6/28/2015

චිරං රක්ඛන්තු සාසනං

කතෘ:යුතුකම     6/28/2015   No comments

වසර දෙදහස් ගණනක් තිස්සේ සිංහල බෞද්ධයන් උදේ හවා තෙරුවන් නැමැඳ දෙවියන්ට පින් දී දෙවියන්ගෙන් ඉල්ලා සිටින්නේ එපමණෙකි. ඒ මේ රට සුරැකෙන්නේ සාසනය සුරැකුණොත් පමණක් බව ඔවුන් හොඳාකාරවම දන්නා බැවිනි. මේ බව නොදැන සිටින්නේ සිංහල බෞද්ධ කම තිබෙන්නේ කොහේ දැ යි ප‍්‍රශ්න කරන්නේ මීට අවුරුදු දෙදහස් ගණනකට පෙර මෙරට රාජ්‍ය නායකයා විසින් ම මේ රට සාසනයට පූජා කරණ ලද බව නොදන්නා දේශපාලන අඳ බාලයන් විසින් පමණි. මේ විස්තරය සඳහන් වන්නේ සිංහලයා ගේ වීර කාව්‍යය වූ මහාවංශය නම් වූ සම්භාව්‍ය කාව්‍යයේ ය. සිංහල ජාතිය රැක ගැනීමත් බුද්ධ සාසනය රැුක ගැනීමත් දෙකක් නොව එකක් ලෙස ය සිංහලයා සළකන්නේ. අද ලොව පුරා මුල් බුදු සමය නො එසේ නම් ථෙරවාදී බුදු සමය ලෙස ප‍්‍රචලිතව පවතින්නේ ද සිංහල බුදු දහම මැ යි. එම බුදු දහම සිංහල බුදු සමය ලෙස හඳුන්වන්නේ එය සිංහලයන් අත පෝෂණය වී හැදී වැඞී සකස් වී සුරැකුනු බුදු දහම වන බැවිනි. මහා වංශයේ විස්තර වන්නේ ගැමුණු මහරජතුමා විජාතික ආක‍්‍රමණිකයන්ගෙන් මේ රට බේරා ගෙන බුදු සසුන රැක ගැනීමේ උදාර කතාන්දරය යි.

මහාවංශය තුළ මෙන් ම ඉන් මෑත කාලයේ දී ද මෙරට ඉතිහාසය සැළකිල්ලෙන් හදාරන විට පැහැදිලිව පෙනී යන කරුණක් නම් ඈත අතීතයේ දී මෙන් ම යටත් විජිත යුගයේ දී ද මෙරට ජාතික සටනට නායකත්වය මෙන් ම සක‍්‍රිය දායකත්වය ද සපයන ලද්දේ සිංහල බෞද්ධයින් විසින් ම පමණක් බව ය. ඒ එම වකවානුව වන විට ද මේ රට තුළ සිංහල බෞද්ධ සභ්‍යත්වයට පරිබාහිර වූ අන් සභ්‍යත්වයක් නොතිබුනු බැවිනි. ඉන් පසුව උදා වූ නව යටත් විජිතවාදී යුගය තුළ දී ද මෙරට තුළ සිංහළ බෞද්ධ සභ්‍යත්වයෙන් බැහැර කළ හැකි වෙනත් සභ්‍යත්වයක් බිහි වී නොමැති නමුත් යටත් විජිතවාදීන්ගේ කි‍්‍රයාකාරීත්වය තුළින් දෙමළ මෙන් ම මුස්ලිම් ජාතිවාදයක් ද නිර්මාණය කරණු ලැබ ඇත. එසේ කිරීමට හැකි වූයේ අධිරාජ්‍යවාදීන්ගේ අවශ්‍යතාවය මත මෙරටට සංක‍්‍රමණය වූ ඇතැම් ජනකොටස් මෙරට සභ්‍යත්වයට අනුගත නොවී වෙනම ජන සංඝයක් ලෙස නැතහොත් ඩයස්පෝරාවක් ලෙස මේ රට තුළ ජීවත් වුනු බැවිනි. බටහිර අධිරාජ්‍යවාදීන් විසින් ද සිය උදරාර්ථයම සළකා ඔවුනට අනුබල දුන්නේ් මේ රට සභ්‍යත්වය නියෝජනය කළ සිංහල බෞද්ධයන්ව ඔවුනට අවශ්‍ය ලෙස සම්පූර්ණයෙන් විනාශ කර දැමීමට නොහැකි වූ බැවිනි.

මහාවංශයට අනුව මේ රට තුළ අවුරුදු පන්දහසක් කල් බුදු සමය සුරැකෙන බව ට බුදු රජාණන් වහන්සේ විසින් ම දෙසා වදාරනු ලැබ ඇත. සංසාරේ බොහෝ දුර බව දන්නා සිංහල බෞද්ධයෝ මාර්ග ඵල ලැබිය හැක්කේ බොහෝ කාලයක් තිස්සේ පෙරුම් පෙරීමෙන් බව දනිති. බුදු දහම පුද්ගල විමුක්ති මාර්ගයක් ලෙස නොගන්නා ඔවුන් සියල්ලන් ගේ යහපත වෙනුවෙන් බුදු සමය සුරැුකීම ඔවුන්ගේ පරම යුතුකම ලෙස ද හඳුනා ගනිති. ඔවුන් උදේ හවා විරං රක්ඛන්තු සාසනං යනුවෙන් ඉල්ලා සිටින්නේ එබැවිනි. නමුත් සිංහලයෝ සාසනය රැුක ගැනීම දෙවියන්ටම බාර දී නොසිටියේ රටත් සසුනත් රැක ගැනීමට උදාර නායකයන් අත්‍යවශ්‍ය බව දැන සිටි බැවිනි. සිංහලයන්ගේ නිබඳ ගෞරවයට පාත‍්‍ර වූයේ රට ජාතිය හා ආගම රැුක ගැනීම සඳහා යුද වැදුනු දුටු ගැමුණුලා, වටිට ගාම්ණී අභයලා, විජයබාහුලා, පරාක‍්‍රමබාහුලා, විමලධර්මසූරියලා ම්ස දෝතින් ම හිස ගලවා දුන් සිරිසඟබෝ ලා නොවෙි. කොටි ත‍්‍රස්තවාදය පරාජය කළ මහින්ද රාජපක්‍ෂ මහතා ද මෙරට සිංහල බෞද්ධයන්ගේ අප‍්‍රමාණ ගෞරවයට පාත‍්‍ර වන්නේ රාජපක්‍ෂ මහතා ද මෙම ශ්‍රේෂ්ඨ නරවිරුවන් ගත් මඟ ම ගත් බැවිනි. සිංහල දේශය රැුක ගැනීමත් බුදු දහම රැක ගැනීමත් එකක් මිස දෙකක් නොවන බව මෙරට ඉතිහාසය නොදන්නා ඇතැම් දේශපාලකයන් කෙසේ වෙතත් මෙරට ඉතිහාසය හදාරා ඇති බුද්ධිමත් ජනතාව හොඳින් දනිති. මහින්ද රාජපක්‍ෂ මහතා පන්සල් වලට යෑම ගැන ඔවුන් ප‍්‍රශ්න නොකරන්නේ එබැවිනි.

රාජපක්‍ෂ මහතා විසින් දෙදහස් නමයේ දී පරාජයට පත් කරන ලද්දේ දෙමළ ජනතාව නොව සිංහල බෞද්ධ සභ්‍යත්වය කිසිදා නොඉවසු දැනට ද නොඉවසන බටහිර නව යටත් විජිතවාදය යි. යටත් විජිත යුගයේ දී දකුණු ඉන්දියාවෙි සිට මෙරටට පැමිණ මෙ රට සභ්‍යත්වය තුළට අවශෝෂණය නොවී ඩයස්පෝරාවක් ලෙස මෙ රට ජීවත් වීමට තැත් කළ දෙමළ ජනතාව ය බටහිර අධිරාජ්‍යවාදය විසින් මෙහෙයවන ලද ත‍්‍රස්තවාදී උගුලට අසු වූයේ. රට, එනම් සසුන රැුක ගත හැක්කේ ජාතිවාදයට උඩගෙඩි දෙන බටහිර රටවලට, ඊනියා දෙමළ ඩයස්පෝරාවට හා බටහිර ගැති සිවිල් සංවිධාන සතුටු කිරීම සඳහා මෙරට බෙදා වෙන් කිරීමට ඉඩ දීමෙන් නොව සියළු ජාතීන්ට නිදහසේ ජීවත් විය හැකි සිංහල බෞද්ධ සංස්කෘතිය මේ රට තුළ යළි ස්ථාපිත කිරීමෙනි. ඒ සඳහා නායකත්වය දිය හැකි උදාර නායකත්වය වහ වහා යළි ස්ථාපිත කර ගත යුත්තෙමු. එවිට සසුන රැක ගැනීමට සැදී පැහැදී සිටින සම්‍යක් දිටිඨික දෙවි දේවතාවන් විසින් දෙකක් නොව එකක්ම වන සසුනත් රටත් රැුක දෙනු ඇත. මේ තත්වය උදාකර දීම මෙරට සිටින සියළුම සිංහල බෞද්ධයන්ගේ ද අන් සියළු දේශ හිතෛශීන්ගේ වග කීමයි. ඔවුනට ඒ සඳහා මහඟු අවස්ථවක් යළි ලැබී ඇත. අප එම වගකීම නොපිරිහෙළා ඉටු කළහොත් දෙවියන් ද ඔවුනගේ යුතුකම ඉටු කරණු ඇත.
චිරං රක්ඛන්තු සාසනං
විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි,
2015 පොසොන් මස 27 දා

-යුතුකම සංවද කවය.
www.yuthukama.com

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions