6/05/2015

බොදු බල සේනාවට තවත් රැවටෙමුද

කතෘ:යුතුකම     6/05/2015   3 comments

ලංකාවේ දේශපාලනයේ ගාමක බලවේගය සිංහලයන්ය. එසේ කීම ජාතිවාදයක් නොව ඇත්ත ඇති සැටියෙන් පැවසීමක්ය. සිංහලයන්ගෙන් අතිමහත් බහුතරය සිංහල බෞද්ධයෝ වෙත්. මොවුන් එක මතයක සිටින තාක් මෙරට දේශපාලනයට අත පොවන්නට කිසිම බලවේගයකට නොහැක. 2006-2010 යුගය ඊට හොඳම නිදසුනයි. සිංහල බෞද්ධයන් කොටස් වලට නොකඩා එජාපය ප්‍රමුඛ විපක්ෂ කන්ඩායම් වලට මහින්දව ඉවත් කල නොහැකි තත්වයක් පහුගිය කාලයේ පැවතුනි. ආචාර්ය නිර්මාල් රංජිත් වැන්නවුන් පැහැදිළිව පැවසූයේ පවතින සිංහල බෞද්ධ ජාතිකවාදීන්ගේ මධුසමය අවසන් කල යුතුව ඇති බවයි. ඔවුන් එය කලේ කෙසේද?

මම දකින විදිහට බොදු බල සේනාව මෙහි තීරණාත්මක කොටසක් ඉටු කලා. යුද්ධයෙන් පසුව රටේ ක්‍රමයෙන් ගොඩ නැගුනු මුස්ලිම් අන්තවාදය දඩමීමා කොට ගෙන පැවති රජයටද මුස්ලිම් ජනයාටද ඔවුන් දෙපැත්තකින් පහර එල්ල කලා. එජාපයට ලැදි එහෙත් නිසි නායකත්වයක් නැතිව අතරමං වූ බෞද්ධ තරුණයක් බොබසේ වට පහසුවෙන් ආකර්ෂණය වුනා. මොහොමඩ් මහින්ද ලෙස මතයක් බෞද්ධ සමාජයට ඇතුළු කරන්න ඔවුන් සමත් වුනා. ඒනිසාම හෙළ උරුමට පක්ෂපාති සිංහල තරුණයන් පවා මහින්දට වෛර කරන්න පටන් ගත්තා. අනිත් පැත්තට බොබසේ සුළුජාතින්ට දිගින් දිගටම පහර ගහන නිසා සියලුම මුස්ලිම් ජනයා හා අනෙක් සුළු ආගමිකයන්ද රජයෙන් ඈත් වුනා. අවසානයේදී මුස්ලිම් ඡන්දත් සිංහල බෞද්ධ තරුණ ඡන්දත් යන දෙකම මහින්දගෙන් ගලවන්න බොබසේ ට හැකිවුනා. මෙහිදි හෙළ උරුමයද මුල සිටම මේ කුමන්ත්‍රණයේ කොටස් කරුවන් වූ බව පැහැදිළියි. විශේෂයෙන්ම රාජිතගේ හඩ පටයේ "ඔය ගොල්ලන් කරගෙන යන්න අපි විරුද්ධ වෙන්නම් " කියන කොටස කාට කාටත් මතක ඇති.

වඩාත්ම පුදුම සහගත වැඩේ වන්නේ අන්තවාදින් යැයි චෝදනා ලද මුස්ලිම් ජනයාද ඔවුන්ට චෝදනා කල බෞද්ධ පිරිස්ද මහින්දට විරුද්ධව එකට එක්වී ඡන්දය භාවිතා කිරීමයි.
දැන් මොකද වෙන්නේ?

විශේෂයෙන්ම හෙළ උරුමය පසුපස යමින් මෛත්‍රි හා එක් වූවන් තමන් මහත් රැවටීමකට ලක්වූ බව අද වෙන කොට තේරුම් අරන් තියනවා. කවුරුත් නොහිතපු ආකාරයේ ජන රැල්ලක් මහින්ද වටා එකතු වෙලා තියනවා. මෛත්‍රීට ලැබුනු ඡන්ද මහමැතිවරණයකදී එජාප, ජවිපෙ, දෙමළ සන්ධාන, මුස්ලිම් පක්ෂ, නිදහස් පක්ෂය යන්නට බෙදි වෙන් වන විට මහින්ද වටේ ගොනුවෙමින් පවතින සිංහල බෞද්ධ ඡන්ද රනිල්ට ප්‍රබල අභියෝගයක් කියන එක අමුතුවෙන් අහන්න දෙයක් නෙමෙයි.

මේ නිසා නැවතත් මහින්ද වටා ඉන්න සිංහල බෞද්ධ ඡන්ද කොටස් වලට කැඩිය යුතු වෙනවා. ඒ සඳහාද භාවිතා කරන්නේ බොබසේ හා හෙළ උරුමයයි. මොවුන් මැතිවරණයට ඉදිරිපත් වීමත් සමඟ මහින්දට එතරම් කැමැත්තක් නැති හැබැයි ඊට වඩා රනිල්ට අකමැති සිංහල පිරිස් සියල්ලම වගේ මොවුන්ට ඡන්දය දේවි. ඌරන් කැකුන තලන කොට හබන් කුකුලන්ට රජ මගුල් සේ මින් අන්තිමට ජය ගන්නේ රනිල් ප්‍රමුඛ බලවේගයි.
කෙනෙක්ට කියන්න පුළුවන් බොබසේ එහෙම කුමන්ත්‍රණ කරන්නේ නෑ කියලා. නමුත් ඔවුන් කරන්නේ එයමයි. ඝෝඨාභයව අල්ලස් කොමිසමට ගෙනියන්න එපා කියලා මහින්ද හිතවාදින් උද්ඝෝෂණයක් සංවිධානය කලා. ඒකට බොබසේ ආරාධනා නැතුවම ආවා. ආවේ නිකම් නෙමෙයි කොළ තැඹිලි තීරු නැති සිංහ කොඩි අරගෙන. එතන හිටපු අය ඒක ඒ වෙලාවේ වැනුවා. අන්තිමට අන්තර්ජාලය , සමාජ ජාලා  හරහා පහර වැදුනේ මහින්දගේ පිරිසට මිසක් බොබසේනාවට නෙමෙයි. බොබසේ නිසා හැම විටම පහර වැදුනේ මහින්ද පිළට. ඒ නිසා ඉදිරි මැතිවරණයකදී කල්පනා කාරීවීමට තරුණ ඔබ සතුව ලොකු වගකීමක් තියනවා. රැල්ල යන අතට කතිරය ගැසිම නොව හොඳට හිතලා තීරණයක් ගන්න.

-සනත් මාපලගේ
යුතුකම සංවාද කවය
www.yuthukama.com

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

3 comments :

  1. අනේ ඕගොල්ලෝ තවම අඬනවා නේද? ඊළඟ මැතිවරනෙන් බෝලාගේ බයි රජාට වෙනදේ බලාගෙන හිටපන්. ඕකා මැරුණට පස්සේ පෙරේතයෙක් වෙලා උපදින්නේ

    ReplyDelete
  2. මෙම ලිපිය කිසිම තර්කානුකුලත්වයක් නැහැ.. මහන්ද රාජපක්‍ෂ රජයට විරුද්ධව බොදු බල සේනා හඩ නැගුවේ කුමන කාරණාවලට විරුද්ධවද යන්න සොයා බලන්න පළමුව. සියලුම මුස්ලිම් ජනයා මක්කම යැවිය යුතු බව රාජපක්ෂ හිටපු ජනපතිවරයා පැවසුවේ බොදු බල සේනා කුමන්ත්‍රණයේ ප්‍රථිපලයක් ලෙසද? මහනුවර "කාර් රේස් " පැවැත්වුවේ බොදු බල සේනාවද? බදුර්දින්ට විල්පත්තුව වනසන්න බාර දුන්නේ ඥානසාර හාමුදුරුවෝද?
    අන්‍යාගමික පනත සම්මත නොකළේ අපිද?
    මේ සියලුම ප්‍රශ්න තිබෙද්දී බොදු බල සේනා ජනපතිවරයේදී රාජපක්ෂ ජනපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේ "යහපාලන" මුවාවෙන් රටට කරන්න යන විනාශයට එරෙහිව මිසක් මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපතිවරයා සම්පුර්ණයෙන් නිවැරදි නිසාත් නොවෙයි.

    ගෝඨාභය හිටපු ආරක්ෂක ලේකම්වරයාට සහය පලකල උද්ඝෝෂණයට ඇයි විමල් නොපැමිණියේ යන්න සොයා බලන්න. සැබෑ කුමන්ත්‍රණ කරුවන් සොයාගන්න හැකිවේවි. බොදු බල සේනා කිසිම කොඩියක් කිසිවෙකුට ලබාදුන්නේ නැහැ. සිංහලේ ජාතික කොඩිය පාර්ලිමේන්තුව අසල යුද්ඝෝෂණයේ වගේම මහින්ද රාජපක්‍ෂ බලයට ගෙනෙන්න සංවිධානය කල සියලුම රැස්වීම්වල දකින්නට ලැබුනා. ඒ කිසිවෙකකට බොදු බල සේනා සම්බන්දවුනේ නැත.

    ReplyDelete
  3. බොදු බල සේනාව එදා මහින්දගේ මුස්ලීම් ඡන්ද කැඩුවේය. අද සිංහල ඡන්ද කඩයි. ඒ සඳහා Eranda K Nawarathne වැනි වැටුපට වැඩ කරන කුලී ලියන්නන්වද යොදා ගනී.

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions