6/28/2015

මහින්ද ශ්‍රී ල නි ප නායකත්වයට

කතෘ:යුතුකම     6/28/2015   No comments

ජනවාරි 8 වැනි දා මහින්ද රාජපක්‍ෂ ශ්‍රී ල නි ප සභාපතිත්වය අත්හැරියේ ය. එයට හේතු ගණනාවක් තිබිණි. ශ්‍රී ල නි ප උඩින් දෙකඩ වී තිබිණි. පක්‍ෂයේ මන්ත්‍රීවරුන් ගණනාවක් එ ජා ප සමග සන්ධානයකට සූදානම් වූහ. මෛත්‍රිපාල සිරිසේන පක්‍ෂ ලේකම් ධුරය අත්හැර වෙනත් පක්‍ෂයකින් තරග කර ජනාධිපතිවරණයේ දී ශ්‍රී ල නි ප ප්‍රධාන සංධානයේ අපේක්‍ෂකයා පරදවා තිබිණි. ශ්‍රී ල න ි ප පාර්ලිමේන්තු කණ්ඩායමේ මහින්දට වඩා මෛත්‍රිපාලට කැමැත්තක් විය. වෙනත් වචනවලින් කිවහොත් පාර්ලිමේන්තුවේ මෛත්‍රිපාල කණ්ඩායම මහින්ද කණ්ඩායමට වඩා බලවත් විය.

බොහෝ දෙනා සිතා සිටියේ මෛත්‍රිපාල කණ්ඩායම තව තවත් බලවත් වේය කියා ය. එහෙත් සිදුවූයේ අනෙකකි. ජනතාව මහින්ද රාජපක්‍ෂ වටා එක් රොක් වූහ. නුගේගොඩ රැස්වීමෙන් පසු මහින්ද කණ්ඩායම බලවත් වීම ඇරඹිණි. අඩු තරමෙන් ඒ ප්‍රදර්ශනය වීමට පටන් ගත්තේ නුගේගොඩ රැස්වීමෙන් පසුව ය. අද වන විට මහින්ද කණ්ඩායම පාර්ලිමේන්තුවේ මෛත්‍රිපාල කණ්ඩායමට වඩා බලවත් ය.

පාර්ලිමේන්තුවෙන් පිටත එදත් මහින්ද බලවත් විය. මෛත්‍රිපාලට ඡන්ද ලක්‍ෂ හතරක් පමණ මහින්දට වැඩියෙන් ලැබුණු බව සැබෑ ය. එහෙත් ඒ ඡන්ද ලක්‍ෂ හතරට ජ වි පෙරමුණේ ඡන්ද ලක්‍ෂ තුනක් පමණ ජාතික හෙළ උරුමයේ ඡන්ද ලක්‍ෂයක් පමණ ඇතුළත් විය. එපමණක් නොව මුස්ලිම් ඡන්ද හා දෙමළ ඡන්ද ද ලැබුණේ මෛත්‍රිපාලට ය. පැහැදිලිව ම සාම්ප්‍රදායික ශ්‍රී ල නි ප ඡන්දවලින් වැඩි ප්‍රමාණයක් ලැබී තිබුණේ මහින්දට ය.

අද පාර්ලිමේන්තුවේ මෙන් ම පිටත ද ශී්‍ර ල නි පාක්‍ෂිකයන්ගේ කැමැත්ත ගතහොත් මහින්ද බලවත් ය. සන්ධානය ලෙස ගතහොත් ඒ තවත් මහින්දට පක්‍ෂපාති වෙයි. ජනවාරි 8 වැනි දා තිබූ තත්ත්වය අද වෙනස් වී ඇත. ඒ වෙනස් වී ඇති තත්ත්වයට අනුව අද මහින්ද රාජපක්‍ෂ ශ්‍රී ල නි පක්‍ෂයේ මෙන් ම සංධානයේ ද නායකත්වයට (සභාපතිත්වයට) පත්කර ගත යුතු ය.

මහින්ද කිසි දවසක ශ්‍රී ල නි ප හැරගියේ නැත. වෙනත් පක්‍ෂයකින් හෝ සංධානයකින් හෝ තරග කර නැත. අදත් ඔහු ශ්‍රී ල නි පක්‍ෂයේ සාමාජිකයෙකි. ඔහු ශ්‍රී ල නි ප සභාපති බවට පත්කර ගැනීමට බාධාවක් තිබිය යුතු නො වේ. එමෙන් ම ඔහු සංධානයේ ද නායකයා ලෙස පත්කර ගත හැකි ය. ඒ සඳහා ක්‍රමවේදය සකස් කිරීම ශ්‍රී ල නි පක්‍ෂයේ සෙසු නායකයන්ට භාර වෙයි.

මහින්ද ශ්‍රී ල නි පක්‍ෂයේ ද එක්සත් ජනතා නිදහස් සංධානයේ ද නායකයා වීම එළඹෙන මැතිවරණයේ දී ශ්‍රී ල න ි පක්‍ෂයට මෙන් ම සංධානයට ද වාසියක් වනු ඇත. විවිධ හේතු නිසා ජනවාරි 8 වැනි දා මහින්ද ශ්‍රි ල නි ප සභාපතිත්ත්වය අත්හැර දැමී ය. අද ඒ හේතු වෙනස් වී ඇත. මහින්දට ශ්‍රී ල න ි ප අවශ්‍ය වනවාට වඩා අද ශ්‍රී ල නි පක්‍ෂයට මහින්ද අවශ්‍ය වෙයි. වහාම ශ්‍රී ල නි ප නායකත්වයට හා සංධාන නායකත්වයට මහින්ද රාජපක්‍ෂ පත්කර ගත යුතු ය.

නලින් ද සිල්වා
කාලය
2015 ජූනි 27

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions