6/18/2015

මෛත්‍රිපාල පක්‍ෂයෙන් ඉවත් කළ යුතුය

කතෘ:යුතුකම     6/18/2015   2 comments

පසුගිය 16 වැනි දා පදනම් ආයතනයේ දී පැවති ශ්‍රී ල නි ප මන්ත්‍රීවරුන්ගේ රැස්වීමෙන් පසු පිටතට පැමිණි ප්රාජිත ජනමාධ්‍යවේදීන්ට ද බැණ වැදී ඇත. එයට හේතුව රැස්වීමේ සිටි අති විශාල බහුතරය මහින්ද රාජපක්‍ෂ අගමැති ධුරාපේක්‍ෂක ලෙස නම් කළ යුතු යැයි ඉල්ලා සිටීම බව පැහැදිලි ය. එහි දී මහින්ද මැතිවරණයට ගෙන එන්නේ කෙසේ දැයි වාර්තා කිරීමට සය පුද්ගල කමිටුවක් ද පත් කෙරී ඇත. එහෙත් පසු දිනම කමිටුවේ වැඩ කටයුතු අවසන් වී ඇත.

මෛත්‍රිපාල අද කියන්නේ මහින්දට අගමැති ධුරාපේක්‍ෂකකම නොව මන්ත්‍රීධුරාපේක්‍ෂක කමක්වත් නො දෙන බව ය. අප ප්රාජිත කියන දේ විශ්වාස කරන්නේ නම් මෛත්‍රිපාල මහින්දට ජාතික ලැයිස්තුවෙන්වත් මන්ත්‍රීකමක් දීමට විරුද්ධ ය. මෛත්‍රිපාල ශ්‍රී ල නි පක්‍ෂයේ අති විශාල බහුතරයට විරුද්ධව කෙතෙක් දුරට එහි සභාපති ලෙස කටයුතු කිරීමට බලාපොරොත්තු වන්නේ ද? අද ශ්‍රී ල නි පක්‍ෂය මෙහෙයවනු ලබන්නේ චම්පක හා රතන හිමියන් විසිනි. ඔවුන් සමග අශෝක අභයගුණවර්ධන ද පදනම් ආයතනයේ සභාපති මලිත් ජයතිලක ද වෙති. ඒ සියල්ල පසුපස ඉන්දියාව වෙයි. ඉන්දියාව ද බටහිර ද මහින්දට විරුද්ධ ය.

ඉන්දියාව එක් පැත්තකින් දෙමළ ජාතික සංධානය මෙහෙයවන අතර අනෙක් පැත්තෙන් ශ්‍රී ල නි පක්‍ෂයේ මෛත්‍රිපාල කණ්ඩායම මෙහෙයවයි. ඒ ඔවුන්ගේ ඊනියා සංහිඳියා වැඩ පිළිවෙළ විය හැකි ය. එහෙත් ඉන්දියාව නොදන්නා දෙයක් වෙයි. ඒ ලංකාව යනු ඉන්දියාව නොවන බව ය. බුදුන් වහන්සේගේ දහම රැක ගැනීමට නොහැකි වූ ඉන්දියාව සිංහල බෞද්ධ සංස්කෘතිය නො හඳුනයි. ලංකාවේ සිංහල බෞදාධයන් අතර උඩ සිට පහළට ක්‍රියාත්මක වන මනු නීතියක් නොමැති බව ඉන්දියාව නො දනියි.

රතන හිමි, ප්රාජිත, චම්පක, අශෝක අභයගුණවර්ධන ආදීන්ට සිංහල ජනමතය හැසිරවිය හැකි නො වේ. අද සිංහල ජනතාවගෙන් බහුතරය විසින් මහින්ද රාජපක්‍ෂ අගමැති ලෙස ඉල්ලා සිටිනු ලැබෙයි. එහෙත් මේ අය මහින්ද රාජපක්‍ෂ සමග බද්ධ වෛරයකින් පසුවෙති. ඔවුන්ට අවශ්‍ය රාජපක්‍ෂ කෙනකු නොමැති ව ශ්‍රී ල නි පක්‍ෂයේ වෙනත් අයකු අගමැති කර ආණ්ඩුවක් පිහිටුවා ලබන වසරේ අප්‍රේල් වන තෙක් බලයේ රැඳී සිටීම ය.

එහෙත් මෛත්‍රිපාලට එය කළ හැකි ද යන්න ප්‍රශ්නයකි. ඔහු ඊනියා පොදු අපේක්‍ෂකයා වූයේ ම රනිල් අගමැති කිරීමේ පොරොන්දුව දීමෙන් පසුව ය. එය මීළඟ මැතිවරණය තෙක් ම වලංගු වෙයි. මෛත්‍රිපාල කිසි දිනෙක මහින්ද රාජපක්‍ෂට කිසිම අපේක්‍ෂක ධුරයක් නො දෙනු ඇත. එමෙන් ම ඔහුට පොරොන්දුව අනුව නම් රනිල් හැරෙන්නට වෙනත් අයකු අගමැති ධුරයට පත් කිරීමට ද නො හැකි ය. එබැවින් ඔහු රතන හිමියන් කී පමණින් ශ්‍රී ල නි පක්‍ෂයේ වෙනත් අයකු අගමැති ධුරයට පත්කර ලබන අප්‍රේල් වන තුරු පාර්ලිමේන්තුව විසුරුවා නොහැර සිටිය හැකි ද?

අද මෛත්‍රිපාල ශ්‍රී ල නි පක්‍ෂයට විරුද්ධව ක්‍රියා කරයි. ඔහු පක්‍ෂයේ සභාපති ධුරයට පත්වූයේ නීති විරෝධි ආකාරයකින් බව ජනවාරි මාසයේ දී නිමල් සිරිපාල ද සිල්වා ද කියා සිටියේ ය. පක්‍ෂයේ මතයට විරුද්ධ ව ක්‍රියා නොකරන මෛත්‍රිපාල තවදුරටත් පක්‍ෂයේ සභාපති ධුරය දැරීම නීති්‍යානුකූල හෝ සදාචාරාත්මක හෝ නො වේ. පසුගිය අප්‍රේල් 12 වැනි දා කාලය ලිපිය අවසන් කළේ පහත සඳහන් අයුරෙනි. 

“ශ්‍රී ල නි පක්‍ෂය කළ යුතුව ඇත්තේ පක්‍ෂයට ද්‍රෝහි වූ ද පක්‍ෂයේ ප්‍රතිපත්තිවලට විරුද්ධ වූ ද මෛත්‍රිපාල පක්‍ෂයෙන් ම නෙරපීම ය. ඒ ගැන අපි පසුව තවදුරටත් කතා කරමු. පක්‍ෂයෙන් එළවිය යුතු මෛත්‍රිපාල පක්‍ෂයට හානියකි. ඔහු හා මහින්ද රාජපක්‍ෂ අතර කිසිම සාම්‍යයක් නැත. එබැවින් ඒ දෙදෙනා එකතු කිරීමේ අවශ්‍යතාවක් නො වේ. මෛත්‍රිපාල පක්‍ෂ ප්‍රතිපත්තිවලට විරුද්ධ ය. මහින්ද පක්‍ෂ ප්‍රතිපත්ති ආරක්‍ෂා කරයි. ඔවුන් එකතු කිරීමේ අවශ්‍යතාව ඇත්තේ ශ්‍රී ල නි පක්‍ෂය සිංහල ජාතිකත්වයට විරුද්ධව ක්‍රියාකරනු දැකීමට කැමති අයට ය. ඔවුන්ට ඒ සඳහා කිසිම ඉඩක් දිය යුතු නැත. පක්‍ෂය ශක්තිමත් වනු ඇත්තේ මහින්ද මෛත්‍රිපාල එකතු කිරීමෙන්  නොව පක්‍ෂයෙන් මෛත්‍රිපාල එළවා දැමීමෙනි.”” මහින්ද නැතිව ශ්‍රී ල නි පක්‍ෂයට දිනිය නො හැකි ය. එහෙත්  මෛත්‍රිපාල නැතත් ශ්‍රී ල නි පක්‍ෂයට ජයග්‍රහණය කළ හැකි ය.

නලින් ද සිල්වා
කාලය
2015 ජූනි 18

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

2 comments :

  1. Kese wethath SLFP eka sampoornayenma vinasa karapu.Ema paksaya thula visala beeda athi karapu.SLFP eka UNP ekata pawaa dunna.Wanchakara,Awastawwade Sirisena aniwaryenma iwath kala yuthumai.Ese nomathi wovahoth SLFP eke maranaya siduwanna wadi kalak gatha nowenu atha..

    ReplyDelete
  2. It's all over for Mahinda now. One by one will go to jail in the near future.

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions