6/14/2015

රණබිම මැරුණේ ගීතයෙන් 'සිංහලයෙක්‌' යන යෙදුමට විරෝධය

කතෘ:යුතුකම     6/14/2015   No comments

- පසුගිය සතියේ දිනෙක ජාතික රූපවාහිනී සාකච්ඡාවකදී, මවිසින් ලියන ලද 'රණබිම මැරුණේ සිංහලයකු නම් - පපුවෙයි ලේ සලකුණ ඇත්තේ" යන ගීතය පිළිබඳ විවේචනයක්‌ විය. ඒ ගීතයේ සඳහන් සිංහලයකු නම් යන වචනය ඉවත්කර රණබිම මැරුණේ රණ විරුවකු නම්"' යන අයුරින් වෙනස්‌ කළ යුතු බවත් සඳහන් විය. එම සාකච්ඡාවට එම ගීතය ගායනා කළ චන්ද්‍රිකා සිරිවර්ධන මහත්මිය සහ සමන් චන්ද්‍රනාත් වීරසිංහ මහතා ඇතුළු තවත් කීපදෙනෙක්‌ම වූහ.

- සිංහලයෙක්‌ යන වචනය නිසා ජාතිවාදී බවක්‌ මතුවන බව ඔවුන්ගේ අදහස වන්නට ඇත.
එහෙයින් ඒ පිළිබඳ මගේ අදහස හෙළිදරව් කළ යුතු යෑයි සිතමි.

- රණබිම මැරුණු සෙබළුන්ගේ මළ සිරුරුවල පපුවේ ලේ සලකුණක්‌ වෙයි නම් එයින් පළ වන්නේ එම සෙබළා ඉදිරියටම ගොස්‌ සටන් වැදී මියගිය බවය. නොඑසේව ලේ සලකුණ වූයේ පිට පෙදෙසෙහි නම් එහි අදහස සටනින් පැරදී පලා ගිය අසිංහලයකුගේ සිරුරක්‌ බවය. සිංහලයා සටන් බිම අභීතව - නිර්භීතව සටන් වැදුණු කෙනෙකු බව අපේ ඉතිහාසය පුරා සඳහන්ය. ඒ නිසා එදා පැවැති යුද සමයේදී රණ සෙබළුන් දිරිමත් කිරීමේ අදහසින් එම ගීතය රචනා කළ බව සඳහන් කළ යුතුය.

- සිංහල නාමයෙන් පෙනී සිටීමත්, සිංහල තනිවරය යෙදීමත් එක්‌තරා පිරිසකට නොරිස්‌සුම් සහගත ක්‍රියාවක්‌ බව බොහෝ අවස්‌ථාවලදී පැහැදිලි විය. ද්‍රවිඩයාට 'මම දමිළයෙක්‌මි'යි ආඩම්බරයෙන් සඳහන් කිරීමත්, යෝනකයාට 'මම මුස්‌ලිම් ජාතිකයෙක්‌මි'යි සඳහන් කිරීම ඔවුන්ට ආඩම්බරයක්‌ නම් අපට මම සිංහලයෙක්‌මි'යි සඳහන් කිරීමේ වරද කුමක්‌ද?

- අපේ භාෂාව, සංස්‌කෘතිය, ඇඳුම පැවැත්ම යන මේ සියල්ලක්‌ම සිංහල නමත් සමඟ සබඳකමක්‌ ඇත. ලංකාවේ විවිධ ජාතීන් ජීවත්වන බව සැබැවි. එහෙත් සිංහලයාගේ මවුරට මේ ශ්‍රී ලංකාවයි.

මෙහෙම ගියොත්, මේ සිංහල අපගෙ රටයි අප ඉපදෙන මැරෙන රටයි යනුවෙන් එදා අයි.එම්.ආර්. ඒ ඊරියගොල්ල මහතා ලියූ කවි පෙළත් මකා දමන්නට වෙයි. විවිධ ගායකයන් විසින් ගායනා කරනු ලබන රණවිරු ගී සියල්ලම වෙනස්‌ කරන්නට වෙයි. සිංහලයාගේ උප්පැන්න සහතිකයේත්, හැඳුනුම්පතේත් සිංහල වචනය යොදන්නට බැරි වෙයි. සිංහලකම යනු ලෝකයේ බොහෝ ජාතීන්ට වඩා පැරණි සංස්‌කෘතියක්‌ ඇති වදනකි.

- සිංහලකමට එන මේ අරියාදුව අද ඊයේ පටන්ගත් එකක්‌ නොවේ. මුලින්ම පාසලින් සිංහල සාහිත්‍යය මරා දැම්මේය.

- ඊළඟට රාජ්‍ය භාෂාව සිංහල යෑයි රටට පවසා රාජ්‍ය කටයුතු සියල්ල පර බසින්ම කරන තැනට පත්විය. සිංහල ගුරුවරයා, සිංහල වෙද මහතා, සිංහල නොතාරිස්‌වරයා පහළ මට්‌ටමට තල්ලු කළේය.

- ගුරුවරුන් වශයෙන් අප පුහුණුව ලබන අවධියේ අපටම ආවේණික වූ තුන්සරණක්‌ විය. ඒ මම ගුරුවරයෙක්‌මි, මම සිංහලයෙක්‌මි, මම බෞද්ධයෙක්‌මි, යන තුන්සරණයයි. ඒ නිසා එදා පාසල වචනාර්ථයෙන්ම සිංහල පාසලක්‌ විය. ඒ ගුරුවරුන්ගෙන් සමාජගත වූ පිරිස ජාති හිතෛෂී පුරවැසියෝ වූහ. ඒ ගුරුවරුන් වෙතින් අපරාධකරුවන් සමාජගත වූයේ නැත. ඉන්දියානු පුරවැසියකුට ඉන්දියන් ජාතිකයකු වශයෙන් පෙනී සිටිය හැකි නම් චීන ජාතිකයාට චීන නමිනුත් ජපානයේ රට වැසියාට ජපන් නමිනුත් පෙනී සිටිය හැකි නම් තුන් සිංහලයේ ජනිත වූවන්ට සිංහල නමින් පෙනී සිටින්නට බැරි ඇයි.

- සිංහලයේ වංශකතාව පූර්ණ වශයෙන් පාසලේ උගන්වන්නේ නැත. හරි ක්‍රමය නම් බාලාංශයේ සිට සරසවිය දක්‌වා ක්‍රමයෙන් දිග හැරෙන වංශකතා පොත් පෙළක්‌ අවශ්‍යය.

- කළු සුද්දන් විසින් සිංහල සමාජය ආක්‍රමණය කරන යුගයක, සිංහලයකු වශයෙන් පෙනී සිටීමට ලැබීම ගැන මම ආඩම්බර වෙමි.

- ආචාර්ය පියසේන රතුවිතාන
2015.ජුනි 15 ඉරිදා දිවයින .


 අදාළ සම්මුඛ සාකච්චාවේ වීඩියෝ පටය මෙතනින්...

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions