6/03/2015

මා, මේ තරම් මෝඩයෙක් ද?

කතෘ:යුතුකම     6/03/2015   No comments

වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල හෝ හිටපු ජනාධිපති මහින්ද හෝ වර්තමාන අගමැති රනිල් හෝ වෙනත් කිසි‍ දේශපාලකයකු හෝ තම තමන් ගේ බල අරගලයේදී සිදු කර ගන්නා මෝඩකම් ගැන මට රුදාවක් නැත‍‍.

ඊට හේතුව, එවැනි අමනකම්වලට එක්කෝ නීතියෙන් දඩුවම් ලැබෙන නිසා ය. නැත්නම් සමාජයෙන් දඩුවම් ලැබෙන නිසා ය.

ගස් කැපුවොත් නීතිය හරස් වේ. මිනීමැරුවොත් නීතිය හරස් වේ. වංචා කළොත් නීතිය හරස් වේ. රට බෙදුවොත් නීතිය හරස් වේ. මේ කිසිවක් සිදු නො වන්නේ නම්, අඩු ගණනේ ජනතා විරෝධයක් හෝ එල්ල වේ.

ඒ අනුව, තම තමන් කළ කී දේට ප්‍රතිඵල ලබා ගැනේ. ‍තේරෙන සිංහලෙන් කියන්නේ නම්, 'වැපුරූ දේ නෙළාගන්නේ ය.' අපට තිබෙන්නේ එතෙක් බලා සිටින්නට ය. එපමණි.

එහෙත් මගේ අරෝ ව ඇත්තේ, එයට නො වේ.
මා ද, මෝඩයකු ලෙස සිතීම ගැන ය.
මේ එක් උදාහරණයකි.

මම මේ රටේ, රට වැසියකු ලෙස අද දින (03) පුවත්පතක් මිල දී ගතිමි. ඒ, ලංකාදීප පුවත්පතකි.
එහි 05වැනි පිටුවේ සදහන් වන්නේ, 'ලෝක දුම්වැටි විරෝධී දිනය-මැයි 31' ජාතික උත්සවය දින පුවතකි.

එකී පුවතේ මෙලෙස දැක් වේ.

'නීති විරෝධී දුම්කොළ නිෂ්පාදන වෙළෙදාම නවතනු' තේමාව යටතේ ලෝක දුම්කොළ විරෝධී දින සැමරුම් උත්සවය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පෙරේදා (01) පස්වරුවේ පැවැත්විණි.
ඒ උත්සවයට, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා ද සහභාගි වී ති‍බේ.

දැන් මට පැහැදිලි ය.

දුම්කොළ වෙළෙදාම නීති විරෝධී තත්ත්වයට පත් කෙරෙමින් තිබේ. එය යහපාලනය යටතේ සිදු වෙමින් තිබෙන තවත් යහපාලන කටයුත්තක් විය හැකි ය. ඒ අනුව අපේ රටේ දරු පරපුරේ අනාගතය සදහා වැදගත් පියවරක් ගැනෙමින් තිබෙනවා විය හැකි ය.
එහෙත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා සැබැවින්ම සිදු කර ති‍බෙන්නේ එය ද? එය තේරුම් ගැනීමට, දහසක් දෛනික ගැටලු තිබෙන අතරේ මොළේ වෙහෙසා සිතිය යුතු ය.

මේ කතාවේ ඇත්ත තිබෙන්නේ මේ කොටසේ ය.
'දුම්කොළ සමාගම්වල චෝදනාවක් තිබුණා, නීති විරෝධි දුම්කොළ භාවිතය නතර කිරීමට අප කටයුතු කරන්නේ නැහැ කියලා.' - සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා

දැන් මට මුල් පුවත පැටලේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා දුම්කොළ වෙළෙදාම නීති විරෝධි කටයුත්තක් බවට පත් කර නැද්ද? එසේ සිදු කර නැත්නම්, සිදු කර තිබෙන්නේ කුමක්ද?
පොළොන්නරුවේ, අති සරල සිරිසේන ද, සිතන තරම් ලේසි පාසු පුද්ගලයකු නො වන බව පේන්නේ මේ අවුල ලිහා ගත් විට ය.
මෙරට දුම්කොළ වෙළෙදපල 100ක් ලෙස ගත්විට එහි ප්‍රධාන සැපයුම්කරුවා, දුම්කොළ සමාගම ය. ඊට අමතර ව, එකී වෙළෙදපළේ නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කෙරෙන දුම්කොළ නිෂ්පාදන ද අලෙවි වේ.
දැන් දුම්කොළ සමාගමේ ඉල්ලීම වී තිබෙන්නේ, 100ක් වන රටේ සමස්ත දුම්කොළ වෙළෙදපළ තමන්ට පමණක් පවරා දෙන ලෙස ය. එය ද ඔවුන් ඉල්ලා සිටින්නේ වර්තමාන ආණ්ඩුවෙන් සහ ශ්‍රී ලංකා රජයෙනි. රටේ ජනාධිපති සහ සෞඛ්‍ය ඇමති 'ලෝක දුම්වැටි විරෝධී දිනය-මැයි 31' ජාතික උත්සවයට සහභාගි වී, සිදු කර තිබෙන්නේ, දුම්කොළ සමාගමට එකී සහතිකය ලබා දෙමින්, දුම්වැටි වෙළෙදාමට අතහිත දීම ය.
පිළිකා, හෘදයාබාධ, පවුලේ ආර්ථික විනාශ ආදියට අතහිත දීම ය.
එසේ නොමැති ව, 'දුම්වැටි විරෝධී දිනය' යටතේ රටේ ජනතාව ගේ සෞඛ්‍ය තත්ත්වය නංවන්නට අදාළ ඉදිරි වැඩපිළිවෙලක් සංවිධානය කිරීමට නො වේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා සිටිනුයේ දුම්කොළ සමාගම පැත්තේ ය.
ඒ අනුව රටේ ජනතාව සිටින්නේ මෝඩයන් ‍‍ගේ පැත්තේ ද?

මා සිටිය යුත්තේ කාගේ පැත්තේ ද?

- කුමාර ලියනගේ
යුතුකම සංවාද කවය
www.yuthukama.com

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions