6/25/2015

ඉන්දියාවේ මැගී නූල්ඩ්ස් තහනම සහ අපේ බලධාරීන්ගේ කෙරුවාව

කතෘ:යුතුකම     6/25/2015   No comments

පසුගිය සතිය තුළ සමස්ථ ඉන්දියාව පුරාම නෙස්ලේ සමාගම විසින් නිෂ්පාදනය කර අලෙවි කරන maggi වෙළඳනාමය සහිත ක්ෂණික නූඞ්ල්ස්වල ඉතා අධික මාත‍්‍රා වලින් “Monosodium Glutamate ” හා ඊයම් අඩංගු බවට එරට රජය විසින් තහවුරු කරගනු ලැබීය. එහි ප්‍රතිඑලයක් ලෙස මේ වන විට ඉන්දියන් රුපියල් බිලියනයකට වඩා වටිනා Maggi වර්ගයේ ක්ෂණික නූඞ්ල්ස් වෙළඳපොලෙන් ඉවත් කර විනාශ කිරීමට එරට බලධාරීන් ක‍්‍රියා කර තිබේ.

ශ‍්‍රී ලංකාව තුළද මෙම සමාගම මගින් එම වෙළඳ නාමය භාවිතා කර ක්ෂණික නූඞ්ල්ස් වෙළඳපළේ ප‍්‍රමුඛයා වී සිටින්නේ ඔවුන් විසින් කරන දැවැන්ත ප්‍රචාරණය ආදිය හේතුවෙනි. ලෝක ආහාර වෙළඳපොලේ නෙස්ලේ සමාගම යනු ඉතාමත් අපකීර්තිමත් ඉතිහාසයක් ඇති ආහාර නිෂ්පාදන සමාගමකි. ජනතාවගේ සෞඛ්‍යාරක්ෂාව බිල්ලට දෙමින් ලාභය සඳහා බොහෝ අගතිගාමී ක‍්‍රියාවන්හි නියැලුනු අතීතයක් ඊට උරුමය.

එවැනි සමාගමක් විසින් තම අසල්වැසි රට තුළ මේ සා විශාල ප‍්‍රශ්නයක් ඇති කර තිබුණද අපගේ සෞඛ්‍ය අංශයේ බලධාරීන් හා නිලධාරීන් මේ වනතෙක් ඒ සඳහා කිසිදු පියවරක් ගෙන නොතිබීම කණගාටුවට කරුණකි.
මෙම බහුජාතික සමාගම් තම නිෂ්පාදනවල අමුද්‍රව්‍ය බොහෝවිට ලබා ගන්නේ එකම මාර්ගයන් ඔස්සේ වන බැවින් සහ ලාභය සඳහා ඕනෑම බාල අමුද්‍රව්‍යයක් භාවිතා කිරීමේ සම්භාවිතාවක් ඇති හෙයින් ශ‍්‍රී ලංකාව තුළ ඔවුන් අලෙවිකරන ආහාර ද්‍රව්‍යවලද මෙම විෂ සහිත රසකාරක හා බැර ලෝහ තිබිය හැකිය.
බැර ලෝහ යනු ඊයම් පමණක් නොවන අතර මෙම ආහාර තුළ Cadmium හා ආසනික් වැනි බැර ලෝහද තිබීමේ සම්භාවිතාව ඉතා වැඩිය. එමෙන්ම Monosodium Glutamate වැනි උත්තේජකාරක රසකාරක ඉතා අධික මාත‍්‍රා වලින් මෙම නූඞ්ල්ස් පැකට් වල අඩංගු වන අතර ඒවා කොපමණද යන්න කිසිවෙකුත් නොදනී. වත්මන් ශ‍්‍රී ලංකාව තුළ බෝ නොවන රෝගවල ව්‍යාප්තිය ඉතා ඉහළ අගයක් ගන්නා අතර මෙම බෝ නොවන රෝගවලට ප‍්‍රධාන හේතුකාරකයක් වන Monosodium Glutamate මගින් මධුමේහය ඇති කරන බවද විද්‍යාත්මකව සනාථ කර තිබේ.

අද වන විට සෞඛ්‍ය බලධාරීන් විසින් මෙරට වෙළඳපොලේ ඇති මැගී නූඞ්ල්ස්වල ඊයම් පිළිබඳව සොයා බලන බවට ප‍්‍රවෘත්තියක් පල විය. එහෙත් ඊයම් පමණක් සොයා බැලීමෙන් මෙම ක්ෂණික නූඞ්ල්ස්වලින් ජනතාවට වන අයහපත ගණන් බැලිය නොහැක. විශේෂයෙන් කුඩා දරුවන් ලෙඩ කරන ”අජිනමොටෝ” නොහොත් MSD අඩංගු දැයි සොයා බැලීම අනිවාර්ය කළ යුතු වන්නේ ඉන්දියානු ආහාර අධිකාරිය විසින් මෙම නූඞ්ල්ස්වල MSD අධික මාත‍්‍රාවක් ඇති බවද තහවුරු කොටගෙන ඇති හෙයිනි. ජනතාවගේ විරෝධය සමනය කිරීම සඳහා ඊයම් පමණක් පරීක්ෂා කිරීමෙන් ඵලක් නොවන අතර MSD අඩංගු මාත‍්‍රාවද සොයා බලා ජනතාවට සත්‍ය දැනගැනීමට සලස්වන ලෙස අප බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු.

පසුගිය ඉතිහාසයේ පාඩම් වලට අනුව ආහාරවල Melamine සිද්ධියේදීද, ආසනික් සිද්ධියේදීද සෞඛ්‍ය අමාත්‍ය බලධාරීන් හා නිලධාරීන් කටයුතු කළ ආකාරය ගැන ජනතාව විසින් ප‍්‍රශ්න කළ යුතුය. මේ අවස්ථාවේදී මෙම ප‍්‍රශ්නය පිළිබඳව ජනතාවගේ පැත්තෙන් සිට ජනතාවගේ සෞඛ්‍යාරක්ෂාව තකා මෙම පරීක්ෂණ සාධාරණව මෙහෙයවනු ඇතැයි යන්න අප විශ්වාස කරමු.
මෙහිදී මෙම වෙළඳ නාමය මෙන්ම වෙළඳ පොලේ ඇති අනෙකුත් වෙළඳ නාමයන් සහිත ක්ෂණික නූඞ්ල්ස් සඳහාද මෙම පරීක්ෂණ මෙහෙයවන මෙන් අප බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු.
එමෙන්ම එය එසේ වනවාද යන්න පිළිබඳව දැඩි විමසිල්ලෙන් සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලන අතර ඒ සඳහා ජනතාව වෙනුවෙන් කළ හැකි සියල්ල කිරීමට අප පසුබට නොවන බවද මෙයින් දන්වා සිටිමු.

වෛද්‍ය සුමිත් වන්නිආරච්චි,
සභාපති,
ශ‍්‍රී ලංකා හරිත පක්ෂය. 

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions