“වත්මන් ජනාධිපතිවරයා ව්‍යවස්‌ථාව උල්ලංඝනය කළ අයෙක්. එතුමා අගමැතිවරයා පත් කිරීම එයට හොඳම නිදසුනකි. ඒ වගේම එතුමා ශ්‍රී ලනිපයේ නායකත්වය භාර ගැනීමත් අපට පිළිගන්න බැහැ. වත්මන් ජනාධිපතිවරයා සිදු කරන එවැනි දේවල් යහපත් කටයුතු ලෙස පිළිගන්න අපි සූදානම් නැහැ”.
“යුතුකම සංවාද කවය” විසින් රටේ වත්මන් දේශපාලන තත්ත්වය සහ රටේ ඉදිරි ගමන් මග පිළිබඳව පැවැත්වීමට යන සම්මන්ත්‍රණ මාලාවේ සමාරම්භක සම්මන්ත්‍රණය “වෙනස සැපද? ” යන ශීර්ෂය යටතේ පසුගිය ජුනි 18 වැනි බ්‍රහස්පතින්දා කොළඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයදී පැවැත්විණි.
එහිදී අදහස් පළකල ගෙවිඳු කුමාරතුංග මහතා පෙන්වා දුන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඉතා සාධාරණ , ප්‍රජාතන්ත්‍රවාදී, ලැබුනු බලය පවා අත්හරින පරමාදර්ශී චරිතයක් ලෙස ජනමාධ්‍ය ඇතුලු බොහෝ දෙනා පෙන්වන්නට සැදුවත් සැබෑව එය නොවන බවයි.
හිටපු අගවිනිසුරුවරයා ඉවත් කිරීම හරහා නීතිය නොසලකා කටයුතු කල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේ සුළුතරය හිමි රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වරයා ලෙස පත් කරමින් තව දුරටත් එම නීති විරෝධී මගේම ගිය බවත් ජනාධිපතිවරණ සමයේ මෙන්ම ඉන් පසුවත් ජනාධිපතිවරයාගේ සිට පහළට සෑම දෙනාම පාහේ ඉතාමත් අසංගත එකකට එකක් නොපෑහෙන පන්නයේ අමූලික බොරු කීම හරහා යහපත් ප්‍රතිරූපයක් ගොඩ නගා ගන්නට උත්සාහ ගන්නා බවද ඔහු පෙන්වා දුන්නේය.
තමා මහලේකම්වරයා ලෙස සිටි පක්ෂයට ද්‍රෝහී වෙමින් විපක්ෂය සමග මැතිවරණයට ගොස් නැවත පැමිණ විධායක බලය යොදාගෙන තමන්ට එරෙහිව ජන්දය දුන් ජනතාවගේ පක්ෂයේ නායකත්වය පැහැර ගැනීම හරහා මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රජාතන්ත්‍රවාදයේ ස්වහාවය කෙලෙසදැයි හොඳින් පෙනෙන බවද , මෙලෙස ව්‍යාජ ප්‍රතිරූප මැවීම මගින් අන්ත කෛරාටිකයන් පරමාදර්ශීන් ලෙස ඔසවා තැබීම අනාගත පරපුර වෙත ඉතාමත් නරක පූර්වාදර්ශයක් සපයන බවද ඔහු පෙන්වා දුන්නය.
එදිදී වැඩිදුරටත් අදහස් පළකළ කුමාරතුංග මහතා
“ත්‍රස්‌තවාදය පරාජය කර රට රැක ගැනීම පිළිබඳ මහින්ද රාජපක්‍ෂ මහත්තයාට අපේ කෘතඥතාවය හිමි විය යුතුයි. එතුමාට පමණක් නොව රට එක්‌සත් කළ රජවරුන්ටත් එම කෘතඥතාවය පිදිය යුතුයි”.“ඒත් වත්මන් ජනාධිපතිවරයා ව්‍යවස්‌ථාව උල්ලංඝනය කළ අයෙක්. එතුමා අගමැතිවරයා පත් කිරීම එයට හොඳම නිදසුනකි. ඒ වගේම එතුමා ශ්‍රී ලනිපයේ නායකත්වය භාර ගැනීමත් අපට පිළිගන්න බැහැ. ලක්‍ෂ 58 ක් ශ්‍රී ලනිප පාක්‍ෂිකයන් මෛත්‍රීපාල සිරිසේන මහතාට විරුද්ධව ඡන්දය දුන්නා. වත්මන් ජනාධිපතිවරයා සිදු කරන එවැනි දේවල් යහපත් කටයුතු ලෙස පිළිගන්න අපි සූදානම් නැහැ”.
‘‘මහ බැංකුව ඉතිහාසයේ සිටම මුදල් අමාත්යංශය යටතේ තිබූ ආයතනයක්. නමුත් මුල්‍ය නීති පනතේ නිර්ණායකවලට පවා පටහැනිව අද එම ආයතනය අගමැති යටතට ගෙන තිබෙනවා. ඒ ආකාරයට මහ බැංකුව මුදල් අමාත්‍යාංශයෙන් ගලවා ඉවත්කළා පමණක් නොවෙයි ඉන් පසුව එහි අධිපති ලෙස ලංකාවේ පුරවැසි බව අහිමි විජාතිකයෙකු පත්කෙරෙනවා. එයට කැබිනට් මණ්ඩලයේ විරෝධය එල්ල වන විට රනිල් මැදිහත් වී ඒ පත්වීමේ වගකීම තමන් බාර ගන්නවා. ඊට පස්සේ මහ බැංකුවේ අති විශාල මූල්යට වංචාවක් සිද්ධවෙනවා. ඉන් පසුවත් අගමැතිවරයාම මැදිහත් වී තමන්ට හිතවත් නීතිඥ කමිටුවක් හරහා මේ වංචාව යටපත් කරනවා. මේ සිදුවීම් පෙල දිහා විමසිල්ලෙන් බලන කෙනෙකුට සැකයක් මතුවෙනවා අන්තිමේදී මේ හැමදෙයක් පිටිපස්සේම හිටියේ රනිල් වික්‍රමසිංහ මහත්තයද කියලා.” යැයි කුමාරතුංග මහතා පැවසුවාය.
ගෙවිඳු කුමාරතුංග මහතා පැවැත්වූ සම්පූර්ණ දේශනය මෙතනින්..

පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමිපාණන් පැවැත්වූ දේශනය :
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .