍රීවරුන් අතට පත්කිරීමේ කාර්යය භාර ගෙන ඇති අතර ළඟදීම ශ්‍රී ල නි ප සුළුතර කණ්ඩායමේ (මෛත්‍රිපාල පිළෙහි) වැදගත් නිලයකට පත්කෙරෙනු ඇතැය කියැවෙයි. එහෙත් ඒ කළ හැකි වන්නේ ශ්‍රී ල නි ප විධායක සභාව, මධ්‍යම කාරක සභාව ආදී ආයතනවල බලය සුළුතර කණ්ඩායමට පවත්වාගෙන යා හැකි නම් පමණ ය. තවත් ඇමතිකම් දීමෙන්වත් එසේ බලය පවත්වාගෙන යා හැකි ද යන ප්‍රශ්නය අද මතු වී ඇත.
සතියකට පමණ පෙර අපි විස්සත් නැහැ විස්සාසභංගෙත් නැහැ යනුවෙන් ලිපියක් පළ කෙළෙමු. එදා පික්පොකට් ආණ්ඩුවේ එ ජා ප කණ්ඩායම බලවත් විය. ශ්‍රී ල නි පක්‍ෂයේ මහින්ද පිළ මෛත්‍රිපාල පිළට වඩා බලවත් වූ නමුත් මන්ත්‍රීවරුන් 100ක් එකතු කර ගැනීමේ තත්ත්වයක පසු නො විණි. දහනවවැනි සංශෝධන අවස්ථාවේ දී සංධානයට මන්ත්‍රීවරුන් 60ක් නැති විය. එහෙත් අද මහින්ද පිළ ප්‍රමුඛ සංධානයට ස්වාධීන රූපවාහිනියෙහි ගණන් කිරීමට ඉඩ තබාත් මන්ත්‍රීවරුන් 100 දෙනකුට වඩා එකතු කර ගත හැකි ය. එයින් දුර්වල වන්නේ මෛත්‍රිපාල කණ්ඩායම පමණක් නොව මුළු මහත් පික්පොකට් ආණ්ඩුවම ය.
අද මෛත්‍රිපාල කණ්ඩායමට හා චම්පකලාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කල්දමා ගැනීමට බැරි තත්ත්වයක් උදාවෙමින් ඇත. එ ජා පක්‍ෂය පාර්ලිමේන්තුවේ දුර්වල බැවින් ඔවුන්ට අවශ්‍ය වන්නේ විශ්වාසභංගයට මුහුණ නොදී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ය. එහෙත් එයට හරහට සිටින්නේ විස්ස ය. විස්ස සම්මත නොකර පාර්ලිමේන්තුව විසුරුවා නොහරින බව මෛත්‍රිපාල රතන හිමියන්, ප්රාජිත, චම්පක, එස් බී දිසානායක ආදීන් ලවා ප්‍රකාශ කරවයි. එයට විරුද්ධ වීමට බටහිරයන්ට වුව ද නො හැකි ය. ඒ තත්ත්වය හමුවේ අද එ ජා පක්‍ෂය පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා විස්සට ඡන්දය දීමට වුවත් සූදානම් ය.
මෛත්‍රිපාලට එවැන්නකට කැමැති වීමට සිදුවනුු ඇත. ඔහුට ඉන්පසු පාර්ලිමේන්තුව විසුරුවා නොහැර සිටීමට හේතුවක් සොයා ගැනීමට නොහැකි වනු ඇත. එන්න එන්න මෛත්‍රිපාල කණ්ඩායම දුර්වල වන බව ද ඇමතිකම් දීමෙන් ඒ වළක්වාගත නොහැකි බව ද පැහැදිලි ය.
අද කෙසේ වුවත් එස් බී දිසානායක හා චම්පක අතර භේදයක් ඇති විම ද වැළැක්විය නො හැකි ය. ඒ දෙදෙනාම උත්සාහ ගන්නේ මෛත්‍රිපාල පිළේ උපනායක වීමට ය.
ලබන සතියේ බල තුලනය තව තවත් මහින්ද කණ්ඩායමට වාසි වන ආකාරයෙන් වෙනස්වනු ඇත. දැනට තිබෙන තත්ත්වය අනුව බලාපොරොත්තු විය හැක්කේ විශ්වාසභංගය මගහැර විස්ස සම්මත කර පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ය. ජනතා බලපෑම් මගින් විශ්වාසභංගයත් සම්මත කර ගත හැකි නම් පික්පොකට් ආණ්ඩුවට හොඳ පාඩමක් උගන්වා ගෙදර යැවීමට හැකි වනු ඇත.
නලින් ද සිල්වා
කාලය
2015 ජූනි 05

 
 

 
 
 
 
 
 
 
 
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .