6/27/2015

විද්‍යා ගේ මරණය සමග විකල්ප ගෝත්‍රයේ නිරුවත හෙළිවීම.

කතෘ:යුතුකම     6/27/2015   No comments

යාපනේ දෙමළ දැරියක් තම වර්ගයාගේම පිරිසක් විසින් සමුහ දුෂණයකට ලක්කොට මරා දමා දැනට සති කීපයක් ඉක්ම ගොස් තිබීම එම මරණය අමතක කර දැමීමට හේතුවක් නොවේ. විද්‍යාගේ මරණය එසැනින්ම උතුරේ පමණක් නොව දකුණේ සිංහල සමාජයේද හදකම්පා කරවන මරණයක් විණි. මේ අපරාධයේ සාහසිකත්වයට එරෙහිව උපරිම දඩුවම් දීමට හෝ දඩුවම් ඉල්ලා බලපෑම් කිරීමට, අවශ්‍ය සමාජ මතයක් ගොඩනැගීමට අපරාධ කරුවාගේ ජාතිය අප අදාළ කරගත යුතු නොවේ. මන්ද කවුරු කළත් මේවා නොවිය යුතු සාපරාදී අපරාධ වන නිසාය. එහෙත් විද්‍යාගේ මරණය අපට කියාදෙන එක්තරා පාඩමක් තිබේ.එනම් තමා හැර අන් සියල්ලම දුෂණයට ලක්වී ඇතැයි ක්‍රමගත සම්ප්‍රධායට එරෙහිව නිරන්තර හඬ නගන විකල්ප ගෝත්‍රයේ විශ්ව සාධාරණවාදී මුහුණුවර මේ මරණයෙන් නිරුවත් වීමයි. එදා විද්‍යා ගේ මරණය සිංහල පිරිසක් අතින් වුණේ නම් අදටත් දකුණේ සමස්ත සිංහල ජනවර්ගයාටම එරෙහි ව NGO ඝට්ටබියන්ගේ පඩුපුල් අසුන් රත්වීමේ තරම බලාගන්නට තිබුණි. එසේ විණි නම් කොටුව දුම්රියපොළ මෙන්ම අලුත් කඩේ උසාවි සංකීර්ණයද බදු ගෙන සති කීපයක් උද්ඝෝෂණය කරමින් පෙළපාලි යමින්,පෙත්සම් අත්සන් කරමින්, කවි ලියමින්, ඩොලර් කීපයක් උපයා ගැනීමට මේ මරණය සැණකෙළියක් කරගන්නා අයුරු බලන්නට තිබිණි.
යාපනේ දෙමළ දැරියක් තම වර්ගයාගේම පිරිසක් විසින් සමුහ දුෂණයකට ලක්කොට මරා දමා දැනට සති කීපයක් ඉක්ම ගොස් තිබීම එම මරණය අමතක කර දැමීමට හේතුවක් නොවේ. විද්‍යාගේ මරණය එසැනින්ම උතුරේ පමණක් නොව දකුණේ සිංහල සමාජයේද හදකම්පා කරවන මරණයක් විණි. මේ අපරාධයේ සාහසිකත්වයට එරෙහිව උපරිම දඩුවම් දීමට හෝ දඩුවම් ඉල්ලා බලපෑම් කිරීමට, අවශ්‍ය සමාජ මතයක් ගොඩනැගීමට අපරාධ කරුවාගේ ජාතිය අප අදාළ කරගත යුතු නොවේ. මන්ද කවුරු කළත් මේවා නොවිය යුතු සාපරාදී අපරාධ වන නිසාය. එහෙත් විද්‍යාගේ මරණය අපට කියාදෙන එක්තරා පාඩමක් තිබේ.එනම් තමා හැර අන් සියල්ලම දුෂණයට ලක්වී ඇතැයි ක්‍රමගත සම්ප්‍රධායට එරෙහිව නිරන්තර හඬ නගන විකල්ප ගෝත්‍රයේ විශ්ව සාධාරණවාදී මුහුණුවර මේ මරණයෙන් නිරුවත් වීමයි. එදා විද්‍යා ගේ මරණය සිංහල පිරිසක් අතින් වුණේ නම් අදටත් දකුණේ සමස්ත සිංහල ජනවර්ගයාටම එරෙහි ව NGO ඝට්ටබියන්ගේ පඩුපුල් අසුන් රත්වීමේ තරම බලාගන්නට තිබුණි. එසේ විණි නම් කොටුව දුම්රියපොළ මෙන්ම අලුත් කඩේ උසාවි සංකීර්ණයද බදු ගෙන සති කීපයක් උද්ඝෝෂණය කරමින් පෙළපාලි යමින්,පෙත්සම් අත්සන් කරමින්, කවි ලියමින්, ඩොලර් කීපයක් උපයා ගැනීමට මේ මරණය සැණකෙළියක් කරගන්නා අයුරු බලන්නට තිබිණි.නමුත් මේ අපරාධය කර තිබෙන්නේ දෙමළ ජන වර්ගයයෙම පිරිසක් නිසා දැන් අපට මේ ක්ෂේමාලාපකයින්ගේ හදකකියන දෙමළ මානවවාදයේ තරම දකින්නට නොලැබුණි. මේ මෑතක සීගිරියේ කැඩපත් පවුර කුරුටු ගෑ වරදට උදයාට දුන් දඩුවමට එරෙහිව (දූෂණය කොට නොවේ) මේ විකල්ප නඩය දගලපු දැගලිල්ල සයිබර් අවකාශයේ සැරිසරන්නන්ට අමුතක් නොවේ . ශෝක කවිද වීරෝධාකල්ප කවිද,සයිබර් පෙත්සම්ද, අත්සන් එකතු කරන නාඩගම්ද අඩුවක් නොවිණි. ඒත් විද්‍යාගේ මරණයේ අපරාධකරුවන් තම හනුහරේම වැඩක් නිසා මේ NGO ඝට්ටබින්ගේ කවි උල්පත් සිදීගොස් තිබේ. අත්සන්ද පෙත්සම්ද නැත.ඈ වෙනුවෙන් වචනයක් ලියුවේද සිංහල සංස්කෘතික විඥානයයි.

මෙයින් පෙන්නේ ඔවුන්ගේ විරෝධය ගොඩනැගෙන්නේ මේ සාහසික සිදුවී වලට නොව සිංහල සමාජය කෙරෙහි පරවේනිගත රෝගයක් බදුව වැළදී තිබෙන වෙනත් වෙයිරයක් නිසා බවයි. මේ ඝට්ටබියන් ඉන්නේ සැකකරුවන් අල්ලා නීතිය ක්‍රියාත්මක කළ පොලීසිය පැත්තේද ? නොඑසේ නම් නීතිය ක්‍රියාවට නැගීමට තිබෙන ව්‍යවස්ථාපිත ආයතනයන්ට ගල්ගැසූ දෙමළ ජනයා සමගද යන්න අදටත් පැහැදිලි නැත.

මෙපමණ අපරාධයක් වී තිබිය දීත් මේ NGO ඝට්ටබියන් ප්‍රමුක විකල්ප නඩයේ තක්කඩි කලේ මේ අපරාධය කළ අයට උපරිම දඩුවම් ඉල්ලා හඬනැගීම නොව මේ දුෂකයා මහින්දගේ මිනිහෙක් කියා ව්‍යාජ පුවතක් සමාජ ගත කිරීමයි. නමුත් ඇත්ත කුමක්ද ? ඒ පුද්ගලයා ප්ලොට් සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයෙක් වශයෙන් සිට පසුව විදේශගතව ස්විස්ටර්ලන්තයයේ වෙසෙන්නෙකි. ඔහුගේ ඡායාරූප යොදාගෙන ගෙනගිය මේ සහාසික ව්‍යාජ පුවත ගැන නිවැරදි කිරීමක් ඔහුගේ FB ගිණුමේද තිබුණි.
විද්‍යා සමුහ දුෂණයට ලක්කොට මරා දැමීම පවා දේශපාලන අරමුණක් දක්වා ලඝුකොට ඉන් වාසිලබා ගන්න බලන්නේ නම් ඔවුන්ද මේ දුෂකයෝ තරමට ම දුෂකයෝය හා තක්කඩියෝ නිසාය. මනුෂ්‍ය ජිවිත ඔවුන්ට එතරම්ම සරලය. ඊට අමිල වටිනාකමක් දෙන්නේ නම් ඒ සිංහලයකු අතින් එවැනි අපරාධයක් වුනදාට පමණය. එසේ නම් මේ නරුමයන්ට විද්‍යා අදත් වීරවරියකි. දුෂකයා දෙමල වීම නිසා ඇගෙ මෘත ක්ලේබරය ඔවුන්ට හරිහැටි විකුණන්නට නොහැකි විය. විකල්ප මුහුණුවරින් එන මේ ත්‍රාඩ දේශපාලනයට විරුද්ධ වන්නය.

රත්තනදෙණියේ මේධානන්ද හිමි
- යුතුකම සංවාද කවය- 
www.yuthukama.com

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions