ශ්‍රී ලාංකිකයන් වූ අප මීට වසර 6ට පෙර ඉතා බියෙන් ජීවත් වූ අවදියක් විය. බෝම්බයක් කොහේ පුපුරා යාවිදොයි නොදන්නා අවදියක්ද අපට විය. උතුරු නැගෙනහිර ත්‍රස්තවාදීන් පරාජය කිරීම වෙනුවෙන් තම දිවි පරදුවට තබා සටන් කල ත්‍රිවිධ හමුදාවක් ශ්‍රී ලාංකිකයන්ට සිටියි. දේශපාලන උවමනා එපාකම් වලට ඇති වූ අමිහිරි යුද්ධයක් මීට හය වසරකට පෙර නිමා විය. ත්‍රස්තවාදීන් ඔවුන්ගේ හුදු ආත්මාර්ථකාමී අරමුණු උදෙසා සටන් වදිද්දී අපගේ උදාර රණ විරුවන් රට බේරා ගැනීම සඳහා යුධවැදුණහ . ඔවුන් ත්‍රස්තවාදය පරාජය කළ නිසා අද සාමාන්‍ය ජනතාවට ජීවත් වීමට රටක් ඉතිරි වී ඇත.
යුද්ධය ගැන අද වැඩිපුරම කතා කරන්නේ යුද්ධය සිදු වූ ප්‍රදේශවල ජීවත් වුවන් නොව යුද්ධය සිදු වූ අවදියේදී අත පය අකුලා ගෙන තමන්ගේ බඩවියත ගැන පමණක් සිතමින් යුද්ධයෙන් පටු වාසි ලබා ගත්තවුන්ය. නැති නම් යුද්ධය පිළිබඳ කිසිඳු නිවැරදි මතකයක් නැති අද ඊයේ මාතෘකාවට පිවිසි අන්ධ රූකඩ ය. අපට යුද්ධය ගැන කතා කරන්නට අයිතියක් ඇත. අපි යුද්ධය සියැසින් දුටිමු. ත්‍රස්තවාදය පරාජය වන දිනය තෙක්ම බියෙන් ජීවත් වුණෙමු . බෝම්බයක් පිපුරුණ හොත් දත කට පූට්ටු වීම වැලක්වීමට පැන්සලක් හපා ගෙන කන් දෙකේ ඇබ ගසාගෙන අපේ ගුරුවරුන් අපව මේස පුටු යට හන්ගද්දී දකුණේ උන් අපේ කුඩා සිත් වලට දැනුන ඒ බිය උතුර නැගෙනහිර යුද්ධයෙන් පීඩාවට පත් වූවන් ට කෙලෙස දැනෙන්නට ඇත්දැයි අද මට සිතේ. අපේ වීරෝධාර රණවිරුවන් ත්‍රස්තවාදයට එරෙහිව සටන් කරද්දී ත්‍රස්තවාදීන් සිංහල දෙමළ මුස්ලිම් භේදයකින් තොරව සාමාන්‍ය ජනතාව මරා දැම්මෝය. කොලොන්නාවේ තෙල් ටැංකි පිපිරෙව්වේය.මහ බැංකු බෝම්බය , අරන්තලාවේ භික්ෂු ඝාතනය , දෙහිවල දුම්රිය ස්ථානයේදී පිපිරුණු බෝම්බය, කොටුව දුම්රිය ස්ථානයේදී පිපිරුණු බෝම්බය , තොට ළඟ බෝම්බය , මරදානේ දී පිපිරුණු බෝම්බය අමතක වුණු පිරිසක් අද ත්‍රස්තවාදය පරාජය කල දිනය පිලිබඳ විවිධ විවේචන එල්ල කරමින් සිටීම හාස්‍යට කරුණකි.
අද හර්තාල් කරමින් මුහුණු පොතේ කාඩ්බෝඩ් වීරයන් වී දැඟලීම ට ඔවුන් වාසනාවන්ත වී තිබෙන්නේ යුද්ධයෙන් ඔවුන්ගේ ජීවිතයට හානි නොවුණු නිසාය.ඔවුන්ගේ පවුල්වල කිසිවෙකු යුද්ධයෙන් අහිමි නොවූ නිසාය. ඔවුන්ට යුද්ධය කිසිවක් අහිමි කර නැති නිසා ඔවුන් තමන්ට රිසි අයුරින් කෙස් පැලෙන තර්ක විතර්ක කරමින් ත්‍රස්තවාදයටම ආවඩයි. යුද්ධය නිසා උන් හිටි තැන් අහිමි වූවන් , තමන්ගේ පවුල් වල ආදරණීයයන් අහිමි වූවන් සිංහල , දෙමළ , මුස්ලිම් යන හැම ජන වර්ගයකම පවුල් වලින් සොයා ගැනීමට හැකි වනු ඇත. ආබාධිත රණවිරුවන්ගේ රණවිරු සෙවණක ගෙවෙන ජීවිතය ගැන ඔවුන් කතා කරන්නේ නැත. එය ඔවුන්ට එතරම් ජනප්‍රියත්වයක් ගෙන එන මාතෘකාවක් නොවිය හැකිය. නමුත් ඔවුන් මැයි 18 මහා ජන සංහාරයක් වූ දිනයක් ලෙස උලුප්පන්නට තැත්කරති. කනගාටුවට කරුණ නම් ඊට පෙර සාමන්‍ය වැසියන් ලක්ෂසංඛ්‍යාත ප්‍රමාණයන්ගේ බෝම්බ වලට හසු වී මිය යද්දී ඒවා මිනිස් සංහාරයන් ලෙස ඔවුන් නොදැකීමයි .
කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුය. ප්‍රභාකරන් කීවා නිවැරදිය . සිංහලයාට ඕනෑම දෙයක් මතක තිබෙන්නේ සති දෙකකි. රණවිරුවන් අපේ රට ත්‍රස්තවාදයෙන් ගලවා ගත්අතර ඔවුන්ට අපගේ උත්තමාචාරය හිමි විය යුතුය. ඔවුන් තම දිවි පුදා අපට රටක් ඉතිරි කර ඇත. ඔවුන් තම තාරුණ්‍ය අනාගත පරපුරක යහපත වෙනුවෙන් කැප කළහ. ඔවුන් බේරා ගත් රට එහි වාසය කරනා සියලුම ජනතාව වෙනුවෙනි.
එබැවින් අන්ධ ලෙස අනුකරණය නොකරන්න. අන්ධ ලෙස අනුගමනයද නොකරන්න. අද අප නිදහසේ හුස්ම ගනිමින් හිඳිමු. ඒ 2009 මැයි 18 කොටි ත්‍රස්තවාදය පරාජය කළ නිසාය.
කාංචනා ප්‍රියකාන්ත
-යුතුකම සංවාද කවය-
යුද්ධය ගැන අද වැඩිපුරම කතා කරන්නේ යුද්ධය සිදු වූ ප්‍රදේශවල ජීවත් වුවන් නොව යුද්ධය සිදු වූ අවදියේදී අත පය අකුලා ගෙන තමන්ගේ බඩවියත ගැන පමණක් සිතමින් යුද්ධයෙන් පටු වාසි ලබා ගත්තවුන්ය. නැති නම් යුද්ධය පිළිබඳ කිසිඳු නිවැරදි මතකයක් නැති අද ඊයේ මාතෘකාවට පිවිසි අන්ධ රූකඩ ය. අපට යුද්ධය ගැන කතා කරන්නට අයිතියක් ඇත. අපි යුද්ධය සියැසින් දුටිමු. ත්‍රස්තවාදය පරාජය වන දිනය තෙක්ම බියෙන් ජීවත් වුණෙමු . බෝම්බයක් පිපුරුණ හොත් දත කට පූට්ටු වීම වැලක්වීමට පැන්සලක් හපා ගෙන කන් දෙකේ ඇබ ගසාගෙන අපේ ගුරුවරුන් අපව මේස පුටු යට හන්ගද්දී දකුණේ උන් අපේ කුඩා සිත් වලට දැනුන ඒ බිය උතුර නැගෙනහිර යුද්ධයෙන් පීඩාවට පත් වූවන් ට කෙලෙස දැනෙන්නට ඇත්දැයි අද මට සිතේ. අපේ වීරෝධාර රණවිරුවන් ත්‍රස්තවාදයට එරෙහිව සටන් කරද්දී ත්‍රස්තවාදීන් සිංහල දෙමළ මුස්ලිම් භේදයකින් තොරව සාමාන්‍ය ජනතාව මරා දැම්මෝය. කොලොන්නාවේ තෙල් ටැංකි පිපිරෙව්වේය.මහ බැංකු බෝම්බය , අරන්තලාවේ භික්ෂු ඝාතනය , දෙහිවල දුම්රිය ස්ථානයේදී පිපිරුණු බෝම්බය, කොටුව දුම්රිය ස්ථානයේදී පිපිරුණු බෝම්බය , තොට ළඟ බෝම්බය , මරදානේ දී පිපිරුණු බෝම්බය අමතක වුණු පිරිසක් අද ත්‍රස්තවාදය පරාජය කල දිනය පිලිබඳ විවිධ විවේචන එල්ල කරමින් සිටීම හාස්‍යට කරුණකි.
අද හර්තාල් කරමින් මුහුණු පොතේ කාඩ්බෝඩ් වීරයන් වී දැඟලීම ට ඔවුන් වාසනාවන්ත වී තිබෙන්නේ යුද්ධයෙන් ඔවුන්ගේ ජීවිතයට හානි නොවුණු නිසාය.ඔවුන්ගේ පවුල්වල කිසිවෙකු යුද්ධයෙන් අහිමි නොවූ නිසාය. ඔවුන්ට යුද්ධය කිසිවක් අහිමි කර නැති නිසා ඔවුන් තමන්ට රිසි අයුරින් කෙස් පැලෙන තර්ක විතර්ක කරමින් ත්‍රස්තවාදයටම ආවඩයි. යුද්ධය නිසා උන් හිටි තැන් අහිමි වූවන් , තමන්ගේ පවුල් වල ආදරණීයයන් අහිමි වූවන් සිංහල , දෙමළ , මුස්ලිම් යන හැම ජන වර්ගයකම පවුල් වලින් සොයා ගැනීමට හැකි වනු ඇත. ආබාධිත රණවිරුවන්ගේ රණවිරු සෙවණක ගෙවෙන ජීවිතය ගැන ඔවුන් කතා කරන්නේ නැත. එය ඔවුන්ට එතරම් ජනප්‍රියත්වයක් ගෙන එන මාතෘකාවක් නොවිය හැකිය. නමුත් ඔවුන් මැයි 18 මහා ජන සංහාරයක් වූ දිනයක් ලෙස උලුප්පන්නට තැත්කරති. කනගාටුවට කරුණ නම් ඊට පෙර සාමන්‍ය වැසියන් ලක්ෂසංඛ්‍යාත ප්‍රමාණයන්ගේ බෝම්බ වලට හසු වී මිය යද්දී ඒවා මිනිස් සංහාරයන් ලෙස ඔවුන් නොදැකීමයි .

එබැවින් අන්ධ ලෙස අනුකරණය නොකරන්න. අන්ධ ලෙස අනුගමනයද නොකරන්න. අද අප නිදහසේ හුස්ම ගනිමින් හිඳිමු. ඒ 2009 මැයි 18 කොටි ත්‍රස්තවාදය පරාජය කළ නිසාය.
කාංචනා ප්‍රියකාන්ත
-යුතුකම සංවාද කවය-
www.yuthukama.com
විජයග්‍රහනය ගැන කාලීන විග්‍රහයක්
ReplyDeletehttp://prathiwadhiya.blogspot.com/2015/05/blog-post_24.html