-කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මහින්දාගමනයෙන් පසු අපේ රටේ ඇති වූ ජාතික හා ආගමික ප්‍රබෝධය ඔබවහන්සේ දකින්නෙ කොහොමද?
හුඟදෙනෙක් හිතාගෙන ඉන්නෙ ඉතිහාසය පරණයි කියලනෙ. ඒක වැරදියි. ඉතිහාසය කියන්නෙ නිතරම අලුත් වෙන දෙයක්. තාක්‌ෂණය, නිෂ්පාදන, නිර්මාණ වගේම ඉතිහාසයත් අලුත් වෙනව. සොයාගැනීම් වැඩිවෙන තරමට නිගමන වරදිනව. ඇතැම් ශිලා ලේඛන හරහා ලැබෙන සාක්‌ෂි අප විශ්මයට පත්කරවන සුළුයි. මිහිඳු යුගයට පෙර යුගය පිළිබඳ අප සිතා සිටියේ කපු කටිමින් සිටි කුවේණියකගේ නොදියුණු යුගයක් ලෙසයි. නමුත් ඊට එහා ගිය දැවැන්ත යුගයක් මිහිඳු යුගයට පෙර තිබූ බවට සාක්‌ෂි දැන් හමුවී අවසන්.
මිහිඳු මාහිමිපාණන් ගේ ලංකා ගමන මේ රටේ විශාල වෙනසක් සිදු කළ බව ඇත්ත. එය වෙනසක් මිස මේ රට උඩුයටිකුරු කිරීමක් නොවෙයි. මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකා ගමන ගැන විවිධ අය විවිධ දේ කියනව. උන්වහන්සේ දෙවනපෑතිස් රජු ආක්‍රමණය කිරීමට පැමිණි ආගමික දූතයකු ලෙසත් සමහරු හඳුන්වනව. එබඳු අන්තගාමී නොවී මිහිඳු මහරහතන් වහන්සේ මෙන්ම සංඝමිත්තා තෙරණින් වහන්සේත් අපේ රටට පැමිණීමෙන් මේ රට තුළ සංස්‌කෘතික වෙනසක් සිදුවූ බව අප පිළිගත යුතු කාරණයක්. උන්වහන්සේගේ පැමිණීමෙන් මේ රට තුළ ඊට පෙර තිබූ සංස්‌කෘතියට වඩා වෙනස් සංස්‌කෘතියක් ස්‌ථාපිත වූ බව පැහැදිලියි.
මහින්දාගමනයෙන් අපේ රටේ සිදුවූ ඒ සංස්‌කෘතික වෙනස හරහා ඇති වූ ජාතික හා ආගමික පුනරුදය අද වල්බිහිවී විවිධ සැහැසිකම් පිරුණු, අදහම රජයන දිවයිනක් බවට අපේ රට පත්වී ඇති බවයි වැඩිදෙනෙක් දරන මතය?
මිහිඳු මහරහතන් වහන්සේ අපේ රටේ බිහිකළේ අලූත් සංස්‌කෘතියක්. මිහිඳු මහරහතන්වහන්සේට පෙර තිබුණු රට උන්වහන්සේ සංස්‌කෘතික රටක් බවට පත්කළා. එය කිසිසේත්ම දේශපාලනික රටක් නෙමෙයි. යම්කිසි ජීවන රටාවක්, කෘෂි රටාවක්, ආර්ථික රටාවක් හරහා උන්වහන්සේ බිහිකළ ඒ සංස්‌කෘතික රට දේශපාලනය හරහා ආර්ථිකය විසින් මෙහෙයවනු ලබන සීමිත සම්පත් ප්‍රමාණයක් අසීමිත ඩැහැගන්නන් ප්‍රමාණයක් ඉදිරියේ ගැටෙනු ලබන තැනකට මේ රට පත්වූ පසු එය විවිධ සමාජ විචල්‍යයන්ට මුහුණ දුන්න. එහි ප්‍රතිඵලයන් හැටියටයි මේ පරිහානිය කියන කාරණය පැහැදිලි කරගන්න වෙන්නෙ.
දැනට ලෝකයේ සෑම තැනකම සිදුවෙනව මෙන්ම සිදුකරන්නට උත්සාහ කරනව වගේ අපේ රටෙත් ආර්ථිකය විසින් මෙහෙයවනු ලබන්නා වූ කිසියම් ආකාරයක සාක්‌ෂි සාධක මත මානව සම්පත් තමන්ට ඕනෑ විදියට ඩැහැගැනීමේ පාරිභෝගික ආර්ථික රටාවක් මානවයන් විසින්ම නිර්මාණය කරනු ලැබ තිබෙනවා. ඒ පාරිභෝගික ආර්ථික රටාව නිසා ඇතිවුණු අර්බුද රැසක් තිබෙනවා. උදාහරණයක් විදිහට අල්පේච්ඡ ජීවිතය තුළ තෘප්තිමත් වූ මිනිසුන්ගේ අවශ්‍යතා වැඩිකරල නිෂ්පාදන ආර්ථිකයේ බලහත්කාරී ආරෝපණය විසින් මිනිසුන් තුළ අසීමිත ආශාවන් තැන්පත් කරල තිබෙනව. ආර්ථිකය මෙහෙයවන මේ අසීමාන්තික නිෂ්පාදන රටාව විසින් සමාජය පාරිභෝගිකයන් බවට පත්කරගැනීමේ ෙ€දවාචකයටයි අද අපි මේ මුහුණ දී සිටින්නේ. මේ ෙ€දවාචකය මිහිඳු මහ රහතන් වහන්සේ බිහිකළ සංස්‌කෘතික රටාව මුළුමනින්ම උගුල්ලා ඉවත් කරනු ලැබීමේ ප්‍රතිඵලයක්.
අපේ රටේ මේ නිර්මාණය වී තිබෙන දුසිරිත් වැඩෙන සමාජය සුසිරිත් වැඩෙන ගුණදම් රැකෙන සමාජයක් ලෙස යළි ඉදිකිරීම අද ජාතික අවශ්‍යතාවක් බවට පත්ව ඇති කාරණයක්. එය සිදුකිරීම කෙසේ කළ හැකිද?
එය කළ හැක්‌කේ රට තුළ තෘප්තිමත් ජීවන රටාවක්, තෘප්තිමත් ආර්ථික රටාවක්, තෘප්තිමත් සංස්‌කෘතික රටාවක් සහිත සමාජයක් ඇතිකිරීමෙන් පමණයි. අද සමාජය මුළුමනින්ම අතෘප්තිකර එකක්. අපි ඉගෙනගන්නෙ කුමකටද? රස්‌සාවක් කරන්න. රස්‌සාවක් කරන්නෙ මොකටද? හම්බ කරන්න. අපි කන්නෙ මොකටද? මිහිඳු හාමුදුරුවො හඳුන්වා දුන්නු ආහාර සංස්‌කෘතිය නම් කෘෂිකර්මාන්තය දියුණු කිරීම සඳහා අවශ්‍ය ශක්‌තිය ලබාගැනීම ආහාරයේ අරමුණයි. රට දියුණු කිරීම සඳහා ශක්‌තිමත් පුද්ගලයෙක් බිහිකිරීම ආහාර අනුභවයේ දැක්‌මයි. අද වෙනකොට ඒ දැක්‌ම රස පදනම් කරගත්තු එකක් බවට පත්වෙලා. එමනිසා ආහාරයේ අරමුණ යළි සකස් කරගන්න වෙනවා. අධ්‍යාපනයේ ප්‍රතිපත්ති සකස් කරගන්න වෙන්නෙත් එහෙමයි. අධ්‍යාපනයේ අරමුණ මුදල් හම්බකිරීම නම් එහි කිසි ගැටලුවක් නෑ. නමුත් හම්බකරන්නෙ අනෙකා දෙවැනියා කොට තමා පළමුවැනියා වීමට නම්.... යමෙකු හම්බකළ යුත්තේ තමාටත් අනෙකාටත් ප්‍රයෝජනවත් වන පරිදියි. අප තිදෙනකු ළඟ රුපියල් සියය බැගින් තිබෙනවා යෑයි සිතන්න. අද හම්බකිරීම ලෙස සිදුකරන්නේ කවර උපක්‍රමයකින් හෝ මගේ ළඟ ඇති සියයට අනෙක් දෙදෙනා ළඟ ඇති රුපියල් සියයෙන් හැත්තෑපහ හැත්තෑපහ එකතු කර ගැනීමයි. එවිට මම රුපියල් දෙසිය පනහක සල්ලිකාරයකු වන අතරේ අනෙක් දෙදෙනා රුපියල් විසිපහේ දුප්පතුන් බවට පත්වෙයි.
නමුත් අතීතයේ මුදල් හම්බකිරීම යනු අනෙකා දුප්පත් කොට තමා පොහොසත් වීම නොවෙයි. අතීතයේ මිනිස්‌සු පොහොසත් වෙන්න උත්සාහ කළේ සල්ලිවලින් නෙමෙයි බවභෝගවලින්. හරකුන්ගෙන් පොහොසත් වෙනවා. කිරිවලින් පොහොසත් වෙනවා. ගෙවල් දොරවල්, වතුපිටි, ගහකොළවලින්, දරුමල්ලන්ගෙන් පොහොසත් වෙනවා. මේවායින් පොහොසත් වුණාමත් සල්ලි හම්බවෙනවා තමයි. නමුත් එලෙස මුදල් ලැබෙන්නේ අනෙකා දුප්පත් කරල නෙමෙයි. මුදලින් පොහොසත්වීම දැන් ආර්ථිකයයි. ද්‍රව්‍යවලින් පොහොසත් වීම මිහිඳු හිමියන් දෙසූ ආර්ථිකයයි. තෘප්තිමත් ආර්ථිකය කියන්නෙ මුදලින් පොහොසත්වීම නෙමෙයි, ද්‍රව්‍යවලින් පොහොසත් වීමයි. කවුරු මොන දේශපාලන දර්ශනය ගෙනාවත් මිනිසුන්ගේ ජීවිත තෘප්තිමත් නොවෙනව නම් ඉන් සමාජයට පලක් නෑ.
මම මෙය සමාජවාදය සමග ගලපන්න ඉක්‌මන් වෙන්නේ නෑ. ඒවුණත් එක්‌කෝ ආසාවන් සීමිත කරගත යුතුයි. එහෙමත් නැත්තම් සීමිත ආසාවන් තෘප්තිමත් ආසාවන් බවට පත්කරගන්න ඕන. සමාජවාදී රාජ්‍යයක් උදාහරණ ලෙස ගත්තොත් එහි පවතින්නේ එකම වර්ගයේ ඇඳුම් පමණයි. එය ඇඳුම් පිළිබඳ ඇති ආසාවන් සීමිත කරගැනීමක් මිස එම ආසාවන් තෘප්තිමත් කරගැනීමක් නොවෙයි. කෑමබීම මේ මේ දේවල් පමණයි. නිවාස, යාන වාහන මේ මේවා පමණයි ආදී වශයෙන් සීමාවන් පැනවීමෙන් ආසාවන් තෘප්තිමත් වෙන්නේ නෑ. නමුත් බුදුරජාණන් වහන්සේ අපට වදාරන්නේ තෘප්තිමත් සමාජයක් පිළිබඳවයි. ලෝකය ඌනයි, අතෘප්තිකරයි. එය තෘෂ්ණාවේ දාසයින් බවට පත්වෙලයි තිබෙන්නෙ. එහෙමනම් තෘප්තිමත් සමාජයක් කොහොමද ගොඩනගා ගන්නෙ?
මිනිස්‌සුන්ට තිබෙන්නෙ මූලික අවශ්‍යතා හතරයි. චීවර, පිණ්‌ඩපාත, සේනාසන, ගිලානපච්චය කියල එය පාලියෙන් කියනව. චීවර කියන්නෙ සිවුර නෙමෙයි ඇඳුම් පැළඳුම්. පිණ්‌ඩපාත කියන්නෙ ආහාරපාන. සේනාසන කියන්නෙ ඉඳුම්හිටුම්. ගිලානපච්චය කියන්නෙ බේත් හේත්. ඇඳුම්පැළඳුම්, ආහාරපාන, ඉඳුම්හිටුම්, බේත්හේත්. මේ තමයි මූලික මිනිස් අවශ්‍යතා හතර. මේ අවශ්‍යතා හතරින් මිනිස්‌සු තෘප්තිමත් වුණොත් ඔවුන් සුවසේ ජීවත් වෙනව. මිහිඳු දර්ශනයෙන් හඳුන්වාදුන් ආහාර රටාවෙන් තෘප්තිමත් වූ මිනිසුන් මොනතරම් ජවසම්පන්නද? ඉස්‌සර වැව් හැදුවෙ කැඳ බීපු මිනිස්‌සු. අද කිරි බොන මිනිස්‌සුන්ට ඒ වැව් ටික සුද්ධකරගන්න වත් බෑ. එදා මහා විශාල දාගැබ් හැදුවෙ කැඳ බීපු මිනිස්‌සු. ඒ දාගැබ් හුණු පිරියම් කරගන්න වත් අද කිරි බොන මිනිස්‌සුන්ට බෑ. කැඳවලට පාලියෙන් කියන්නෙ යාගු කියල. සිංහලෙන් කියන්නෙ හුළුකැන්. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩි සමයේ තිබුණෙ කැඳ ඔරු. ඒ මහා සංස්‌කෘතියේ තිබුණ හරිත වනාන්තරය ආහාර කොට ගත් සංස්‌කෘතිය තුළ ශක්‌තිමත් මිනිසුන්, තෘප්තිමත් මිනිසුන් බිහිවුණා. නමුත් අද මිනිසුන්ගේ ඒ තෘප්තිමත් ජීවිතය පරිභෝජනවාදී ධනේශ්වර ආර්ථිකයක් විසින් මුළුමනින්ම විනාශකර දමා තිබෙනවා. එලෙස විනාශ කළ මිහිඳු සංස්‌කෘතියේ නටබුන් අතර සිරවුණු අපි අද අතරමං වූ ජාතියක්.

- දිවයින
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .